ඔයා ෆෝන් එක අල්ලන විදිහට අනුව කියවෙන විශේෂ අනාවැකියක් මෙන්න.

1.ඔබ එක අතකින් පමණක් දුරකථනය අල්ලාගෙන එම අතේම මාපට ඇඟිල්ල භාවිතයෙන් දුරකතනයේ තිරය චලනය කරයි නම් ඉන් අදහස් කරන්නේ ඔබ ඉතා ආරක්‍ෂිත පුද්ගලයෙක් බවයි.ඔබ, ඔබ කරන දේ ගැන සැලකිල්ලක් දක්වන අතර විමසුම් සහගත අයෙකි.ඔබ කරන දේ අවබෝධයෙන් යුතුව කරන ඔබ මනා පාලනයකින් යුතු අයෙකි.

එසේම අනවශ්‍ය පීඩනයකින් තොරව ජීවිතයේ පැමිණෙන ගැටළු අභියෝග වලට පිළිතුරු සෙවීමට ඔබ කැමතියි. එනිසා අවශ්‍ය පරිදි කාලය ලබා ගනිමින් නිදහසේ තීරණ ගැනීමට ඔබ කටයුතු කරන අතර මේ නිසාම ඔබ හුදෙකලාවට ප්‍රිය කරන තනිව සිටීමට කැමති පුද්ගලයෙකු ලෙස ඔබ වටා සිටින අය සිතීමට ඉඩ ඇත.

2.ඔබ එක අතකින් ඔබේ ජංගම දුරකථනය අල්ලාගනිමින් අනෙක් අතේ මාපට ඇඟිල්ල භාවිතයෙන් තිරය චලනය කරයි නම්,දුරකථනය හසුරවයි නම් ඉන් අදහස් වෙන්නේ ඔබ ගොඩාක් බුද්ධිමත් කෙනෙක් බවයි.ඔබ ප්‍රඥාවන්තයි.ඔබට ඔබගේ ක්‍රියාවන් ඔබටම මෙහයවිය හැකි මනසක් ඇත.සහයක් අවශ්‍ය නොවේ.එසේම ඔබ සාධාරණ අයෙක්.

ඒ වගේම ඔබත් පෙර කී මෙන් විමසුම්සහගත අයෙක්. කෙසේ වුවත් ඔබට සබඳතා ගැන සැලකිය යුතු මට්ටමක අවබෝධයක් නොමැත.මේ නිසාම ඔබට ඔබේ සමිපතමයින්ව මගහැරීමට ඉඩ ඇත.එනිසා අන්තර් පුද්ගල සබඳතා බිඳ වැටිය හැක.ඒ පිළිබඳව සැලකිලිමත් වෙන්න.මන්ද ඔබ තීරණ ගැනීමට කාලය ගත නොකරයි.ක්ෂණික තීරණ පසුතැවීමට හේතු විය හැකි බව මතකයේ තබාගන්න.

3.ඔබ අත් දෙකම භාවිතයෙන් ඔබේ දුරකතනය රූපයේ පරිදි හසුරවන අයෙක් නම් ඉන් කියවෙන්නේ ඔබ ඉතාමත් වේගවත් කෙනෙක් බවයි.ඔබගේ ක්‍රියා,සිතුවිලි ඔබ සිතනවාටත් වඩා වේගවත්.කාර්යක්ෂමයි.ඉක්මනින් නිවැරදි තීරණ ගැනීමේ හැකියාව ඔබ සතුයි.එසේම ඕනෑම අවස්ථාවකට ඉතා අඩු කාලයකින් ඊට ගැලපෙන අයුරින් අනුවර්තනය වීමේ හැකියාව ඔබට ඇත.එනිසා ඔබේ හැකියාවන් පරීක්ෂා කිරීමට බිය නොවන්න.

අභියෝග වලට මුහුණ දෙන්න.නමුත් ඔබ තරමක් ඍජු ගතිපැවතුම් පෙන්වන අතර මේ නිසා ඔබේ ආදරය සම්බන්දව ඔබට ගැටළු පැනනැගිය හැක.එනිසා තරමක් නම්‍යශීලි වෙන්න.ඔබ වටා සිටින අය තේරුම් ගැනීමට උත්සහ කරන්න.

4.ඔබ රූපයේ පරිදි එක අතකින් දුරකථනය අල්ලාගෙන අනෙක් අතෙහි ඇඟිල්ලකින් එහි තිරය චලනය ආදී දුරකථනය හසුරවාලීම් කරන්නේ නම් ඔබ ඉතාම නිර්මාණශීලි පුද්ගලයෙක්.නිර්මාණශිලිත්වය යනු ඔබේ උපන් හැකියාවකි.එසේම ඔබේ මෙම හැකියාව නිසාම ඕනෑම ගැටලුවකට වඩාත් නිවැරදි නිර්මාණශීලි විසඳුම පහසුවෙන්ම තීරණය කිරීමට ඔබට් හැකියි.එනිසාම ඔබට ඔබ වටා සිටින පිරිසේද ගෞරවය හිමි වේ.

ඔබ මෙසේ ඔබේ මෙන්ම ඔබගේ වටපිටාවේ ඇති ප්‍රශ්න,ගැටළු ද විසඳමින් මානසිකව සතුටක් ලබයි.ඔබේ මෙම පරිකල්පන හැකියාව ඔබට ඇති විශිෂ්ඨම ආභරණය වේ.නමුත් සමහර අවස්ථා වල ඔබ ඔබේ ආදරය තුලදී හැඟීම් ප්‍රකාශනයට ඇති බිය,සබකෝලය ආදී හේතුන් මත යම් පසුබෑමක් දක්වන අතර එය මගහැර ගැනීමෙන් ඔබට සාර්ථක ප්‍රීතිමත් ජීවිතයක් ගත කිරීමට හැකි වෙනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *