free page hit counter
Articleබර අඩු කරන උදෑසන ආහාරයට එක් කරගත හැකි පෝෂ්‍යදායී...

බර අඩු කරන උදෑසන ආහාරයට එක් කරගත හැකි පෝෂ්‍යදායී ආහාර වර්ග 5ක්

-

- Advertisment -spot_img

උදෑසන ආහාර වේල යනු දවසේ අහාර වේල් අතරින් වැදගත්ම ආහාර වේලයි. රාත්‍රී ආහාරයෙන් පසුව පැය ගණනාවක් නිරාහාරව සිටීමෙන් අනතුරුව ගනු ලබන පළමු ආහාරය නිසාවෙන්ම එය ඉතාමත් පෝෂ්‍යදායි ආහාරයක් වීම ඉතාමත් යෝග්‍ය යෝග්‍ය වේ. එමෙන්ම දවස පුරා කාර්යක්ෂම කටයුතු සිදුකර ගැනීමට අවශ්‍ය කරන ශාරීරික හා මානසික ශක්තිය උදැසන ආහාර වේල මගින් ඔබට ලබාගත හැකිය.

  1. බිත්තර

බිත්තර අප කවුරුත් කෑමට වැඩි රුචිකත්වයක් දක්වනු ලබන එමෙන්ම අත්‍යවශ්‍ය පෝෂණ සංඝටක විශාල ප්‍රමාණයකින් අනූන ආහාරයකි. උදෑසන ආහාරය සඳහා බිත්තර එක් කරගැනීමෙන් ඔබට දිගු වේලාවක් බඩගිනි නොදැනෙන අතරම එමගින් ඔබ‍ට අමතර කෙටි ආහාර වේල් ගැනීමේ ප්‍රවනතාවය පහව යන බවට පර්යේෂණ මගින්ද අනාවරණය වී තිබේ. එබැවින් කැලරි පරිබෝජනය අඩුවීමට සහ රුධිරයේ සීනි මෙන්ම ඉන්සියුලින් මට්ටම ක්‍රමානුකුලව පවත්වා ගැනීමට උපකාරී වේ.

මීට අමතරව, මොලයේ සහ අක්මාවේ නිරෝගී බව මානව පවත්වා ගැනීමට ද මනස නිරවුල්ව තබා ගැනීමට ද බිත්තර පරිභෝජනය බොහෝ සෙයින් උපකාරී වේ.

2. ඕට්ස්

ධාන්‍ය ආහාර වලට බෙහෙවින් ප්‍රියකරන අය සඳහා උදෑසන ආහාර වේලට ගත හැකි යෝග්‍යතම ආහාරයක් ලෙස ඕට්ස් සැලකිය හැක. මෙහි අඩංගු තන්තු මගින් දිගු වෙලාවක් බඩගිනි දැනීම අඩු කරන නිසා දවසේ කැලරි පරිභෝජනය අඩු විමත් සිරුරේ බර පාලනය වීමත් සිදුවේ. ඕට්ස් වල අඩංගු පෝෂණ සංඝටක ප්‍රතිඔක්සිකාරක ගුණය මගිනුත් සීනි මට්ටම පාලනය වීම, හදවත් රෝග අවදානම අවම වීම, අහිතකර කොලෙස්ටරෝල් පාලනය කිරීම වැනි ප්‍රතිලාභ ඔබට ලබාගත හැකිය.

3. බීජ වර්ග (වට්ටක්කා බීජ, බැසිල් බීජ, හන බීජ, චිය බීජ)

මේවාහි අඩංගු තන්තු වර්ග, ප්‍රෝටීන් අඩිය මගින් ද වැඩි වෙලාවක් බඩගිනි දැනීම අවම කිරීමත් සිදු වීම මගින් ශරීරයේ කැලරි පරිභෝජනය අවම කර ගැනීමටත් ශරීරයේ බර පලය ක‍ර ගැනීමටත් මෙම බීජ පරිභෝජනය වඩාත් ඉවහල් වේ.

මාංශ පරිභෝජනයට නොගන්නා අයකුට වූවත් මෙය පරිබෝජනය මගින් ශාකමය ඔමේගා 3 මේද අම්ල ලබාගත හැකි වේ. මෙම බීජ පරිභෝජනයෙන් මොලේ වර්ධනය වීම, අස්ථි වර්ධනය වීම, කාර්යක්ෂමව වැඩ කටයුතු සිදු කර ගැනීමටත් හැකියාව ලැබේ. (මෙම බීජ දිනකට මේස හැන්දක් පමණ උදෑසන ආහාර වේලට එක්කර ගැනීමෙන් ඔබට මනා ප්‍රථිපල ලබා ගැනීමට හැකියාවක් තිබේ)

4. අලිගැටපේර

උදෑසන ආහාර වේලට එක්කරගත හැකි ඉතාමත් පෝෂ්‍යදායි ආහාරයක් ලෙස මෙය හැදින්විය හැකිය.
කබෝහයිඩ්රේට් අවම සහ තන්තු ඉතාමත් බහුල ආහාරයක් ලෙස සැලකෙන අලිගැට පේර ආහාරයට ගැනීමෙන් පසු දිගු වෙලාවක් බඩගිනි දැනීමේ ප්‍රවනතාවය අවම වන නිසාවෙන්ම රුධිරයේ බර අවම කර ගැනීමටත් රුධිරයේ සීනි සහ ඉන්සියුලින් මට්ටම මනා ලෙස පවත්වා ගැනීමටත් උපකාරී වේ.

