තනියම ඉන්න අයගෙගයි පෙම්වතුන්ගෙගයි ප්‍රධානම වෙනස්කම් 10 දන්නවද


ජීවිතේ එකම එක පාරකදි හරි අපිට කවුරු හරි කෙනෙක් ගැන ආදරයක් ඇතිවෙනවා, අපි වාසනාවන්ත උනොත් අපට ඒ අය එක්ක සම්බන්ධතාවක් හදාගන්න පුලුවන්, සමහර අය පෙම්වතුන් විදියටත් සමහරු තනිකඩයන් හැටියටත් ඉන්නවා, තනිකඩ අයනම් කියන්නෙ තනිකඩ ජීවිතේ නිදහස් කියල, සමහරු ඒ නිදහසටම හුරුවෙලා.ඒත් ආදර සම්බන්ධතාවයන් පවත්වන අය කියන්නෙ එයාලට සතුටින් ජීවිතේ ගෙගනයන්න පුලුවනි කියල සහකරුත් එක්ක, ජීවිතේ බෙදාහදාගන ආදරය ලබමින් සුන්දරව ගෙවනව කියලයි එයාලනම් කියන්නෙ.

මේ තනියම ඉන්න අයගෙගයි පෙම්වතුන්ගෙගයි ප්‍රධානම වෙනස්කම් කිහිපයක්.

1.මූල්‍යමය තත්වය.

තනියම ඉද්දිනං කොමෙන් හරි ගාන අඩු තැනකින් උනති බඩට මොනවහරි කෑව, කීයක් නමුත් ඉතිරිකරගත්තා, හිතුනොත් ඒව වායදම්කරල කොහෙහරි ගිය⁣ා, හැබැයි ඉතිං පෙම්වතුන් උනාමනම් එහම බෑ, දෙන්නම කැමති තැනකින් කන්න ඕන, තෑගි ගන්න ඕන, ටදන්නම යන ගමන්වලට වියදම්කරන් වෙනව වගේ දේවල් වෙනව, ඔයාට තමන් ආදරේකරන කෙනාවෙනුවෙන් ඔයාගෙ ආස ගමන්,ආසා දේවල් ගන්න තියන සල්ලි එහෙමත් කැප කරන්න වෙයි.

2. යාලුවො එක්ක සෙට්වෙන්න යන එක.

ආදරේකරන්න ගත්තමනං ඉතින් ඉස්සර සෙල්ලම් බෑ, ඔයා එක කෙනෙක් වෙනුවෙන් කැපවෙලා ඉන්නෙ,එය⁣ාව තනියම දාල යාලුවො එක්ක සතුටු වෙන්න යන එක කරන්න අමාරුයි.

3. ෆිල්ම් බලන්න යද්දි.

තනියමනං කෙ⁣ාහෙහරි කමන්නෑ, ඒත් ආදරේකරන කෙනා එක්ක යද්දි හොයන්නෙම කාටවත් වැඩිය නොපෙනෙන තැනක්නෙ.

4.කෝල් ඩියුරේෂන් එක.

තනියම ඉද්දි නං කෝල් එකක් ආවෙතේ තප්පර ගානයි,නැත්තං විනාඩියයි…හැබැයි පෙම්වතුන් උනාම පැය ගනං දිගට ෆෝන්කොිල් ගන්නෙ,

5.වෙනදාට වඩා කන්නාඩි⁣ය ලග කල් ගන්නවා

තනියම ඉද්දිනං මොන හැඩ⁣වැඩච, ඔහේ එලියට ගියා, එහෙම බෑනෙ ඉතින් ආදරේකරන්න කෙනෙක් ඉද්දි,හැඩවැඩ වෙලා එලියට යන්න ඕන, කන්නාඩිය ඉස්සරහ වෙනදට වඩා වෙලාවක් ඔයා ගතකරනව.

6.ගමන් වේගය.

තනියෙන් ඉන්න කාලෙනම් ගමනක් ගිහිං ඉක්මනට එන්න බලන්නෙ, ආදරේ කරන කෙනෙක් හම්බුනාම එයා එක්ක ගතකරන කාලෙ වැඩිකරගන්න එක්ක හෙමින් ගිහින් එන්න තමා බලන්නෙ,අනික එයාගෙ ආරක්ෂාව ගැනත් හිතනවනෙ

7.ෆේස්බුක් යාලුවො.

තනියම ඉද්දි වගේ නෙවෙයි. එයාගෙ කැමැත්තත් සලකල බලන්න වෙනවනෙ මූනුපොතේ යාලුවො තියාගන්න. නැත්තං වෙන රටේනැති නඩු වැටෙන්න පුලුවන් නේ…

8.උවමනා වෙලාවෙදි ලගින්ම.

තනියම ඉන්න අය හැකිතරම් තනියම හිත හදාගන්න බැලුවට ඔයාට ඕනම වෙලාවෙ ආදරේ කරන කෙනා ලගින්ම ඉදං ඔයාගෙ අත් අල්ලන් උවමනා වෙලාවෙ ඔයාලග ඉන්නව.

9.ෆියුච ප්ලෑන්ස් !

වැදගත්ම දේ තමා අනාගත සැලසුම් ! ඉස්සර එක්කෙනෙක් ගැන හිුතුවට දැන් දෙන්නගෙම ආසාව,කැමැත්ත,අරමුණු,විනොදය සලකන්න වෙනවා.

10.හැගීම්.

තනියම ඉන්න කාලෙ අපි හැගීම් හිරකරන් යටපත්කරන් හිටියට ආදරේකරන කෙනා එකක ඉන්න අය ඒව බෙදාහදාගන්නව, එයාට හිතුන දේවල්අත්දැකීම් වගේ හැමදේම වගේ

තනිකඩ සහ ආදරේ කරන අය ඔයාල දන්න තවත් වෙනස්කම් කමන්ට් කරන්න අමතක කරන්න එපා යාලුවන්ටත් බලන්න ශෙයා කරන්න

ඔයා තනිකඩ කෙනෙක් ද?
වැලන්ටයින් එකට කලින් ආදරය කරන්න කෙනෙක් සෙට් කරගන්න ඔබේ ඩයලොග් හෝ හච් දුරකතනයෙන් #775*816# ඩයල් කර අංක 1 ඔබා Try Love සේවාවේ ලියාපදිංචි වන්න… දවසටම Rs3+tax පමණයි. කැමති පළාතකින් කැමති වයසකින් ගැලපෙන කෙනෙක් හොයාගන්න ලේසියෙන්ම පුළුවන්…


තනියම ඉන්න අයගෙගයි පෙම්වතුන්ගෙගයි ප්‍රධානම වෙනස්කම් 10 දන්නවද

log in

reset password

Back to
log in