2021 එළියට එන සුඛෝපභෝගී මෝටර් රථ 15 මෙන්න

ඇඳුම් පැලඳුම්, ආහාරපාන, ගෙවල් දොරවල් මෙන්ම මෝටර් රථත් අපේ ජීවිතය හැඩ කරයි. මෝටර් රථයක් මිලදී ගැනීමේදී එහි මිල, වර්ගය, මාදිලිය, පැහැය, විශේෂ අංගෝපාංග ආදී බොහෝ දේ ගැන සැලකිලිමත් වන්නට වැඩි පිරිසක් නැඹුරු වන්නේ එනිසයි. මෙහි දැක්වෙන්නේ 2021 වසර ආරම්භයේදී ලොව ඇති මිලෙන් අධිකම මෝටර් රථ පිළිබඳවයි. අලුත් අවුරුද්දේ ජීවිතය හැඩ කරගන්න වෙහෙස වන ඔබට ලොව පවතින සුඛෝපභෝගී මෝටර් රථ ගැන අධ්‍යයනයක යෙදෙන්නට මේ කෙටි විස්තරය පදනමක් වනු ඇත.

Pagani Zonda HP Barchetta

මෙය පගානි නමැති ඉතාලි මෝටර් රථ නිෂ්පාදන සමාගම නිෂ්පාදනය කරන ලද්දකි. රථයක වටිනාකම ඇමරිකා ඩොලර් 17,600,000ක් පමණ වේ. මීම් මාදිලියේ මෝටර් රථ තුනක් පමණක් නිෂ්පාදනය කර ඇති බව සඳහන් වේ.

Mercedes AMG One

Mercedes AMG One මාදිලියට අයත් මෝටර් රථ නිෂ්පාදනය කරන්නේ ජර්මානු මෝටර් රථ නිෂ්පාදන සමාගමක් වන මර්සිඩීස් සමාගමයි. මෙම මෝටර් රථ මාදිලිය නිර්මාණය කිරීමට අවශ්‍ය සංකල්පය ගොඩනැගුණේ 2017 වසරේදී යැයි සඳහන් වේ. එසේ වුවත් මෝටර් රථය නිෂ්පාදනය කෙරුණේ 2020 වසරේදීය. Mercedes AMG One මෝටර් රථයකට පැයට කිලෝමීටර 350ක් පමණ උඅපරිම වේගයෙන් ගමන් කරන්නට හැකියාව ඇත. මෙම මාදිලියෙන් මෝටර් රථ 275ක් පමණක් නිෂ්පාදනය කිරීමට සමාගම සැලසුම් කර තිබේ. මෝටර් රථයක වටිනාකම ඇමරිකා ඩොලර් මිලියන 2.72ක් පමණ වේ.

Bentley Flying Spur Speed

බ්‍රිතාන්‍යයේ මෝටර් රථ නිෂ්පාදන සමාගමක් වන බෙන්ට්ලි මෝටර්ස් සමාගම නිර්මාණය කර ඇති මේ මෝටර් රථ මාදිලිය සුඛෝපභෝගී වාහන මාදිලියකි. මේ වර්ගයේ මෝටර් රථයකට පැයට කිලෝමීටර 330ක පමණ උපරිම වේගයකින් ගමන් කළ හැකිය. Bentley Flying Spur Speed මෝටර් රථයක මිල ඇමරිකා ඩොලර් දෙලක්ෂ පහළොස් දහසක් පමණ වේ.

Maserati MC20

Maserati MC20 නමැති මේ රථය නිෂ්පාදනය කර තිබෙන්නේ ඉතාලියේ මෙසරාටි සමාගමයි. ස්පෝර්ට්ස් වර්ගයට අයත් මෝටර් රථය පළමුවෙන්ම එළි දැක්වූයේ පසුගිය වසරේ මැයි මාසයේදීය. දොර දෙකකින් සමන්විත Maserati MC20 මෝටර් රථය ආසන දෙකකින්ද යුක්තය. මෝටර් රථයකට පැයට සැතපුම් 200ක පමණ වේගයෙන් ගමන් කළ හැකිය. දැනට මෙම මෝටර් රථ මාදිලිය නිර්මාණය කර තිබෙන්නේ ඉන්ධන මඟින් ධාවනය කරවීම සඳහායි. විද්‍යුත් බලයෙන් ධාවනය වන Maserati MC20 මෝටර් රථ ඉදිරියේදී නිෂ්පාදනය කිරීමට මෙසරාටි සමාගම බලාපොරොත්තු වේ. මෙකී මාදිලියට අයත් මෝටර් රථයක මිල ඇමරිකා ඩොලර් ලක්ෂ දෙකක් පමණ වේ.

Aston Martin Valhalla

එක්සත් රාජධානියේ ඇස්ටන් මාර්ටින් සමාගම රෙඩ් බුල් රේසින්ග් ටීම් සමග එක්ව නිර්මාණය කරන ලද Aston Martin Valhalla මෝටර් රථයේ 2021 මාදිලිය ගැන වැඩිමනත් තොරතුරු තවමත් වාර්තා නොවේ. එසේ වූවත් මේ වර්ගයේ මෝටර් රථ 500ක් පමණක් නිෂ්පාදනය කරන්නට නිෂ්පාදකයන් සැලසුම් කර ඇත. Aston Martin Valhalla 2021 මෝටර් රථයක් ඇමරිකා ඩොලර් 1,300,000ක් පමණ වේ.

Bugatti Divo

ප්‍රංශයේ බුගාටි මෝටර් රථ නිෂ්පාදන සමාගමේ නිෂ්පාදනයක් වන මෙම මෝටර් රථය පැයට කිලෝමීටර 380ක පමණ උපරිම වේගයකින් ගමන් කරන්නකි. මෝටර් රථයේ පැහැය නිල් සහ කළු වර්ණ මිශ්‍රණයකි. මෙම මෝටර් රථ මාදිලියෙන් රථ 40ක් පමණක් නිෂ්පාදනය කර අලෙවි කර ඇති බව දැක් වේ. රථයක මිල ඇමරිකා ඩොලර් 6,000,000 පමණ වේ.

Koenigsegg Jesko

Koenigsegg Automotive AB නමැති ස්වීඩන් මෝටර් රථ නිෂ්පාදන සමාගම නිෂ්පාදනය කර ඇති මෙම මෝටර් රථයේ උපරිම වේගය පැයට කිලෝමීටර 531ක් පමණ වේ. 2021 වසරේදී පරිහරණයට එකතු කෙරෙන මෝටර් රථ අතර වේගවත්ම මෝටර් රථයක් ලෙස මෙය හඳුන්වන්නට පුළුවන.

Ferrari SF90 Stradale

ඉතාලියේ මෝටර් රථ නිෂ්පාදන සමාගමක් වන ෆෙරාරි සමාගම මෙම මෝටර් රථ මාදිලිය නිෂ්පාදනය කර තිබේ. එය විද්‍යුත් බලයෙන් ධාවනය කරවිය හැකිය. ස්පෝර්ට් වර්ගයට අයත් මෙම මෝටර් රථයට පැයට කිලෝමීටර 340ක වේගයෙන් ගමන් කරන්නට පුළුවන. මෝටර් රථයක මිල ඇමරිකා ඩොලර් 625,000ක් පමණ වේ.

