පැහැපත් සමක් හිමිකරගන්න කැමති ඔයාලට ගැළපෙන ෆේස් මාස්ක් එකක් ගැන තමා අද අප ඔබ වෙත ගෙන එන්නේ. ඉතින් මෙම mask එක සාදාගැනීමට අවශ්‍ය ද්‍රව්‍ය සහ සාදාගන්නා අකාරය පහතින්.

අවශ්‍ය දේවල්
රතු රෝස මල් පෙති කිහිපයක්
ෆ්‍රෙෂ් මිල්ක් මේස හැදි 3ක්
රෝස වතුර මේස හැදි 3ක්

සාදාගන්නා ආකාරය
1.මුලින්ම ඉහත සදහන් කරපු සියල්ලම එකතු කර හොදින් බ්ලෙන්ඩර් කරගන්න.
2.ඉන්පසුව පිරිසිදු කරගත් මුහුණේ මෙය ආලේප කර මිනිත්තු 30ක් තිබෙන්න හැර සෝදා හරින්න.

සතියට දෙවරක් මෙය සිදුකරන්න. එමගින් ඔබට වඩාත් හොද ප්‍රතිඵල අත්විදිය හැක. තවත් ලස්සන වෙන රහසකින් හමුවෙමු.
(උ. ගැ.)