පියවර 2න් මුහුණ සුදු කරගන්න රහස් වට්ටෝරුවක් මෙන්න


ඒකාකාරී දිදුලන මුහුණක් සදහා පියවර දෙකේ මී පැණි සහ ලෙමන් සත්කාරය.

මුහුණේ සම වඩාත් පහැපත් කරගැනීමට උනන්දු වෙන හැමෝම වෙනුවෙන් තවත් එක් රූපලාවන්‍ය රහසක් ගැනයි මේ කියන්න හදන්නේ. නිවසේදීම සාදාගත හැකි මෙම ප්‍රතිකර්මය භාවිතා කිරීම තුලින් ඔබගේ අඳුරු සම වදාත් ඵලදායී ලෙස පැහැපත් කරගත හැකියි. තවද මෙය මගින් ඔබගෙ සමෙහි ඇති රැළි වැටුනු ස්වභාවය, අඳුරු ළප මෙන්ම මැරුණු සමද ඉවත් කරනවා. පියවර එකෙහිදී සාදා ගන්නා ස්ක්‍රබ් එක මගින් සමෙහි දිදුලන බව මෙන්ම පැහැපත් බවද ඇතිකරන අතර පියවර දෙකෙහිදී සාදා ගන්නා ෆේස් පැක් එක මගින් වඩාත් සුමුදු සුසිනිඳු සමක් ලබාදෙනවා.

පියවර 01 – ස්ක්‍රබ්
සිනිඳුව අඹරාගත් සහල් පිටි – තේ හැඳි 1
ලෙමන් යුෂ – තේ හැඳි 1
කහ කුඩු – තේ හැඳි 1/2

මෙම අමුද්‍රව්‍ය සියල්ල පිරිසිදු බඳුනක් තුල හොඳින් මිශ්‍ර කර මිනිත්තු 5ක් පමණ තිබෙන්නට හරින්න. පසුව එම අලේපය ඝනකම් තට්ටුවක් ලෙස මුහුණේ ආලේප කර මිනිත්තු 2-3ක් සෙමින් සම්භාහනය කර සිසිල් දියෙන් සොදා හරින්න.

පියවර 2 – ෆේස් පැක්
සුදුහඳුන් කුඩු – තේ හැඳි 1
මී පැණි – තේ හැඳි 1
රෝස වතුර – තේ හැඳි 1/2

මෙම අමුද්‍රව්‍ය හොදින් මිශ්‍ර කර ෆේස් පැක් එක සාදා ගන්න. එය මුහුණේ ආලේප කර මිනිත්තු 15ක් පමණ තිබෙන්නට හරින්න. පසුව මද උණුසුම් ජලයෙන් සෝදා හැර හොඳින් තෙත මාත්තු කරන්න.

අවසානයේදී ඔබ භාවිත කරන මොයිෂ්චරයිසරයක් අලේප කරන්න.. -පරිවර්තනය හෂි දිල්රු


පියවර 2න් මුහුණ සුදු කරගන්න රහස් වට්ටෝරුවක් මෙන්න

log in

reset password

Back to
log in