Rolls Royce Ghost

Rolls Royce Ghost වාහන ඛණ්ඩය නිර්මාණය කරන්නේ බ්‍රිතාන්‍යයේ මෝටර් රථ නිෂ්පාදන සමාගමක් වන රෝල්ස් – රොයිස් මෝටර් රථ නිෂ්පාදන සමාගමයි. එම ඛණ්ඩයට අයත් 2020 මාදිලිය නවතම මාදිලියයි. මෙම මෝටර් රථයත් විද්‍යුත් බලයෙන් ධාවනය වන එකකි. එහි උපරිම වේගය පැයට කිලෝමීටර 249ක් පමණ වේ. මෙම මාදිලියට අයත් මෝටර් රථයකට ඉතා ප්‍රබල කැමරා පද්ධතියක් සවිකර තිබේ. මෝටර් රථය පිළිබඳ විස්තර පළමුවෙන්ම එළි දක්වන ලද්දේ පසුගිය සැප්තැම්බර් මාසයේදීය. මෙම මාදිලියට අයත් මෝටර් රථයක මිල ඇමරිකා ඩොලර් 315 000ක් පමණ වේ.

Aston Martin Lagonda EV

එක්සත් රාජධානියේ මෝටර් රථ නිෂ්පාදන සමාගමක් වන ඇස්ටන් මාර්ටින් ලගොන්ඩා සමාගම නිර්මාණය කර ඇති මෙම මෝටර් රථය විද්‍යුත් බලයෙන් ධාවනය වේ. මෙම මාදිලියේ මෝටර් රථ වෙළඳපොළට පැමිණෙනු ඇත්තේ 2022දී පමණය. මේ වර්ගයේ මෝටර් රථයක මිල ඇමරිකා ඩොලර් දෙලක්ෂ පනස් දහසක් පමණ වන බව සඳහන් වේ.

Bugatti Centodieci

ඇමරිකා ඩොලර් 9,000,000කට මිල නියම කර ඇති මෙම මෝටර් රථය තවමත් අලෙවිය සඳහා තබා නැත. මෙම මාදිලියෙන් මෝටර් රථ 10ක් පමණක් නිෂ්පාදනය කිරීමට ප්‍රංශයේ බුගාටි සමාගම සැලසුම් කර ඇත. පැයට කිලෝමීටර 379ක උපරිම වේගයෙන් මේ වර්ගයේ රථයක් ධාවනය කරවිය හැකිය.

Bugatti Chiron Super Sport 300+

ප්‍රංශයේ බුගාටි මෝටර් රථ නිෂ්පාදන සමාගම නිෂ්පාදනය කර ඇති මෙම මෝටර් රථය පැයට කිලෝමීටර 483ක පමණ වේගයෙන් ගමන් කරවිය හැකි එකකි. මේ වර්ගයට අයත් මෝටර් රථ 30ක් පමණක් නිෂ්පාදනය අර අලෙවි කර ඇති බව සඳහන් වේ. මෝටර් රථයක වටිනාකම ඇමරිකා ඩොලර් 5,740,000ක් පමණ වේ.

Gordon Murray T.50

ඉයන් ගෝර්ඩන් මුරේ නිර්මාණය කරන ලද මෙම මෝටර් රථය නිෂ්පාදනය කරන්නේ ගෝර්ඩන් මුරේ ඔටෝමෝටිව් සමාගමයි. මෝටර් රථය පැයට කිලෝමීටර 354ක වේගයෙන් උපරිම වේගයෙන් ධාවනය කරවිය හැකිය. මෝටර් රථයක වටිනාකම ඇමරිකා ඩොලර් තිස් ලක්ෂ අසූ දහසක් පමණ වේ.

Bugatti La Voiture Noire

ප්‍රංශයේ බුගාටි මෝටර් රථ නිෂ්පාදන සමාගම මේ මාදිලියට අයත් එක් මෝටර් රථයක් පමණක් නිෂ්පාදනය කර ඇති බව සඳහන් වේ. පැයට කිලෝමීටර 420ක උපරිම වේගයකින් ධාවනය කරවිය හැකි මෙම මෝටර් රථයේ මිල ඇමරිකා ඩොලර් 18,700,000 පමණ විණ.

පුංචි පැන්චිගේ ආදරණීය දූ පැටවුන් දෙදෙනා එක්ක ගත්ත අලුත්ම ඡායාරූප මෙන්න

ප්‍රමුදි කරුණාරත්න කියන්නේ කාලයක් රිදී තිරයේ හපන්කම් පෙන්වූ රංගන ශිල්පිනියක්. “සරෝජා” වගේම “බෝම්බ සහ රෝස” වැනි චිත්‍රපට කතාන්දර තුළිනුත් ඇය ඔබ හමුවන්නට පැමිණියා. ඒ වගේම සිරස ටී වී තුළ විකාශය උණු පුංචි පැංචි ළමා වැඩසටහනේ නිවේදිකාවක් ලෙසින්ද බොහෝ ජනාදරයට පත්වුනා…

ඉතින් ප්‍රමුදි දැන් දරුවන් දෙදෙනෙකුගේ අම්මා කෙනෙක්. ඇය ඇගේ අලුත උපන් දියණිය එක්ක ගත්ත ආදරණීය ඡායාරූප පෙළක් ඇගේ සමාජ මාධ්‍ය ගිණුමට එක් කර තිබුණා.

එම ඡායාරූප පෙළ ඇතුළුව ඇයගේ ඡායාරූප එකතුව පහතින් බලන්න.

ඉංග්‍රීසි නොතේරුණු නිසා මාව පන්තියෙන් එළියට දැම්මා. අද මම ඉංග්‍රීසි ගුරුවරයෙක්

මට නම් මේ අවුරුද්ද අභියෝගයක් විදිහට දැනෙන්නේ නැහැ. අලුත් බලාපොරොත්තු නම් තියනවා. මගේ පුංචි පුතාට තාම මාස හයයි. එයාගේ දේවල් සම්බන්ධයෙන් සිහින ටික මේ අවුරුද්දේ තියෙනවා. එයා ඉක්මන්ට ඇවිදිනවා නම්, කතා කරනවා නම් වගේ බලාපොරොත්තු ටිකක් තියෙනවා. ඒ ඇරුණුකොට මේ අවුරුද්දට මට අභියෝග කියලා ලොකු දේවල් නැහැ.

ඒ කියන්නේ දැන් රුවන් යන්න ඕනේ ඉහළම මට්ටමට ඇවිත්?

මම ලද දෙයින් සතුටට පත්වෙන ජාතියේ මනුස්සයෙක්. මට ලොකු අහස් මාළිඟා නැහැ. මට සතුටු වෙන්න පුළුවන් මට්ටමේ දේවල් ටිකක් ලැබුණා නම් මට ඒ ඇති. තව තව දේවල් ඕනේ කියලා පොදි ගහගන්න කෙනෙක් නෙමෙයි නිසා මට ජීවත් වෙන්න පහසුයි.

පොඩි කාලේ රුවන්ගෙ ජීවිතයේ අභියෝග ගැන කතා කරමු?

මට පොඩි කාලේ ප්‍රශ්න එන්න ඇති. ඒත් ඒවා මට දැනිලා නැහැ. මගේ අම්මා, තාත්තා, අයියා, අක්කාලා තුන්දෙනා ඒ ප්‍රශ්න ආවරණය කරගෙන හිටියා. අපි ගත කරපු දුප්පත් පවුල් පරිසරය අස්සේ එයාලා මට දෙන්න පුළුවන් උපරිම සුඛෝපභෝගී ජීවිතය දුන්නා. මම පවුලේ බාලයා සහ මම පොඩි කාලෙ ඉඳන් ඉගෙනීමට දක්ෂයි. ඒ නිසා මට යම් අවධානයක් තිබුණා. අපි හිටපු පරිසරය ටිකක් වෙනස්. මම ඉපදුණේ නාරහේන්පිට දාඹරේ මාවතේ. ඒකට කියන්නේ මහවත්ත කියලා. මම පොඩි කාලේ ඒ පැත්තේ චණ්ඩි එහෙම හිටපු ටිකක් බරපතළ පැත්තක්. ඝෝෂාකාරී, මිනිස්සු නිතරම ගැවසෙන, හරිම නාගරික පරිසරයක තමයි මම හැදුණේ. මගේ අම්මට අකුරු ලියන්න කියවන්න බැහැ.

මගේ තාත්තා වෘත්තීය රියදුරෙක් තාත්තට සිංහල,දෙමල, ඉංග්‍රීසි භාෂා තුනම කතා කරන්න පුළුවන්. ඒක යම්කිසි විදිහට බලපෑවා. මම ඉගෙනගත්තේ ගෙවල් ළඟම ඉස්කෝලෙ. නාරහේන්පිට ශ්‍රී පරාක්‍රමබාහු විද්‍යාලයේ. මගේ අම්මාට අකුරු ලියන්න කියන්න බැරි වුණාට, මට පොඩි කාලේ අකුරු කියලා දුන්නේ අම්මා. මම පෙරපාසල් ගියේ නැහැ. හෝඩිපොත තියාගෙන අයන්න ආයන්න කියලා අනිත් අය කියන හුරුවට අම්මා මට උගන්වලා තියෙන්නේ. මම හරිම ගෞරවයෙන් ඒක මතක් කරනවා. එක වසරේ ඉඳලා මම ඉගෙන ගන්න දක්ෂයි. ශිෂ්‍යත්වේ පාස්වෙලා මම කොළඹ රාජකීය විද්‍යාලයට ගියා.

රුවන්ට රාජකීයන් අභියෝගයක් වෙන්නැති?

අන්න එතන තමයි මගේ හැරවුම් ලක්ෂය. එතනදී තමයි මට ජීවිතයේ බර දැනෙන්න ගත්තේ. පොඩි කාලේ ඉඳලම මම හරිම විනෝදෙන් ගත කළේ. මොකද මගේ වටේ හිටියේ මම වගේම ළමයි ටිකක්. මම වගේම ආර්ථික මට්ටම් අධ්‍යාපන මට්ටම් සමාන ළමයි ටිකක් මම ඇසුරු කළේ. රාජකීය විද්‍යාලයට ගියාම ඒක සම්පූර්ණයෙන් වෙනස් වුණා. අපි ලෝක දෙකක ළමයි. මගේ වාසනාවට ශිෂ්‍යත්වේ පාස් වෙලා දුර පළාත්වලින් ආපු මම වගේම දුප්පත් ළමයි ටිකක් හිටියා. මම හය වසරේ ඉඳලා විශ්වවිද්‍යාලය ඉවර වෙනකන්ම ඉගෙනගත්තෙ රජයේ සල්ලිවලින්. රාජකීය විද්‍යාලයට ගිය පළමු වසරේදීම ඉංග්‍රීසි උගන්වපු සර් ඉංග්‍රීසි නොතේරුණු නිසා නිශ්ශබ්දව හිටියා කියලා මාව පන්තියෙන් එළියට දැම්මා. එදා මම හිතුවා ඉංග්‍රීසිවලින්ම තමයි මම කවදාහරි “වැඩේ දෙන්නෙ” කියලා. මම අද වෙනකොට ඉංග්‍රීසි ගුරුවරයෙක්. ඒ වගේම තව දෙයක් තියෙනවා.

මගේ පන්තියේ ළමයි පාවිච්චි කරපු පෑන්, පැන්සල්වලට වඩා මම පාවිච්චි කරපු ඒවා වෙනස්. මගේ අයියලා අක්කලාට හම්බෙන ලස්සන පෑන්, පැන්සල්, පොත් ඔක්කොම නොමසුරුව මට දීලා පරණ දේවල් එයාලා පාවිච්චි කරනවා. සපත්තු මට දීලා එයාලා සෙරෙප්පු දානවා. ඒ කාලේ මට හිතුණා මිනිස්සු මනුස්සකමින් උගත් වෙන්න ඉගෙන ගන්න ඕනේ නැහැ කියන එක. ගෙදර සහ වටපිටාවේ අය මට ඉගෙනගන්න පරිසරය හැදුවා. ඒ හරහා ටික ටික ඉගෙන ගෙන ජීවිතාවබෝධයක් එක්ක වෙනස් විදිහේ කෙනෙක් වුණා. මම උසස් පෙළ කරලා ගෙදර ඉන්න කාලේ තාත්තා ලෙඩ ඇඳට වැටුණා. එතකොට අයියලා අක්කලා ඔක්කොම විවාහ වෙලා. මටයි අම්මාටයි තමයි හැමදේම කරන්න වුණේ. මගේ අම්ම බත් පැකට්, කොළකැඳ විකුණලා තියෙනවා, ඒ හැමදේටම අම්මාට මම උදවු කළා. උදේ ඉස්කෝලේ යන්න කලින් කොළකැඳ ගෙවල්වලට බෙදලා මම ඉස්කෝලෙට ගියේ. අපේ පුංචි ගෙදර පාඩම් කරන්න ඉඩ නැහැ. අම්මා මට කලින් නිදාගන්න කියලා, ගෙදර අය නිදාගත්තාම නැඟිට්ටවලා පාඩම් කරන්න කියනවා. ගෙදර ඉස්සරහා ටීවී එක දැම්මම, කුස්සියට ගිහිල්ලා අම්මා වැඩ කරන තැන ඉඳන් මම පාඩම් කළේ.

විශ්වවිද්‍යාල අත්දැකීම වෙනස් ඇති?

මම කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ. ඒ කාලය වෙනකොට යම් යම් දේවල්වලින් මගේ ජීවිතය යකඩයක් වගේ හොඳ පන්නරයක් ලැබුවා. විශ්වවිද්‍යාලයට එනකොට මට ආර්ථික ප්‍රශ්න කියන ඒවා මහලොකු නැහැ. උසස් පෙළින් පස්සේ මම ටියුෂන් පන්ති කරන්න පටන් ගත්තා. මම ඉස්සෙල්ලම ටියුෂන් කළේ තාත්තගේ බොස්ගෙ ළමයින්ට. ඒක මට ලොකු ආඩම්බරයක් වුණා. මම එයාලට ඉංග්‍රීසියෙන් සිංහල ඉගැන්නුවා. විශ්වවිද්‍යාලය කාලෙත් මම ටියුෂන් පංති කළා.

ඒ කාලේ ජීවිතයේ තිබුණු ලොකුම බලාපොරොත්තුව මොකක්ද?

පුළුවන් තරම් අම්මාටයි තාත්තටයි සැප දෙන එක තමයි ඒ කාලේ බලාපොරොත්තුව. මම විශ්වවිද්‍යාලයට යද්දි අම්මගේ කනේ කරේ එක රත්තරන් බඩුවක්වත් නැහැ. තාත්තාත් ලෙඩ වෙලා. මට ඕනේ වුණා අම්මාව රත්තරනින් වහන්න. මගේ අම්මා මැරෙනකොට රත්තරන් පුරෝගෙන හිටියේ. මම රස්සාවක් කරලා පළමුවෙනි පඩියෙන් කළේ අම්මාටයි තාත්තාටයි මුදු දෙකක් අරන් දීපු එක.

ඒ කාලේ ප්‍රේම සබඳතාත් තියෙන්න ඇති?

මට දෙක වසරෙ ඉඳලා ගෑනු ළමයි හිටියා. ඒ කාලේ මට ප්‍රශ්න දැනුනෙත් නැහැනේ. මම ගිය පොඩි ඉස්කෝලේ මට කැමැත්තක් තිබුණා අප්සරා කියලා ගෑනු ළමයෙක් ගැන. එයා එයි කියලා ඉක්මනින් දත් මදින්නේ නැතුව ඉස්කෝලේ ගියා මම. ශිෂ්‍යත්වෙන් පස්සේ මම එයා ගැන දන්නේ නැහැ. ඉන්පසුව මට ජීවිතයෙ විවිධ කාලවල ගෑනු ළමයි හිටියා. විශ්වවිද්‍යාලයට යනකොට මම තදින්ම තීරණය කළා එහෙදි ප්‍රේම සබඳතා ඇති කරගන්නෙ නැහැ කියලා. තාත්තා ලෙඩ වීමත් එක්ක මගේ අරමුණ වුණේ තාත්තා නැති වෙන්න කලින් එයාට සැප දෙන්න ඕනේ කියන එක. ඒ කාලේ මට ගෑනු ළමයෙක්ට වැය කරන්න කාලය තිබුණේ නැහැ.

ඒ වෙද්දි රුවන් හොඳ ආර්ථික මට්ටමක ඉන්න ඇති?

ඉතුරු කරන්න මට ලොකු පුරුද්දක් තිබුණෙ නැහැ. මම හම්බ කරපු දෙය මගේ පවුලෙ හැමෝටම වියදම් කළා. විශ්වවිද්‍යාලෙ ඉවර වෙද්දි අපි හොඳට කාලා බීලා අම්මාව වන්දනා ගමන් යවලා හොඳට හිටියා. විශ්වවිද්‍යාලෙ ඉවරවෙලා රස්සාව කරලා අවුරුදු තුනකින් මම අම්මට ඕන හැම රත්තරන් බඩුවක්ම හදලා දුන්නා. අල්මාරියක් අරගෙන සාරිවලින් ඒ අල්මාරියම පුරවලා දුන්නා. තාත්තාටත් එහෙමම කළා. අපේ ගෙදරට ඕනේ හැම විදුලි උපකරණයක්ම මගේ සල්ලිවලින් ගත්තේ. මගේ තාත්තා ජීවිතේට නැෂනල් එකක් ඇඳලා තිබුණේ නැහැ. තාත්තාගේ බලාපොරොත්තුව වුණේ එයාගේ මිනියට නැෂනල් එක අන්දවන එක. ඊට කලින් මම ඉංග්‍රීසි මාධ්‍යයෙන් අභිධර්මය ඩිප්ලෝමාවක් හදාරලා ලංකාවෙන්ම පළමුවැනියා වෙලා ඒ උපාධිප්‍රදානෝත්සවයට යන්න අම්මාට සුදු ඔසරියකුයි තාත්තාටයි නැෂනල් එකයි අඳීන්න ඕනේ වුණා. මම ඒ ඇඳුම් ලෑස්ති කරලා දුන්නා. ඒ උත්සවයට කලින් දවසේ තාත්තා නැති වුණා. ඒ නැෂනල් එක තමයි තාත්තාගේ මිනියට ඇන්දුවේ. මම ඒ සම්මානය ගන්න ගියේ තාත්තගේ මිනිය ගෙදර තියාගෙන.

රංගන ජීවිතයත් රුවන්ට අභියෝගයක් වෙන්න ඇති?

කලාව කියන එක සමාජීය වශයෙන් ගත්තාම, ඒක බොහොම හොඳ මිනිස්සු ඉන්න සමාජයක්. මගේ පළමුවැනි ටෙලිනාට්‍ය බොහොම සැහැල්ලුවෙන් සතුටින් වැඩ කළා. ඉන්පසුව මං ගැන මිනිස්සු ටිකක් කතා කරන්න ගත්තම මට තේරුණා ක්ෂේත්‍රය ඇතුළේ පොඩි කැපිල්ලක් එනවා කියලා. ඒ කාලේ මම රඟපෑම කළේ රැකියාවත් එක්ක. රස්සාවයි රඟපෑමයි වසර තුන හමාරක් කළා. මම හොඳට චරිත කරපු නිසා රස්සාව කරද්දිත් වරුවෙන් මාව රඟපාවවන්න බලාගෙන අධ්‍යක්ෂවරු හිටියා. ඒ වගේම මම ප්‍රතිපත්තියක් විදිහට කලා ක්ෂේත්‍රය තුළ ගැන්සිවල ඉන්නේ නැහැ. කාටත් මම පණ දෙන්න තරම් ආදරෙයි. ඕනේ උදවුවක් කරනවා. ඒත් මම ඒ යාළුකම් ගෙදර අරන් ආවේ නැහැ. රංගන ජීවිතයේ චරිත ගත්තාම මට අභියෝගයක් වුණේ වාහන පදවන්න තිබුණු චරිත. මට ලැබුණේම සල්ලිකාර චරිත. ඒත් මට වාහන පදවන්න බැහැ. මම මගේම කියලා වාහනයක් අරන් පදවන්න ඉගෙනගන්නවා කියලා පරමාර්ථයක් ඒ කාලේ තිබුණා. ඒත් මට ආපු චරිත හැම එකක්ම සල්ලිකාර චරිත.

ඒවායේදී වාහන පදවලා මගෙ අතින් ගොඩක් අනතුරු වෙන්න ගිහින් තියෙනවා. තවත් අවස්ථාවක මම ටෙලිනාට්‍යයක් නිෂ්පාදනය කරන්න ගිහිල්ලා වරද්දගත්තා. නිෂ්පාදන කාර්යය ගැන දන්නේ නැතුව මම ටෙලිනාට්‍යයකට විශාල මුදලක් ආයෝජනය කරලා ඒ සල්ලි වතුරේ ගියා. අදටත් මම ඒ ගැන පසුතැවෙනවා. එතකොට එකසැරේම මගේ සමේ පැහැය කළු වෙන්න ගත්තා. මානසික පීඩනයත් එක්ක මගෙ මුළු ස්වරූපයම වෙනස් වුණා. ඒ නිසා මම ඒ කාලේ කරපු චරිත ටික කරලා ටිකෙන් ටික රංගනයෙන් ඈත් වුණා. මම ක්ෂේත්‍රය ගැන ටිකක් කලකිරුණා. “ඔය ජනප්‍රියත්වය කියන එක තාවකාලිකයි. ඔයාගෙන් පස්සේ ඔය චරිතවලට වෙන කෙනෙක් එනවා” කියන එක මගේ අම්මා මුල ඉඳන්ම කිව්වා. ඒ කාලේ මම ඉක්මනින් ටියුෂන් පන්ති නැවත ආරම්භ කළා. ඒක මම අදටත් කරගෙන යනවා.

ඒ කියන්නේ රුවන්ගෙ ජීවිතේ පාර කියන තාරකාව වුණේ අම්මා?

මගේ අම්මා දැන් ජීවතුන් අතර නැහැ. ඒත් අම්මා මම මැරුණට පස්සේ කරන්න ඕන දේවල් ටිකත් මට උගන්වලා තමයි ගියේ. අද මම මගේ මළමිනියත් ආයුර්වේද වෛද්‍ය පීඨයට ලියලා ඉවරයි. මගේ අම්මාත් එයාගේ මිනිය එහෙම ලිව්වා. මම ඉපදුණ දවසේ ඉඳන් අම්මා මට කියලා දුන්න දේවල් එක්ක මට දැන් හිතෙනවා කොච්චර දේවල් නම් අම්මා සමාජය ගැන දන්නවද, දුර හිතලා තියෙනවාද කියලා. මම මැරුණාට පසුව මට මොකක්ද වෙන්නේ කියලාත් මම දැන් දන්නවා.

රුවන් ගුරුවරයෙක්. ගුරු වෘත්තිය කියන්නේම අභියෝගයක්?

ඒක හොඳ මාතෘකාවක්. මගේ ගුරුභූමිකාව ඇතුළේ මම වැඩිපුරම කැමති ඉංග්‍රීසි ගුරුවරයා කියන කෙනාට වඩා දහම් පාසල් ගුරුවරයා ගැන කතා කරන්න. අදටත් මම දහම්පාසලේ උගන්වනවා. ඒක මම මැරෙනකොට තාත්තට දීපු පොරොන්දුවක්. මම විශ්වවිද්‍යාලයට යන එක දහම්පාසලේ උගන්වන එක “වත්තේ” සමාජයේ හැටියට තාත්තට වැදගත් දෙයක් වුණා. ඒ දහම්පාසලට ආපු බහුතරය මං වගේ ජීවිතය පටන් ගත්ත අය. මට තිබුණු ලොකුම අභියෝගය ඒ ළමයින්ට ගෙදරින් ලැබෙන්නේ නැති හයිය දීලා ඒ ළමයින්ව හොඳ තැනකට ගෙනෙන එක. අද වනවිට මම “වත්තේ” ළමයි දහනව දෙනෙක් විශ්වවිද්‍යාලයට යවලා තියෙනවා. ගහලා, බැනලා, සැර කරලා දක්ෂ දරුවන්ව ඉගෙනගන්න පෙලඹුවා.

අදටත් මම ඒක කරනවා. මම උගන්වපු හැම දරුවෙක්ම ඉතාම හොඳීන් ස්වාධීනව ජීවිතය ගත කරනවා. විශ්වවිද්‍යාල ප්‍රවේශය ලබපු අයට අමතරව සමහර අය හොඳ රස්සා කරනවා, සමහර අය පිටරටවල්වල. ඒ නිසා සමාජ ශෝධකයකු විදිහට මම සෑහෙන්න සතුටු වෙනවා. ඉංග්‍රීසි ගුරුවරයෙක් විදිහට කරන වෘත්තිය මම කරන්නේ මුදලට. ඒ නිසා ලොකු තෘප්තියක් ලබන්නේ නැහැ. ඒ ජීවිත මට හරිම දුරයි. මට ඔවුන්ව මගේ ආකාරයට හැඩගස්වන්න බැහැ. ඔවුන්ගේ මවුපියන්ට අවශ්‍ය විෂය මාලාව අනුව ඉංග්‍රීසි උගන්වන එක. ඒ අතරවාරයේ ජීවිතය සම්බන්ධයෙන් විවිධ දේවල් කියන්න ගිහිල්ලා සිලබස් එක මිස් වුණා කියලා ළමයි මාව දාලා ගියපු අවස්ථාත් තියෙනවා. මම නාරහෙන්පිට ඉන්න කාලේ පෞද්ගලික සහ රාජ්‍ය ආයතනවල හිටපු බොහෝදෙනා මගෙන් ඉංග්‍රීසි ඉගෙන ගත්ත අය. සමහරු පවුල් පිටින් මගෙන් ඉංග්‍රීසි ඉගෙනගත්තා.

ජීවිතය දිහා ආපසු හැරිලා බලද්දී වැඩිපුරම තියෙන්නෙ සතුටු වෙන්න පුළුවන් තැන්ද පසුතැවෙන තැන්ද?

ඔක්කොම තියෙන්නෙ සතුටුවෙන්න පුළුවන් දේවල්. මම ජීවිතේ කිසිම තැනකදී පසුතැවිලා නැහැ. මගේ ජීවිතය දරාගන්න බැරි අහිමිවීම් දෙක අම්මයි තාත්තයි නැති වුණ එක. ඒ හැරුණුකොට පසුතැවීම් නැහැ.

ජීවිතයේ ඉදිරි අභියෝගවලට රුවන් වික්‍රමසිංහ ලෑස්තිද?

සියයට සියයක් ලෑස්තියි. මට ඉන්නේ පුතෙක්. මට ඕනේ මටත් වඩා හොඳ පුතෙක් හදාගන්න. මට තියෙන අභියෝගය මගේ අම්මයි තාත්තයි මාව හදා ගත්තට වඩා හොඳට මගේ පුතාව හදාගන්න පුළුවන් වෙයිද කියන එක. එයාලා මාව එක ලෝකෙකින් තව ලෝකෙකට මාරු කළා. මගේ පුතා දැන් ඉන්නේ මාත් එක්ක මේ ලෝකේ. මට තියෙන අභියෝගය තමයි පුතාව මිනිස්සු ගැන දැනෙන, මිනිසුන්ගේ දුක දන්න, අනිත් මිනිස්සුන්ට උදවු කරන කෙනෙක් කරන්නේ කොහොමද කියන එක.

නිර්මාණි බණ්ඩාරනායක

උපුටා ගැනීම සාරවිට

සරාගී ටිනගේ අළුත්ම පින්තූර ටික මෙන්න

නව තාක්ෂණයත් එක්ක අද සමාජයේ කැපී පෙනෙන චරිතයක් වෙනවා කියන්නේ සුළු පටු දෙයක් ,, නමුත් පහුගිය අවුරුදු කිහිපය පුරාවටම සමාජ මාධ්‍ය කලබපු චරිත කිහිපයක්ම අතරින් මැය කැපී පෙනන චරිතයක් වුණා, රංගනය, නාර්ථනය, නිරුපණය, කිවුවහම ලංකාවේ මේ සියල්ලටම දක්ෂ නිළියන් අතලොස්සයිනේ ඉන්නේ ඒ අතර ටීනා ශනෙල් කියන්නේ දක්ෂ රංගන ශිල්පනියක් මේ ඇය තෛපොංගල් දිනය දා කරපු වෙනස්ම විදිහේ වැඩක් තමයි මේ

Image may contain: Teena Shanell Fernando

හිමායා බණ්ඩාර උපන්දිනය සැමරූ හැටි චායාරූප එකතුව

හිමායා බණ්ඩාර කියන නම ඇසූ පමණින්ම හැමෝටම මතක් වෙන්නේ දෙවෙනි ඉනිම නාට්‍යයේ ‘සොනාලි ටීචර්’ගේ චරිතයයි. හිමායා ඒ තරමටම සොනාලි ටීචර් හරහා ප්‍රේක්ෂකයන් අතරට ගියා. ඉතිං පහුගිය දිනෙක හිමායාගේ උපන්දිනය යෙදී තිබුණා. උපන්දිනය වෙනුවෙන් හිමායාගේ මිතුරු මිතුරියන් ඇයට විශේෂ වූ තෑගි රැසක්ම දීලා තිබුණා

එහි ඡායාරූප කිහිපයක් පහතින්

2021 ලග්නෙට අනුව ඔබ ගැන කියවෙන දේ මෙන්න

අපි 2021 වර්ෂය ආසන්නයටම ඇවිත්. එය දිග හැරෙන්නේ කෙසේද යන්න අප බොහෝ දෙනෙක් තුල කුතුහලය ඇති කරන්නක්. මේ නිසා ඔබේ කේන්දර සටහනට අනුව, නව වසර සමඟ ගෙන ඒමට හැකි දේ පිළිබඳ සොයා බැලීමට අපි තීරණය කලා. ඒ අනුව 2021 එළඹෙන වර්ෂය ඔබේ ලග්නයට වාසිදායකදැයි පහතින් බලන්න පුලුවන්.

මේෂ
වාසනාවන්ත අංකය: 5 වාසනාවන්ත වර්ණය: කොළ – නිල්
වෘත්තීය හා මූල්‍ය ක්ෂේත්‍රයේ සාර්ථක වසරක් අපේක්ෂා කළ හැකිය. අන්තර් පුද්ගල සම්බන්ධතා සහ සෞඛ්‍යය පිළිබඳ කාරණාවලදී ඔබ ස්ථාවර ප්‍රගතියක් ලබා ගනු ඇත. මූලික ක්‍රියාශීලීව සිටීම සඳහා යෞවනයන් එළිමහන් ක්‍රියාකාරකම් කෙරෙහි වැඩි උනන්දුවක් දක්වනු ඇත . ව්‍යාපාර වලදී, පළමු කාර්තුව තුළ ගණනය කළ අවදානම් කිහිපයක් ගැනීමට ඔබට සිදුවනු ඇති අතර වෘතිය වෙනුවෙන් ඔබ සම්මානයට පවා පාත්‍ර විය හැක.

පවුල් ජීවිතයේ, පළමු කාර්තුව තුළ යම් කැළඹිලි සහගත තත්වයක් සහ අසමගියක් ඇති විය හැකි අතර පසුව නිවාස හා පවුල් ජීවිතය සමථයකට පත් වේ. දරුවන් සමඟ, විශේෂයෙන් වැඩිහිටි හා විවාහක දරුවන් සමඟ හොඳ සම්බන්ධතාවයක් ඔබ භුක්ති විඳිනු ඇත. හවුල් පවුලක එකට ජීවත්වීම සිත්ගන්නාසුළු වනු ඇත. ඉදිකිරීම් ව්‍යාපාරයේ ආයෝජනය කිරීමෙන් ලාභදායී ප්‍රතිඵල ලැබිය හැකිය. ඔබගේ උදව් සහ දායකත්වයන් ප්‍රසිද්ධියේ පිළිගැනීමෙන් ඔබව වැඩි අවධානයට ලක් වේ.

වෘශභ
වාසනාවන්ත අංකය: 2 වාසනාවන්ත වර්ණය: ඉන්ඩිගෝ
2021 වර්ෂය සිසුන්ට වඩාත් හිතකර වන අතර ඔවුන් සිය අධ්‍යාපනයේ කැපී පෙනෙන දියුණුවක් ලබා ගනී. ඔබගේ වැඩ සහ කැපවීම මෙම වසරේ ඔබට ත්‍යාග සහ පිළිගැනීමක් ගෙන එනු ඇත. නව ව්‍යාපෘතියක් ආරම්භ කිරීම අපේක්‍ෂා කරන්නේ නම් එය තුන්වන කාර්තුවේදී ආරම්භ කිරීමෙන් වඩා මූල්‍යමය වාසි ගෙන එනු ඇත. වෘත්තීය ජීවිතයේ වැදගත් අංශයක ස්වාධීන වගකීම භාර ගැනීම සඳහා ඔබට වරප්‍රසාද හිමි වනු ඇත.

පැරණි මිත්‍රත්වයක් ජීවිත කාලය පුරාම බැඳීමක් බවට පත්වීමේ ප්‍රබල අවස්ථා තිබේ. ඔබේ ආකර්ශනීය බව සහ බුද්ධිය ඔබව සමාජ හමුවක ආකර්ෂණීය කේන්ද්‍රස්ථානය බවට පත් කරනු ඇත. නිවාස හා පවුල් ජීවිතය සාමකාමී වනු ඇත. මතභේදාත්මක දේපල සමඟ ගනුදෙනු කිරීමෙන් වළකින්න, එය වෙළඳපොලේ ඔබේ කීර්ති නාමයට හානි කරයි. ආගමික කාර්යයන් වලට දායක වීමට ඔබට ලැබෙන අවස්ථාවන්, අහිමි නොවන බවට වග බලා ගන්න. මානසික ශක්තිය වැඩි දියුණු කරගැනීමට යෝගා සහ භාවනා වල නිරත වන්න.

මිථුන
වාසනාවන්ත අංකය: 1 වාසනාවන්ත වර්ණය: රතු
2021 දී ඔබට සාර්ථක මූල්‍යමය ධාවනයක් ලැබෙනු ඇති අතර ඔබේ නව වෘත්තිය ශක්තිමත් සටහනකින් ආරම්භ කරනු ඇත. මෙම කාලය තුළ අන්තර් පුද්ගල සබඳතා ද ශක්තිමත් වනු ඇත. ඔබ සෞඛ්‍ය සම්පන්න පුද්ගලයන් සමඟ ඇසුරු කිරීම ආරම්භ කරන විට ඔබ ශක්තිමත් සෞඛ්‍යයක් භුක්ති විඳිනු ඇත. ඔබේ ඉපැයීමේ ශක්‍යතාවයේ කැපී පෙනෙන වර්ධනයක් ඔබට පෙනෙනු ඇති අතර එමඟින් දිගුකාලීන හිඟ මුදල් හෝ මූල්‍ය වගකීම් ඉවත් කිරීමට ඔබට හැකි වේ. රැකියාවල නියුතු අයට තම රැකියාවෙහි නිරවුල් බවක් දැනෙනු ඇති අතර තම ආයතනයේ වර්ධනය අපේක්ෂා කළ හැකිය.

තරුණ විවාහක යුවළයන් තම විවාහ ජීවිතය පිළිබඳ අවබෝධය හා සැලකිල්ල පිළිබඳ ස්වර්ණමය කාල පරිච්ඡේදයක් ආරම්භ කරනු ඇත. ඔබේ නෑදෑයින් වෙනුවෙන් ආගමික උත්සවයක් හෝ උත්සවයක් සංවිධානය කර මුළු පවුලම එකට එක් කළ හැකිය. ඔබේ වෘත්තීය අභිලාෂයන් පිළිබඳව දෙමාපියන් තුළ බියක් ඇති විය හැකි බැවින් ඔවුන් කෙරෙහි විශ්වාසය තැබිය යුතුය. හෝටල් කර්මාන්තයේ ආයෝජනය කිරීම නිවැරදි තේරීමක් විය හැකිය. නව නිවසක් ඉදිකිරීම හෝ නිවාස අලුත්වැඩියා කිරීම පළමු කාර්තුවේදී සිදු නොකළ යුතුය.

