උතුරු ඉන්දියාවේ ලඳුන් මෙතරම් පැහැපත් ඇයි දැයි ඔබ දැන සිටියාද

උතුරු ඉන්දියාව කියන්නේ සුරූපිනියන්ගේ දේශය කියල ලෝකේ හැම තැනම ප්‍රසිද්ධයි. ලෝකෙට රූ රැජිනියන් රාශියක් බිහි කරන්නට ඉන්දියාව සමත් වුනා. උතුරු ඉන්දියානු ලඳුන් ඉතාම පැහැපත් නිරෝගී සුන්දර සමකට උරුමකම් කියනවා. එයට හේතුව මොකද්ද කියල ලොව පුරාම කුතුහලයක් පැතිරුනා. විද්‍යාඥයෝ කාලෙක සිට ඔවුනගේ ජන ජීවිතය, ආහාර රටාව වගේ නොයෙක් දේවල් අධ්‍යනය කළා එයට පිළිතුරක් සොයා ගන්නට.

ඔවුනට ලැබුන පිළිතුර ඔබ මවිතයට පත් කරාවි. Curcuma Longa කියන විද්‍යාත්මක නාමෙන් හඳුන්වන ඉන්දියාවේ හට ගන්නා කස්තුරි කහ ආහාරයට සහ රූපලාවන්‍ය සත්කාර වලට යොදා ගැනීම මෙයට එක් ප්‍රධාන හේතුවක් ලෙස ඔවුන් නිගමනය කලා. කස්තුරි කහ ශාකයේ මුල උතුරු ඉන්දීය ළඳුන්ගේ ජීවිතයේ අංගයක් වෙලා තිබුනේ වසර 4,000 ක පමණ අතීතයේ සිට.

ඖෂධීය ගුණ රැසකින් අනූන කස්තුරි කහ වල කර්කියුමින් (Curcumin) කියන ප්‍රධාන සංඝටකය අඩංගු වෙනවා. Curcumin කියන්නේ ප්‍රතිදාහක (anti-inflammatory) , ප්‍රතිඔක්සිකාරක (antioxidant) , ප්‍රතිබැක්ටීරියාකාරක ( antibacterial) , ප්‍රතිදිලීරකාරක ( antifungal) අඩංගු ගබඩාවක්. මේ විස්මිත ශාක මුල සහ එහි අඩංගු කර්කියුමින් මගින් උතුරු ඉන්දීය ළඳුන්ගේ සම සුන්දරව, නිරෝගීව තරුණකම රැක ගන්න තාමත් භාවිතා කරනවා.

දැන් බලමු කස්තුරි කහ ඔබේ සමට දෙන ප්‍රතිලාභ මොනවද කියල. මේවා බලල ඔබත් කස්තුරි කහ අඩංගු නිෂ්පාදන වැඩියෙන් ඔබේ රූපලාවන්‍ය කටයුතු වලට යොදාගන්න.

කර්කියුමින් වයසට යාම පාලනය කරනවා
උතුරු ඉන්දියානු ගැහැනුන් කස්තුරි කහ ආලේපනය මගින් සමේ වයසට යාමේදී ඇතිවෙන ලක්ෂණ පාලනය කර ගන්නවා. කස්තුරි කහ වල අඩංගු ප්‍රතිදාහක හා ප්‍රති ඔක්සි කාරක බොහොමයක් සම අලුත්වැඩියා වීමේ වේගය වැඩි කරනවා.

සාමාන්‍යයෙන් අපි කුඩා කාලේදී ඒ වේගය වැඩියි. වයස සමග සම අලුත්වැඩියා වෙන වේගය අවම වෙනවා. මිය ගිය සෛල කොටස් සමෙන් ඉවත් නොවීම තමයි සම මහලු පෙනුමක් ගැනීමට සහ රැලිවැටීමට ලොකුම හේතුවක් වෙන්නේ. පරීක්ෂණ ගණනාවකින් විද්‍යාත්මකව තහවුරු වුනා කස්තුරි කහ සමේ වයසට යාම පාලනය කරනවා කියල.

2010 වසරේදී “ Journal of American Academy of Dermatology” මගින් තහවුරු කර තිබුනා කස්තුරි කහ අඩංගු නිෂ්පාදන දිනකට දෙවරක් සති 8 ක් නොකඩවා භාවිතා කරද්දී මුහුණේ රැලි සහ අඳුරු ලප වැනි වයස නිසා හටගන්නා සංකූලතා අවම වෙනවා කියල.

හිරු රශ්මියෙන් සම රැක දෙනවා
සමේ ඇදෙන සුළු බව නැති වීමට, සමේ ගැඹුරු රැලි හට ගැනීමට සම අවපාට වීමට සහ නහර මතු වීමට ( spider veins) ඉරු රශ්මිය හේතු වෙනවා. අපේ රටවල් ඉතින් හිරු රශ්මිය ගොඩක් වැඩි රටවල්. නමුත් උතුරු ඉන්දියානු ලඳුන් ඉතාම් පැහැපත්ව සුන්දරව ඉන්නේ මේ ඉර රශ්මියෙන් එන හානි දායක බලපෑම් වලට විරුද්ධව කස්තුරි කහ වල ඇති කර්කියුමින් ඉතාම තදින් ක්‍රියා කරන නිසයි.

රෝම ඉවත් කරන ලද මීයෙක් මගින් පර්යේෂකයෝ තහවුරු කර ගත්තා කස්තුරි කහ හිරු එළියෙන් ලැබෙන අයහපත් ප්‍රතිපල වලින් සම කොතෙක් දුරට ආරක්ෂා කර දෙනවාද කියා. හිරු එළියේ ඇති UVB ආලෝකයට දිනපතාම මීයන් දෙදෙනෙක් ලක් කළා.( ලොම් ඉවත් කරන ලද) එක මීයෙක්ගේ දිනපතාම කස්තුරි කහ දෙවරක් අලේප කර බැලුවා.

එකම කාලයකදී කස්තුරි අලේප නොකරන ලද මීයා ගේ සම එල්ලා වැටීම, නහර මතු වීම , දුර්වර්ණ වීම වගේ ලක්ෂ රාශියක් පෙන්නුම් කලත් අනෙක් මීයාගේ හම ඉතාම හොදින් තිබුනා. එයින් හැමෝටම තහවුරු වුනා කස්තුරි කහ වල ඇති විස්මිත කර්කියුමින් සාරය ඉන්දියානු ළඳුන්ගේ මේ පැහැපත් තරුණ සමට හේතු වෙනවා කියල.

තෙල් සහිත සම යථා තත්වයට ගෙන එනවා.
සමේ තෙතමනය රැක ගැනීමට sebaceous ග්‍රන්ථි මගින් තෙල් ශ්‍රාවය කරනවා. මේ ක්‍රියාවලිය අධිකව සිදු වීම රෝගයක්. ඒ මගින් සමේ කුරුලෑ වැනි ආසාධන හට ගන්නවා. 2012 දී කළ අධ්‍යනයක් මගින් හෙළි වුනා කස්තුරි කහ වල ඇති මේද අම්ල සහ phytosterols මගින් සමේ තෙල් ශ්‍රාවය කරන ග්‍රන්ථි යථා තත්වයට පත් කරලා අධික තෙල් ගතිය පාලනය කරනවා කියල.

සමේ වර්ණය පැහැපත් කර ලප කැළැල් ඉවත් කිරීම
ඉන්දියාවේ ගැහැණු ළමයි හැමදාම උදේට කස්තුරි කහ වතුරෙන් මුහුණ සෝදනවා. කිරි සමග මුසු කර මුහුණේ ආලේප කරනවා. එමගින් හිරු එලිය නිසා හට ගන්නා අඳුරු බව සහ ලප කැළැල් නිසා හට ගන්නා වර්ණ වෙනස්කම් මකා දමනවා. සමේ වර්ණය දීප්තිමත් කිරීමටත් සජීවී බව වැඩි කිරීමටත් කස්තුරි කහ සමත් වෙන බව ඔවුන් හොඳින් දැන සිටියා. ඔවුන්ගේ සදා නොවෙනස් සුන්දර මුහුණේ රහස එයයි.

