ඔයාගේ මුළු දවසම විනාශ කරන උදෑසන මේ පුරුදු 7 අදම නවත්තන්න


අපි දෛනික වැඩකටයුතු වලට පදනම සකස් කර ගන්නනේ උදෑසනයි.උදෑසන අපේ පුරුදු චර්යා සහ වැඩ පිලිවෙල සම්පූර්ණ දිනයේම වැඩකටයුතු වැඩ කටයුතු වලට බලපෑම් එල්ල කරනවා.

උදාහරණයක් විදිහට කිව්වොත් උදේ පාන්දරම mood අප්සට් යන වැඩක් වුනොත් දවසම අපි වැඩ කරන්නෙ එපා වෙලා.ඒ වගේම තමයි අපි කැමති දෙයක් කලොත් දවසම කිසි කිසි ගාලා කඩියා වගේ වැඩ කරන්න පුළුවන්.අපි නොහිතුවට අපි කරන සුළු සුළු දේවල් වලින් ඒ වගේම අපේ සමහර දෛනික පුරුදු වලින් අපේ දෛනික වැඩ කටයුතු වලට බාධා පමණුවනවා. අපි අද විමසා බලමු අපි පුරුද්දක් විදිහට කරන ඒ වගේ අත්හැරීම පුරුදු මොනවද කියලා.

1. එලාමය කෙටි කල් දැමීම් වලට දැමීම (Snoozing).

එලාම් එක වදිද්දිත් ඔයා කෙටි කල් දැමීම සදහා Snoozing කරනවා නම් ඔබ නින්ද සුව පහසුව සහ තත්වය කැප කරන අතර ම.උදෑසන ආහාරය සහ ව්‍යායාම වලට යොදා ගත හැකි කාලය ද නින්ද ට කැප කරයි.

ඇරිසෝනා ප්‍රාන්තයේ Prescott Valleyහි Sleep Disorders Center ආයතනයේ වෛද්‍ය අධ්‍යක්ෂක Robert Rosenberg පවසන ආකාරයට මේ සඳහා හේතු වන්නේ ප්‍රමාණවත් තරම් නින්දක් නොලැබීමයි.ඔබගේ ඔබගේ විවේකය සඳහා යොදා ගත යුතුසති අන්තයේ පවා වෙනදාට වඩා ඇහැරගෙන විනෝද කටයුතු වලටම පමණක් මුල් තැන දී කටයුතු කර සතියේ අනිත් දවස් වල ද ප්‍රමාද වී නින්දට යාම නිසා එය පුරුද්දකට ගොස් මෙම snooze කර නිදා ගන්නා කාලය වැඩි කිරීමට උත්සාහ ගැනීම දකින්නට පුළුවන්.

මෙසේ එලාම් කල් දැමීම මගින් සිදු වන්නේ ඔබේ නින්දෙහි චක්‍රය අක්‍රමවත්ව ඇතැම් විට කලින් තිබුණාටත් වඩා නිද්‍රාශීලී ව අලසකමින් යුතු ව නැගිටීමට සිදු වීමයි ඇතැම් විට වෙහෙසකර බවක් ද මින් පසු දැකිය හැකි වේවි.හැකි තරම් කල් වේලා ඇතිව ශරීරයට අවශ්‍ය තරම් නින්දක් ලබා දීමට ඔබ වගබලා ගත යුතුයි.

2. යහනෙන් නැගිටීමට පෙර ජංගම දුරකථනය පරීක්ෂා කිරීම.

නිව් ජර්සි හි මනෝ විද්‍යාඥයෙකු වන ආචාර්ය Joanna Kleinman පවසන පරිදි උදෑසන පළමු කාර්ය ලෙස නැගිට්ට ගමන්ම ජංගම දුරකතන පරික්ෂා කොට කෙටි පණිවුඩ ඊ මේල් voice massage ආදිය පරීක්ෂා කිරීම මගින් යහන මත දීම ඔබගේ මනස තුළ කළ යුතු වැඩ ගැන පෙර විනිශ්චයන්,විවේචන ඒ වගේම එපාවන සුලු ස්වභාවයක් හට ගත හැකියි.

අනෙක් කාරණාව නම් ඔබගේ මිතුරන් විසින් ෆේස්බුක් instagram වැනි සමාජ ජාල වෙබ් අඩවි වල පළ කරන ඔවුන්ගේ ජීවන තත්ත්වයට අදාළ වන සිදුවීම් ඔබ උදෑසන ම දැක ගැන ඒවා මගින් ඔවුන්ගේ ජීවන තත්ත්වය සහ ඔබගේ ජීවන තත්වය අතර සැසඳීමට ලක්කර ඔබේ මනස ඔබ ගැන ස්වයං විවේචනන වලට යොමුකර උදෑසනම ඔබව ආතතියට පත්කරනවා.

