ඔබේ ඇස් දෙකට ලක් වන අවදානම දැන සිටියානම් මේ පුරුදු 10 දැන්ම ඔබ අත්හරීවි


අපි විසින් නිතර කරන දේවල් වලින් සමහර පුරුදු අපේ ඇස්වල අවදානමට ලක් කරන බව ඔබ දන්නවාද? ඔබ නොදැනුවත්වම කරන ඒ පුරුදු ගැනයි අපි මේ කතාකරන්න යන්නෙ,


1. දීර්ඝ වෙලාවක් හිරු දෙස බලා සිටීම.
හිරු දෙස බලා සිටීම ඔබේ ඇසට ගොඩක් අනතුරුදායකයි. හිරුගේ පාරජම්බුල කිරණ ඇස්වලට හානි පමුණුවනවා එ්නිසා කෙලින්ම හිරුදෙස බැලීම සහ දිගුවෙලාවක් බලාසිටීම සුදුසු නෑ…. ඔබ හැම විටම පාරජම්බුල (ultraviolet) කිරණ වලින් ඔබේ ඇස් ආරක්ෂා කළ යුතුයි.


2. දුම්පානය.
ඔව්, පෙනහළු ආශ්‍රිත රෝගාබාධ සහ පිළිකා හැරුණු විට, දුම්පානය පෙනීමද දුර්වල කරනවා. අපගේ ශරීර පටක සහ මාංශ පේශිවලට පෝෂණය හා ඔක්සිජන් සැපයීමට හැකියාව අඩු කරන්නට දුම්පානය බලපානවා. විශේෂයෙන්ම අක්ෂි පටකවලට මෙම තත්වය බලපානවා.


3. ඇස් ආශ්‍රිත මේකප්.
මාස තුනකට වඩා පැරණි සුවඳ විලවුන් වර්ග ඇස් පෙනීමට අහිතකර ප්‍රතිඵල ගෙනෙන බව අධ්යයනයකින් හෙළි වෙලා තියෙනවා.ඔබ නින්දට පෙර, ඇස් වටා ඇති මේකප් ප්රවේශමෙන් හා හොඳින් පිරිසිදු කළ යුතු වෙනවා, eyeliner, mascara, සහ eye shadow තුල අඩංගුව ඇති සමහර රසායනික ද්රව්ය ඉතා හානිකර වෙන බවයි කියවෙන්නෙ.හැකිතාක්දුරට මේවයෙන් ඈත්වීම ඔබේ “ඇහැට ගුණයි”.


4. වෛද්‍යවරයකුගේ නිර්දේශයෙන් තොරව ගන්නා ඖෂධ.
ඔබේ ඇස් වල අපහසුතාවයක් හෝ වේදනාවක් ඇත්නම්, සෑම විටම වෛද්‍යවරයෙකුගෙන් උපදෙස් ලබාගන්න. නිවසේ තිබෙන විවිධ eye-drops ⁣ෙඖෂධ භාවිතා කරන්න එපා ! මේ eye-drops පුද්ගලයාගෙන් පුද්ගලයාට රෝගයෙන් රෝගයට වෙනස් වෙනව.ඒනිසා ඔබේ ඇසට වෛද්‍ය නිර්දේශය නැතුව ගෙදර කාටහරි දීල තිබුන eye-drops නම් දාන්න එපා.අනික විවෘත කර ටිකකාලයකින් මේවා කල් ඉකුත්වෙනවා,අනික් අතට නොගැලපෙන බෙහෙතක් දැම්මොත් ඇස්වලට හානිවෙන්නත් පුලුවන් !


5. සංචාරය අතරතුර කියවීම.
කියවීම හොඳ පුරුද්දක් උනත් ඔබ ගමන් කරන වාහනයක සිටියදී කියවීම ඉතාම අහිතකර පුරුද්දක්. වාහන ගමන් කිරීමේදී සෙලවීම් ගැස්සීම් සමග කියවීමට තැත්කිරීම ඔබට ආතතිය වැඩිකරනඅතරම ඇස් වෙහෙසට පත්කරනවා.

