ආහාර පාලනය නොකර කිලෝ 52 ක බර අඩු කරගත් කාන්තාවක්

ලෝරා නම් ඇය වයසින් අවුරුදු 25 ක් වන ගුරුවරයකි. ඇයගේ උස සෙ.මී 182 කි. වසර ගණනාවක් පුරා ආහාර පාන විශාල ප්‍රමාණයක් අනුභව කල ඇගේ බර කිලෝ 136 ක් වී තිබුනා.. ඇගේ සිරුරේ තරබාරුකම එන්න එන්නම වැඩිවුනා.

තමන්ගේම ඇගේ ප්‍රමාණයත් බරත් දුටු ලෝරා තමන්ගේ දෛනික ජීවිතය පරිවර්තනය කරගන්න ඇය තීරණය කලා.

ඉංග්‍රීසි ගුරුවරියක් වූ ඇය තමන්ගේ බර අඩුකරගැනීමට කල්පනා කලා.. තමන්ගේ පවුලේ අයගෙන් උදව්ගත් ඇය තමන්ගේ සිරුරේ බර මෙන්ම හැඩයද වෙනස් කරගැනීමට උත්සාහ කලා.

ඇය ඒ වෙනුවෙන් සිදුකලේ ඉතා පිරිසිදු සෞඛ්‍ය සම්පන්න ආහාර වේලකට පුරුදුවීම සහ නිතර වෙහෙස මහන්සිවී වැඩ කිරීමයි. ඒ සදහා ඇය ජිම් යාමට තීරනය කලා. ඇයට මේ තුලින් ලැබුනු ප්‍රතිපල අනූනයි.

ඇය පවසන ආකාරයට ” මගේ ශරීරයේ ප්‍රමාණය මට කරදරයක් වුනා. ඒ සම්බන්ධව බොහේ දේවල් මම අත්හදා බැලුව තාමත් තරුණ කාන්තාවක් වන මට මෙය ඉතාම ලැජ්ජාශීලී කරුණක් වුනා.

මම නිතර දෙවේලෙහි ආහාර අනුභව කලා ඇත්තටම එය ඇබ්බැහි වීමකට වඩා මානසිකව මට අවශ්‍යවෙලාතිබුනා. නමුත් මගේ මේ නිරෝගී ආහාර අනුභවයත් ජිම් යාමත් සමග මගේ සියලු දේ වෙනස්වුනා”

ඇත්තෙන්ම ඔව් මිනිසුන් හිතුවේ ලෝරා කිසියම් ශල්‍යකර්මයක් සිදු කරහෝ ඒ සදහා ප්‍රතිකාර කල බවයි. ඇත්තෙන්ම එය එසේ නොවෙයි. අපිත් අපේ ශරීරයේ බර අඩු කරගැනීමට කැමති වූවත් ඒ සදහා සෞඛ්‍ය සම්පන්න ආහාර අනුබව කිරීමට අකමැත්තක් දක්වයි.

එසේම ජිම් යාමට මදක් ලැජ්ජාශීලී ගතියක් පෙන්වයි. නමුත් ඔබ නිවැරදි ආහාර පාවිච්චියෙන් මෙන්ම මහන්සිවී කටයුතු කිරීමෙන් ඔබේ ශරීරයේ ඇති බර අඩුකරගත හැකිවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *