බුකිය පුරා පැතිර යන සමිත් සිරිමාන්නගේ සැබෑ ජීවිත කතාව මෙන්න


ඉතින් ඔන්න ඔයාල හුග දෙනෙක් හැමදාම අහපු මගේ අලුත්ම ගීතය..සැබෑ ආදරේ දැන් ඔයාලට බාරයි..හොද නරක ඕනෙ දෙයක් හදවතින්ම බාරගන්න ලෑස්තියි..මේක මගේ ඇත්තම ජීවිත කතාවට සම්බන්ද දෙයක්..ඉතින් මේකෙන් ඔයාලට පොඩි හරි ආදර්ශයක් ගන්න පුලුවන් වෙයි කියල මම හිතනව..උදව් කරපු සියලු දෙනාටම හුගාක් ස්තූතියි..චතුර වර්නසේකර අයිය..

චමත් සංගීත්..චතුර දෙව්මින මල්ලි..ඒශන ගබඩාමුදලිගේ මල්ලි වගේම සරිගම ආයතනයට සහ බාතිය සන්තුශ් අයියේ ඔයාලටත් බොහොම ස්තූතියි..මාව විශ්වාස කරල ඔයාලගෙ ආයතනයෙ මට අවස්තාවක් දුන්නට..මේ ගීතය ටීවී වලනම් යයිද කියන්න මම දන් නෑ..කොහොම වෙතත් මේක ඔයාල ආදරෙන් බාරගනී කියල ලොකු විශ්වාසයක් මට තියෙනව..

පොඩි කාලෙ ඉදල තිබ්බ හීනෙට යන්න පාර කපද්දි නොයෙක් බාදා ආවත් අතාරින් නැතුව හිටපු එකේ ප්‍රතිපල අද බුක්තිවිදිනව..බොහොම පිං මගේ ආදරනීය ප්‍රේක්ශක ඔයාලට ඔයාල නැත්නම් සමිත් සිරිමාන්න කෙනෙක් අද නෑ..හැමදාම මාව ජීවත් කරවන්නෙ ඔයාලගෙ මේ ආදරේ..ඉතින් චැනල් වලින් මගේ ගීත ප්‍රතික්ෂේප වෙද්දී මට උදව් කලේ මේ ෆේස්බුකියෙ පේජ් කරන නංගිල මල්ලිල..

එයාලත් මගේ ගමනෙ හව්ල් කාරයො..ඔයාලත් හුගාක් ස්තූතියි හැමදාම ඒ දේ හොදට මතකයි..සහ ඉදිරියටත් මගෙත් එක්ක ඉන්න…එහෙනම් වීඩියෝ එක බලල අදහස් උදහස් දක්වනව වගේම..මේක තව කෙනෙක්ට වලන්න SHARE කරන්න අමතක කරන්න එපා..ඔයාල හොයන සැබෑ ආදරේ ඔයාලට ලැබේවා කියල ප්‍රාර්තනා කරන මම සමිත් සිරිමාන්න..බුදුසරණයි


බුකිය පුරා පැතිර යන සමිත් සිරිමාන්නගේ සැබෑ ජීවිත කතාව මෙන්න

log in

reset password

Back to
log in