ප්‍රේක්ෂකයින් සිනහා සාගරයක ගිල්වමින් පුංචි දියණිය සනුකත් එක්ක සරාගයේ සිංදුව කියයි.


අලුත් පරපුරේ ගායන ශිල්පීන් අතර සනුක වික්‍රමසිංහට හිමිවෙන්නෙ සුවිශේෂී තැනක්. තමන්ටම ආවේනික වූ වෙනස්ම විදියේ කලාවකට ගීත ගායනා කරන සනුකගෙ හැම ගීතයක්ම වගේ ගොඩක් ජනප්‍රිය වුනා. ඒ නිසාම රට වටේම ප්‍රසංගවලට ආරාධනා ලැබෙන සනුක පසුගියදා නුවර තිබුණු ප්‍රසංගයකටත් සහභාගී වුනා.

ගායන ශිල්පීන් ශිල්පිනියන් රැසක් සහභාගී වුනු මේ ප්‍රසංගයේ සනුකට අවස්ථාව ලැබෙන තුරු ඔහු විවේක කාමරයේ රැඳී සිටිද්දි සනුකට අපූරු අත්දැකීමකට මුහුණ දෙන්න වෙලා තියෙනවා.සනුක බලන්න ආපු පුංචි සිඟිත්තියක් සනුකගෙ ලඟට ඇවිත් සරාගයේ සිංදුව කියලා සනුකව පුදුමයට පත් කරලා තියෙනවා.

ඒ විතරක් නෙමෙයි අවුරුදු 05 ක් වයස මේ පුංචි සිඟිත්තියත් සනුකත් එක්ක වේදිකාවෙදි ලස්සනට වචන එකතු කරමින් සරාගයේ ගීතය ගායනා කරලා තියෙන්නෙ ප්‍රසංගය නරඹන්න ආව ප්‍රේක්ෂකයන් හැමදෙනාගෙම ආදරය දිනාගනිමින්.

එම වීඩියෝව පහත ලින්ක් එකෙන් නරඹන්න පුළුවන්
https://streamable.com/s/8rj8o/utmrgs


ප්‍රේක්ෂකයින් සිනහා සාගරයක ගිල්වමින් පුංචි දියණිය සනුකත් එක්ක සරාගයේ සිංදුව කියයි.

log in

reset password

Back to
log in