බර අඩු කරගන්න බඩ අඩු කරගන්න බැරුව ඉන්න අය මේ දේවල් 6 කරන්න


අපෙන් බොහෝදෙනෙකුට තියෙන ගැටලුවක් තමයි ශරීරයේ බර වැඩි ⁣එක. සමහර වෙලාවට සමහරුන්ට මේක ලොකු මානසික වධයක් වෙලා.බර අඩුකරගන්න කලින් අපි බලමු මොනවද මෙහෙම බර වැඩිවෙන්න බලපාන හේතු කියල.

අපේ ශරීරයේ බර වැඩිවීමට විවිධ හේතු බලපාන අතර ප්‍රධාන වශයෙන් අක්‍රමවත් ආහාර පුරුදු සහ ක්ෂණික ආහාර,ව්‍යායාම අඩුබව මූලික වෙනවා, කාන්තාවන්ටනම් ගර්භනීබවත් දරුවන් ඉපදීමත් බලපානව,

මේ බර ප්‍රශ්නයෙන් මිදෙන්නනම් අපට එදිනෙදා ජීවත්වෙන විදිය සහ ආහාර රටා වෙනස්කරන්න වෙනවා, මොකක් නමුත් කැපකිරීමක් කරන්න එපැයි. අපි අද කතාකරමු බර අඩුකරගන්න tips ටිකක්.

1. යෝගට් වලින් කොහොමද අපි බර අඩුකරන්නෙ ? යෝගට් කියන්නෙ ⁣රසවත් ආහාරයක්,අපිට කුරුඳු කුඩු ස්වල්පයක් යෝගට් කද්දි ඒකට යෙදුවොත් බර අඩුකරගන්න ඉලක්කයට යන්න ඒක ලොකු උදව්වක් වේවි.

2.ඔබ ආහාරයට ගන්නා ආහාර වල කැලරි ප්‍රමාණය දැනගන ඒ කැලරි දහනයට අවශ්‍ය ව්‍යායාම් කාලය සහ එක එක ව්‍යායාම් වලදී දහනය වන කැලරි ප්‍රමාණය සොයා ගන්න.

3. ව්‍යායාම කිරීම ආරම්භ කරන්න. අපි බොහෝ දෙනෙක් මේක ඇත්තටම ලොකු ප්රශ්නයක් තනිව ව්‍යායාම කිරීමට කම්මැලි වීම.ඔබට තනියම ව්‍යායාම කිරීමට කම්මැලිනම් මිතුරන් සමග කතාකරගන එකට ව්‍යායාම කිරීම තමාහොද.
එකට වැඩක් කරද්දී කම්මැලි කම උනත් නැතිවෙනවනෙ.

4. නැවුම් කැරට් යුෂ දිනකට වරක් බොන්න. ඔබට මනාවට පාලනයකල ආහාර රටාවක් නොතිබුණත් සති 12 ක් සඳහා කිලෝග්රෑම් 2 ක විතර බර අඩුවීමකට දිනකට වරක් කැරට් පානය උදව්වේවි.

5. පිලිගැන්වීමට පෙර, ආහාර කපන්න, ඒ ආකාරයට සකස්කලාම පිගානෙ කෑම ගොඩක් වගේ පේන නිසා ⁣කෑම ගොඩක් ආහාරයට ගන්න එක ඔබ නොදැනුවත්වම අඩුවේවි.

6. කැල්සියම් බහුල ආහාර ගන්න. කැල්සියම් හිඟය බර අඩු නොවීමට සඳහා හේතුවක් විය හැකිය. ඔබගේ සිරුර තුළ ප්රමාණවත් කැල්සියම් ප්රමාණයක් ඇත්නම් බර අඩුවීමේ ක්‍රියාවලි⁣ය 2,6% කින් වැඩි වනු ඇත.

ම්ම්ම් යාලුවන්ටත් බලන්න ශෙයා පාරක් දාගන යමු..
පරිවර්තනය සිතිජය මාන්නප්පෙරුම iloveyou.lk


බර අඩු කරගන්න බඩ අඩු කරගන්න බැරුව ඉන්න අය මේ දේවල් 6 කරන්න

log in

reset password

Back to
log in