හොදම යාළුවෙක් ඔයාගේ පෙම්වතා පෙම්වතිය උනොත් ඔයාට ලැබෙන වාසි 12ක්


ඔබ ආදරයෙන් කෙනෙකු සමග බැඳී ආදර සම්බන්ධතාවක් පවත්වද්දි ඔබට ඔබේ මිතුරන් නැතිනම් හෝ ඔබේ පෙම්වතා මුණගැසීමට අවස්ථාවක් නොලැබෙන්න පුලුවන් !

ඒකීවෙ ඔබට යාලුවෙක් එක්ක එකතුවෙලා රස කතාවක් කියනගමන් රස්තියාදුවකයන්න තියෙන අවස්තාව පෙම්වතා හෝ පෙම්වතිය සමග කොහෙ හරි යන්න තියන නිසා මගඇරෙන්න පුලුවන් ! එහෙමත් නැත්තං යාලුවො එක්ක ඉන්න වෙලාවට පෙම්වතා හම්⁣බවෙන්න ඕන උනත් අවස්ථාවක් නැතිවෙන්න පුලුවන් !
ඒත් මේ දෙගොල්ලම එක්කෙනෙක් උනොත් ඒකීවෙ ඔබේ පෙම්වතාම ඔබේ හොදම මිතුරා උනොත් කොච්චර ශෝක්ද ?

ඔබේ පෙම්වතා ඔබේ හොඳම මිතුරාමද කියල දැනගන්නෙ කොහොමද ?

1. ඔබට අලුත් දේකට මුහුණදීමට සිදුඋනාම වැදගත් දෙයක් ඇහුනගමන් කතාකරන්නෙ ඔහුට.

අලුත් දෙයක් වැදගත් යමක් සිදුවීමක් වගේ දෙයක් බෙදාහදා ගැනීමට ඉස්සෙල්ලාම ඔබ කතාකරන්නෙ,අදහස් විමසන්නෙ ඔබගෙ පෙම්වතාගෙන්ද? ගමනක් ගිහිං ආපු ගමන් සිද්ධ වෙච්ච ඒව කෝල් කරල නැත්තං මැසේජ් කරන්නෙ එයටෙද? ඔබේ පෙම්වතා ඔබේ හොඳම මිතුරා කියන්න පුලුවන් ප්රබලතම ලක්ෂණයක් තමයි මේක.

2. ඔබ පෙම්වතාටත් එක්කමද දෙන්න එක්ක කන්න ගියාම ඇනවුම් කරන්නෙ ?
ඔබ අවන්හල්වලදී ඔබ එකිනෙකා සඳහා ඇනවුම් කරනව කියන්නෙ එකිනෙකාට හොදින්ම අදුරනව,එයා කන්න කැමතිදේවල් ඒ වෙලාවට එයා බොන්න කැමති දේවල් වගේ ඒව ඔයා දන්නව කියලයි ඒකෙන් ඇගවෙන්නෙ,නිකංම නිකං ජෝඩුවක්නං මේක වෙන්නෙ නෑ !

3. ඔයාල දෙන්න එකට ගේම්ස් සෙල්ලම්කරනවද ?
ඔයායි එයයි නිතරම වගේ එකට ගේම්ස් සෙල්ලම් කරනවනං, විනෝදාංශ එකට කරනවනං එහෙම එයා තමයි ඔයාගෙ හොඳම යාලුවත් !

4. අනික් කෙනා කියන දේ අහම්බෙන් වගේ සම්පූර්ණ කරනවනමි.
එක්කෙනෙක් පටංගන්න වාක්‍ය අනික් කෙනා එයා කියද්දීම සම්පූර්ණ කරනවනං,ඒකත් ඔබගේ පෙම්වතා ඔබේ හොඳම යාළුවා බවට හොද ලකුණක් !

5. අනික් කෙනා කල්පනාකරන දේ ගැන දන්නව.

එක්කෙනෙක් මොනවහරි ගැන කල්පනාකරද්දි අනික් කෙනා ඒ මෙිනව ගැනද කියල ඉවෙන් වගේ දැනගන හිතහදන අවස්ථාවල්ඔයාල දෙන්න අතර තිබිල තියේද ?

6. රහස් භාෂාවක් !

ඔයාල දෙන්න විතරක්ම දන්න රහස් වචන යෙදුම් ඉඟි තියන රහස් භාෂාවක් ඔය දෙන්නට තියනව කියනිනෙ ඔයදෙන්නා හොදම යාලුවො කියනඑක තමා.

7. අනික් යාලුවො එක්ක කල්ගෙවනවට ඔඩා ඔයදෙන්න එකටකල්ගෙවන මොහොතකට පවා ඔයාල ආසද ?

සාමාන්ය ජෝඩු ආදරේ කරන වෙලාවට පෙම්වතා සමග කල්ගෙව්වට විනෝදවෙන්න යාලුවො එක්කයි කල්ගෙවන්නෙ,ඒත් ඔයා එයා එක්ක ඉන්නකොට ගොඩාක් විනෝදෙන් ඉන්නවනං යාලුවො එක්ක එලියට යද්දි වගේ, ඒකියන්නේ ඔයාගෙ පෙම්වතා ඔයාගෙ හොදම යාලුවා !

8. ඔබ රහස් තබා නොසිටී නම්.
ඔබ පෙම්වතා එක්ක කල්ගෙවන්නෙ අවංකව නම්..ඒවගේම එයාගෙන් වසන්කරල රහස් තබා ගන්න බැරිනම්ඔයාට…ඒකියන්නෙ ඔයාල දෙන්න හොදම යාලුවො !

9. ඔයාලට පෞද්ගලික විහිළු ගොඩක් තියෙනවනං.

අනික් අයට තේරෙන්නැති ඔයාල දෙන්නටම අනන්‍ය වෙච්චි විහිලු ඔයාල දෙන්නටත් තියෙනවද කියල කල්පනාකරන්න…ආන්න හිනා ගියා…තියෙනව නේද ?

10. උපදෙස් අවශ්‍ය උනාම එකිනෙකාගෙ උපදෙස් පතනවනම්…

එකිනෙකාගෙ උපදෙස් ගැන එකිනෙකාට විශ්වාසයි වගේම ප්‍රශ්නයක් ආපු ගමන් එකිනෙකාලගන් උපදෙස් පතනව කියන්නෙත් විශේෂ ලකුණක් !

11. බොරු නැති වීම.

හොඳ සම්බන්ධතාවයක් ඇතුලෙ බොරු වලට ඉඩක් නෑ.

12. ඕනම වෙලාවක මුලින්ම මත එයාවද?
ඕනම දෙයක් ගමනක් දිනයක් සැලසුම් කරද්දි ඔයාට මතක්වෙන්නෙ ඉස්සරවෙලාම එයානම් එයා ඔබේ හොදම මිතුරාබවට ඒක සංඥාවක් !


හොදම යාළුවෙක් ඔයාගේ පෙම්වතා පෙම්වතිය උනොත් ඔයාට ලැබෙන වාසි 12ක්

log in

reset password

Back to
log in