කටක
වාසනාවන්ත අංකය: 8 වාසනාවන්ත වර්ණය: ලා අළු
ඔබ පවුල් හා මූල්‍යමය වශයෙන් වාසිදායක කාල පරිච්ඡේදයක් භුක්ති විඳිනු ඇති අතර අතීත උත්සාහයන් 2021 දී ධනාත්මක ප්‍රතිලාභ ලබා දීමට පටන් ගනී. සිසුන්ට මේ වසරේදී දුෂ්කර තීරණ කිහිපයක් ගැනීමට සිදුවනු ඇත, නමුත් එය ඔවුන්ගේ උනන්දුව මත වනු ඇත. වැඩිහිටියන්ට මේ වසරේ නිරෝගීව හා සෞඛ්‍ය සම්පන්නව සිටීමට වඩාත් ක්‍රියාශීලී ජීවන රටාවක් ගත කිරීමට සිදුවනු ඇත. නව හවුල්කාරිත්වයන් සමඟ ව්‍යාපාරිකයින්ට තම ප්‍රවේශය පුළුල් කර ගත හැකිය. ඔබගේ උත්සාහය හා කැපවීම නිසා ඉහළ වගකීම් සහ නිදහසක් සහිතව උසස් තනතුරට උසස් වීමක් ලැබෙනු ඇත.

ප්‍රේම සම්බන්ධතා වල සුළු වෙනස්කම්, ප්‍රේම සම්බන්ධය පරාජය වීම් විය හැකි අතර අවබෝධය සහ සම්මුතිය මත ඒවා විසඳාගත හැකි වනු ඇත. පවුලේ බාලයන් ඔවුන්ගේ විශිෂ්ට ජයග්‍රහණ තුළින් පවුලට ගෞරවය හා ආඩම්බරය ගෙන එනු ඇත. කෙටි දැනුම්දීමකින් ගමන් කිරීම ඔබේ අපේක්ෂාවන්ට වඩා සතුටක් ගෙන දේ. දේපල වෙළඳාම් සඳහා ආයෝජනය කිරීමෙන් වළකින්න. මෑතකදී ඔබේ නමට පැමිණ ඇති මුතුන් මිත්තන්ගේ දේපලක් අළුත්වැඩියා කිරීමට ඔබට හැකිය.

සිංහ
වාසනාවන්ත අංකය: 9 වාසනාවන්ත වර්ණය: ලා දුඹුරු
ඔබේ ව්‍යාපාරයේ සැලකිය යුතු වර්ධනයක් සහිත ප්‍රගතිශීලී වසරක් අපේක්ෂා කළ හැකිය. වෘත්තීමය වශයෙන් ද ඔබේ අභිලාෂයන් බොහෝමයක් ඉටු කිරීමට වසර පොරොන්දු වේ. නවෝත්පාදනයන් හා නවීන තාක්‍ෂණය ඔවුන්ගේ පවත්නා ව්‍යාපාරයට ඒකාබද්ධ කිරීමට ව්‍යාපාරිකයින් සමත් වනු ඇත. මිනිසුන් ඔබව සමීපව බලා සිටින බැවින් වෘත්තීයම වර්ධනයන් ඔබව අවදානමට ලක් කරයි, නමුත් ඔබ විශිෂ්ඨ ලෙස එම කාර්යයන් ඉටු කරනු ඇත.

තරුණ යුවළයන් හොඳ සම්බන්ධතාවයක් බෙදාගනු ඇති නමුත් ඔවුන්ගේ සම්බන්ධතාවයේ බාහිර ඇඟිලි ගැසීම් පිළිබඳව ඔවුන් විමසිලිමත් විය යුතුය. සුහදතාවය සහ සමගිය පවත්වා ගැනීම සඳහා ඔබ පවුලේ අය සමඟ නිවසේ වැඩි කාලයක් ගත කිරීමට අවශ්‍ය වනු ඇත. ආගමික ස්ථානයකට ,දිගු කාලයක් තුල යාමට අපේක්ශා කල ගමනක් ඉතා සාර්ථක වනු ඇත. නිවසක වෙනසක් පුරෝකථනය කර ඇති අතර, මෙම පියවර ඔබේ නිවස තුළ බොහෝ සාමය හා සමෘද්ධිය ගෙන එනු ඇත. විදේශයන්හි ආයෝජනය කිරීම නීතිමය හේතුන් මත යම් යම් කරදර ඇති කළ හැකි නමුත් ඔබ සාර්ථක වනු ඇත.

කන්‍යා
වාසනාවන්ත අංකය: 3 වාසනාවන්ත වර්ණය: ලා දුඹුරු
කලබලකාරී කාල පරිච්ඡේදයකින් පසු පවුලේ හා මූල්‍යමය ස්ථාවරත්වය සමඟ ඔබට වාසිදායක කාලයක් භුක්ති විඳිය හැකිය. නව ව්‍යවසායකයින් ඔවුන්ගේ තනතුරු තහවුරු කර ගනිමින් ඔවුන්ගේ සීමාවන් පුළුල් කරනු ඇත. යෞවනයන් ඔවුන්ගේ ශරීරය සම්බන්ධයෙන් විශේෂයෙන් සැලකිලිමත් වන අතර ඔවුන්ගේ විඳදරාගැනීම සහ යෝග්‍යතාවය පරීක්ෂා කිරීම සඳහා නව අභියෝග භාර ගනු ඇත. හවුල් ව්‍යාපාර සහ හවුල්කාරිත්වයන් විසුරුවා හැරීමට ඉඩ ඇති අතර එය මූලික පසුබෑමකට හේතු වන නමුත් ඔබ ස්වාධීනව වැඩ කරන විට ඔබට වඩා හොඳ වනු ඇත.

සේවයේ නියුතු අයට ඔවුන්ගේ අපේක්ෂාවන් වැඩිදියුණු කර ගැනීමට නව අවස්ථා සොයා බැලිය හැකිය. අවිවාහක අයට විවාහ වීමට බලපෑම් ඇති විය හැකි අතර ඔවුන් නිවැරදි තේරීමක් කරනු ඇත. පවුලේ තරුණයෙකුට ඔබේ මග පෙන්වීම සහ රැකවරණය අවශ්‍ය වේ. නිල කටයුතු වෙනුවෙන් ඔබට වසරේ අග භාගයේදී වැඩි වශයෙන් ගමන් කිරීමට සිදුවනු ඇත. මිතුරන් සමඟ විදේශීය ගමනක් යෑමේ ඔබේ සිහිනය සැබෑ විය හැකිය. දේපල වෙළඳාම් සඳහා ආයෝජනය කිරීමට පෙර, ඔබේ පවුලේ සාමාජිකයන්ගේ උපදෙස් ගන්න. ඔබගේ යෝජනා මගින් මඟ පෙන්වනු ලැබීම ගැන ජනතාව සතුටු වන අතර ඒවා උද්යෝගයෙන් ක්‍රියාත්මක කරනු ඇත.

