ඔයා ලඟින්ම ආශ්‍රය කරන කොල්ලගේ හිතේ ඔයා ගැන ආදරයක් ඇතිවෙලාද දැනගන්න ක්‍රම 12ක්


ඔයා කිට්ටුවෙන්ම ආශ්‍රය කරන පිරිමි ළමයාගෙ හිතේ ඔයා ගැන ආදරයක් ඇතිවෙලාද කියල දැනගන්නෙ කොහොමද ?
එහෙමත් නැත්නම් ආදරෙයි කිය කිය පස්සෙන් එන පිරිමි ළමයා ඔයාට ඇත්තටම ආදරේද කියල දැනගන්නෙ කොහොමද ?

1.බැල්ම
එයා ඔයා දිහා බලන්නනෙ වෙන කවුරුත් නොබලන ආදරේ හිතෙන විදියකටද ? හරියට මේවගේ ?

2.සෝශල් මීඩියා.

ෆේස්බුක් ඉන්ස්ටග්‍රෑම්වගේ සෝශල් මීඩියා වල ඔයා දාන මැම පෝස්ට් එකම එයා ෆලෝ කරනවද? ,කමෙන්ට් කරනවද ? අන්න ඔය⁣ාට හිනාවක් ගියා නේද?

3. අවධානය.

එයා අනික් අයට වඩා යුනික් වෙන්න ට්‍රයි කරාවි.ඔයා කැමති දේවල් කරන්න,ඔයාගෙ අවධානය දිනාගන්න,ඔයාට ටච් එකේ ඉන්න උත්සාහ කරාවි

4.වෙනස් විසියට හැසිරීම.

ඔයා ඉන්න තැනදි එයාහැසිරෙන්නෙ එයාගෙ අනික් යාලුවො එක්ක ඉන්නවට වඩා වෙනස් විදියටද ? එයා ඔයා ඉස්සරහ ටිකක් බයයි වගේද ? කියවන ගතිය වැඩිද ? හොදින් හැසිරෙන්න ට්‍රයි කරනවද ? නිතරම කූල් පොරක් වගේ ඉන්න හදනවද ?

5. ස්..ස්..නංගි නම්බරේ…

එයා ඔයාගෙන් ෆෝන් නම්බරේ එහෙම ඉල්ලුවද ?

6. “ඔයාට බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවද ? ”

එයා ඔයාගෙන් අහයි ඔයාට බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉනනවද නැද්ද කියල හරියටම දැනගන්න.

7.පිටදි හම්බෙන්න.
එයා ඔයාට කතාකරාවි කොහෙහරි යන්න, ප්‍රදර්ශනයක් පොඩි ට්‍රිප් එකක් නැත්තං ශොපින් කරන්න එහෙමත් නැත්තම් කොහෙදි හරි හම්බෙන්න.

8.ඊර්ෂ්‍යාව.

ඔයා අනික් පිරිමි ළමයි ගැන කියද්දි විශේෂයෙන්ම හොඳකියද්දි එයාට නුරුස්සනවද ඒක. ඔයාව වෙන පිරිමි ළමයෙක් අයිති කරග
නී කියල එයාඊරිසියයිද ?ඔයා අනික් පිරිමි ළමයි එක්ක කතාකරද්දි,ආශ්‍රිය කරද්දි එහෙම එයා මූන අකුලගන්නවද? ඔයා නිසා පිරිමි ළමයි එක්ක එයා පැටලෙන්න යනවද

9.ප්‍රශංසා.
එයා නිතරම ඔයාගෙ හොඳ කියනවද ? ඔයාට හැමවෙලේම වගේ ප්‍රශංසා කරනවද ?

10.ආරක්ෂාව ගැන.
එයා ඔයාගෙ ආරක්ෂාව යන එන තැන් හොයල බලනවද? නිතරම ඔ⁣යාට ඕන උනාම ලග ඉන්නවද ? ඔයා කොහෙහරි ගියාම ඉන්න තැන,ගෙදර එනගමන්ද? මගද? කරදරයක් නැතුව ඉන්නවද කියල හොයාබලාවි.

11. රහස්.

එයාගෙ රහස් ඔයා එක්ක බෙදාගන්නව කියන්නෙ ඔයා එයාට විශේෂම කෙනෙක්.ඔයාව විශ්වාස කරන කෙනෙක්.

12. කාලය කැපකිරීම.

එයාගෙ කාලය ඔයා වෙනුවෙන් ඔයාගෙ වැඩ වෙනුවෙන් එයා කැපකරනවනම් එයාට ඔයා විශේෂිත කෙනෙක්.


ඔයා ලඟින්ම ආශ්‍රය කරන කොල්ලගේ හිතේ ඔයා ගැන ආදරයක් ඇතිවෙලාද දැනගන්න ක්‍රම 12ක්

log in

reset password

Back to
log in