මෙහි අඩංගු ප්‍රතිඔක්සිකාරක ගුණය මගින් ද ඇස් වල සෙඛ්‍ය තත්වය වර්ධනය කර ගැනීමටත්, පිළිකා සෛල පාලනයටත් හැකි වේ.

5. කෙසෙල්

කෙසෙල් ද උදෑසන ආහාර වේල සදහා වඩාත් උචිත ආහාරයක් ලෙස සැලකිය හැකිවේ. මේවාහි බහුල ලෙස අඩංගු මැග්නිසියම් හා පොටැසියම් මගින් රුධිර පීඩනය අවම කිරීම, හෘදයාබාද, වකුගඩු ආසාදනයන් අවම කිරීම සිදු කරනු ලබයි.
එමෙන්ම මෙහි අඩංගු පිෂ්ටය හා තන්තු මගින් ආහාර ජීරණය ක්‍රමවත් කරන අතරම ආහාර ජීරණ පද්ධතිය නිරෝගිව පවත්වා ගැනීමටත්, බඩගිනි දැනීම අවම කරන අතරම කැලරි පරිභෝජනය අවම කිරීමත් සිදු වේ.
(ප්‍රබල ප්‍රතිඔක්සිකාරක ගුණයෙන් යුත් කෙසෙල් ඕට්ස් සමඟ පරිභෝජනයත් සමග මනා ප්‍රතිපල ඔබට ලබාගත හැකිවේ.)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news

මගේ වටිනාකමට හරියන්නයි මම ගනන් උස්සන්නෙ,වටිනාකම දන්න අය මාව වැඩ වලට ගන්නවා,දුශේනිගේ කතාව

ලංකාවේ නිරූපන ක්ශේත්‍රයේ මෙන්ම රංගන කේශේත්‍රයේද නැගී එන දක්ශ යුවතියක් තමයි දුශේනි මියුරංගි.ඇය වඩාත් ජනාදරයට පත්වන්නෙ හිරු ගෝල්ඩන් සිනමා...

ජනප්‍රිය මෙන්ම දක්ශ නිලි තරින්දි හදිසියේම ඉසුරු ගැන කියු කතාව.

“ඉසුරු සහෝදරයෙක්, තාත්තා කෙනේක් වගේම හොද යාළුවෙක් වෙනවා.” තරින්දි ප්‍රනාන්දු කියලා කියන්නේ අතිශය දක්ශ රංගන ශිල්පිනිවකි. ඒ වගේම ඇය...

පාලමකින් පනින්න ගිය කෙනෙකුට සිදුවූ අදහා ගන්න බැරි සිදුවීම මෙන්න..

මේ ඉන්නේ ජෙමී හැරින්ටන් කියන දහසය හැවිරිදි පිරිමි දරුවා. දවසක් මෙයා දකිනවා මිනිහෙක් මේ පාලම අද්දර වාඩිවෙලා ඉතාමත් කනස්සල්ලෙන්...

නාඩගම්කරයො සරා හදිසියේම live ඇවිත් කිව්ව සංවේදී කතාව මෙන්න..

නාඩගම්කාරයෝ කියන්නේ මේ දිනවල ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍ය කිව්වොත් වරදක් නැහැ. ඉතින් මේ නාඩගම්කාරයෝ ටෙලිනාට්‍යයේ සරා ලෙස රංගනයෙන් දායක වන...
- Advertisement -spot_imgspot_img

රටම සංවේදී කල ඡායාරූපයත් සමග අසන්නට ලැබුනු අතීතයේ සංවේදී කතාව..

මගේ තාත්තා පන්සල් ඇවිදින් මාව දැක ගන්න.. එක පිම්මේ මම දුවන් ආවේ ඔහුව දැක ගන්න.. ඉනට දෑතම දැම්මේ මාගේ...

රටම හොල්මන් කරමින් බදුර්දීන්ගේ බිරිදගේ පැටිකිරිය එලියට.

සිංහලේ ජාතික සංවිධානයේ පසුගිය දින මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා ලංකාවම මවිත වන විශේෂ හෙලි දරව්වක් කර තිබුනා. බදුර්දීන් අවතැන් කදවුරක සිට...

Must read

අපේ ඇස් කළුපාට නොවන්නේ ඇයි?

අපේ ඇස්වල වර්ණය ඇත්ත වශයෙන්ම අප අවුරුදු 3 ක්...

මේ තෙල් වර්ග 6 ඔබේ සමෙහි රැලි නැති කරන බව ඔබ දැන සිටියාද ?

අපි වයසට යනවිට අපේ සම තෙරපීමට පටන් ගනී. අද...
- Advertisement -spot_imgspot_img

You might also likeRELATED
Recommended to you