ඔබේ පෙනුම වසර 10ක් පසුපසට ගෙනයාමට පුළුවන් කිවොත් ඔබ විශ්වාස කරනවාද

හාල් යනු ඉතා ප්‍රායෝජනවත් ආදාරයකි. මෙහි බොහෝ ප්‍රතිලාභ ඇති නිසා චීන ජනයා බොහෝ සෙයින් ප්‍රයෝජන ගනි. හාල් වලින් ඔබේ මුහුනෙහි පෙනුම වෙනස් කලහැකි බව ඔබ දන්නවාද. එසේ නම් අපි බලමු ඒ කොහොමද කියල‍.

අවශ්‍ය ද්‍රව්‍ය :
හාල් මේස හැදි 03
කිරි මේස හැදි 01
මී පැණී මේස හැදි 01

සාදාගන්නා ආකාරය :
හාල් අවශ්‍ය ප්‍රමාණයට වතුර දමා ලිපේ තබා පිසගන්න. ( හාල් පිසගැනීමට යොදාගන්නා ජලය ඉතුරුවන අන්දමින්.)

හාල් පිසගත් ජලය වෙනම ඉවත් කර තබාගන්න. පිසගත් හාල් මතට කිරි මේස හැදි 01 ත් මී පැණි මේස හැදි 01 ත් දමා හොදින් කවලම් කරගන්න. මෙසේ කවලම් කරගන්නා මිශ්‍රනය මාස්ක් එකක් ආකාරයෙන් සකස් කරගන්න

හොලිවුඩ්හි බොහෝ තරු තමන්ගේ මුහුනෙහි පෙනුම ආරාක්ෂා කරගැනීම සදහා මෙවැනි ස්වාභාවිකව සාදාගන්නා මාස්ක් බොහෝ සෙයින් භාවිතා කරයි. මුහුනෙහි ඇති වියලි සම පෝෂනය කිරීම මේ මගින් සිදුවේ.

ප්‍රථමයෙන් ඉවත් කරගත් හාල් පිසගත් ජලයෙන් මුණ පිරිසිදු කරගන්න. හොදින් පිරිසිදු කරගත් පසුව තමන් සාදාගත් මාස්ක් එක මුහුනෙහි ගල්වා පසුව සොදා හරින්න. සතියකට වරක් මෙය සිදු කිරීමෙන් ඔබට යහපත් ප්‍රතිපල දැකගැනීමට හැකිවෙනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *