free page hit counter
Articleඕස්ට්‍රේලියාවේ දිවිගෙවන සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ඩිල්ෂාන් පවුල් ජීවිතය ගැන...

ඕස්ට්‍රේලියාවේ දිවිගෙවන සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ඩිල්ෂාන් පවුල් ජීවිතය ගැන කිව්ව ආදරණීය කතාව මෙන්න..

-

- Advertisment -spot_img

T.M. ඩිල්ෂාන් කියලා කියන්නෙ අපේ රටේ හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයෙක් වගේම අපේ කණ්ඩායමේ හිටපු නාකයෙක්ද වනවා. ක්‍රිකට් ලෝලීන්ගේ නොමද ආදරය දිනාගෙන සිටි ඔහු අපේ ශ්‍රී ලංකාවට ගෞරවයක් අත්කර දුන් අති දක්ෂ චරිතයකි. ඉතින් තිලකරත්න ඩිල්ෂාන් විවහා වෙලා ඉන්නෙ ප්‍රවීන රංගන ශිල්පිනියක් වන මංජුලා තිලිණි සමගයි. මංජුලා කියන්නෙත් අපේ රටේ ප්‍රේක්ෂකයන්ගේ ආදරයට හා ගෞරවයට පාත්‍ර වුනු චරිතයක්. දැන් නම් ඩිල්ෂාන් මංජුලා සහ ඔවුන්ගේ දරුවන් හතර දෙනා ඔස්ට්‍රේලියාවේ තමයි පදිංචිව සිටින්නේ. පසුගිය දිනෙක ඩිල්ෂාන් සහ මංජුලා මාධ්‍ය සාකච්ඡාවකට එකතු වෙලා මෙහෙම කතාබහේ යෙදුනා.

මංජුලා රංගනයෙන් ඈත් වෙලා පවුල් ජීවිතයට මුල් තැන දීලා මේ ගත කරන ජීවිතය කොහොමද ?
මම විවාහ වෙන්න කලින්ම කියලා තිබුනේ පවුල් ජීවිතය තමයි අංක එක කියලා. මොකද අපි මේ හැමදේම කරන්නේ සතුටින් ඉන්න. මමත් මගේ පවුල වෙනුවෙන් හැමදේම කැප කලා. මොකද පවුල් ජීවිතේ කියල කියන්නෙ සමබරව ගලාගෙන යන්න ඕන තැනක්.

පොඩි දරුවන්ගේ වැඩ කටයුතු ලේසි නෑ නේද?
මේ වන විට මගේ ලොකු දුවට අවුරුදු දහතුනක් වෙනවා. ඉතින් දැන් දරුවො තුන් දෙනෙක්ම යම්තාක් දුරකට දැනුම් තේරුම් තියෙන වයසක ඉන්නවා. මම ගොඩක් අමාරු කාලේ පහු කලා. පොඩි පුතා තමයි දැන් බලාගන්න කාලෙ තියෙන්නෙ. ලොකු අය නම් එයාලගේ වැඩ තනිවම කරගන්නවා. අම්ම කෙනෙක් විදිහට දරුවන්ගේ වැඩ කරන එක ගොඩක් මහන්සි තමයි. ඒත් මට දරුවො දකිද්දී ඒ මහන්සිය නැතුව යනවා. ඩිල්ෂානුත් මට ගෙදර වැඩ වලට ගොඩක් උදව් වෙනවා. ඒ නිසා මම හරිම සතුටින් තමයි ජීවත් වෙන්නේ.

සමකාලීන අයගේ රංගනය දකිද්දී රංගනයෙන් ඈත් වීම ගැන දුකක් නැද්ද?
සමකාලීන අයඛේ දක්ෂතා, නිර්මාණ දකිනකොට මට ගොඩක් සතුටුයි ඒවා දැක්කම මට දුකක් දැනෙන්නේ නෑ. මම ආසෙවෙන් තමයි රංගනයට ආවේ. ඒත් මම රංගනයෙන් ඈත් උනේ මගේ පවුල වෙනුවෙන්. මම ඒ කැප කිරීම කරපු එක ගැන මට සතුටු වෙන්න පුළුවන්. මට සතුටුයි මගේ පවුල සතුටින් ඉන්නවා දැක්කම.

කොහොමද ඩිල්ෂාන් ජීවිතේ?
මේ දවස්වල නම් මම ගොඩක් කාර්යබහුලයි. මගේ ලොකු දුවගේ පුහුණුවීම් එක්කයි මම නායකත්වය දරන වැඩ කටයුතු නිසා තමයි කාර්යබහුල වෙලා තියෙන්නේ.

