කෙනෙක් දුම් පානය නතර කිරීමෙන් පසු ශරීරයට සිඳුවන දේ මෙන්න


We are all aware of the fact that the smoke of the ravages wreaks havoc on the body. There are many reasons to stop smoking and when you stop smoking there are several things that happen to your body. We all know that nicotine is addictive and it is not an easy task to stop smoking and who knows it better than a habitual smoker who is trying to stop smoking for a long time. When you stop smoking in a few days, you experience a variety of bodily sensations, from lower blood pressure to a greater sense of smell.

දුම් පානය කියන්නේ ශරීරයට ඉතාමත් අහිතකර දෙයක් බව අපි හැමෝම දන්නවා.දුම් පානයට පුරුදු වී තිබෙන කෙනෙක් ඉන් මිදීමට හේතු ගොඩක් තිබෙනවා වගේ ම දුම් පානයෙන් ඉවත් වීමෙන් විවිධ ප්‍රතිලාභ රැසක් ද ලැබෙනවා.නිදහසට මොන මොන කරුණු කීවත් උවමනාවක් තියෙනවා නම් මොන නරක පුරුද්ද වුවත් අත් හරින්න පුලුවන්.
කෙනෙක් දුම් පානය නතර කරයින් පසු ශරීරයට වෙන්නේ මොකද කියලා අපි බලමු.

The Blood Circulation Improves
1.රුධිර සංසරණය ක්‍රමවත් වීම.

ඔබ දුම් පානය නවත්වා හරියටම පැය දෙකකින් ඔබගේ රුධිර සංසරණය ක්‍රමවත් වීමට පටන් ගන්නවා. දුම් පානය කිරීම ඔබේ හදගැස්ම සහ රුධිර පීඩනය ඉහළ දමන අතර පැය කිහිපයකින් හද ගැස්ම සහ රුධිර පීඩනය සාමාන්‍ය තත්ත්වයට පත්වනවා.

2.අාඝාත (අංශ භාග) අවදානම අඩු වීම.

දුම් පානය ඔබගේ රුධිර වාහිනී වන ක්‍රමවත් සංසරණයට බාධා පමණ වන අතර පමණුවන අතරඅංශ භාග අවදානමකට ඔබ ලක් කරනවා.දුම්පානය වැළැක්වීම ඔබට මෙම අවදානමෙන් මිදෙන්නටත් පුළුවන්.

3.මානසික තත්වයන්.

ඔබ දුම්පානය නැවැත් වූ පසු ඔබට මානසික ආතතිය කාංසාව ආහාර සහ දුම් වැටි ගැන වැඩිපුර ආශාව ඇති වීම.නිතර සිදුවන මනෝ භාවාත්මක වෙනස්කම් (mood අවුල් යන ගතිය) කෝපයට පත් වීම ආදි තත්ත්වයන් ඇතිවෙන්නට පුලුවන් නමුත් මේවා සති දෙකක වැනි කාලයකින් ඇරඹී පසු ව ටිකෙන් ටිකනැති වී යනවා.වැඩිම වුණොත් මාස අට නමය වැනි කාලයක් මෙවැනි හැඟීම් බලපායි ඉන් පසු මේවා සම්පූර්ණයෙන්ම නැති වී යනවා.ඔබ මේ කාලය තුළ මේ දේවල් දරා ගෙන නැවත දුම් පානය දෙසට යොමු නොවී සිටියහොත් ඔබ ජයග්‍රහණය කරනවා.

4. ආහාර රුචිය වැඩි වීම.

නිකොටින් නිසා ඔබගේ ආහාර රුචිය අඩු කරන අතරයි මෙ මගින් කෙතරම් ප්‍රිය ජනක ආහාර උනත් ඔබට අප්‍රිය ලෙස හැඟීමට පුළුවන්.ඔබ දුම්පානය වැළැක්වූපසු මෙම තසු මෙම තත්ත්වය මඟහැරී යනවා.

5.කැස්ස ඇති වීම.

