පොලොන්නරුවෙන් පැමින 2011 වසරේ මිස් ශ්‍රී ලංකා කිරුළ හිමිකරගන්නා ඇය පුෂ්පිකා සදමාලි ද සිල්වා විය. 2011 වසරේ ලන්ඩන් නුවර පැවති ලෝක රූ රැජින තරගයට සහභාගී වීමත් සමග ඇය දක්ෂ නිරූපණ ශිල්පිනියක් ලෙස නම දිනා ගැනීමට සමත් වුනා. ලංකාවේද ඇය ජනප්‍රිය වුවේ මේ කාරනාව නිසාවෙනුයි. පසුව එම වසරේදීම ලෝක රූ රැජින තරගයටද ලංකාව නියෝජනය කරමින් ඇය ඉදිරිපත් වුනා. එම තරගයේදී රටවල් 92 ක් අතරින් හොදම දේශීය ඇදුම සදහා වූ අංශයේ ජය හිමිකරගත්තේ ඇයයි.
ලන්ඩනයේ පැවති එම තරගයේ අවසන් වටය දක්වාම පැමිනීමට සමත් වූ පූෂ්පිකා 2013 වසරේදී ඊජීප්තුවේ පැවති නිරූපන ශිල්පිනිය තරගය වෙනුවෙන්ද සහභාගී වුනා. නිරූපන ක්ෂේත්රයේ රැදෙමින් නිවේදිකාවක්ව සිටි ඇය මව් පදවිය ලැබීමත් සමග ඒවායෙන් ඉවත්ව කටයුතු කරනවා. දැනට මේ වන විට ඇය දේශපාල භූමියට අවතීර්නවෙමින් පවතින අතර දරුවෙක් සිටින මවක් වශයෙන් ඇය ලොකු වගකීමක් තිබෙන නිසාවෙන් නිරූපන ක්ෂේත්රයෙන් ඈත්ව සිටියත් අවශ්‍ය තැනදී ඒවාට සහභාගීවීමට ඇය අමතක කරේ නැහැ.කොහොම නමුත් 2021 වසර වෙනුවෙන් පැවති ලක් රූ රැජින තරගයට ඉදිරිපත් වූ ඇය එහිදී කිරුළ හිමි කරගත්තත් ඇයට එහිදී එම කිරුළ නැවත භාරදීමට සිදුවන්නේ තරග නීතියක්ව තිබූ කාරණාවක් නිසාවෙනුයි. විවාහක රූ රැජින තෝරන තරගයේ දික්කසාද වූ කෙනෙකුන් වශයෙන් පෙනීසිටීම නිසා ඇයට එම කිරුළ අහිමි වූ අතර. බොහෝ දෙනාගේ විවේචනයට ද මෙය පාත්‍රවුනා. මේ ඇගේ ඡායාරූප පෙළක්.
1

2

3

4

5


6

7

8

9

10

11

12

13

14

15

16

17

18

19

20

21
