PPL එක ගැන Page ඇඩ්මින්ලා කියපු කතා මෙන්න


ගන්සිය Page හා I Love You Page මගින් සංවිදානය කළ Pages Premier League PPL Seasson 2 පසුගියදා නාරාහේන්පිට ශාලිකා පිටියේදී පැවැත්වුණා.. මෙවර ෆේස්බුක් තුළ ජනප්‍රිය පේජස් 10ක් තරග කළ අතර තරගාවලියේ ශූරතාවය අහවල් Fun Page එක හිම්කර ගැනීමට සමත් උනා… අනුශූරතාවය ෆේස්බුක් අම්බලම හිමිකරගත්තා…

 

ශූරතාවය දිනාගත් අහවල් ෆන් පේජ් එකේ ඇඩ්මින් තරිඳු රක්ශාන් ජයග්‍රහණය පිලිබඳ අදහස මේ විදියට අප සමග අදහස් දැක්වුවා…
මොකද හිතෙන්නේ PPL 2K17 ශූරතාවය දිනාගැනීම ගැන?
“ඇත්තටම අපේ team එක ගැන මට කියන්න දෙයක් නෑ මොකද අපේ සෙට් එකම සුපිරි ටලන්ටඩ් කොල්ලෝ ටිකක් ගේමක් ගහන්න පුළුවන් වෙයි කියල ලොකු විශ්වාසයක් තිබුණා.”


මේපාර PPL අනුශූරතාවය දිනාගත් අමබලම පේජ් එකේ සුරේෂ් මොකද හිතෙනෙන් PPL එකේ අනුශූරයෝ වුන එක ගැන?
“ඔව් ඇත්ත වසයෙන්ම
අපිට ගේමක් තිබ්බෙම නෑ එක ටීම් එකක්වත් ..මොකද කියනවනම්.ක්‍රිකට් අපේ ලේ වලම තියන නිසා.අපිට මේක නිකන් පුහුනු තරගාවලියක් වගෙ උනා”

මේ විදියට එක එක අය PPL ගැන කියපු කතා ටිකක් තමයි මේ..

මේපාර PPL අනුශූරතාවය දිනාගත් අමබලම පේජ් එක වෙනුවෙන් සෙල්ලම් කරපු චානක මොකද හිතෙනෙන්, PPL 2K18 සෙල්ලම් කරනවද?
“Ppl පවත්වන තාක්කල් ගහනවා .. ඇත්ත වසයෙන්ම කියනවනම් මං ගොඩාක් ආඩම්බර වෙනවා මේ ජයග්‍රහනය ගැන.හිතේ තිබ්බ ලොකු ආසාවක් ලොකු හීනයක් සැබෑ උනා”

PPL එක ගැන මොකද හිතෙන්නේ Bro Page එකේ ඇඩ්මින් Hamza කියන්න බලන්න?
PPL කියන්නේ ක්‍රිකට් තරඟයක් කියනවට වඩා ඇඩ්මින්ලා සෙට් එකක් වගේම, ඇඩ්මින් නොවන සෙට් එකක් සැබෑ ජිවිතයේ මුණ ගැහෙන්න ලැබුණු හොඳ අවස්ථාවක් විදිහටයි මම දකින්නේ.

PPL එක ගැන මොකද හිතෙන්නේ 1000 talk Page එකේ ඇඩ්මින් Chathuranga කියන්න බලන්න?
“හොද ෆන් එකක් ගත්තා ගොඩක් හොද ඉවෙන්ට් එකක් නියමයි”

PPL එක ගැන මොකද හිතෙන්නේ Man Page එකේ ඇඩ්මින් Tharindu කියන්න බලන්න?
“කතා දෙකක් නෑ සුපිරියටම තිබ්බා. FB එකෙන් සෙට් උන යාලුවො එදා සෙට් උනා.. පට්ට සතුටුයි පොඩි අවුලක් උනා.. ඒත් ඒක ශේප් ඊළඟ පාර මීටත් වඩා සුපිරියටම කරමු.”