6. අක්ෂි කාච නොගලවා,පැලද සිටින ගමන්ම නිදාගැනීම.
මෙය බොහෝ අය නොදන්නා අති භයානක දේවලින් එකක් ! අවදානම නොදන්නා බොහෝ දෙනා මෙයට පුරුදු වෙලා.ඇස්වල ඔක්සිජන් අත්‍යවශ්‍යය වන අතර දිගු කලක් තිස්සේ කාච පැලදඇති විට ඔක්සිජන් ස්ථාවරව සැපයීම කෙරෙන්නෙ නැහැ. අක්ෂිකාච පැලද නිදාගැනීම ඇසේ ආසාදන ඇති වීමේ ප්රවණතාව වැඩි කරනව වගේම සමහරවිට මියයනතෙක් ඔබේ පෙනීම නැතිකරන්නටත් හේතු වෙන්න පුලුවන් !

7. ඇස් අත්වලින් ඇතිල්ලීම.
නොහිතනව උනාට ඔබ ඉතාම තදින් ඇතිල්ලුවොත් ඇස්පිය යට සියුම් රුධිරවාහිනී පුපුරන්න පවා පුලුවන් !

8. සමබර ආහාර වේලක් අනුභව නොකිරීම.
සමබර ආහාර වේලක් හොඳ දෘෂ්ඨියක් ලැබීම සඳහා ඉතා වැදගත් භූමිකාවක් ඉටු කරනවා. විශේෂයෙන් විටමින් C හා E, සින්ක් හා ඔමේගා-3 මේද අම්ල සහිත ආහාර හොඳ ඇස් පෙනීමක් ලබාදෙන්නට වැදගත් වනවා.

9. දිගු කාලයක් තිරයන් (screen) දෙස බලාසිටීම.

ජංගම දුරකථනය, ලැප්ටොප් හෝ ටැබ්ලට් තිරය මත බලා සිටිනවිට විවේකයන් ඇස් වලට අත්‍යවශ්‍යය වනවා. ඔබ වැඩ කරන විට, ලැප්ටොප් සඳහා ඔබටම අදාල සැකසීම් කල (settings හැදූ) තිරයක් භාවිතා කරන්න, brightness ඇසට පහසු ප්‍රමාණයට අඩුකර ඔබගේ ඇස් සහ තිරය අතර හොඳ දුරක් පවත්වා ගැනීම ඉතා වැදගත්. ජංගම දුරකතනය,ටැබ් හෝ පරිගණක තිරවලින් කියවීම හෝ වෙනත් වැඩක් කරන විට සෑම විනාඩි 20 කට වරක් තත්පර 20 ක කාලයක් තිරයෙන් ඇස් ඉවතට විවේකයක් ඇසට ලබාදෙන්න. දුරින් ඇති වස්තුවක් දෙස ටිකවෙලාවක් බලාසිට ඔබේ වැඩ නැවත ආරම්භ කරන්න.

10. ආරක්ෂිත ඇස්ආවරණ භාවිතා නොකිරීම. (safety goggles)
නිවසේ සිදු වන බොහෝ ඇස් ආශ්‍රිත අනතුරු වලට හේතුව ආරක්ෂිත කණ්නාඩි පැළඳ නොතිබීමයි. ගෙදර පිරිසිදු කිරීමේදී හෝ නිවසේ අලුත් වැඩියා වගදී, තණකොල කපද්දී,කාටු ආශ්‍රිත කුඹුරු වැඩවලදි,ලී වල සිදුරු විදිද්දි වගේ දේවලදී එහෙම ඔබ ආරක්ෂිත ආම්පන්න පැළඳ ගන්න අමතකකරන්න එපා.

11. ප්‍රමාණවත් නින්දක් නොමැතිකම.
මුළු දවස පුරාම චිත්‍රපට නැරඹීම හෝ රෑ පුරා රැඳී සිටීම ඔබේ ඇස්වලට අවදානමක් ඇති කරයි. නින්ද නොලැබීමෙන් ඇස් වෙහෙසට පත්වේ සෑම දිනකම පැය 7 ක් පමණ නින්දක් ලබා දීමට ඔබගේ අක්ෂි සෞඛ්‍යට ඉතාම හොඳයි.

මේ කරුණු ඔබේ මිතුරන් සමඟ බෙදා ගැනීමට අමතක කරන්න එපා. මොකද ඉතින් මොනවා කරන්නත් ඇස් දෙක පරිස්සම් කරගන්න එපායේ…

පරිවර්තනය – සිතිජය මාන්නප්පෙරුම iloveyou.lk


ඔබේ ඇස් දෙකට ලක් වන අවදානම දැන සිටියානම් මේ පුරුදු 10 දැන්ම ඔබ අත්හරීවි

log in

reset password

Back to
log in