සම පෝෂණය කර තෙතමනය රැක දේ
දේශගුණයේ පවතින කටුකත්වය සහ වයසට යාම සමග අපේ සමේ තෙත් බව නැති වෙනවා. වියලි සමක් කියන්නේ නිරෝගී පෙනුමින් යුතු සමක් නොවේ. අනික සම වියලි නම් නොයෙක් ආපදා වලට ලක් වෙන්නටත් ඉක්මනින් වයසට යාමටත් හේතුවක් වෙනවා. නමුත් ඔවුන්ගේ සම කවදත් තෙතමනයෙන් යුතුව සුන්දරව පැවතුනේ කස්තුරි කහ වල ඇති කර්කියුමින් සම ගැඹුරටම කා වැදිලා ඇතුළතින්ම පෝෂණය කර එහි තෙතමනය රැක දුන් නිසාමයි.

ඕනෑම වර්ගයක සමට හිතකරයි
ඔබට ඇත්තේ සාමාන්‍ය සමක් වුනත්, ගොරෝසු සමක් වුනත්, සංවේදී සමක් වුනත් කස්තුරි කහ එක ලෙසම ඔබට ගැලපෙනවා. සම සංවේදී කෙනෙක්ට රූපලාවණ්‍ය නිෂ්පාදන භාවිත කිරීම අමාරුයි. නමුත් කස්තුරි කහ එහෙම නැහැ. එහි අඩංගු කර්කියුමින් සාරය සංවේදී සමක් වුනත් කිසිම ආසාත්මික තාවයකින් තොරවම පෝෂණය කරවනවා.

ඔබට දැන් හිතා ගන්න අමාරු වෙන එකක් නැහැ කස්තුරි කහ කියන්නේ කාන්තාවන්ගේ රූප සම්පත්තිය වැඩි කරන්නට සමත් ඉතාම වටිනා ඖශධයක් බව. එවැනි වටිනා ගුණ ඇති කස්තුරි කහ අඩංගු නිෂ්පාදන අපිත් භාවිතා කරමු. අපේ සුන්දර රූපය හැමදාම ඒ අයුරින්ම තබා ගන්නට එවිට අපිට හැකි වේවි.

කෙල්ලන්ගේ නාසයේ හැඩයෙන් කියවෙන දේවල් ටික මෙන්න

දේහ ලක්ෂණ විද්‍යාව අනුව විවිධ වු ශරීර ලක්ෂණ මගින් එකිනෙකාගේ ජීවිතය පිළිබඳ කියවෙන රහස් ඕනෑ තරම් දැනගන්නට පුළුවන්. ඒ ආකාරයට කාන්තාවකගේ නාසයේ හැඩය අනුව කියවෙන ජීවන රහස් පිළිබඳව මෙම ලිපියෙන් කියවේ.

යම් කාන්තාවකට සිහින් සිදුරු සහිත දික් වූ නාසයක් පිහිටියේ නම් ඇය පිරිස් පාලනයට දක්ෂ වන්නීය. තීක්ෂණ බුද්ධියක්ද, උපායශීලී ඥාණයක්ද අය සතුව පිහියි.

සිහින් වූ නාසය අගින් බිඳුණු ස්වඹ්හාවයක් තිබේ නම් ඇය සමාජෂීලී කාන්තවක් නොවේ. නිතර වාසයට කැමති වේ. අන්‍යයන්ගේ දෝෂ දර්ශනයට ලක් වේ. ජීවිතය පිලිබඳ කිසිවිටෙක තෘප්තිමත් නොවේ. දූ දරුවන්ට පණ මෙන් ආදරය කලද ඔවුන්ගෙන් පෙරලා ආදරය නොලබයි.

යම් කාන්තාවකට මොලොක් වූ නාසයක් පිහිටියේ නම් ඇය බෙහෙවින් පරෝපකාරයේ යෙදෙන්නියන් වේයි. පොදු සේවා කටයුතු වලට සම්බන්ධ වන්නීය. තමන්ගෙන් යමක් සමාජයට දායාද කිරීමට උත්සුක වන්නීය. අන්‍යයන් වෙනුවෙන් කැපවී වැඩ කටයුතු කරන ඇය කිසිවිටෙක ලාබ බලාපොරොත්තු නොවේ. ඒ වගේම චාම් ජීවිතයකට උරුමකරුම කම් කියයි.

සිහින් උල් වූ නාසයක් සහිත වූ කාන්තාව බොහෝ ශිල්ප ශාස්ත්‍ර වල නිපුණතා දක්වන්නියන් වෙයි. ඒ වගේම තීක්ෂණ ඥාණයක් සහිත මනා කලා කෞශල්‍යයක් ඇය සතුව පිහිටා තිබේ. එහෙත් ආත්මාර්ථකාමී චේතනාවලින් යුක්ත වේ. අන්‍යයන්ට උදව් පදව් කිරීම අඩුයි. කාගේ සිත රිදුනත් කියන්න තියෙන දේ කියයි. කරන දේ කියයි. බොහෝ විට කරුණාවක් නොදක්වයි. මුදල් ලොකු කොට තකයි. උපක්‍රමශීලීයි. එනමුත් සමාජයෙන් ගෞරවය වගේම ජනප්‍රිය භාවය ලබයි.

යම් කාන්තාවකට පැතලි නාසයක් පිහිටියේ නම් ඇය සටකපට මායම් අගතැන්පත් වන්නීය. ඉතා දක්ෂ අන්දමින් අන්‍යයන් පොලඹවා ගනිමින් තමන්ගේ දියුණුවට කටයුතු සලසා ගන්නීය. දැඩි ආත්මාර්ථකාමී ගති ගුණ සහිතයි.

නාසය සිහින්ව, දිගුව අග මනාව රවුම්ව මොටව ගියේ නම් එවන් කාන්තාව ආගම ධර්මයට ලැදි සියුම් ඥාණ ශක්තියක් ඇති ස්ත්‍රියක් වේ. බොහෝ විට අන්‍යයන්ගේ බසට අවනත නොවෙයි. ඉක්මන් කෝපයට පත් වෙයි. ඕනම කෙනෙක් වැරදි දෙයක් කලහොත් ඊට එරෙහිව කටයුතු කිරීමට මදක්වත් පසුබට නොවේ.

නාසය අග පැතිලිව ගලා ගිය ස්වභාවයක්තිබේ නම් හෝ නාසය තැලී ගිය ආකාරයකින් යුක්ත වේ නම් එම කාන්තාව නැණ නුවණින් අඩු වූ හැඟීම් වලට වහල් වූ කාන්තාවක් වේ. ජීවිතය පිලිබඳ පුළුල් බලාපොරොත්තු සහිත නොවේ. විවාහ වුවද එය සාර්ථක විවාහයක් නොවන්නටද පිලිවන.

කෙටි සිදුරු සහිත මනාව පිහිටි නාසය පිහිටි කාන්තාව බෙහෙවින් බුද්ධිමත් වේ. තීක්ෂණ ලෙස සිතයි. යුක්තිගරුකයි. කරුණාවන්ත වෙයි. දුර දිග සිතා නිවැරදි තීරණ ගනී. ඉසුරුමත් ජීවිතයකට හිමිකම් කියයි. තම ස්වාමියාගේ ආදරය නොමදව ලබයි.

මහත අයගේ මේ Strech Marks සතියෙන් 2න් නැති කරගන්න ස්වභාවික ක්‍රමවේදයක් මෙන්න

ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි මේ Strech Marks අදික මහත් වීම නිසා..ඒහෙම නැත්නම් වැරදි ව්‍යායාම ඉරියව් ගැබ් ගැනිම වගෙ දේවල් නිසා මේ Stretch Marks ඇති වෙන්න පුළුවන් ඉතින් අද මම කියල දෙන්නෙ ගෙදර දි අපිට මේ Stretch Marks නැති කරගන්න කරන්න පුළුවන් සත්කාරයක් ගැන….

අවශ්‍ය ද්‍රව්‍ය

මී පැණි මේස හැන්දක්
විටමින් E කරල් 05ක්
ලෙමන් යුෂ
ආමන්ඩ් ඔයිල් මේස හැදි 02ක්
කොකෝ බටර් මේස හැදි 1/2

මේ දේවල් එකට එකතු කරල මිශ්‍රණයක් හදාගන්න ….ඊට පස්සෙ මේ මිශ්‍රණය Stretch Marks තියෙන තැන් වල ගාලා පොඩ්ඩක් සම්බාහනය කරල පැය 3ක් වගෙ තියල හොදල අරින්න මේක හරියට cream එකක් වගෙ නිසා ගෑවට පස්සෙ එහෙම හෝදන්න කරන්න ඕන නෑ කැමති නම් විතරක් හොදල අයින් කරගන්න පුළුවන් නැත්නම් ඉතින් cream 1ක් ගෑවා කියල හිතාගන ඉන්නත් පුළුවන්

සතියට දවස් දෙක තුනක් මේක කරල බලන්න ඉක්මනින්ම මේ Stretch Marks ටික නැති කරගන්න පුළුවන් ඔයාලට

පෙම්වතිය බිරිඳ අසතුටින්ද එහෙනම් මේ දේවල් 8 කරන්න

1) කෙනෙකුට ඇය හඳුන්වා දෙද්දී අගය කිරීමක් එක්කම කරන්න
“මේ තමයි මගේ ලස්සන නෝනා” , කියල ඔබේ යහළුවන්ට, ඥාතීන්ට ඇයව හඳුන්වා දෙන්න පුළුවන් නේදමෙහෙම කළ යුත්තේ අවන්කවමයි. ඔබ ඇයව විවාහ කර ගත්තේ ඇය ඇත්තටම ලස්සන නිසා නොවේද

හැම විටම අනුන් ඉදිරියේදී ඇය පිළිබඳව ආඩම්බරෙන් , අගය කරලා කතා කරද්දී ඇයට ඉබේම ස්වයන් තෘප්තියක් ලැබෙනවා. නිකන් තිබෙන කටින් වචනයක් පිට කිරීම අමාරු නැහැ. තත්පර කීපයයි යන්නේ. උවමනා ඇය කෙරෙහි ප්‍රේමයක් ඇති කර ගැනීම පමණයි. ඒ සුළු දෙයින් රත්රන් මාලයකට වඩා ඇය සතුටට පත් වේවි. ඒ සතුට නැවත ගලා එන්නෙත් ඔබේ ජීවිතේට මයි.

2) ගමනක් ගිහින් ගෙදර එද්දී ඇයව සිප ගන්න
ඇත්තටම ගොඩක් අය දෙමාපියෝ උනාම තමන්ගේ ආදරේ අමතක කරනවා. තමන්ගේ දරුවෝ ඉදිරියේ අම්මව සිප ගැනීම නුසුදුසු දෙයක් වගේ සලකනවා. එය සම්පූර්ණයෙන්ම වැරදියි. හැම විටකම ඔබේ ජීවිතේ අංක එක විය යුත්තේ බිරිඳ මිස දරුවෝ නෙවෙයි. හැම විටම නිවසට එද්දී ඇයට ආදරණීය හාදුවක් දුන්නොත් එයින් අයට දැනෙන්නේ ඔබ ඇයව දැකීමට පුල පුලා බලාගෙන සිටි බවයි.

3) මගෙන් ඔයාට මොනවහරි උදවුවක් ඕනෙද
ඔබ බිරිඳ වැඩ කරද්දී නොදැක්කා වගේ ඉන්න නැතුව ඇයට උදවුවක් අවශ්‍යද කියල දැන ගන්න. ඔබ ඇගේ සැමියා. සතුට වගේම දුකත් බෙදා හදා ගන්න තැනැත්තා. ඇය පොලට ගිහින් බදු අරගෙන දරුවෝ පන්තියෙනුත් අරගෙන ඇවිත් තනියම ගෙ අස් කරනවා නම් ඔබට යුතුකමක් තිබෙනවා රූපවාහිනිය බලන එක පැත්තක තියල ඇය ලඟට ගිහින් උදවුවක් කරන්න. එහි තේරුම සැමියා වැඩ කිරීම නෙවෙයි.

සැමියා බිරිඳගේ මහන්සිය කෙරෙහි සංවේදී බව විතරයි. සමහර විට උදවුවක් නොකර හරි ඇය දවසම වෙහෙසිලා රාත්‍රී ආහාර පිසිද්දී නිකන් කුස්සියට වෙලා කයියක් ගහනවා නම් ඇයට දවසේ වෙහෙස නැති වෙලා ඔබ කෙරෙහි ආදරය වැඩි වේවි.

4) ඇයගේ අදහස් විමසන්න
ඔබ තනිවම උපයනවා වෙන්න පුළුවන්. නමුත් හැම කටයුත්තකදීම බිරිඳගේ අදහස් විමසීමත් ගොඩක් වටිනවා. පොඩි දේවල් පවා දෙදෙනාගේ කැමැත්තෙන්ම කරන්න. සමහර විට ඔබ චිත්‍රපටයක් බලනවා නම්, නැත්නම් විනෝද ගමනක් යනවා නම් ඇය සතුටු දෙය තොරා ගන්න මැලි වෙන්න එපා.

5) ඇයට සමාව දෙන්න
මේ ලෝකේ කිසිම මනුස්සයෙක් සර්ව සම්පූර්ණ නැහැ. ඇය වගේම ඔබත්. ඔබේ බොහෝ වැරදි ඇති බිරිඳ ගණන් නොගෙන සිටින. ඇය අතින් ඔබේ යමකට හානි වුණොත්, බත් එක දෙන්න අමතක වුණොත්, ඔබේ ශේවින් ක්‍රීම් එක ඉවර වෙලා නම් ඒක දුර ගෙනියන්න එපා. ඒ පොඩි දෙය මගහැරුනට ඇය කරන කටයුතු ගොන්න ගැන හිතල බලන්න. ඔබේ හිත ඉබේ මෘදු වේවි.

6) එලියට යන විට ඇගේ අත අල්ලන්න
එයින් පෙනෙන්නේ ඔබ ඇය පිළිබඳව ආඩම්බර වෙන බවයි. අනික් අය ඉදිරියේ ඇගේ ආත්ම විශ්වාසය වැඩි වෙන්න ලොකු රුකුලක් වෙනවා. බොහෝ ස්වාමි වරු පහු වෙද්දී යන්නේ ගොඩක් ඉස්සරහින්. හරියට තරඟයක් වගේ. නැහැ . හෙමින් යන්න. මොකටද හදිස්සි. ජීවිතේ කියන්නේ එක්කෙනක් අනිවාර්යයෙන්ම ඉස්සෙල්ල වෙන් වෙන ගමනක් තමයි.

ඔබට අතහැරලා ඉන්න බොහෝ කාලයක් ලැබේවි. ඒ වලේදී. එය මෙනෙහි කරගෙන ජීවත් වෙලා ඉන්න කොට හැකි හැම මොහොතකම බිරිඳගේ අත අල්ලාගෙන ඉන්න. සමාජය හිතන දෙය ඇත්තටම වැදගත් නැහැ. ඒ ඔබේ බිරිඳ. ඔබ තෝරාගත් ගැහැණිය. ඔබේ ජීවිතේ කේන්ද්‍රය. ඇගේ අත ඇල්ලුවොත් ඇයට උණුසුමක්, ආරක්ෂාවක් දැනේවි. ඇගේ සිත සතුටු වේවි. අවසාන ප්‍රථිපලය සතුටින් පිරුන පවුලක් විතරයි.

7) ඇය වෙනුවෙන් පොඩි වාක්‍ය දෙකක්.
ඇය ඔබට උදේ නැගිටලා හැමදාම රසට බත් උයනවා ඇති. දවල් කාලා කෝල් එකක් දෙන්න. පොඩි SMSන් එකක් යවන්න.

“කෑම රහයි. පොලොස් එක මරු…”
පොඩි දෙයක්. නැත්නම් නිකන් “මම ඔබට ආදරෙයි.” “ඔයා මං වෙනුවෙන් වෙන මහන්සියට ගොඩක් ස්තුතියි” වගේ පුංචි දෙයක් ලියන්න මිනිත්තුවක් යයි නේද ඒකෙන් කාටවත් හානියක් වෙනවද නැහැ. ඔබ වෙනුවෙන් ජීවිතේම කැප කරපු ගැහැණිය සතුටු වේවි. අහිංසක හිතට අගය කිරීම කියන්නේ ලොකු ශක්තියක්. වෙනදට මාළු තුනක් හැදුවා නම් හෙට හතරක් හදල දේවි. මහන්සිය අවම වේවි.

8) ඇගේ සිහින වලට උදවු කරන්න
වර්තමානයේ බොහෝ භාර්යාවෝ ඉගෙනගෙන රැකියා කරන අය. ඔවුනටත් ජීවිතේ සිහින තිබෙනවා. හැකි අයුරින් උපකාර කරන්න. බිරිඳ වෘත්තියෙන් වේවා, ව්‍යාපාරයකින් වේවා ගොඩනැගෙන්න හදනවා නම් ඔබේ පරම යුතුකම අයට හැකි හැම විටම උපකාර කිරීමයි. එවිට ඔබ කෙරෙහි ලොකු ගෞරාවයක් ඇයගේ හිතේ රෝපණය වේවි.

ලස්සන වෙන්න හිතන කෙල්ලන්ට සම රැකගන්න බියුටි ටිප්ස් 8ක් මෙන්න

ලංකාවෙ බොහෝමයක් ගෑණු ළමයින්ට තියෙන ලොකුම ගැටළුවක් තමයි රූපය සහ තරුණකම රැකගන්න සැලෝන් වලට දාස් ගණන් වියදම් කරන්න වෙන එක. සතියට පාරක් සැලෝන් එකකට යන වියදම පර්ස් එකේම තියාගන්න පුළුවන් උපදෙස් ටිකක් තමයි මේ ඔයාලට කියන්න හදන්නෙ. ඔය අයිබ්‍රෝව්ස් ටික හදාගන්න වගේ දේකට ඇරුණම සැලෝන් නොයා ගෙදරදීම සමට ස්වභාවිකව ප්‍රතිකර්ම කරගෙන ලස්සනට ඉන්න පුළුවන් විදි ගැන ඉදිරියේදි අපි ටික ටික කියල දෙනව. මේ ඒකෙ මුල් පියවර. මුලින්ම අපි කතා කරමු සම ගැන.

පැහැපත් සමක් කිව්ව ගමන් මතක් වෙන්නෙ සුදෝ සුදු මූණක් නම් ඔයාල ඉන්නෙ පැහැපත්කම ගැන වැරදි වැටහීමක. සම පැහැපත් වෙන්න නම් ලප කැළැල්, කුරුළෑ, බිබිලි නැති නිරෝගී සමක් වෙන්න ඕන. ඒකට සමේ පාට අදාළම නැහැ. ලංකාවෙ බහුතර යුවතියන් තලෙළු සමක් ඇති යුවතියන්. සම සුදු කරගන්න බ්ලීචින් ක්‍රීම් ගාල, තියෙන සමට හානි කරගන්න එපා කියල මුලින්ම මතක් කරන්න කැමතියි. පැහැපත් සමක් ලබාගන්න නම් මෙන්න මේ දේවල් කරන එක අනිවාර්යයයි.

1. පිරිසිදුව ඉන්නම ඕනෙ

පිරිසිදුකම තමයි රූපලාවන්‍ය ගැන කියද්දි මුලින්ම කියන්න ඕන. දවස තිස්සෙ දාඩිය කුණු දූවිලි පෙරාගෙන ඉඳල රෑට නෑවට ඔයා පිරිසිදු කෙනෙක් වෙන්නෙ නෑ. දවස පුරා පිරිසිදුව ඉන්න එක සමේ නිරෝගීකමට බලපානව. දිනකට දෙවරක් මුහුණ සමට ගැලපෙන ෆේස් වොශ් එකකින් පිරිසිදු කරන්න. දවස අවසානයේ ක්ලෙන්සර් එකක් පාවිච්චි කරන්න. කුරුළෑ ඇති වෙන එකට එක් ප්‍රධාන හේතුවක් පිරිසිදු නැතිකම.

2. මේකප් ඉවත් කරන එක හරියට කරනවද?

රැකියාවට යන යුවතියක් නම් දිනපතාම පුංචියට හරි මේකප් එකක් කරනවනෙ. මේ මේකප් එක නිසියාකාරව ඉවත් කරගත්තෙ නැත්නම් ඒකෙන් සමට හානි වෙන්න පුළුවන්. කුරුළෑ, බිබිලි, බ්ලැක් හෙඩ්ස් එහෙම එන්න මේකප් හරියට ඉවත් නොවීම බලපානව. මේකප් රිමූවර් එකක් නැත්නම් බේබි ක්‍රීම් ටිකක් මූණෙ වැඩිපුර ආලේප කරල ටිශූ හෝ වියලි පුළුන් කෑල්ලකින් පිහිදල දාන්න. මේකප් හොඳින් ඉවත් උනාට පස්සෙ ක්ලෙන්ස් කරගන්න.

3. සමේ තෙතමනය රැකගන්න
සමට ගැලපෙන මොයිස්චරයිසර් එකක් පාවිච්චි කරන්න. මූණට විතරක් නෙවෙයි මේ සත්කාර මුළු ශරීරයටම කරන්න. මූණෙ විතරක් ක්‍රීම් ගාල ඔබට සුන්දර රූ සපුවක් ලබාගන්න බෑ. බොඩි ලෝශන් එකක් දවසට දෙවරක් පාවිච්චි කරන්න.

4. ඉර බැල්ම දානව නේද?
සන් ප්‍රොටෙක්ශන් අඩංගු නිෂ්පාදන පාවිච්චි කරන්න. ලංකාව ඝර්ම කලාපීය රටක් නිසා නිතරම අපේ හම හිරු එළියට නිරාවරණය වෙනව. මේ නිසා පාවිච්චි කරන ක්‍රීම් වර්ග, මේකප් වර්ග හිරු කිරණින් සම ආරක්ෂා කරන ඒවද කියල සැලකිලිමත් වෙන්න.

5. පෝෂණය ඇතිද?
හැම වෙලේම කියවෙන දෙයක් සමේ නිරෝගීකම තියාගන්න නම් වතුර බොන්න කියන එක. හැබැයි වතුර බීල විතරක් මදි. සමබල කෑම වේලක් ගන්න. පලා කොළ ටිකක්, අළුත් එළවළු, පළතුරු වගේම මාළු වර්ග නිතර ආහාරයට එකතු කරගන්න. සමට අවශ්‍ය විටමින් වර්ග බොහොමයක් ආහාර තුලින්ම ලබාගත්තම පිටින් එක එක පෙති ජාති බොන්න ඕන නෑ.

6. හොඳ නින්දක් සුව මනසක්
රෑ එළි වෙනකම් ෆෝන් එකේ ලැප් එකේ ඉඳල පහුවදාට මූණ ඇදිල ගිහින් කියල හිත හිත ලතැවුනාට වැඩක් නෑ. ඔබේ රුව ගැන සැලකිලිමත් නම් සුව නින්දක් ලබාගන්න එක අනිවාර්යයයි. අවම පැය 7ක නින්දක් ලබාගන්න ඕන. මනස සැහැල්ලුවෙන් තියෙන එකත් රූපයට බලපානව. හිත පිරිසිදු කෙනාගෙ මූණ ලස්සනයි කියල කතාවට කියනව කියල හිතුවට ඒකෙ ඇත්තකුත් නැතුවාම නෙවෙයි.

7. මැරුණ සමෙන් වැඩක් නෑනෙ… ඉවත් කරගන්න

මේකට ස්ක්‍රබ් එකක් පාවිච්චි කරන්න. සිහින් ඇට සහිත සීනි ටිකකට මී පැණි ටිකක්, දෙහි යුශ බින්දු දෙක තුනක් දාගෙන ඕනම සමකට සුදුසු ස්ක්‍රබ් එකක් ලේසියෙන්ම හදාගන්න පුළුවන්. මූණ විතරක් නෙවෙයි මුළු ඇඟම මේ විදියට ස්ක්‍රබ් කරල මැරුණ සම ඉවත් කරගන්න පුළුවන්. හැබැයි ස්ක්‍රබ් කිරිල්ල සතියට දවසක් විතරක් කරන්න මතක තියාගන්න. දිනපතා ස්ක්‍රබ් කරන එක සමට හානිකරයි.

8. සමට ගෙදරදීම ස්වභාවික පැක් පාවිච්චි කරන්න
රූපලාවන්‍යාගාර වල පාවිච්චි වෙන්නෙ රසායනික ද්‍රව්‍ය අඩංගු පැක් වර්ගනෙ. එහෙම දේකට වියදම් නොකර ගෙදරදීම පහසුවෙන් හොයා ගන්න පුළුවන් දේවල් වලින් ඔයාලට සමට සත්කාර කරන්න පුළුවන්. මේ එහෙම පැක් වර්ග තුනක්. විවිධ ආසාත්මිකතා තියෙන අය ඒවා ගැන සැලකිලිමත් වෙලා මේ දේවල් පාවිච්චි කරන්න කියලත් මතක් කරනව.

දෙහි යුශ, බිත්තර සුදු මද, කිරි සම ප්‍රමාණයෙන් ගෙන මිශ්‍ර කර මුහුණේ සහ බෙල්ලේ ආලේප කර විනාඩි 15ක්-20ක් විතර තියල ලා රස්නෙ වතුරෙන් සෝදන්න. තෙල් සහිත සමකට මේ පැක් එක සතියට දවස් දෙක තුනක් කරන්න පුළුවන්.

මී කිරි කප් 1කට ග්‍රේට් කරගත් පිපිඤ්ඤා මේස හැඳි 1 1/2ක් එක් කර මුහුණේ සහ බෙල්ලේ ආලේප කර විනාඩි 15ක්-20ක් විතර තියල ලා රස්නෙ වතුරෙන් සෝදන්න. වියළි සමකට මේ පැක් එක සතියට දවස් දෙකක් කලාම ඇති.
කිරි ගතිය නැති හොඳින්ම ඉදුණ ගස් ලබු වලට දෙහි යුශ බින්දු දෙක තුනක් එක් කර පොඩි කර, මුහුණේ සහ බෙල්ලේ ආලේප කරල විනාඩි 10-15කින් සීතල වතුරෙන් සෝදල හරින්න. මේ පැක් එක සාමාන්‍ය සමක් තියෙන කෙනෙක්ට සතියට දෙපාරක් කරන එක ප්‍රමාණවත්.

ඔබේ ඉඟ ලස්සනට සිහින් කරන විලාසිතා ට්‍රික්ස් 8 ගැන දැනුවත්ද

1) පටි ඇති ගවුමක්
මෙවැනි ගවුම් ඔබත් දැක ඇති. මේ ගවුම් වල ඉණ වටේ එතීම සඳහා පටි දෙකක් තියෙනවා. මේ පටි ගැටලීම මඟින් ගවුම ඔබේ ඉණ වටා හැඩයට වැළඳ ගන්නවා. ඉතින් ඔබට මල් වාස් එකක හැඩය ක්ෂණිකව ලැබෙනවා. V-හැඩයේ කර නිසා ඔබට වැඩි වශයෙන් වැසී ඇති බවක් දැන්නේත් නෑ. සිල්ක් වැනි තුනී රෙද්දකින් මසා ඇති ගවුම් මඟින් අනවශ්‍ය ලෙස ඔබේ එල්ලී වැටෙන ශරීරය පෙනීමට පුළුවන්. තරමක් ඝන රෙද්දකින් මසා ඇති ගවුමක් තමයි ඔබ තෝරාගත යුත්තේ.

2) කබායක් ඇඳීම
සිහින් පෙනුමට මසා ඇති කබායක් ඇඳීම තමයි නුවණට හුරු. මේ කබායන් මසා ඇත්තේ, ඉඟ පෙදෙසෙන් සිහින් වෙන ආකාරයටයි. සමහර කබායන් වලත් ඉණ වටා ඔතන පටි තියෙනවා. ඉන් ඔබට වැඩි වාසි අත්කරගන්න පුළුවන්. ඔබට ඔබේ උදරයේ හැඩය වසා ගැනීමට අවශ්‍ය නම්, බුරුල් බ්ලවුස් එකක් සමග කබාය අඳින්න.

3) බෙල්ට් එකක් ඇඳීම
දිගු හැට්ටයක් හෝ ගවුමක් අඳින විට පටියක් පැළඳීම ඉඟටිය සිහින් කිරීම සඳහා භාවිතා කෙරෙණු පරණම උපායක්. හැබැයි මේ සඳහා අඟල් 3-6ක් පමණ මහත පටියක් භාවිතා කළ යුතුයි. මින් ඔබට වාලුකායන්ත්‍රයක හැඩයක් හිමිවෙනවා. ඔබේ ශරීරයේ හැඩය “කෙලින්” නම්, තරමක් සිහින් හම් පටියක් භාවිතා කරන්න. ඔබේ හැට්ටයට හෝ ගවුමට ගැලපෙන වර්ණයේ පටියක් විලාසිතාව තවත් ලස්සන කරනවා.

4) ට්‍රෙන්ච් කබායක් ඇඳීම
මේ කබා විශේෂය වසර ගණනාවක් පුරාවටම ප්‍රචලිතව පවතින අයිකනයක්. ඕනෑම කාළගුණයක මේ කබාය අඳින්න පුළුවන්. මේ කබායේ ඉණ වටා ඇති පටිය මඟින් ඉඟටියෙන් හැඩය සිහින් කර පෙන්වනවා. මෙමඟින් ඔබට මල් වාස් එකක හැඩය හිමිවෙනවා. ඔබ කැමති වර්ණයකින් කබාය මිළදී ගන්නත් පුළුවන්.

5) සිහින් හැඩයකට මසා ඇති ගවුම්
නවීන පන්නයට මසා ඇති සිහින් හැඩයේ ගවුමක් සොයාගැනීම තරමක් අපහසු කාර්යක් වෙන්න පුළුවන්. එල්ලී වැටෙන සේ කිසිම හැඩයක් නැතිව මසා ඇති ගවුම් අඳින්න එපා. ඔබේ ශරීරයේ හැඩය ඒවායින් වැසෙනවා. ඒ වෙනුවට නව පන්නයේ සිහින් ආකාරයට මසා ඇති ගවුමක් තෝරාගන්න. කපු වැනි ඝනකම් රෙද්දකින් මසා ඇති ගවුමක් තමයි ඔබට වඩාත්ම ගැලපෙන්නේ. ඉතා තුනී රෙද්දකින් මසා ඇති ගවුමකින් ඔබේ ශරීරයේ එල්ලී වැටෙන කොටස් අනවශ්‍ය ලෙස පෙනෙනවා.

6) ඉඟ පෙදෙස ඔසවා පෙන්වීම
මින් අදහස් කෙරෙනුයේ ඉණ උඩටම ඇඳිය හැකි ජීන්ස් හෝ කොට කලිසම් ගැනයි. ජීන්ස් එක ඉණ උඩටම ඇඳ ඔබේ උඩු ව්‍රස්තය යටකරන්න. මෙමඟින් ඔබේ ඉඟටිය කුඩා වී පෙනෙනවා. ඉණ පහලට ජීන්ස් ඇඳීම මඟින් ඔබේ උදරය අවලස්සන විදියට ඉදිරියට පනින්න පුළුවන්. ඉණ උඩටම ඇඳීමෙන් මේ ගැටළුව ඇතිවෙන්නේත් නෑ.

7) ශරීරයේ හැඩය “ඉස්මතු” කෙරෙන ගවුම්
මේ ගවුම් වල ඔබේ ශරීරයේ හැඩය ඉස්මතු වී පෙනෙන ලෙස මෝස්තරයක් ඇඳ හෝ මසා තියෙනවා. මේ හැඩය ඇඳ හෝ මසා ඇත්තේ ඉඟටිය පෙදෙසින් සිහින්ව පෙනෙන ලෙසයි. තද පැහැති රෙද්දක ලා පැහැයකින් මේ හැඩය ඇඳ හෝ මසා ඇති ගවුමක් තෝරාගන්න.

8) ටයිට් / පෙන්සිල් ස්කර්ට් හෙවත් සාය
ඔබේ ශරීරයේ හැඩය සිහින් නම්, පළල් නොවූ කෙලින් ඇති සායක් ඇඳීම මඟින් ඉඟටිය පෙදෙස සිහින්ව පෙනෙනවා. කාර්ලයට වුණත් මේ සාය ඔබට ගැටළුවක් නැතිව අඳින්න පුළුවන්. සිහින් හැඩයට මසා ඇති සාය ඔබට සති අන්තයේ ගමන් බිම්න් සඳහාත් අඳින්න පුළුවන්.

බිරිඳගේ සිත කලකිරෙන සැමියාගේ අඩුපාඩු මෙන්න හැම කොල්ලෙක්ම අනිවාර්යෙන් බලන්න

ගොඩක් පවුල් වල ප්‍රශ්න පැන නඟින්නට එක් හේතුවක් තමයි මේ. ගැහැණියකට අවශ්‍ය තම සැමියාගේ තුරුලේ සිට ආදරය විඳීමටයි. නමුත් සැමියා ඇයව සොයන්නේ තමාගේ කායික අවශ්‍යතා සඳහා පමණක් නම් එතන බරපතල ගැටළුවක් තිබෙනවා. දැන් සැමියා තමාට පෙර මෙන් ආදරය නොකරන බවත්, සැමියා තමා වෙත එන්නේ ඔහුගේ කායික අවශ්‍යතා ඉටු කර ගැනීමට පමණක් බව වැටහීම තරම් වේදනාවක් බිරිඳට නැහැ.

