පෙම්වතාට දෙන්න හොද උපන්දින තෑගි 10ක් හැම ගෑණු ළමයෙක්ටම වැදගත්


ආදරය කරන බොහෝ පෙම්වතියන් කැමතියි තමන්ගේ පෙම්වතාගේ උපන්දින දවසට ඔහුව පුදුම කරවන්න. ඉතින් බොහෝ දෙනෙක් කල්පනා කරන දෙයක් තමයි මොනවගේ තෑග්ගක් ද දෙන්නේ කියන එක. තමන්ගේ අතේ තියෙන මුදලට ලබාගත හැකි හොඳ තෑග්ගක් වෙන්නත් ඕනනේ. අද අපි මේ ලිපියෙන් කතා කරන්නේ පෙම්වතාට දිය හැකි උපන්දින තෑගි ගැන අදහසක.

01. Printed mug
පෙම්වතාගේ උපන්දිනයට සුභ පතන්න ප්‍රින්ට් කරපු මග් එකක් දෙන්න පුළුවන්. මේ මග් එකට ඔයාලගේ ඡායාරූපයක්, නිසැදෙසක් ඇතුල් කරලා ප්‍රින්ට් කරන්න පුළුවන්. මෙය රුපියල් 500 – 1500 දක්වා විවිධ වූ මග් වර්ග වලින් ලබාගත හැකියි.

02. printed T-shirt

පෙම්වතාගේ කැමැත්ත අකමැත්ත ඔබ දන්නා නිසා ඔහු කැමති විදියට T-shirt එකක් ප්‍රින්ට් කරලා දෙන්න. එහෙම නැත්නම් ඔයාලා දෙන්නටම අඳින්න couple T-shirt එකක් ප්‍රින්ට් කරගන්නත් පුළුවන්. මේකට වැයවෙන්නේ රුපියල් 1000 – 3000 මුදලක්.

03. Shoes / sunglass

පෙම්වතාට තෑගි දෙන්න සපත්තු කුට්ටමක් / අව් කණ්නාඩියක් තොරගන්නත් පුළුවන්. පෙම්වතා රැකියාවක් කරන කෙනෙක් නම් ඊට ගැළපෙන අයුරින් සපත්තු තෝරාගන්න. එහෙම නැත්නම් සාමාන්‍ය ඇඳුමකට ගැළපෙන විදියට සපත්තු කුට්ටමක් දෙන්න පුළුවන්. අව් කණ්නාඩියක් දෙනවනම් branded එකක්ම දෙන්න මතක තියාගන්න. මේ දේවල් ඔබට ගන්න පුළුවන් රුපියල් 2000 – 5000 මුදලකට.

04. Bag

පෙම්වතාට office/ casual බෑග් එකක් තෑගි දෙන්න පුළුවන්. බෑග් එකක් ගන්න කලින් හොයලා බලන්න ඔහුට බෑග් එකක් අවශ්‍ය වෙන්නේ මොනවගේ අවස්ථා වලටද කියලා, ඒ අනුව සුදුසු බෑග් එකක් තෝරාගන්න පුළුවන්. මෙය ඔබට මිලදී ගත හැකියි රුපියල් 1000 සිට ඉහළට.

05. Perfume

Perfume එකක් තෑගි කරද්දීත් branded Perfume එකක්ම දෙන එක හොඳයි. මේවා පොඩි තෑගි නිසා branded එකක් දෙද්දී වටිනාකමකුත් තියෙනවා. මෙයත් ඔබට 2000 සිට ඉහළට මිලදී ගන්න පුළුවන්.

06. Photo

තවත් වටිනම තෑග්ගක් තමයි ඔබ දෙදෙනාගේ මතකයන් එකතුවුණු ඡායාරූප කිහිපයක් ඇතුලත් කරලා තරමක ප්‍රමාණයේ ලොකු ෆොටෝ එකක් රාමු කරලා දෙන එක. මේකට මුදල් වැයවෙන්නේ ඔබ තෝරාගන්නා ඡායාරූපයේ ප්‍රමාණය අනුව තමයි. රුපියල් 1500 සිට ඉහළට ඡායාරූපයක් හදවගන්න පුළුවන්.

07. Watch

watch එකක් තෝරගනිද්දී හොඳ ප්‍රසිද්ධ brand කිහිපයක්ම තියෙනවා. titan, rolex, casio, citizen ඉන් කිහිපයක්. මේ වගේ watch එකක් මිලදී ගන්නවා නම් රුපියල් 5000 සිට ඉහළට මුදල් වැයවෙනවා.

08. Gift pack

ඔබේ පෙම්වතාව පුදුම කරන්න ඔහුගේ නිවසට gift pack එකක් යවන්නත් පුළුවන්. මේ gift pack එකට චොකලට්, ස්නැක් වර්ග, වයින් බෝතලයක්, පොඩි කේක් එකක්, ටෙඩි බෙයා කෙනෙක්, මල් කළඹක්, උපන්දින සුභ පැතුම් පතක් වගේ දේවල් ඇතුළත් කරන්න පුළුවන්.

09. Pendant

ඔබේ අතේ රුපියල් 10,000ක විතර මුදලක් තියෙනවා නම් ලස්සන පෙන්ඩන්ට් එකක් හදලා දෙන්න පුළුවන්. පෙම්වතාගේ නමේ මුලකුර එහෙම නැත්නම් ඔබ දෙදෙනාගේ නම් වල මුලකුරු දාලා හදන්න පුළුවන්. ඔබ තෝරාගන්න design එක අනුව තමයි මෙයට මුදල් වැයවෙන්නේ.

10. Ring

පෙම්වතාගේ උපන්දිනයට ඔහුට අමතක නොවන වටිනම තෑග්ගක් දෙන්න ඕනේ කියලා හිතෙනවා නම් ඔබට පුළුවන් මුද්දක් තෑගි කරන්න. මෙයටත් ඔබට කැමති design එකක් තෝරාගෙන හදවන්න පුළුවන්. රුපියල් 13,000 සිට ඉහළට තමයි මේකට මුදල් වැයවෙන්නේ.


පෙම්වතාට දෙන්න හොද උපන්දින තෑගි 10ක් හැම ගෑණු ළමයෙක්ටම වැදගත්

log in

reset password

Back to
log in