ලොකයේම පෙනහලු දෙක වූ ඇමසන් වැසි වනාන්තරයේ ඔබ නොදත් කතාව මෙන්න

මුලුමහත් ලොකයේම පෙනහලු දෙක වූ ඇමසන් වැසි වනාන්තර දැවෙමින් පවති…මේ වන විට ලැව්ගිනි 73000 කින් පමන වනාන්තර මේ මොහොතේ දැවෙමිනි පවති.මින් බොහොමයක් මිනිසුන් ඇතිකර එවා වේ.

සැතපුම් 1700 මේ දුම පැතිරීම නිසා. ඇතැම් නගර වලට හිරු එලිය පවා නොවැටේ.

මේ වනාන්තරයේ, ලෝකයේ වෙසෙන සත්ව වර්ගවලින් දහයෙන් එකක්ම වෙසෙන බව සොයාගෙන ඇත. මෙතෙක් දියුණු ලෝකයාට ඝවේෂණය කළ හැකිව ඇත්තේ, වනාන්තරයෙන් සියයට තිහක පමණ බිම් ප්‍රමාණයක් පමණි. මෙහි, මෙතෙක් මිනිස් ඇසට ලක් නොවූ අති විශාල අද්භූත සත්ව කොට්ඨාස රැසක් වෙසෙන බව විශ්වාස කෙරේ. ඇතැම් සතුන් ඩයිනසෝර යුගයේ සතුන්ට සමාන වීමට ඉඩ තිබෙන බවට ද මත පවතී.

මේ වනාන්තරය ලොවට අවශ්‍ය ඔක්සිජන් ප්‍රමාණයෙන් තුනෙන් එකක් පමණ සපයයි. ඒ හේතුව නිසාම මිනිසුන් වෙච්ච අපි ඉන්න අවදානම ඔබට තේරෙනවා ඇති.

ඇමේසන් වනාන්තරයේ වයස දළ වශයෙන් වසර මිලියන 55 කි. වනය තුළ එහාට මෙහාට ගලන ගංගා අතර ,‘ඇමේසන් ගංගාව‘ ප්‍රධාන තැන ගනී. ඇමේසන් ගඟේ ජලය අත්ලාන්ටික් සාගරයට ගලා බැසීමේදී, කිලෝ මීටර 220 ක් පමණ මුහුද තුළට කඩා වදින නිසා, ධිවරයන්ට ඈත මුහුදේදී වුව ද පානීය ජලය පහසුවෙන් ම ලබාගත හැකි ය.

ජෛව විවිධත්වය අතින් මෙයට සමාන වෙනත් වනාන්තරයක් ලොව නොමැත.මෙහි, ලොව වෙසෙන මත්ස්‍ය සහ කුරුලු වර්ගවලින් පහෙන් එකක්ම වෙසෙති.මෙහි වෙසෙන වන සතුන් අතර, කැස්බෑවකුගේ කටුව වුව ද කුඩු පට්ටම්කළ හැකි තරම් සවිමත් දත් ඇති, ඇමේසන ජගුවරා සහ තරමක කුරුල්ලකු වුව ද අල්ලා ගැනීමට තරම් සවිමත් ලොකු දැලක් වියන ‘ගෝලියාත්‘ මකුළුවා, මකුළු වඳුරා, රන්වන් රජ වඳුරා, අඩි තිහ හතළිහක් පමණ දිග ඇණකොණ්ඩා,විෂ ගෙම්බා සහ උග්‍ර විෂ සහිත දිවි මකුළුවා වෙසෙසින් ම කතාබහට ලක්වේ.මෙහි මිලියන 2.5 ක් පමණ කෘමි සතුන් වෙසෙති.

මෙතෙක් සොයා නොගත් ශාක , සත්ව විශේශ මිලියන ගනක් අපිට නැති වෙමින් පවති…
විශාල ගෝලිය විනාශයක් අත ලගම ඇත..
මීට ආසන්නතම සිද්දිය නම් okjokull ගැලැසියරය සම්පුර්ණනෙන්ම දියවී මියගිය බවට එරට රජය විසින් නීවේදනය කිරීමයි …

ඔබේ ලොකු සල්ලි කාරයෙක් විය හැක , ලොකු ගෙවල් තිබිය හැක. එත් දේශගුණික විපර්යාස වලට එය අදාලම නැත..

නොපමාව පැලයක් හෝ සිටවන්න…

හිතවතුනි, අප මහත් ආන්තරාවක පසුවෙමු! පරිසර වේදීන් පවසන ආකාරයට ඉදිරි වසර තෙක තීරනාත්මක වසර දෙකක් වනු ඇත. 

සටහන – Ashan Upekshaka

Leave a Reply

Your email address will not be published. Required fields are marked *