කාර්යාලයේ ප්‍රශ්න ගෙදර ගෙන ඒම
ඔබ කාර්යාලයේ වැඩ කටයුතු නිවසට ගෙන එන විට, ඔබේ බිරිඳ සමඟ ගත කිරීමට කාලයක් ඔබට නැති වෙනවා. ගෙදර ආපු වෙලාවේ ඉඳන් කම්පියුටරයට එබීගෙන කාර්යාලයේ වැඩ කටයුතු කරන සැමියෙක් දුටු විට බිරිඳ දුකට පත් වෙනවා. ඒ වගේම තමයි තවත් සැමියන් පිරිසක් ඉන්නවා බොස් බැන්නම කරබාගෙන ඉඳලා, ගෙදර ඇවිත් ඒ තරහ බිරිඳගේ පිටින් යවන. බිරිඳ කිසිම වරදක් කරලත් නැහැ. සැමියා තමන්ට බැන වදින්නේ ඇයි කියලා බිරිඳට තේරෙන්නෙත් නැහැ. ඉතින් මේ වගේ අවස්ථා වලදීත් ඔබේ බිරිඳ දුකට පත් වෙනවා.

ඇය දුර්වලයෙකු සේ සැලකීම
පිරිමින්ට වඩා ගැහැනුන් කාය ශක්තියෙන් අඩු වෙන්න පුළුවන්. ඒත් එහි අර්ථය ගැහැනුන් දුර්වලයි කියන එක නෙවේ. සමහර පුරුෂයන් තමන්ගේ බිරිඳ අසාමාන්‍ය ලෙස දුර්වල ජීවියෙක් කියලා හිතාගෙන ඇයට නීති දාලා හිර කරන්න හදනවා. බිරිඳට මිතුරන් ඇසුරු කරන්න, තනියම ගමනක් යන්න තහනම් කරන ස්වාමියෙක් ඉන්න එක බිරිඳට ලොකු හිසරදයක්. ඒ වගේම තමයි ඔවුන් නිතරම බිරිඳව අවතක්සේරු කරනවා. “අපෝ ඔයාට ඕවා කරන්න බැහැ.

ගෙදරට වෙලා දරුවෝ බලාගෙන ඉන්න.” කියන පිරිමි ඉන්නවා. සමහර වෙලාවට ඔවුන් තමන්ගේ බිරිඳව අවතක්සේරුවට ලක් කරන්නේ තමන්ගේම දරුවන්, ඥාතීන් හෝ අසල්වැසියන් ඉදිරිපිට වෙන්න පුළුවන්. ඉතින් එහි ප්‍රතිඵලයක් ලෙස අවට සමාජයත් ඇය දෙස බලන්නේ දුර්වල සත්වයෙක් දිහා බලන ආකාරයටයි. ඇයි ඉතින් සැමියාම බිරිඳව අවතක්සේරු කරනවා නම්, අවට සමාජය ගැන කවර කතාද?

රහස් තබා ගැනීම
සැමියා තමාගේ දේවල් බිරිඳට හංගනකොට ඇයට එය ඉවෙන් මෙන් දැනෙනවා. ෆෝන් එක ලොක් කරගෙන ඉන්නකොට, කම්පියුටරය අල්ලන්නවත් ඉඩ නොදෙනකොට බිරිඳට සැමියා ගැන සැකයක් ඇති වෙන එක සාධාරණයි. මෙපමණ කාලයක් තමාට පෙන්වූ සෙනෙහස වෙන කෙනෙකුට හිමි වෙනවා ඇති යැයි උපකල්පනය කරමින් බිරිඳ සිතින් දුක් විඳින්නට පටන් ගන්නවා.

ඇයට වැදගත් දේ අමතක කර දැමීම
ඇයගෙ ජිවිතයේ වැදගත්ම දිනය වන්නේ තමාගේ උපන්දිනය නෙවෙයි, විවාහ දිනයයි. විවාහ සංවස්තර දිනය සැමියා සමඟ ආදරයෙන් ගත කරන්නට ඇය සිහින දකිනවා. ඒ වගේම තමයි සැමියා තමාගේ උපන්දිනය දවසේ තමාට ආදරයෙන් සුභ පතයි කියලා ඇය බලාපොරොත්තු වෙනවා. ඒත් සැමියාට මේ දවස් මතක හිටින්නේවත් නැහැ.

තමන්ට ආදරණිය සුබ පැතීමක් ලැබෙන තුරු බලාගෙන ඉන්න බිරිඳට සැමියාට එය අමතකව ඇති බව දැන ගන්නට ලැබීම මොන තරම් වේදනාවක්ද ? ඒ වගේම තමයි බිරිඳ ඔහුට ඉතා වැදගත් දේවල් කලින් කියලා තියනවා. දරුවාට බේත් ගන්න යන්න ඕනේ දවස, දරුවාගේ පාසලේ දෙමව්පිය රැස්වීම තියෙන දවස කලින්ම කියලා තිබුණත්, සැමියාට එය අමතක වීම ඇයව දුකට පත් කරනවා. හවස වැඩ ඇරිලා එන ගමන් ලුණු පැකට් එකක් ගේන්න කියලා බිරිඳ කිව්වත්, එය සැමියා අමතක කරනවා. ඉතින් මේ වගේ අවස්ථා බිරිඳට ගෙන දෙන්නේ දුකක්.

බොරු කරන කොල්ලෝ හඳුනා ගත හැකි ලක්ෂණ 8ක් මෙන්න

1 පෙම්වතියට පෙම්වතාගේ රැකවරණය අවශ්‍ය වෙලාවල් වලදී පෙම්වතා මඟ හරිනවා
හොඳ පෙම්වතෙක් නිතරම උත්සාහ කරන්නේ තමන්ගේ පෙම්වතියව ආරක්ෂා කරන්න. ඇය අපහසුතාවයකට පත් වෙනවා නම්, පෙම්වතා ඇයට උදව් කරන්න ඉදිරිපත් වෙන්නේ බොහොම කැමැත්තෙන්. හැබැයි බොරුකාර පෙම්වතෙක් එහෙම නැහැ. පෙම්වතිය වෙනුවෙන් කැපවීමක් කරනවා කියන එක ඔහුට දැනෙන්නේ කරදරයක් විදිහටයි. ඉතින් පෙම්වතියට ඔහුගෙන් යම් උපකාරයක් අවශ්‍ය මොහොතක ඔහු ඉතා උපක්‍රමශීලිව ඇයව මඟ හරිනවා.

2 පෙම්වතා පෙම්වතියව හමු වන්න එන්නේ ඔහුට අවශ්‍ය වෙලාවේදී විතරයි
පෙම්වතියට ඕනේ වෙලාවල් වලදී මේ පෙම්වතුන් මිසින්ග්. එයාලා තමන්ගේ පෙම්වතියව මුණ ගැහෙන්න එන්නේ එයාලගේ හැම වැඩක්ම ඉවර වුනාට පස්සෙයි. ඒ වගේ පෙම්වතුන්ගේ ජිවිතයේ මුල් තැන තමන්ගේ පෙම්වතිය නෙවෙයි.

මේ වගේ පෙම්වතුන්ට තමන්ට පෙම්වතියක් ඉන්නවා කියලවත් මතක් වෙන්නේ යාළුවො එක්ක හැම තැනම ඇවිදලා, ඔෆිස් එකේ වැඩ ඔක්කොම ඉවර වෙලා, ලැප් එකේ තියෙන ෆිල්ම් ටික බලලා ඉවර වෙලා, ඔන්ලයින් ගේම් ගහලා ඉවර වුනාටත් පස්සෙයි.

3 පෙම්වතියව තමන්ගේ මිතුරන්ට සහ පවුලේ සාමාජිකයන්ට හඳුන්වා දීමෙන් වැලකි සිටිනවා
ඇයි ඉතින් බොරුකාර පෙම්වතුන්ට තමන්ගේ පෙම්වතියව විවාහ කර ගැනීමේ අදහසක් නෑනේ. ඔවුන් පෙම්වතියව ආශ්‍රය කරන්නේ කාලය ගෙවා ගන්න විතරයි. ඒ නිසා මෙවැනි පෙම්වතුන් උත්සාහ කරන්නේ තමන්ගේ පෙම්වතියව හැම දෙනාගෙන්ම සඟවලා තියා ගන්න. මොකද එතකොට යම් දවසක ඔහුට පහසුවෙන්ම තමන්ගේ පෙම්වතියව අත් ඇරලා දාන්න පුළුවන් නිසයි.

