ඩෙනිම් කොට කලිසම් ගද්දී ප්‍රවේශමෙන් අලුතින් ගෙනා කලිසම හෝදද්දි දියවී ගියේ වඳ බෙහෙත්ද


රෙදිපිළි වෙළඳසළකින් මිලදී ගත් ඇඳුමක කිසියම් සැක සහිත ද්‍රව්‍යයක් තිබෙන බවට ලැබුණු පැමිනිල්ලක් අනුව එම ඇඳුම රජයේ රස පරීක්ෂකවරයා වෙත යවා වාර්තාවක් ලබාගැනීමට පොලීසිය කළ ඉල්ලීමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අවසර ලබා දුන්නේය.

ගාල්ල ප්‍රදේශයේ මවක් ඉකුත් 28වැනි දින තම 19 හැවිරිදි පුත්‍රයා සමග නගරයේ රෙදිපිළි වෙඳසලකට පැමිණ කොට කලිසම් දෙකක් සහ ටීෂර්ට් දෙකක් රුපියල් 4300කට මිලදී ගෙන ඇති අතර,පසුව නිවසට ගොස් සවස ඒවා සේදීම සඳහා බේසමකට දැමූ විට එක් කොට කලිසමක ඉදිරිපස බොත්තමක් යට දුඹුරු පාට ඇලෙන යමක් තිබීඩෙනි දියවීමට පටන් ගැනීම නිසා එම කලිසම නැවත ගෙනැවිත් දී මෙසේ පැමිණිලි කර තිබේ.

ගාල්ල පොලීසිය මේ සම්බන්ධයෙන් කරුනු වාර්තා කරමින් මෙය කුමන රසායනික ද්‍රව්‍යයක්ද?එහි ශරීරයට අහිතකර කිසියම් ද්‍රව්‍යයක් තැවරී තිබේද යන්න පිළබඳව වාර්තාවක් ලබාගැනීඹ සඳහා එම ඇඳුම රජයේ රස පරීක්ෂකවරයා වෙත යැවීමට අවසර ඉල්ලා සිටි අතර,ඒ අනුව එම ඇඳුම රජයේ රස පරීක්ෂකවරයා වෙත යවා වාර්තාවක් ලබා ගැනීමට මහේස්ත්‍රාත්වරයා අවසර ලබා දුන්නේය. දැනුවත් කරන්න ශෙයා කරන්න උපුටා ගැනීම නෙත් ගොසිප්


ඩෙනිම් කොට කලිසම් ගද්දී ප්‍රවේශමෙන් අලුතින් ගෙනා කලිසම හෝදද්දි දියවී ගියේ වඳ බෙහෙත්ද

log in

reset password

Back to
log in