එමෙන්ම ඔබේ මොලය ආතතිය හටගැනීමට හේතුවන හෝමෝන නිපදවීම ආරම්භ කරනවා. මෙි ක්‍රියාවලි⁣ය සිදුවන්නේ අඩුම තරමේඔබ දෙපාවත් බිමතබා නැගිටගන්නෙ නැතුව යහන මත සිටියදීමයි. එමනිසා වඩාත් සුසුදු වන්නේ ජංගම දුරකතනය අතපොවන මානයෙන් ඈත්කර තබා උදෑසන පිරිසිදු වී ඇදුම් ඇදගන ආහාරය ගෙන ජංගම දුරකථනය පරීක්ෂා කිරීමයි.

3.අධික උණුසුම් ජලය ස්නානය කිරීම.
සීතල උදෑසනක උණුසුම් ජලයේ ස්නානය ට ඔබ ඉතාමත් කැමැත්තක් දැක් විය හැකියි.නමුත් අධික උණුසුම කෙලි උණු ජලයේ ස්නානය කළහොත් ඔබේ සම වියලීමට ලක් වීම කැසීමට ලක්වීම සිදු වන්නට පුළුවන්.එම නිසා අධික උණුසුම් වතුර ස්නානය වැළකී සිටීම වැදගත් වනවා.

4.අධික කාබෝහයිඩ්‍රේට් ප්‍රතිශතයක් ඇති ආහාර උදේ ආහාරය ලෙස ගැනීම.

මෙවැනි ආහාර වේලක් ලබා ගැනීම මගින් ඔබට දහවල් ආහාරයට ප්‍රථම බඩගිනි ගතියක් දැනීමටද නිද්‍රාශීලී ගතියකින් වැඩ කටයුතු කිරීමට ද සිදු වන්නට පුළුවන්.එම නිසා සමබර සහ උදැසන ට ගැලපෙන ආහාර ගැනීම අනිවාර්ය කරුණක්.

5.උදෑසන ආහාරය මඟ හැරීම.
බොහෝ දෙනා කාර්යබහුලත්වයක් මතුකරමින් උදෑසන ආහාරයක් ආහාරය මඟහැරීම වත්මන් සමාජයේ දක්නට ලැබෙන සුලභ කරුණක්.උදෑසන ආහාරය උදෑසන ප්‍රබෝධමත්ව වැඩකටයුතු කිරීමට ඔබට උදවු වන අතර ම එය නොගෙන සිටිය හොත් අධික බඩගින්නෙන් යුතුව දහවල් ආහාරය ගැනීමට ඔබ සූදානම් ⁣වෙද්දී.ශරීරයට ඔරොත්තු නොදෙන තරම් ආහාර ප්‍රමාණයක් අධික බඩගින්න නිසා ඔබ ගැනීමට පෙළඹිය හැකියි එය ස්ථුල තාවය වැඩි කිරීමට හේතු වනවා වගේම.උදෑසන ආහාරය මඟ හැරීම ගැස්ට්‍රයිටිස් වැනි රෝග ඇති කිරීමට ද හේතු වේ.

මේ සදහා අවම තරමින් යන එන ගමන් හෝ ආහාරයට ගැනීම සඳහා පළතුරක් වැඩියෙන් යමක් සැන්විච් වැනි සැනින් සකස් කළ ආහාරයක් ඔබ නිවසින් පිටත් වීම රැගෙන ගොස් ඉඩ ලැබුනු සැනින් ගමනාගමනය කරද්දි හෝ ආහාරයට ගැනීමට ඔබට පුළුවන්.

6.අනෙක් අය සමඟ වාද වලට යාම.

උදෑසන ඔබගේ මෙහෙකරු නිවසේ සාමාජිකයින් වැනි අය සමග මත ගැටුම් වලට යාම ඒතරම් සුදුසු දෙයක් නෙමෙයි.හිතේ කහට තියාගෙන දවසේ වැඩකටයුතු නොරුස්සනා ස්වභාවයෙන් පටන් ගන්නෙ නැතුව වාද මත ගැටුම් වලින් ඈත්වී දවස පටන් ගැනීම නුවණට හුරුයි !

තවත් කෙනෙකුට වැදගත් වෙයි කියල හිතෙනවා නම් ශෙයා කරන්න iloveyou.lk


ඔයාගේ මුළු දවසම විනාශ කරන උදෑසන මේ පුරුදු 7 අදම නවත්තන්න

log in

reset password

Back to
log in