4 අනාගතය ගැන කතා බහක් නෑ
තමන්ගේ පෙම්වතියව විවාහ කර ගන්න අදහසක් නැති කෙනෙක් කොහොමද දෙන්නගේ අනාගතේ ගැන කතා කරන්නේ? කවදාවත් ඔහුගේ කටින් විවාහය ගැන, දෙන්නට ඉන්න ගෙයක් හදන එක ගැන, හදන දරුවෝ ගැන කතාවක් නම් පිට වෙන්නේ නැහැ. පෙම්වතිය ඒ ගැන කතා කරන්න ගියත් ඔහු මඟ හරිනවා. සමහර විට තරහ අරගෙන “ඕවා පස්සේ කතා කරන්න බැරියැ” කියලා කියාවි.

5 ඔහු මෙසේජ් එවන්න හොරයි
ඔහු ඉන්නවා කියලා පෙම්වතියට මතක් කරන්න ඕනේ නිසාවට ඔහු දවසට මෙසේජ් එකක්, දෙකක් විතරක් එවලා නිකන් ඉන්නවා. ඊට පස්සේ පෙම්වතිය එවන මෙසේජ් හරියට බලන්නේවත්, ඒවාට උත්තර යවන්න උනන්දු වෙන්නෙවත් නැහැ.

ඒත් ඇත්තටම ආදරය කරන පෙම්වතෙක් තමන්ගේ පෙම්වතියව නොසලකා හරින්නේ නැහැනේ. පෙම්වතියක් ගමනක් බිමනක් ගියාම ඇය පරිස්සමින් ඉන්නවද කියලා හොයන්නවත්, ලෙඩක් හැදුනම ඒ ගැන විමසන්නවත් මේ වගේ පෙම්වතුන්ට උවමනාවක් ඇති වෙන්නේ නැහැ.

6 ඔහු ඇයට ආදරයෙන් සලකන්නේ ඇයව හමු වෙන වෙලාවේදී විතරයි
ඔහුට ඇය ගැන ඇත්තේ ලිංගික ආකර්ෂණයක් පමණක් නම්, ඔහු ඇය හමු වුන විටදී ඇය වෙත බොරු ආදරයක් පෙන්වන්න උත්සාහ කරනවා. හමු නොවෙන දවස් වලදී පෙම්වතිය ඉන්නවද මැරිලද කියලා හොයන්නේ නැති ඔහු, ඇයව හමු වුනාම නම් රඟපාන්නේ ලෝකයේ හොඳම පෙම්වතා විදිහටයි.

7 පොරොන්දු ඉෂ්ඨ කරන්න අමතක වෙනවා
මේ වගේ පෙම්වතුන් දෙන පොරොන්දු ඔහුටම ඊළඟ මොහොතේ අමතකයි. මොකද ඔහු පොරොන්දු ලබා දෙන්නේ ඇත්තටම නෙවෙයි. ගොඩක් වෙලාවට ඔහු පොරොන්දු ලබා දෙන්නේ පෙම්වතියගෙන් ලිංගික අල්ලසක් ලබා ගැනීමට, මුදල් ලබා ගැනීමට වැනි කටයුත්තක් සඳහායි. ඉතින් ඔහුට එතනින් එහාට ඔහු දීපු පොරොන්දු මතක හිටින්නේ නැහැ.

8 ඔහුට ප්‍රේමය නිමා කරන්න ඕනේ වෙන කාලෙට ඔහු පෙම්වතියට දරුණු ලෙස වෙනස්කම් කිරීමට පටන් ගන්නවා
මේ වගේ පෙම්වතුන් දන්නවා ලේසියෙන්ම ප්‍රේමය නිමා කරන ක්‍රමයක්. ඒ තමයි පෙම්වතියට තමාව එපා වන සේ හැසිරිලා, පෙම්වතියව තමා විසින්ම ප්‍රේමය නිමා කරන තැනට ගෙන ඒම. ඉතින් ඔහුට අවශ්‍ය කාලේදී ඔහු පෙම්වතියගේ නැති වැරදි හොයන්න, බැන වදින්න සහ අපහාස කරන්න පටන් ගන්නවා.

ආදරය නිසා ඔබේ සිරුරේ ඇති වන වෙනස්කම් 6ක් මෙන්න

හෝර්මෝන වෙනස්කම් අනුව වෙනස් වන හැසිරීම් රටාව

හෝර්මෝන වල වෙනස් කම් අනුව මිනිසුන්ගේ හැඟීම් වෙනස් වීම සිදු වේ. ආදරයක් ඇති වූ විට සිරුරෙන් නිකුත් කරන හෝර්මෝන නිසා මිනිසා තුල විවිධ හැඟීම් සහ ආශාවන් ඇති කරනවා. මෙය වලක්වන්න නොහැකියි. මෙවැනි අවස්තාවක ගැහැණුන්ගේ සහ පිරිමින්ගේ හැසිරීම එකිනෙකට වෙනස් වෙනවා.

පිරිමින් තම හෝර්මෝන වෙනස්වීම් වලට අනුව ගැහැණිය කෙරෙහි වැඩි ආදරණීය බවක්, මෘදු බවක් සහ සැලකිලිමත් බවක් දක්වන අතර කාන්තාවන් තම හෝර්මෝන වෙනස්වීම් වලට අනුව වැඩි ශක්තිමත්

බවක් සහ ලිංගික පිබිදීමක් අත්විඳිති. එහෙත් අවාසනාවකට මෙන්, හෝර්මෝන මට්ටම සාමාන්‍ය තත්ත්වයට පත්වන විට, ඔවුන් කෙරෙන් මෙම හැසිරීම් දුරස් වේ. පෙර තිබුණු අධික සමීප බව අඩු වෙන බව ඔවුන්ටම දැනේ.

කටහඬේ වෙනස්කම්
සිතේ සැඟවුණු ආදරයක් පවතින විට පුද්ගලයනේ කට හඬ වලක්වාලිය නොහැකි සේ වෙනස් විය හැකියි. සාමාන්‍ය ලෙස කතා කිරීමට උත්සාහ දරුවත්, ඔවුන්ගේ කටහඬ වෙනස් වන බව දැනේ. කාන්තාවක තමා ආදරය කරන අයෙකු සමඟ කතා කිරීමේදී, ඉබේම ඇගේ කට හඬ මෘදු වෙනවා. එවැනි අවස්ථාවකදී ඇගේ කට හඬේ ස්වල්ප වශයෙන් වෙව්ලීමක් ඇති විය හැකියි. එසේ වීමෙන් ඇගේ කට හඬ ඉබේටම ආකර්ෂණිය වෙනවා. කෙසේ වෙතත් පිරිමින් වැඩිපුර ආකර්ෂණය වන්නේ පැහැදිලි කට හඬක් තිබෙන කාන්තාවන්ටයි. සෙමින් කතා කරන කාන්තාවන්ට පිරිමින් ආකර්ෂණය වන්නේ ලිංගික වශයෙන් පමණයි.

මුහුණ රතු වීම
ඔබේ සිත් ගත් තරුණයෙක් හෝ තරුණියක් ඔබේ ඉදිරියට හදිසියේ පැමිණියා යැයි උපකල්පනය කරන්න. ඔබ වෙනසක් හඟවන්නේ නැතිව සිටින්නට උත්සාහ කළත්, ඔබටම නොදැනී ඔබේ කම්මුල් රතු වෙනවා. ඇත්තටම මෙය සිදු වීම වලක්වන්න ඔබට බැහැ. කෙනෙකුගේ මුහුණ රතු වීමට බලපාන ප්‍රධානතම හේතුව වන්නේ ඔහු සඟවන යමක් සමාජයට හෙළි වේවි යන බිය නිසායි.

පිරිමින්ගේ ඇටකටු ශක්තිමත් වේ
අවුරුදු 25ට වැඩි තරුණයෙකු ආදරයෙන් පසු වන විට ඔහුගේ ඇටකටු ශක්තිමත් වන බව ලොස් ඇන්ජලීස් හි කැලිෆෝනියා විශ්ව විද්‍යාලය මඟින් සිදු කළ පරීක්ෂණයකදී හෙළි වී තිබේ. මෙහි ඇති විශේෂත්වය වන්නේ කාන්තාව ඔහු සමඟ ආදරයෙන් සහ මෘදු ලෙස ජිවත් වීමට උත්සාහ නොදරන්නේ නම් මේ තත්වය වෙනස් වන බවයි.