ලොකු දුව නම් ඔබේ අඩිපාරේ ගමන් කරනවා වගේ.. අනිත් දරුවොත් ක්‍රිකට් වලට දක්ෂ කම් පෙන්නනවද?
ඒ ගැන හරියට කියන්න බැහැ. අනිත් අය තාම පොඩීනේ. ලොකු දුව මම ගිය පැත්තට ගියාට දෙවන දුව නම් අධ්‍යාපනයට ගොඩක් දක්ෂයි, එයාට සංගීතයත් හොදට පුලුවන්. මට හිතෙනව එයා ඒ ඔස්සේ ඉහලටම යයි කියලා. මට හිතෙන්නෙ හතරදෙනා හරත පැත්තකට යයි කියලා තමයි. ඒත් එහෙම කියන්නත් බැහැ ඉතින්.. මම දැකලා තියෙනව සමහර දෙමව්පියො දරුවන්ව බලෙන් ක්‍රිකට් පුහුණු වීම් වලට අරන් එනවා.. ඒක කවදාවත් කරන්න හොද නෑ. දරුවන්ට කැමති පැත්තෙන් ඉස්සරහට යන්න තමයි අපි අත දෙන්න ඕනෙ.

අවස්ථාවක් ලැබුනොත් ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියට ක්‍රීඩා කරන්න ඔබ තවමත් සූදානම්ද?
ඒක තීරණය වෙන්නෙ ඒක පැවැත්වෙන කාලෙකදි තමයි. මගේ වැඩ කටයුතු ත් එක්ක මට කාලය වෙන් කරන්න පුලුවන් නම් තමයි මම සහභාගී වෙන්නේ. දවස් 14ක් 10ක් වගේ කෙටි කාලයක් වගේ පැවැත්වෙන තරග වලට තරග පැවැත්වෙන කාලය අනුව තීරණය කරනවා සහභාගි වෙනවද නැද්ද කියලා.

ඔබේ ව්‍යාපාර ගැන කතා කරනවා නම්?
මේ වෙනකොට පවතින වසංගත තත්ත්වයත් එක්ක ඒ දේවල් පසුබෑමකට ලක්වෙලා තියෙන්නේ. මගේ හෝටලයක් මේ වෙද්දි වහලා දාලා තමයි තියෙන්නෙ. ඊට අමතරව මගේ අනිත් ව්‍යාපාර කටයුතු සාමාන්‍ය විදිහට කරගෙන යනවා.

1

2

3

4

5

6

7

8

9

10

11

12

13

14

15

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news

මගේ වටිනාකමට හරියන්නයි මම ගනන් උස්සන්නෙ,වටිනාකම දන්න අය මාව වැඩ වලට ගන්නවා,දුශේනිගේ කතාව

ලංකාවේ නිරූපන ක්ශේත්‍රයේ මෙන්ම රංගන කේශේත්‍රයේද නැගී එන දක්ශ යුවතියක් තමයි දුශේනි මියුරංගි.ඇය වඩාත් ජනාදරයට පත්වන්නෙ හිරු ගෝල්ඩන් සිනමා...

ජනප්‍රිය මෙන්ම දක්ශ නිලි තරින්දි හදිසියේම ඉසුරු ගැන කියු කතාව.

“ඉසුරු සහෝදරයෙක්, තාත්තා කෙනේක් වගේම හොද යාළුවෙක් වෙනවා.” තරින්දි ප්‍රනාන්දු කියලා කියන්නේ අතිශය දක්ශ රංගන ශිල්පිනිවකි. ඒ වගේම ඇය...

පාලමකින් පනින්න ගිය කෙනෙකුට සිදුවූ අදහා ගන්න බැරි සිදුවීම මෙන්න..

මේ ඉන්නේ ජෙමී හැරින්ටන් කියන දහසය හැවිරිදි පිරිමි දරුවා. දවසක් මෙයා දකිනවා මිනිහෙක් මේ පාලම අද්දර වාඩිවෙලා ඉතාමත් කනස්සල්ලෙන්...

නාඩගම්කරයො සරා හදිසියේම live ඇවිත් කිව්ව සංවේදී කතාව මෙන්න..

නාඩගම්කාරයෝ කියන්නේ මේ දිනවල ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍ය කිව්වොත් වරදක් නැහැ. ඉතින් මේ නාඩගම්කාරයෝ ටෙලිනාට්‍යයේ සරා ලෙස රංගනයෙන් දායක වන...
- Advertisement -spot_imgspot_img

රටම සංවේදී කල ඡායාරූපයත් සමග අසන්නට ලැබුනු අතීතයේ සංවේදී කතාව..

මගේ තාත්තා පන්සල් ඇවිදින් මාව දැක ගන්න.. එක පිම්මේ මම දුවන් ආවේ ඔහුව දැක ගන්න.. ඉනට දෑතම දැම්මේ මාගේ...

රටම හොල්මන් කරමින් බදුර්දීන්ගේ බිරිදගේ පැටිකිරිය එලියට.

සිංහලේ ජාතික සංවිධානයේ පසුගිය දින මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා ලංකාවම මවිත වන විශේෂ හෙලි දරව්වක් කර තිබුනා. බදුර්දීන් අවතැන් කදවුරක සිට...

Must read

අපේ ඇස් කළුපාට නොවන්නේ ඇයි?

අපේ ඇස්වල වර්ණය ඇත්ත වශයෙන්ම අප අවුරුදු 3 ක්...

මේ තෙල් වර්ග 6 ඔබේ සමෙහි රැලි නැති කරන බව ඔබ දැන සිටියාද ?

අපි වයසට යනවිට අපේ සම තෙරපීමට පටන් ගනී. අද...
- Advertisement -spot_imgspot_img

You might also likeRELATED
Recommended to you