ඔබ දුම් පානය නතර කල පසු වෙනදාට වඩා මඳක් වැඩිපුර කැස්ස එනවා නම් එය සාමාන්‍ය තත්ත්වයක්.මෙහිදී සිදුවන්නේ පෙනහැල්ල තමාවිසින්ම ඒ තුළ ඇති විෂ ද්‍රව්‍ය ඉවත් කරමින් ප්‍රකෘති තත්ත්වයට ගෙන ඒමයි.මාස නමයක් වැනි කාලයකදී මෙම කැස්ස තත්වය සම්පූර්ණයෙන්ම පහවයනවා.

6.වයසට වඩා පෙනෙන වියපත් පෙනුම දුරුකර තරුණ පෙනුම නැවත ලැබීම.

දුම්පානයේදී නිකොටීන් මගින් ඔබගේ සිරුරේ ලේ ගමනා ගමනය කරන රුධිර නාලිකා අවහිර කරනවා.මේ හේතුවෙන් නිසා සමට කරන රුධිර සැපයීම අවහිර වී සමට අවශ්‍ය ඔක්සිජන් සහ පෝෂක හිඟ වී සමට අවශ්‍ය පෝෂණය සහ අනෙකුත් සාධක හිඟය නිසා වයසට වඩා වියපත් පෙනුමක් ගෙන දෙනවා. දුම් පානය නැවැත්වූ පසු අවහිර වූ රැධිරනාල ක්‍රමයෙන් ප්‍රකෘති තත්වයට පැමිණ, සමට අවශ්‍ය ඔක්සිජන් සහ පෝෂක සමට ලපාදී තරුණ ඞපෙනුම යලි ඇතිකරනවා.

7.ප්‍රතිශක්තිකරණ පද්ධතිය කාර්යක්ෂම වීම.

ඔබ දුම්පානය නැවැත්වූපසු ක්‍රමයෙන් නිකොටින් වල බලපෑමෙන් දුර්වලවූ ප්‍රතිශක්තිකරණ පද්ධතිය නැවත ක්‍රමයෙන් සිය ප්‍රතිශක්තිකරණ හැකියාව ක්‍රම ක්‍රමයෙන් වැඩිදියුණු කරගන්නවා, ඒවාගේම නිතර සෑදෙන ලෙඩ දුක් වලින් ඔබව ආරක්ෂා කරනවා.

8. ශක්තිමත් අලංකාර හිසකෙස්.

නිකොටීන් මගින් ඔබගේ සිරුරේ ලේ ගමනා ගමනය කරන රුධිර නාලිකා අවහිර කරනවා.මේ හේතුවෙන් නිසා හිසකෙස් මූලයන්ට අවැසි පෝෂක නොලැබීමෙන් කෙස් ශක්තිමත් නොවී ගැලවීයාම දක්නට පුලුවන්.ඉතිං දුම්පානය වැලැක්වූපසු මේතත්වය ක්‍රමයෙන් මගහැරී යනවා.

9. ශ්වසන පද්ධතිය කාර්යක්ෂම වීම.

විෂ දුම නැවැත්වූ පසු පෙනහල්ල විසින්ම පෙනහල්ල තුල ඇති විෂ ඉවත්කිරීමට පටන්ගෙන ක්‍රමයෙන් ශ්වසන පද්ධතිය කාර්යක්ෂම කරනවා.

10.සුවඳ දැනීමේ හැකියාව වැඩි වීම.

දුම්පානය ගඳසුවඳ විදීමේ සංවේදීතාවය අඩු කරන අතර දුම්පානය නතරකල විට ක්‍රම ක්‍රමයෙන් ඔබගේ සුවඳ විදීමේ හැකියාව වැඩිකරනවා.

ඉතින් දුම්පානය නවත්තන්න කැමති, නතර කරල ඉන්න සහ නවත්තන්න හිතාගන ඉන්න යාලුවන්ටත් ශක්තියක් වෙන්න මේ ලිපිය ශෙයාකරන්න අමතකකරන්න එපා…


කෙනෙක් දුම් පානය නතර කිරීමෙන් පසු ශරීරයට සිඳුවන දේ මෙන්න

log in

reset password

Back to
log in