ඔයත් රෑට මේ විදිහට ෆෑන් එක දාගන නිදාගන්න කෙනෙක් නම් මේ අනතුරු ගැන දැනුවත්ද?

හොඳටම වහින තද සීතල රැක උනත් ෆෑන් එක නැතුව නිදාගන්න බැරි මට විතරද

ඔබත් මෙන්න මේ වගේ නිදාගන්න ෆෑන් එක නැතුවම බැරි කෙනෙක් නම් මේ ලිපිය ඔබට ගොඩක් වැදගත් වෙයි.
බොහෝ දෙනෙක් ඉන්නවා මේ විදිහට ෆෑන් එක නැතුව නිදාගන්න බැරි. නගරාසන්න පරිසරයක ජීවත් වන අය නම් බොහෝ විට දවස පුරාම ෆෑන් එක භාවිතා කරනවා මොකද තරමක් රස්නය වැඩි නිසා. මීට අමතරව නිදාගන්නම් හුළං පාරක් වදින්න ඕනි, ෆෑන් එකේ සද්දෙ අහගෙන නිදාගන්න ඕනි වගේ හේතු තියෙන්නත් පුළුවන්.
ෆෑන් එක අපට අහිතකර දෙයක් නම් නෙවෙයි. හැබැයි මුළු රාත්‍රිය පුරාවටම භාවිත කිරීමෙන් අතුරු ප්‍රතිපල ඇති වෙන්න පුළුවන් අපි නොදැනුවත්වම.
අයි ලව් යූ අපි අද ඔයාලට පෙන්නලා දෙන්න යන්නේ ෆෑන් එක භාවිතය නිසා ඔයාලගේ ශරීරයට ඇතිවන බලපෑම් මොනවද කියල. ඊට අමතරව සැප නින්දකට ෆෑන් එක වෙනුවට භාවිත කරන්න පුළුවන් විකල්ප මොනවද කියලත් ලිපියේ අවසානයට කියනවා.

1. සම, මුඛය සහ නාස් මාර්ගය වියළීම.

ෆෑන් එකක් භාවිත කිරීමෙන් අපි බලාපොරොත්තු වෙන පළවෙනි දේ දහඩිය නොදැමීම. මෙතනදී ඇත්තටම වෙන්නේ දහඩියත් එක්ක සමේ තෙතමනය වාෂ්ප වෙලා යන එක. ඒ වගේම උගුර, කට, නාසය වියළීම. මේ නිසා විජලනය වගේම ශ්වසන රෝග ඇතිවෙන්න පුළුවන්. වියළි කාලගුණයක් සහිත ප්‍රදේශවල ඉන්න අය මේ පිළිබඳ විශේෂයෙන් සැලකිලිමත් විය යුතුයි. හැකි සැමවිටම ජල වීදුරුවක් පානය කරන්න පුළුවන් නම් මේ තත්වය තරමක් මගහැර ගන්න පුළුවන්.

2. ආසාත්මිකතා (Allergies) වැඩිවීම.

ඔයාට යම් ආසාත්මිකතාවක් තියෙනවා නම් ෆෑන් එක නිසා එක වැඩි වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට සමෙහි තියන දිලීර ආසාදන. එයට හේතුව සුළඟත් එක්ක ආසාත්මිකතාවය ඇති වෙන්නට හේතු වුණු කුඩා අංශු පැතිර යාමේ සම්භාවිතාව වැඩි වීම.

3. පීනස ඇදුම වැනි රෝග.
ඔබ දැනටමත් මෙවැනි රෝගයන්ගෙන් පීඩා විඳින කෙනෙක් නම් ෆෑන් එක නිසා මේ රෝග වැඩි වීමේ සම්භාවිතාවය වැඩියි.

4. මස්පිඩු පෙරළීම.

සාමාන්‍යයෙන් රාත්‍රියේදී උෂ්ණත්වය ක්‍රමයෙන් අඩු වෙනවා. උෂ්ණත්ව අඩු වීමත් එක්ක සීතලට නිරාවරණය වීම මස්පිඬු පෙරලීම හෙවත් කෙණ්ඩ පෙරලීමට එක හේතුවක්. ෆෑන් එක නිසා සීතල වායු ධාරාවන් කෙලින්ම අපේ ඇඟට වදින එකෙන් මේ තත්ත්වය උත්සන්න වෙන්න පුළුවන්.

5. හිසරදය, වමනය ඇති වීම.
තද උණුසුම් රාත්‍රී වල සමහර වෙලාවට ෆෑන් එක දැම්මත් උණුසුම නැති වෙන්නැති අවස්ථා තියනවා. මොකද ෆෑන් එකෙන් එන හුළඟත් රස්නෙට දැනෙන්නේ. මේ වගේ අවස්ථාවලදී හිස රදය සහ වමනය වගේ දේවල් ඇති වෙන්න පුළුවන්.

ඉතින් මේ වගේ අතුරු ප්‍රතිඵල ෆෑන් එක නිසා අපි නොදැනුවත්වම අපේ ශරීරයට ඇතිවනවා. කෙටිකාලීනව ලොකු බලපෑමක් නැති උනත් කාලයක් යනකොට බලපෑම දරුණු වෙන්න පුළුවන්.
ඒ කොහොම වුණත් ගොඩක් අවස්ථාවල දී අපට ෆෑන් එක භාවිත නොකර ඉන්න බැහැ.දැන් අපි බලමු විකල්ප ක්‍රම මොනවද සහ බලපෑම අවම කර ගන්න පුළුවන් කොහොමද කියලා.

1. සරලම විසඳුමක් තමයි ජනේලයක් අරින එක.

ඔබත් බය නැතුව කාමරයේ ජනේලයක් ඇරලා නිදාගන්න පුළුවන් අවස්ථාවක් තියන කෙනෙක් නම් පුළුවන් තරම් ෆෑන් එක භාවිතය අවම කරන්න.

2. ආරක්ෂාව පිළිබඳව ගැටලුවක් තියන අයට කලින් කියපු විකල්ප ක්‍රරමය භාවිතා කරන්න බැහැ.

ඒ වගේ අයට පුළුවන් ෆෑන් ක්‍රියාත්මක කරනවත් එක්කම නිදාගන්න ස්ථානය අසල තෙත තුවායක් (towel) හෝ ජලය පිරුණු භාජනයක් තියන්න. කාමරය තුළ තෙතමනය රඳවා ගන්න එකයි මෙමගින් කරන්නේ.3.ඉහත ක්‍රම දෙකම ක්‍රියාත්මක කරන්න අපහසු නම් ඔබට පුළුවන් ෆෑන් එක වෙනත් පසකට හරවා ක්‍රියාත්මක කරන්න.

සුළං පාර කෙලින්ම ඇඟට වදින්නැති නිසා ශරීරයට ඇතිවන බලපෑම අඩුයි වගේම උණුසුම් වාතය එකතැන රැඳීමක් වෙන්නේ නැති නිසා සිසිලසක් දැනේවි.
පුංචි දෙයකට පුළුවන් ලොකු බලපෑමක් ඇති කරන්න.
ඒ නිසා හැම වෙලාවෙම සැලකිලිමත්ව, පරිස්සමින් ජීවත් වෙන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *