ඔයාගේ ආදර සම්බන්දය සදහටම රැකගන්න ඕනි නම් මේ දේවල් 10 ඉක්මනට කරන්න


ආදරයෙන් බැඳීගිය ආදරණීය මොහොතක් කියන්නෙ ජීවිතේ ලැබෙන සුන්දරම දෙයක්…. අපි ඇත්තටම ආදරය කරන්න පටන්ගන්න මොහොතෙන් සෑම දෙයක්ම වෙනස් වෙන්න පටන්ගන්නව,කෙසේ වෙතත්, මුල්ම කාලෙවගේම හැමදාම ආදරයෙන් බැඳී සිටීම පහසු දෙවක්නම් නෙවෙයි…. එහෙම ඉන්නනම් ඒවගේ ඉන්න ඕන කියල නිරන්තර අවධානයක් උත්සාහයක් අවශ්ය වෙනවා…

ආදරේකරන ගොඩක් අය ගොඩක් හොයන දෙයක් තමයි එයාලගෙ ආදරය හැමදාම රැකගන්න විදියත් දෙන්නම වයසට ගිහින් මේලෝකෙ හැරල යනකම්ම ශක්තිමත් සම්බන්ධතාවක් ගොඩනගාගන්නෙ කොහොමද කියලත්…ඉතිං අපි කල්පනා කලා ඒ අය වෙනුවෙන් මේ ලිපිය ගෙන එන්න,මේ දේවල් ඇත්තටම ආදරේකරන ආදරවන්තයන් වෙනුවෙන්මයි….

දිගුකාලීන ශක්තිමත් ආදර බැඳීමකට ඔයාලටත් මේ කරුණු ප්‍රයොජනවත්වේවි…

1. එකිනෙකා අගයකරන්න…
ඔයා ආදරේකරන කෙනාගෙ හොඳගතිගුණ,එයා ඔයා වෙනුවෙන් කරන කැපකිරීම් නිරන්තරයෙන් අගය කරන්න,ඔයාට එයා කොච්චර වටිනවද, එයාගැන ඔයාටහිතෙනදේවල්,⁣එයාට කොච්චර ඔයා ආදරේද කියල නිතරම එයාට කියන්න…

2. පිස්සු කෝලම් අමුතු වැඩ එයා එක්ක කරන්න
ඔයාලගේ සබඳතාව ශක්තිමත් කරගන්න නම් එයා එක්ක නිතරම පිස්සු කෝලමි වැඩ එයා එක්ක කරන්න… පිස්සු අමුතු වැඩ වලින් ගොඩක් විනෝද වෙන්න පුලුවන් වගේම ඔයාල වෙන්නුවෙන් ලස්සන මතකයන් ඉතුරු වෙනවා 😊

3.නිතරම ඉඟිබිඟි පාන්න.
ඔයාල දෙන්නා කොච්චර කල් ඉදන් ආදරේකලත් ඉඟිබිඟි පාන්න කාලයනම් බාධාවක් කරගන්න එපා,ඔයාල දෙන්න ආදරේකරන්න පටන්ගත්තකාලෙ ඉඟිබිඟි අත්වැලක් උනානම් ඇයි දැන් එහෙම නොකරන්නෙ ?

4.හැකි සෑමවිටම සිපගන්න.
පහු පහු වෙනකොට ගොඩක් දේවල් කොහු කොහු වෙනව කියනව වගේ මුල්කාලෙ ආසාවෙන් සිපගත්තට කල් යද්දී අමතක වෙනවද? පුලුවන් හැමවෙලාවෙම එයාට කිස් එකක් දීල ආ⁣දරෙයි කියන්න අමතකකරන්න එපා !

