කුරුලෑ නැතිකරගැනීම සදහා ඔබ වෙනස් කලයුතු දේවල් ගැන ඔබ දැනුවත්ද

ඔබටත් කුරුලෑ ප්‍රශ්න තිබෙනවාද? මෙම ගැටලුවෙන් දැනටමත් ඔබ පෙලෙනවාද? සමහරවිට ඔබ ඒ සදහා බොහෝ මුදල් වියපැහැදම් කර ඇති. නමුත් ඇත්තටම ඒවා ඇතිවීමට බලපාන හේතු සුළු දේවල් විය හැකි.

එසේනම් අද අපි ඔබට පෙන්වා දෙන්නේ තුවා භාවිතය සහ කොට්ට උර නිසා ඔබට ඇතිවන කුරුලෑ ගැටළු පිලිබදවයි

ඔබේ තුවාය පිරිසිදුද?

ඔබේ තුවාය පිරිසිදුව තබා ගැනීම කුරුලෑ ඇතිවීම වලක්වා ගැනිමට හේතු වේ. අපිරිසිදු තුවායක ඇති දූවිලි, මේකප්, මියගිය සෛල වල කුණු ආදී බොහෝ දේවල් පවතී. තුවාය නිතර තෙතමනයේ තබන නිසා බැක්ටීරියා ඇතිකිරීමට එය පූර්ණ වාසස්ථානයක් වෙනවා නිසැකයි. එම නිසා නිතර ඔබ භාවිතා කරන තුවාය පිරිසිදුව තබන්න

ඔබේ කොට්ට උරය පිරිසිදු ද? ඒවා පිරිසිදු කරන ආකාරය ගැන ඔබ දැනුවත්ද?

ඔබ බොහෝ විට මෙය දැන නොසිටින කාරණයක් විය හැකී.ඔබේ කොට්ට උර අපිරිසිදුවීම නිසා ඒ තුලද බැක්ටිරියා හට ගෙන ඔබේ මුහුන මත ඒවා රැදිමට පුළුවනි. එය කුරුලෑ ඇතිවීමට පූර්ණ දායකත්වයක් ලබාදෙයි..

එසේනම් ඔබ කල යුත්තේ කුමක්ද? මෙන්න ඒ සදහා අපෙන් උපදෙස්.

  1. පිරිසිදු තුවා සැමවිටම භාවිතා කරන්න.
    ඔබේ මුහුන සේදීමෙන් පසු නිතර පිරිසිදු නැවුම් තුවායක් භාවිතා කරන්න. ඔබ භාවිතා කරන තුවායේ කුණු නොපෙනුනත් නිතර එය පිරිසිදුද බලන්න.
  2. මුහුණ පිරිසිදු කිරිමට කඩදාසි ටවල් භාවිතය
    ඔබ නිතර මුහුන සෝදා තුවායෙන් මුහුන පිසදමනාවානම් ඒ සදහා කඩදාසි තුවා භාවිතා කල හැකි. එය සනීපාරක්ෂක ක්‍රමයක් බවත් මේවා බැක්ටීරියා ඉවත් කිරීමට අවශ්‍ය කටයුතු සිදුකරන බවත් මතක තබාගන්න
  3. මුහුන, ශරීරය පිරිසිදු කිරීම සදහා විවිධ තුවා භාවිතා කරන්න
    ඔබ භාවිතා කරන නාන කාමරය තුල විවිධ තුවා වර්ග තුනක් තබා ගන්න. ඔබේ මුහුන මත එක තුවායක් ශරීරය මත එක තුවායක් හිස පිසදැමිම සදහා එක තුවායක් යන ආකාරයෙන් තුවා තුන භාවිතා කිරීමට මතක තබාගන්න.
  4. කොට්ටය මත පිරිසිදු තුවා පමනක් තබන්න
    ඔබේ කොට්ට උර මත බැක්ටීරියා ඇතිවීම වලක්වා ගැනිමට ඔබට කළ හැකි හොදම උපක්‍රමය නම් සෑම රාත්‍රියකම පිරිසිදු තුවායක් ඒ මත තැබීමයි. තෙල් වර්ග, මැරුණු සෛල අනෙකුත් දේවල් කොට්ට උරයට එකතුවීම එ තුලින් වලක්වා ගත හැකිය.
  5. සෑම රාත්‍රියකම කොට්ට උරය මාරු කරන්න
    ඔබ පිරිසිදු තුවායක් ඇතිරීමට අකමැතිනම් නිතරම කොට්ට උරය වෙනස් කරන්න උත්සාහ කරන්න. ඒ සදහා ඔබට කොට්ට උර දෙකක් භාවිතා කල හැකී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *