චාමර ජනරාජ්ගේ උතුරු සුලග හමන්නට සූදානම්

මෙරට ටෙලිනාට්‍ය ක්ශේත්‍රයට වෙනම ආරයක රසවින්දනයක් එක්කල නිර්මාණ රැසක් ගෙන ආ චාමර් ජනරාජ් පීරිස් ඔහුගේ කුලුදුල් සිනමාපටයට සූදානම් වෙනවා. ඒ උතුරු සුළග නමින්. මෙම චිත්‍රපටය මාර්තු මස 5 වනදා සිට දිවයින පුරා තිරගතවීමට නියමිතයි. සුපුරුදු පරිදිම වෙනස් රසයක් සහිතව මෙම චිත්‍රපටය දිග හැරෙනු ඇතැයි බොහෝ ප්‍රේක්ෂකයන් බලාපොරොත්තු වෙන්වා.

කෙසේ වූවත් චාමර ජනරාජ් පීරිස්ගේ ටෙලිනාට්‍ය සේම පුනරූපන දර්ශණ නරඹා චිත්‍රපටය මෙයමැයි කීමට නොහැකී. ඔහුගේ ජනප්‍රිය වූ සියලුම ටෙලිනාට්‍ය වල තිබූ ගුප්ත බව හා කුතුහලය මේ චිත්‍රපටය තුලටත් ගෙන එන්නට ඔහුට හැකිවී තිබෙනවා. කෙසේ වෙතත් ගැමි ප්‍රේම කතාවක් හා උතුරේ යුද්ධය සම්බන්ධ සිදුවීම් සහිතව මෙම කතාව ගොඩ නැගෙන බව කිව යුතුයි. එක්තරා මාධ්‍ය නාලිකාවක චිත්‍රපටය පිළිබඳ අදහස් දකවමින් චාමර ජනරාජ් මහතා කියා සිටියෙර් මෙම චිත්‍රපටය උතුරේ යුද්ධය පිළිබඳ වෙනස් කෝනයකින් සිතන චිත්‍රපටයක් බවයි.

මෙම චිත්‍රපටයට සම්බන්ධවන රංගන ශිල්පීන්ද මෙම චිත්‍රපටය වෙනුවෙන් උපරිම සාධාරණත්වයක් කර ඇතිබව දකින්නට පුළුවන්. චාමර ජනරාජ්ගේ නිර්මාණවල නිරන්තරයෙන්ම දකින්න ලැබෙන එරංග ජීවන්ත මෙම චිත්‍රපටයේත් ප්‍රධාන චරිතය නිරූපනය කරනවා. ඔහුත් සමග ප්‍රධාන චරිතයෙන් කාවින්ද්‍යා දුල්ශානි රංගනයෙන් එකතුවෙනවා.

ඇය ටෙලිනාට්‍ය ශේෂ්ත්‍රයේ දකින්න ලැබෙන චරිතයක් වූවත් ඇය චිත්‍රපටයකින් දකින්න ලැබෙන මුල්ම අවස්ථාව මෙයයි. ඔවුන් දෙදෙනාට අමතරව ශ්‍රියන්ත මෙන්ඩිස්, සුජානි මේනකා, කසුනි කාවින්දි ප්‍රනාන්දු, සුලක්ඛනා හේරත්, බිමල් ජයකොඩි, රෝහන බැද්දගේ, දිල්හානි ඒකනායක, සනත් ගුණතිලක, මීනා කුමාරි එක්වීමට නියමිතයි. මේ චිත්‍රපටය නවක හා ප්‍රවීන රංගන ශිල්පීන් රැසකගේ දායකත්වයක් ලැබෙන චිත්‍රපටයක් බව කිව යුතුයි.

මෙම චිත්‍රපටයේ තිරරචනය මෙන්ම අධ්‍යක්ශණයත් චාමර ජනරාජ් පීරිස් විසින් සිදුකරනවා. මීට පෙර ටෙලිවිශනයේ ජනප්‍රිය වූ යාය 4, අයාල්, පියවි, ඇසිඩ්, VVIP, බටහිර අහස මෙන්ම රාහු ආදී සියලුම ටෙලිනාට්‍ය පාහේ මෙරට අතිශයෙන් ජනප්‍රිය වුනා. චිත්‍රපටයේ කැමරාකරණය කපිල සුගත් විජයරත්න, සංස්කරණය සුදේශ් කුමාරසිංහ, කලා අධ්‍යක්ශණය ධම්මික හේවාවත්ත එක් වෙනවා.

ආදරවන්තයන්ගේ දිනය ඉලක්ක කරගනිමින් උතුරු සුලග චිත්‍රපටයේ තේමා ගීතය එලිදැක්වුනා. දුමාල් වර්ණකුලසූරිය හා උරේෂා රවිහාරි ගායනා කරන මෙහි පදමාලාව තුශානි බුලුමුල්ල, සංගීතය උදාර ජයකොඩි විසින් සිදුකරනු ලබනවා. එම ගීතයත් මේවන විට යූටියුබ් මාධ්‍යයේ වඩා වැඩි ජනප්‍රසාදයක් හිමිකරගෙන තිබෙනවා.

යාය 4, පියවි වැනි කතාබහට ලක්වන වෙනස්ම මුහුණුවරක හොදම කතා මාලා ඉදිරිපත්කල චාමර ජනරාජ් පීරිස්ගේ මෙම චිත්‍රපටයත් ඉතා විශිෂ්ට නිර්මාණයක් වනු ඇතැයි ප්‍රේක්ෂකයා බලාපොරොත්තු වෙනවා.

හිමාල් සමරනායක

Leave a Reply