කළු ඉංගිරියාව විශාල වීම
ආදරණිය සබඳතාවයක් ආරම්භයේදී ඇස් ඉතා වැදගත් භූමිකාවක් ඉටු කරයි, ආදරණිය පුද්ගලයන් සමග කාලය ගත කරන විට ඇස් වල ඇති වන වෙනස්කම් සහ චලනයන් වඩාත් හොඳින් නිරීක්ෂණය කළොත් මේ කළු ඉංගිරියාව විශාල වීම හඳුනා ගත හැකියි.

දුක්බර සිතිවිලි ඇති වීම
යමෙකු ගැන රහසින් ආදර ඇති වීමේ ලක්ෂණ කීපයක් වන්නේ ව්‍යාකූලත්වය, ආහාර අරුචිය, තෙහෙට්ටුව ආදියයි. මෙසේ වීමට හේතු වන්නේ මෙවැනි අවස්තාවක මිනිස් සිරුරෙන් ආතති හෝමෝනයක් වන කෝටිසෝල් මුදා හැරීමයි. ඇතැම් විට මෙවැනි අවස්ථාවකදී කුසේ වේදනාවන් ඇති වෙන්නත් පුළුවන්. කෙසේ වෙතත් ආදර සම්බන්ධතාව වඩාත් ස්ථායී වන විට ඉහත සඳහන් කළ සියලු අප්‍රසන්න රෝග ලක්ෂණ ඉවත් වී යනු ඇත.

සුපිරි ශක්තියක් හිමි වීම
මේ තත්වය ඇති වන්නේ ඉඳ හිටයි. ඔබ අසා ඇති ඇතැම් මව්වරුන්ට තමන්ගේ දරුවා අනතුරක වැටෙන්නට යන විටදී එක් වරම සුපිරි බලයක් ලැබෙන අවස්ථා.

උදා : යටවූ දරුවා බේරා ගැනීමට වාහනය අතින් එසවූ මවක් ගැන වාර්තා වී තිබෙනවා.

ආදරයෙන් බැඳුනු විටත් මෙවැනි ශක්තියක් ලැබිය හැකියි. අනෙකා වෙනුවෙන් බරපතල කැපවීම් කිරීමට මිනිසුන් පෙළඹෙන්නේ ඒ නිසායි.

ඔයාව රවට්ටපු පෙම්වතාට රිදවන්න අහිංසක ක්‍රම 6ක් මෙන්න

1 සම්පුර්ණයෙන්ම ඔහුව සිතෙන් ඈත් කර දැමීම

හැමදේටම කලින් ඔබ කල යුත්තේ ඔහු ගැන ඔබේ සිතේ ඇති සියලු හැඟීම් මකා දැමීමයි. ඔබව අයුක්ති සහගත ලෙස රිදවපු, ඔබේ චරිතයට හානි කරපු එවැනි පුද්ගලයෙක් ගැන පුංචි මතකයක්වත් ඔබට අවශ්‍ය නැති බව ඔබ ඔබටම අවධාරණය කරන්න. දුක ඉවර වෙන තුරු හඬන්න. ඔබේ හිත හදා ගැනීමට කල හැකි සියලු දේවල් කරන්න. මිතුරන්ගේ උපදෙස් වලින් හෝ උපදේශන සේවාවක් ලබාගෙන ඔබේ සිතින් ඔහුව සම්පුර්ණයෙන්ම ඉවත් කර ගන්න. ඔහුව ඔබට අප්‍රිය පුද්ගලයෙකු බවට හරවා ගන්න. ඔව්, දැන් අපිට පුළුවන් මීළඟ පියවර කීපය පටන් ගන්න.

2 සතුටින් ඉපිලෙමින් සිටින්න

ඔබේ හැම ක්රියාවකින්ම ඔබේ සතුට ප්‍රදර්ශනය කරන්න. විශේෂයෙන්ම ඔබේ පැරණි පෙම්වතා ඔබ සමීපයේ ඉන්න වෙලාවල් වලදී ඔබ අසල සිටින අය සමඟ බොහොම ප්‍රීතියෙන් හැසිරෙන්න. ඔබව රැවටු පෙම්වතා යටි සිතින් දැකීමට බලාපොරොත්තු වන්නේ ඔබේ මැලවුණු මුහුණ බව මතක තබා ගන්න. ඔහු නොමැතිව ඔබ වේදනාවෙන් පසු වන බව දැන ගැනීම තරම් ප්‍රීතියක් ඔහුට තවත් නැහැ. ඉතින් ඔබ මොකටද ඔහුට ප්‍රීති වන්නට ඉඩ තබන්නේ? ඔබ වේදනාබර මතකයන්ගෙන් සම්පුර්නයෙන්ම මිදි ඇති බව දැනෙන විට ඔහු අන්දමන්ද වනු නොඅනුමානයි.

3 ෆේස්බුක් එකේ යාළුවො එක්ක ඉන්න ෆොටෝ දාන්න
ඔයාව එපා කියලා ගියත් ඔබේ පැරණි පෙම්වතා අනිවාර්යයෙන්ම ඔබේ සමාජ ජාලා ගිණුම පිරික්සනවා. ඒ ගැන සැකයක් තියා ගන්න එපා. ඉතින් ඔබ සතුටින් ඉන්න බව පෙන්වන්න තවත් හොඳම මාධ්‍යය තමයි සමාජ ජාලා කියන්නේ. යාළුවො එක්ක ට්‍රිප් ගිහින්, කෑමකට එලියට ගිහින්, උත්සව අවස්ථාවන්ට සහභාගී වෙලා ලස්සනට ෆොටෝ ගන්න.

ෆොටෝ ගද්දි ලස්සනට හිනා වෙලා ඉන්න. ඊට පස්සේ නිතර ඒවා සමාජ ජාලා වලට එක් කරන්න. ඔබේ තනි ෆොටෝ දානවට වඩා සුදුසු වන්නේ යාළුවො පිරිසක් එක්ක ඉන්න ෆොටෝ දාන එකයි. එතකොට ඔබ තනි වෙලා නැහැ කියන සංඥාව ඔහුට අනිවාර්යයෙන්ම ලැබෙනවා. ඒ යාළුවන්ගේ ගෘප් ෆොටෝ වල පිරිමි යාලුවෙක්, දෙන්නෙක් ඉන්නවා නම් තවත් හොඳයි.

5 ෆේස්බුක් එකේ දාන පොස්ට් වලින් රිදවන්න
කොයිම වෙලාවකවත් තනිකම ගැන, දුක ගැන පොස්ට් ෂෙයාර් කරන්න එපා. හොඳ අර්ථවත් දේවල්, අර්ථවත් කියමන් සහ විහිලු තහළු ඔබේ ෆේස් බුක් පිටුවේ ෂෙයාර් කරන්න. ඔබේ ෆේස්බුක් පිටුව දැක්කම ඔබ ඉතාමත් සතුටින් සහ නිදහසින් සිටින බව හැඟවෙන විදිහට වැඩ කරන්න.

තව කදිම රහසක් තියෙනවා. හිතන්න ඔහු ඔබව ඉස්සර ඇමතුව කෙටි නමකින් කියලා (උදා : සචිනි වෙනුවට සචී). ඔබට පුළුවන් ෆේස් බුක් එකේ ලියන දේවල් ඒ කෙටි නම භාවිතා කරලා ලියන්න.

6 වැරදි මෙසේජ් එකක් යැවීම
මෙය කල යුතු වන්නේ එක් වතාවක් පමණක් බව මතක තබා ගන්න. මේ දෙය සිදු කිරීමට නම් ඔබේ සබඳතාවය අවසන් වී මාස දෙකක්වත් ගතවී තිබිය යුතුයි. මාස දෙකක් පමණ කාලයක් ගත වන විට ඔබට නව සහකරුවෙකු ලැබී තිබෙන්නට හෝ නොතිබෙන්නට පුළුවන්.

ඔබට ඒ වන විට නව පෙම්වතෙකු නොසිටියත්, ඔබට පෙම්වතෙකු සිටිනවා යැයි සුළු මොහොතකට උපකල්පනය කරන්න. ඉන් පසුව ඔහුට යවන මෙසේජ් එකක් වැරදීමකින් ඔබේ පැරණි පෙම්වතාට යැවෙන සේ යවන්න. එය සරල විය යුතුයි. ඒ වගේම ඔබ පෙම්වතෙකුට එය යැවූ බවක් හැඟවීමේ හැකියාවකුත් තිබිය යුතුයි. ඔහු ඔබට රිප්ලයි එව්වත් “සොරි, ඔයාට නෙවේ එව්වේ” කියලා කෙටියෙන් කියන්න.