5. පුලුවන් වෙලාවට දෙන්න එක්ක රවුමක් ගහල එන්න යන්න.
පුලුවන් වෙලාවට දෙන්නත් එක්ක ආස තැනකට ගිහිං වාඩිවෙලා කයියක් දාන්න, බීච්එකේ හුලං වැදි වැදී අයිස්ක්‍රීම් කන ගමං එයා එක්ක ඉද්දි වගේ, මල් වත්තක පාක් එකක මොනව හරි හප හප එයා එක්ක ඉද්දි වගේ අත්දැකීම් කසාද බැඳල බබාල ලොකු උනාම නිතර ගන්න අමාරුවෙයි ඒවෙලාවල තියන වැඩ එක්ක,ඒකාලෙට උනත් කතාකරන්න පුලුවන් වේවි අද එකතු කරගන්න සුන්දර මතකයන් !

6. සුවිශේෂී දිනයන් සමරන්න.
ඔයාල දෙන්නගෙ උපන්දින ඇනිවසරි සමරන්න, සමරනව කියන්නෙ යාලුවො වටකරන් සල්ලි ගොඩක් වියදම්කරන එකම නෙවෙයි,ඔයාලගෙ උපන්දිනයකට අසරණ අම්ම කෙනෙකුට බෙහෙත්ටිකක් අරන්දෙන්න,දුප්පත් දරුවෙකුට පොත්පත් ටිකක් අරන්දෙන්න, පුලුවන් නම් වැඩිහිටි නිවාසෙකට ළමා නිවාසෙකට ගිහිං එතන කේක් කපල එයාලට දුක හිතවන්නැතිව එයාලට කෑම බීම තෑගි දෙයක් දීල එන්න…ජීවිතේ හැරිල බලද්දී දෙන්න එක්ක කරපුව කියල කවදහරි ලොකු සතුටක් දැනේවි, අනාගතෙත් මේවගේම වැඩ කරන්න එකට ඉන්න පුලුවන් නේද අපි හිතේවි…

7. එකට දවස සැලසුම් කරන්න.
දෙන්නම එකට දවස සැලසුම් කරොත් වැඩ එහාමෙහා කරල ඒ ඒ වෙලාවල් ඒඒ වැඩේට යොදල දෙන්නටම එකම වෙලාවෙ විවේක නිවාඩු වෙලාවක් හදාගන්න පුලුවන් වේවි.කසාඳ බැදල ඉන්න කාලෙට උනත් මේ පුරුද්ද ලොකු උදව්වක් වේවි දෙන්න අතර තියන සම්බන්ධතාවය ශක්තිමත් කරන්න !

8.පුලුවන් හැම වෙලාවෙම හග් එකක් දෙන්න.
පුලුවන් වෙලාවලට හග් එකක් දීල එයාව සතුටින් තියන්න.

9.රාත්‍රියේදි තුරුලු කරගන්න, උණුසුම් කරන්න.
එයාව රාත්‍රියේදී තුරුලුකරගන්න, ශීතල කාලෙට එයාට උණුසුම් කරන්න,එයාගෙ සුවපහසුව ගැන සැලකිලිමත්වන්න.

10. හිතේ කහට තියාගන්න එපා.
පුංචි පුංචි වැරදි අතපසුවීම් අපි හැමෝම අතින් දෙනවා,එයාගෙ වැරදි හිතේ තියාගන ඉන්න එපා.වැරදි කෝණයෙන් බලද්දී හැමදේම වැරදියට පේ⁣න්නෙ.එයා අතින් වැරැද්දක් දෙකක් උනාට ඔයා වෙනුවෙන් එයා කරන දේවල්,කරපුකැපකිරීම් ගැන හිතල ආදරෙන් ඉන්න.

11. ඔයා ආදරය කරන කෙනාගේ පරිස්සම ගැන හිතන්න
මෙන්න මේ වගේ දේවල් වටිනවා මෙතනින් දාගන්න කැමති අය.

ආදරය කරන අයට බලන්න ශෙයා කරන්න. iloveyou.lk


ඔයාගේ ආදර සම්බන්දය සදහටම රැකගන්න ඕනි නම් මේ දේවල් 10 ඉක්මනට කරන්න

log in

reset password

Back to
log in