බ්ලැක් හෙඩ්ස් වයිට්හෙඩ්ස්, ලප කැලැල් මිල්ක් ස්පොට්ස් නැත්තටම නැති කරමු


ළප කැලැල් කිරි ඉන්නන් ඇතුලු සමේ ගැටලු දුරලන ස්භාවිස්භාවික ⁣⁣ෙඖෂධ

පරිසර දූෂණයේ ප්‍රතිඵලයක් විදියට මේ දවස්වල චර්ම රෝග සහ සම ආශ්‍රිත ගැටලු බොහෝ දෙනෙකුට තියෙනව, වයසට වඩා වැඩි පෙනුමක් ගෙනදීම, බ්ලැක් හෙඩ්ස් වයිට්හෙඩ්ස්, මිල්ක් ස්පොට්ස් (කිරි ඉන්නන්),ලප කැලැල් මේ අතරින් ප්‍රධාන තැනක් ගන්නවා. බොහෝවිට අපි මේ සම ආශ්‍රිත ගැටලු එකක්හෝ කීපයකින් පීඩා විදිනව. චර්මවේදීන් පවසන ආකාරයට හැකි වෙලාවට තුනී රෙදිකඩකින් පිටත පරිසරයේදි සම ආවරණය කරගැනීමෙන් දූෂිත වාතයේ ඇති සමට හිතකර නොවන අංශු, දූවිලි ආදියෙන් සම ආරක්ෂාකරගන්න පුලුවන්. ඒවාගේම පහත ක්‍රම වලින් කිරි ඉන්නන් ඇතුලු සම ආශ්‍රිත රෝග වලින් අපට සැලකියයුතු ආරක්ෂාවක් ලබාගන්න පුලුවන්.

1.කෝමාරිකා

කෝමාරිකා කියන්නෙ අපට සමේ ආරක්ෂාව සදහා පාවිච්චියට ගතහැකි ප්‍රධානම ස්භාවික ඖෂධයක්.කෝමාරිකා විවිධ ක්‍රම වලට අපට භාවිතා කරන්නත් පුලුවන්.ඒවගේම ඒවා විවිධ ක්‍රම වලින් සම ආරක්ෂා කිරීමට සහය වෙනවා.කෝමාරිකා antioxidant සහ විටමින් A,C සහ E වලින් පොහොසත්. අනෙක් අතට කෝමාරිකා ස්වභාවික මොයිෂ්චර්රයිසර් එකක් විදිහට විදියටත් භාවිතා කරන්න පුළුවන්.එය අපට කිරි ඉන්නන් ඇතුළු සමේ ආබාධ වලින් ආබාධ වලින් ආරක්ෂා වීමට උපකාර වෙනවා.

2.ලෙමන්.

ඇත්තටම ලෙමන් දෙහි කොහොමද අපට සම ආරක්ෂා කිරීමට කිරීමට උපකාර වන්නේ ? අපි හැමෝම දන්නවා ලෙමන් කියන්නෙ ස්භාවික අම්ල සහිත ඖෂධයක් බව.මේ ස්වභාවික අම්ල කිරි ඉන්නන්ගෙන් සහ අනෙකුත් සමේ ආබාධවලින් සම ආරක්ෂා කිරීමට උපකාර වනවා.

3.බටර් කිරි .
අපි විවිධ ස්වරූපයෙන් බටර්කිරි උපකාර කරගන්නවා සම සහ හිසකෙස් ආරක්ෂා කර ගැනීමට.අනෙක් අතට බටර්කිරි කියන්නේ ස්වභාවික මොයිස්චරයිසරයක්.ඔබට බටර්කිරි සමේ ආලේපකර විනාඩි 15-20 පමණ වෙලාවකින් සිසිල් ජලයෙන් සෝදාහැරියොත් කැපීපෙනෙන වෙනසක් සමේ දැකගන්නට පුලුවන්.

4.මී පැණි.