PPL එක ගැන මොකද හිතෙන්නේ ලෙල්ල හුටන් Page එකේ ඇඩ්මින් Shihara කියන්න බලන්න?
“හම්මට පට්ට ආයෙ තියමු”

PPL එක ගැන මොකද හිතෙන්නේ Crazy Love Page එකේ ඇඩ්මින් Kanchana කියන්න බලන්න?
PPl2016 එක්ක සසදා බැලීමේදී 100% සාර්ථකව 2017 PPL එක අවසාන කරන්න පුළුවන් වුනා.. ආපු බාධක කම්කටොලු බිඳගෙන සංවිධානය කරලා තිබුන. ෆේස්බුක් එකේ පැතිරෙමින් ගිය මඩ වලට වගේම ඉවෙන්ට් එක අසාර්ථක කරන්න බලා සිටි හැමෝටම තර්ජනයක් වෙමින් සාර්ථකව අවසන් කළා. 2018 මීටත් වඩා සාර්ථකව කරගන්න සංවිධායක මණ්ඩලයට සුභ ප්‍රර්ථනා කරනවා

PPL එක ගැන මොකද හිතෙන්නේ Soora weera Kello Page එකේ ඇඩ්මින් Varangana කියන්න බලන්න?
“ඇත්තටම මේවගේ අවස්තාවක් ලැබෙනවා අඩුයි කෙල්ලන්ට විනෝද වෙන්න සතුටු වෙන්න යාළුවෝ එක්ක කාලයක් ගත කරන්න, මේ PPL එකට තරඟ කරන්න කෙල්ලන් වන අපිටත් අවස්තාවක් ලබා දුන්න එක ගැන සතුටු වෙනවා ඇත්තටම හොඳ වැඩක් මම ඉදිරියටත් මේක හොඳින් කරගෙන යන්න ශක්තිය ලැබෙන්න කියලා පාර්තනා කරනවා”

PPL සංවිධානය කළ I love You සහ Gansiya Page වල ඇඩ්මින්ලා කිව්ව දේවල්…
PPL එක ගැන මොකද හිතෙන්නේ Gansiya Page එකේ ඇඩ්මින් Kasun කියන්න බලන්න?
අතිශය සුන්දර අත්දැකීමක්.. සෑහෙන පරීශ්‍රමයක් යොදලා කරපු ඉවෙන්ට් එකේ ප්‍රතිපල අපි හැමෝම ජූලි 30 ශාලිකා එකේදී දැක්කා.. ලබන සැරෙ මීටත් වඩා හොදට ඉවෙන්ට් එක අපි කරනවා… තැන්ක්ස් සහය දුන් සැමට..

PPL එක ගැන මොකද හිතෙන්නේ I Love You Page එකේ ඇඩ්මින් Himal කියන්න බලන්න?
“මම හිතන්නේ මහන්සියේ ප්‍රථිපල තියෙනවා, වැඩේ නියමයි පට්ටයි, හොදට තිබ්බ, නියමෙට කළා ආයේ කරමු,, කියල තමයි ගොඩක් අය කිව්වේ ඇත්තටම ගොඩක් සතුටුයි.. විශේෂයෙන්ම සහයෝගය දුන්න හැමෝටම ගොඩාක් ස්තුතියි කියන්න ඕනි, PPL 2K18 බොහෝ දුරට 2018 මාර්තු වල වගේ පවත්වන්න බලාපොරොත්තු වෙනවා”

මීට අමතරව ෆේස්බුක් එකේ ජනප්‍රිය චරිත ගොඩක් මේ Event එකට සහභාගී වීම විශේෂත්වයක් වගේම event එක තවත් ලස්සනට වුනා කියල තමයි ගොඩක් අය කියන්නේ… තරගය නැරබීමට පැමිණි වැඩි පිරිසක් පැවසුයේ මෙවර PPL ඉවෙන්ට් එක සාර්ථවක පැවැත්වුණු බව…
Credits: Tv1, Yfm, Helakuru, Flight Centre, Sunday Apple.

PPL එකට ලස්සනට ෆොටෝ සෙට් එකක් ගහල Photography වලින් ලස්සන කරපු Album ටික පහල ලින්ක් වලින් බලාගන්න පුළුවන්..

LOOKATME.LK’s album.

Nava Photography Album1

Nava photography Album2

One Photography’s album

Snif’s album

Chathura Maleesha Photography & Videography’s album

Big Scene Photography

Perfect one


PPL එක ගැන Page ඇඩ්මින්ලා කියපු කතා මෙන්න

log in

reset password

Back to
log in