සුදු වෙන්න ගෙදරදීම කරගතහැකි විශ්මිත ස්වභාවික සත්කාර 5ක් මෙන්න


හැම කෙල්ලෙක්ම කැමතියිනේ මුහුණ දිදුළන හා පැහැපත් විදියට තියා ගන්න. නමුත් නාගරික පරිසර වල තියෙන අපවිත්‍ර සහගත වටපිටාව නිසා මුහුණු ලස්සන වෙන පැත්තට වඩා වෙන්නේ වෙනත් අසාධන වලට ගොදුරු වෙලා අවපැහැ ගැන්වෙන එක තමයි. නමුත් ඔබ දන්නවද මුහුණ සුදු කර ගන්න සාර්ථක ස්වාභාවික සත්කාර කිහිපයක්ම අපිට නිවසේදීම පහසුවෙන් සකස් කර ගෙන භාවිතා කරන්න පුළුවන් කියලා.

දෙහි හා මී පැණි සත්කාරය

මේ දෙහි හා මී පැණි සත්කාරය ගොඩක් ඉක්මනින්ම ප්‍රතිපල ලබා දෙනවා. ඔබට මුහුණේ ඇතිවන වෙනස සතියක් වගේ ඇතුලත බලා ගන්න පුළුවන් වේවි. මෙහිදී මී පැණි මේස හැන්දකට දෙහි යුෂ මේස හැන්දක ප්‍රමාණයක් මිශ්‍ර කර හොදින් පිරිසිදු කර ගත් මුහුණේ හා ඛෙල්ලේ ආලේප කරන්න. විනාඩි 15ක් පමණ තබා මද උණුසුම් ජලයෙන් සෝදා හරින්න

කඩල පිටි සත්කාරය

මේක සත්කාරය මගිනුත් ඔබට ගොඩක්ම සාර්ථක විදියට මුහුණ පැහැපත් කර ගන්න පුළුවන්. මේ සදහා කඩල පිටි මේස හැඳි 2කට කහ කුඩු ඇගිලි තුඩු වලින් ස්වල්පයක් එකතු කරන්න. ඊට පසු එයට කිරි අවශ්‍ය ප්‍රමානයට එකතු කර ගන්න. ඔබට ඇත්තේ වියලි සමක් නම් දෙහි යුෂ ටිකක් එකතු කර ගත්තට කමක් නෑ. දැන් මේ සියල්ල හොදින් මිශ්‍ර කරලා හොදින් පිරිසිදු කර ගත මුහුණේ හා ඛෙල්ල ප්‍රදේශයේ ආලේප කර ගන්න. විනාඩි 15-20ක් පමණ ගත වූ පසු ඔබට දැනේවි මේ ආලේපනය මුහුණ මත තට්ටුවක් විදියට වියලි ඇති අන්දම. දැන් මෙය සෝදා හැර ගත්තට කමක් නෑ.

කිරිපිටි සත්කාරය

කිරිපිටි මේස හැන්දකට දෙහි හා මී පැණි තේ හැඳි එක බැගින් එකතු කර ගෙන හොදින් මිශ්‍ර කර ගෙන තමයි මේ ආලේපනය හදා ගන්නේ. ඉන්පසු අපි ඉහත පියවර වල කරා වගේම හොදින් පිරිසිදු කර ගත් මුහුණේ හා ඛෙල්ලේ ආලේප කර ගන්න . විනාඩි 15ක් පමණ තබා මද උණුසුම් ජලයෙන් සෝදා හරින්න

පිපිංචා හා දෙහි සත්කාරය

පිපිංචා කියන්නෙත් සමට ගොඩක් ගුණදායක ආහාර වර්ගයක්. ඔබට පුළුවන් පිපිංචා යුෂ හා දෙහි යුෂ කියන දෙවර්ගය තේ හැඳි එකක ප්‍රමානය බැගින් ගෙන හොදින් මිශ්‍ර කරලා මුහුණේ හා ඛෙල්ල ප්‍රදේශයේ ආලේප කරන්න.

තක්කාලි හා කඩල පිටි සත්කාරය

මේකත් සමට ගොඩක් ඉක්මනින් පැහැපත් බව ලගා කරදෙන රුපලාවන්‍ය සත්කාරයක්. මෙහිදී අපි තක්කාලි යුෂ තේ හැඳි 2-3ක ප්‍රමානයකට කඩල පිටි තේ හැඳි 2ක් එකතු කර ගන්නවා. හොදින් මිශ්‍ර කර ගෙන සදා ගන්නා ආලේපනය මුහුණේ හා ඛෙල්ල ප්‍රදේශයේ ගැල්වීමෙන් අනතුරුව විනාඩි 15ක් පමණ තිඛෙන්නට හරින්න. පසුව සෝදා හරින්න.

මේ ලිපියේ කියා දුන්නු සියලුම රුපලාවන්‍ය සත්කාර 100% ස්වාභාවික අමුද්‍රව්‍ය යොදා ගෙන තමයි අපි සකස් කර ගන්නේ. ඒ වගේම මේ සියලුම අමුද්‍රව්‍ය බොහොම පහසුවෙන් ඔබට ඔබේ මුළු තැන්ගෙයින්ම හොයා ගන්න පුළුවන්. මේ සත්කාර සියල්ල සතියකට දෙවතාවක් තුන්වතාවක් සිදු කිරීම මගින් ඔබට පුළුවන් වේවි ඉක්මනින්ම මුහුණ ස්වාභාවික දීප්තියක් ලබා ගන්න.


සුදු වෙන්න ගෙදරදීම කරගතහැකි විශ්මිත ස්වභාවික සත්කාර 5ක් මෙන්න

log in

reset password

Back to
log in