මී පැණි කියන්නේ සමට දිව්‍ය ඖෂධයක් වගේ දෙයක්,සමට මී පැණි විවිධ ආකාරයෙන් වැදගත් වනවා.මී පැණි සමග මෘදු කරන අතරම සමෙහි යද්දි ලප කැලල් ඉවත් කරනවා.මී පැණි විසබීජ නාශකයක් ලෙස ක්‍රියා කරන නිසා සමෙහි ඇති බැක්ටීරියා සහ අනෙකුත් අහිතකර විසබීජ දුරු කරනවා.ඔබගේ ෆේස්පැක් එකට මී පැණි බිංදු බින්දු දෙකක් එකතු කිරීමෙන් ඔබට සෞඛ්‍ය සම්පන්න සමකට මං පහදා ගත හැකි වේවි.

5.බඩ ඉරිගු පිටි සහ විනාකිරි.

බඩ ඉරිගු සහ විනාකිරි සම දුර්වර්ණ වීම නිසා කිරි ඉන්නන් ඇතුළු සමේ ආබාධ වලට යොදාගන්න පුළුවන් තවත් එක් විසදුමක්,උඩගම තේ හැඳි එක බැගින් ගෙන අවශ්‍ය තරමට කුඩු තලපයක් වන තෙක් කලවම් කර සම මත ෆේස්පැක් එකක් ලෙස ආලේප කිරීමෙන් ප්‍රතිඵල ළගා කරගත හැකියි.

6. අර්තාපල්

අර්තාපල් සම සඳහා යොදා ගැනීම සාමාන්‍යයෙන් අමුතු අදහසක් ලෙස පෙනුනත් අර්තාපල් කියන්නේ සම සදහා වැදගත් වන දෙයක්.අර්තාපල් කිරි ඉන්නන් සහ ලප කැළැල් දුරු කිරීම සහය වනවා. අර්තාපල් තීරු කපා ස්ථානය මත අතුල්ලා විනාඩි 15ක් පමණ තබා ඇල්මැරුණු දියෙන් සෝදා හැරීමෙන් අවශ්‍ය ප්‍රතිඵල ලගා කර ගන්නට පුළුවන්.

7. කහ.

කහ සම දිප්තිමත් කරන ස්වභාවික විෂබීජ නාශකයක්. ඒ වගේම කහ වලට සම මතුපිට ඇති ලපකැලැල් ආදිය දුරුකිරීමට පුලුවන්.සාම්ප්‍රදායික ස්වභාවික ස්වාභාවික විසබීජ නාශකයක් වන වන කහ සම දීප්තිමත් කිරීමට උපකාරී වනවා. කහ, දියර කිරි සහ මීපැණි එක්කර ආලේපකර වියලුනු පසුව ඇල්මැරුණු ජලයෙන් සෝදා හැරීම හොද ප්‍රතිකාරයක්

8.එඬරු තෙල්

එඬරු තෙල් කියන්නෙ ස්භාවික ඖෂධයක්. මුහුණ සෝදා වියලුණුපසු තෙල් බිංදු කිහිපයක් ආලේපකිරීමෙන් නිරෝගී සමක් ඔබට ලබාගන්න පුලුවන්.

9.දෙළුම්

දෙළුම් කියන්නෙ අපි හැමෝම ආස පළතුරක්.දෙළුම් වල තියෙන antioxidant සහ විටමින් C සම නිරෝගීව තැබීමට උපකාර වනවා, ගාගත් දෙලුම් ඇට වල යුෂ කිරි සමග එකතුකර මුහුණ මත ආලේප කිරීමෙන් ලප කැලැල් සහ කිරි ඉන්නන්ගෙන් තොර සමක් ඔබට ලබාගතහැකියි.

පරිවර්තනය සිතිජය මාන්නප්පෙරුම iloveyou.lk


බ්ලැක් හෙඩ්ස් වයිට්හෙඩ්ස්, ලප කැලැල් මිල්ක් ස්පොට්ස් නැත්තටම නැති කරමු

log in

reset password

Back to
log in