මේ වගේ ෆොටෝ එකකට වැඩිම Likes, Views ලැබීම ගැන මට ඇත්තටම සතුටුයි.

කවිදු මධුෂාන්

මගේ Instagram එකේ වැඩිම Likes, Views ලැබිලා තියෙන්නේ මමයි ලෝචනයි ඉන්න Photo එකකට. මේ Location එක Kandy Fox Hostel එක. දවල් 3.00ට විතර තමයි ෆොටෝ එක ගත්තේ. මේ ෆොටෝ එක අරගෙන දුන්නේ හර්ෂණී කියලා මගේ යාළුවෙක්. මේකෙදි Casual Dress තමයි අපි දෙන්නම ඇඳලා ඉන්නේ. මේකෙදි Lochanaත් Makeup නැතිව තමයි ඉන්නේ. මේ වගේ ෆොටෝ එකකට වැඩිම Likes, Views ලැබීම ගැන මට ඇත්තටම සතුටුයි.

මෙතන පෙනුම ටිකක් වෙනස්

චේතනා ලියනගේ

මම Instagramවලට සම්බන්ධ වුණේ මෑතකදී. ඒ නිසා facebookවලට තරම් මම Instagramවලට active නැහැ. මේ පින්තූරය ගත්තේ මම Tv 1 නාළිකාවේ මෙහෙයවන කාන්තා සටන වැඩසටහන පටන් ගන්න ප්‍රථම makeup room එකේදී. Makeup Artist කෙනෙක් තමයි මේ Photo එක අරගෙන දුන්නේ. මගේ සාමාන්‍ය පෙනුමට වඩා කොණ්ඩෙ එහෙම වෙනස් නිසා වෙන්න ඇති මේ පින්තූරයට හුඟාක් අය කැමැති වුණේ. ඉතින් මගේ Instagram Page එකේ මේ වගේ Photo එකකට වැඩිම Likes, Views ලැබීම ගැන මට සතුටුයි.

Trip එකක් ගිය වෙලාවක

ලහිරුනි සල්වතුර

මගේ Instagram Page එකේ වැඩිම Likes, Views ලැබිලා තියෙන්නේ මේ ෆොටෝ එකට. මේකට Likes 11,961ක් ලැබිලා තියෙනවා. පසුගිය ජනවාරි 24 වැනිදා මගේ University එකේ යාළුවොත් එක්ක Trip එකක් ගිය අවස්ථාවේදී තමයි මේ Photo එක ගත්තේ. මේ Location එක ගාල්ල, ගිංගඟ lodge එක. මේ ෆොටෝ එක මට අරගෙන දුන්නේ මගේ හොඳම යාළුවෙක් වන එWosika Jayalath. සැහැල්ලුවෙන් ඉන්න වෙලාවකදී ගත්ත මේ වගේ Photo එකකට වැඩිම Likes ලැබීම ගැන ඇත්තටම මට හරිම සතුටුයි.

මේකට හොඳ ප්‍රතිචාර ලැබුණා

යමීෂා රසාදි

මගේ Instagram Page එකේ වැඩිම Likes ඍඪඥඹඵ ලැබිලා තියෙන්නේ මේ ෆොටෝ එකට තමයි. ඇත්තටම මේ ෆොටෝ එක ගන්නකොට මගේ කුසට මාස 08යි. මමයි මගේ හස්බන්ඩ් පියුමාලුයි නාන්න ගියා ගෙවල් ළඟ තියෙන ළිඳකට. එතකොට පියුමාල්ගේ ඛ්ධභඵඪද කෙනෙක් තමයි මේ ෆොටෝ එක අරගෙන දුන්නේ. අපි නොහිතපු විධියට මේ ෆොටෝ එක අන්තර්ජාලය තුළ පවා විශාල වශයෙන් Share වුණා. වැඩිය හිතන් නැතිව ගත්තු මේ වගේ ෆොටෝ එකකට වැඩිම Likes, Views ලැබීම ගැන ඇත්තටම සතුටුයි.

1

2

3

Leave a Reply