ඔබේ තේ කෝප්පයට ගම්මිරිස් ස්වල්පයක් එක් කර පානය කලොත් සිදුවෙන දේ ඔබ පුදුම කරාවි


ගම්මිරිස් ගියපු ගමන් කියපු ගමන් අපිට මතක් වෙන්නේ මාළු පිනි රස කර ගන්න කුළුබඩු වර්ගයක් විදියටයි.ඒත් දේශීය සහ ආයුර්වේද වෙදකමේ දී වාගේම එදිනෙදා අත් බෙහෙත් වලටත් ගම්මිරිස් යොදා ගනු ලබනවා.ගම්මිරිස් ස්වල්පයක් තේ කෝප්පයට එකතු කරොත් විවිධ රෝගාබාධ සමනය කර ගැනීමට අපිට පුළුවන්.ඉතිං අපි බලමු ගම්මිරිස් මොන වගේ ලෙඩ රෝග ලෙඩ රෝග සුවකර ගැනීමට අපට සහාය වෙනවද කියලා.

1. කැස්ස සහ සෙම්ප්‍රතිශ්‍යාව.

බැක්ටීරියා ප්‍රතිරෝධී සහ ප්‍රතිඔක්සිකාරක ගුණ ඇති ගම්මිරිස් කැස්ස සහ සෙම්ප්‍රතිශ්‍යාව සුව කර ගැනීම සඳහා යොදා ගත හැකියි.ගම්මිරිස් වල සැර ගතිය උගුරේ බැඳුණු සෙම ගැලවීමට උපකාර වී උගුරට අස්වැසිල්ලක් සපයනවා.එපමණක් නොව පපුවේ සෙම ගතිය දුරු කරනවා. ඔබට කරන්නට තිබෙන්නේ ඔබගේ තේ කෝප්පයට ගම්මිරිස් ස්වල්පයක් එකතු කර එය උණුසුම් ව තිබියදී උගුර උගුර පානය කිරීමයි.

2. උගුරේ අපහසුතාවට.

ඔයාගෙ උගුර රිදෙනව වගේනම්, කතාකරන්නත් අපහසුනම් රස්නෙ පිට තේ එකක් හදාගන ගම්මිරිස් ටිකක් දාල බොන්න. එහෙම බීවම ඔයාට ලොකුසහනයක් දානේවි, ⁣වඩාත් සාර්ථක ප්‍රතිඵල සදහා දිනකට දෙවරක් හෝ තුන්වරක් බොන්න. උගුර අපහසුතාවට ඉස්සර කාලෙ ඉදන් තිබුන හොඳ ප්‍රතිකාරයක් මේ.

3. නාසය හිරවී ඇති විට.

නාසය අවහිර වෙලා තියන සෙම් සහිත අවස්ථා වලදී ගම්මිරිස් ස්වල්පයක් දැමූ තේ කෝප්පයකින් ඔබට ලැබෙන සහනය ප්‍රශංසනීයයි.

4.මානසික ආතතිය.

ගම්මිරිස් වල ඇති piperine ඔබගේ තර්කන හැකියාව සිතීමේ හැකියාව ආදිය වැඩිකරන අතරම, මානසික පීඩනයකින් හෝ ආතතියෙන් සිටිනවිට ඉන් මිදීමට සහය වනවා.

5.පිළිකා අවදානම.

සෞඛ්‍ය විශේෂඥයන් ගේ විවිධ අධ්‍යනයන් වලින් ඔප්පු වී ඇති අන්දමට ගම්මිරිස් සිරුරේ පිලිකා කාරක ඇත්නම් ඒවා අඩපණ කර පිලිකා වලින් ඔබව ආරක්ෂා කිරීමට උදව්වෙනවා

තවත් කෙනෙකුගේ සුවසෙත පිණිස ශෙයා කිරීමට කාරුණික වන්න


ඔබේ තේ කෝප්පයට ගම්මිරිස් ස්වල්පයක් එක් කර පානය කලොත් සිදුවෙන දේ ඔබ පුදුම කරාවි

log in

reset password

Back to
log in