සුරූපී ප්‍රියංකා චොප්රා ඇගේ ලස්සන වීමේ රූපලාවන්‍ය රහස් හෙළිකරයි


ජනප්‍රිය බොලිවුඩ් නිලි ප්‍රියංකා චොප්රා Vogue සඟරාව සමග එකතුවී වීඩියෝවක් කරලා තියෙනවා. ඒ ස්වභාවික අමුද්‍රව්‍ය යොදාගෙන කල හැකි රූපලාවන්‍ය සත්කාර කිහිපයක් පිළිබඳවයි. ප්‍රියංකා පවසන ආකාරයට ඇය මේ දේවල් ඉගෙනගෙන තියෙන්නේ ඇගේ මවගෙන්.

එම රූපලාවන්‍ය සත්කාර සිදුකරන ආකාරය පහතින් දැක්වේ

01. Lip Scrub

ඔබගේ තොල් වල ප්‍රමාණයට අවශ්‍ය පමණ ලුණු ස්වල්පයක් භාජනයකට දමාගෙන එයට එළවලු ග්ලිසරින් සහ රෝස වතුර ටිකක්ද එක්කර හොඳින් මිශ්‍ර කරගන්න. ඉන්පසු එය තොල් වල ආලේප කර මෘදුව සම්භාහනය කර පිසදා දමන්න.

02. Body Scrub

භාජනයක් ගෙන එයට කඩල පිටි කෝප්ප 1ක් දමාගෙන එයට ප්ලේන් යෝගට් හෝ මුදවපු කිරි මේස හැඳි 2ක් පමණ එක්කරගෙන මිශ්‍ර කරගන්න. පසුව එයට ලෙමන් යුෂ ස්වල්පයක් ද එක්කර සුදුහඳුන් කුඩු සහ කහ කුඩු ස්වල්පයක් ද එක්කර හොඳින් මිශ්‍ර කරගන්න. අනතුරුව එය සිරුරේ ආලේප කර විනාඩි 15ක් පමණ තබා රවුමට පිරිමැද ඉවත් කරගන්න. පසුව සෝදාහරින්න.

03. හිස්කබලට සත්කාරයක් (වියලි හා හිස්හොරි සහිත හිස්කබලට)

භාජයනක් ගෙන එයට යෝගට් අවශ්‍ය ප්‍රමාණයට දමාගෙන එයට මි පැණි තේ හැඳි 1ක් සහ බිත්තරයක් ද එක්කරගෙන හොඳින් මිශ්‍ර කරගන්න. ඉන්පසු එම මිශ්‍රණය හිස්කබලෙහි ආලේප කර විනාඩි 30ක් පමණ තබා මඳ උණුසුම් ජලයෙන් හෝ බේබි ෂැම්පු යොදා සෝදාහරින්න.


සුරූපී ප්‍රියංකා චොප්රා ඇගේ ලස්සන වීමේ රූපලාවන්‍ය රහස් හෙළිකරයි

log in

reset password

Back to
log in