තුලා
වාසනාවන්ත අංකය: 4 වාසනාවන්ත වර්ණය: අහස නිල්
2021 දී ඔබ සමෘද්ධිමත් හා වාසනාවන්ත කාල පරිච්ඡේදයක් භුක්ති විඳිනු ඇත. ඔබේ වෘත්තියෙහි ස්ථාවරත්වය සහ ඔබේ පවුල් සබඳතාවල සමගිය ඇති වනු ඇත. ආහාර සීමා කිරීම් හා නිතිපතා ව්‍යායාම කිරීමෙන් දියවැඩියාවෙන් පෙළෙන අයට යහපත් ජීවිතයක් ගත කළ හැකිය. පවුලේ ව්‍යාපාරයේ යෙදී සිටින අයට නව මංපෙත් සොයාගත හැකිය. සේවයේ යෙදී සිටින අය තම වෘත්තිය ගැන වැඩි සැලකිල්ලක් දැක්විය යුතුය.

ආදරය කරන අයට විවාහයට අවස්ථාව සැලසේ. ඔබේ ආදර සහකරු සමඟ හුදෙකලා ස්ථානයකට නිවාඩුවක් ගත කිරීමටද හැකියාවක් ලැබේ. ව්‍යාපාර හෝ දේපළ සම්බන්ධ ඕනෑම නීතිමය ආරවුලක් ඔබට පක්ෂව තීරණය වේ. ලාභදායී දේපළ, නිවැරදි ස්ථානයක මිලදී ගැනීමෙන් ඔබට වාර්ෂිකව තුන් ගුණයක ලාභයක් ලබා ගත හැකිය. ඔබ හොඳ අදහස් වලින් පිරී ඇති අතර ඔබ තෝරා ගන්නා ක්‍රියාකාරකම්, අපේක්ෂා කරනවාට වඩා ධනාත්මක ප්‍රතිඵල ගෙන එයි.

වෘශ්චික
වාසනාවන්ත අංකය: 18 වාසනාවන්ත වර්ණය: තද රතු
ව්‍යාපාර කරන අයගේ ව්‍යාපාර සාර්ථක වේ. වෘත්තීය ක්‍ෂේත්‍රයේ නවකයන්ට අවස්ථා රාශියක් හිමි වේ. ප්‍රීතිමත් මනසක් ඔබට හොඳ සෞඛ්‍යයක් ලබා ගැනීමට ඉඩ සලසයි. වඩාත් අභිලාෂකාමී ලෙස තමන්ගේම ව්‍යාපාරයක් සැකසීමට ඉඩ ඇති අතර එය ඉදිරියේදී සාර්ථකත්වයක් ලබා දෙනු ඇත. ඔබ උපදේශකයෙකු හෝ නියෝජිතයෙකු ලෙස ස්වාධීනව කටයුතු කිරීමට අදහස් කර ඇත්නම්, ඔබ සාර්ථක වන අතර ඉක්මනින් මූල්‍ය ස්ථාවරත්වයක් අත්කර ගනු ඇත.

විවාහක අයට වැඩිහිටියන් හා දරුවන් සමඟ හොඳ සම්බන්ධතාවයක් හා අවබෝධයක් බෙදාහදා ගැනීම සඳහා අවස්ථාව ලැබේ. ගෘහස්ථ චර්යාවේ විශාල වෙනස්කම් වලට පවුලේ විරෝධතාවයන් ඇති විය හැකි බැවින්, විශාල වෙනස්කම් යෝජනා නොකරන්න. පවුල තුළ දීර්ඝ කාලයක් තිස්සේ පැවති දේපල ආරවුලක් සමථයකට පත් වන අතර ඔබට වත්කම්වලින් විශාල කොටසක් ලැබෙනු ඇත. වසරේ දෙවන කාර්තුවේදී ඔබේ ඉඩම හෝ නිවස උකස් කිරීම සුදුසු නොවේ. ඔබ වටා එකවර යහපත් දේවල් කිහිපයක් ආරම්භ විය හැක.

ධනු
වාසනාවන්ත අංකය: 7 වාසනාවන්ත වර්ණය: අළු
අසීමිත නිර්මාණශීලිත්වය සහ උද්යෝගය ඇති අය සඳහා 2021 වර්ෂය සාර්ථකත්වය සහ පිළිගැනීම ගෙන එයි. වෘත්තීයමය වශයෙන් ඔබට බොහෝ දේ අත්කර ගැනීමට හැකි වන අතර ගෘහස්ථ ප්‍රීතිමත් කාල පරිච්ඡේදයකට පිවිසෙනු ඇත. අපනයන / ආනයන නිෂ්පාදන සම්බන්ධයෙන් කටයුතු කරන අය විශාල ජාත්‍යන්තර සංවිධානයක් සමඟ ඇති කරගත් බැඳීමකින් පසු වේගවත් ප්‍රගතියක් ලබා ගනු ඇත. ඔබේ සමාගම විසින් සිදු කරනු ලබන අභිලාෂක ව්‍යාපෘතියේ ප්‍රධානියා වීමට ඔබට අවස්ථාව ලැබෙනු ඇත; ඔබ ඔබේ රාජකාරි සුවිශේෂී ලෙස ඉටු කරනු ඇත.

ඔබගේ උත්සාහය හා කැපවීම සමඟ ගෘහස්ථ සමගිය නිතරම පවතිනු ඇත. ගෘහස්ථ සාමයේ සහ සන්සුන් භාවයේ ධනාත්මකභාවය දරුවන් කෙරෙහි ධනාත්මකව පිළිබිඹු වේ. පවුලේ අය සමග විනෝද චාරිකාවන් යාමට අවස්ථාව සැලසේ. ඔබ දේපලක් මිලදී ගැනීමට අදහස් කරන්නේ නම්, නීතිමය කරුණු පිළිබඳව සමීපව සොයා බැලිය යුතුය.

මකර
වාසනාවන්ත අංකය: 9
වාසනාවන්ත වර්ණය: තද නිල්
නව වසරේ ඔබට පාඩු පියවා ලාභාංශ ලබා දීමට පටන් ගනී. ඔබගේ වෘත්තීය ජීවිතයට ස්ථිර පදනමක් ලැබෙන අතර ඔබට කීර්තිමත් අවස්ථාවන් හිමී වේ. ප්‍රාග්ධනය අපේක්ෂා කරන වෘත්තිකයින්ට සහ ව්‍යවසායකයින්ට පහසු කොන්දේසි මත අවශ්‍ය අරමුදල් ලැබෙනු ඇත. වාණිජ දේපලවල හොඳ ගනුදෙනුවක් ඔබේ මාර්ගයට පැමිණිය හැකිය.

ආදරය කරන අයට පවුලේ වැඩිහිටියන්ගේ ආශිර්වාදය ලැබෙන අතර ඔවුන්ගේ පීඩනය යටතේ විවාහවීම පිළිබඳව සලකා බැලීමට සිදු වෙනු ඇත. යෞවනයන් නිවැරදි මාවතකට ගෙන ඒමට ස්ථිර ලෙස හැසිරවීම අවශ්‍ය වේ. වෘත්තීයමය වශයෙන් බෙහෙවින් ප්‍රයෝජනවත්, දුරස්ථ නගරයකට යාමට සිදු වෙනු ඇති අතර එමගින් එතරම් පෞද්ගලික ප්‍රීතියක් නොලැබෙනු ඇත. ඔබේ දයානුකම්පාව සහ අවබෝධය දැඩි අවශ්‍යතා ඇති මිතුරෙකුට බෙහෙවින් උපකාරී වනු ඇත.

කුම්භ
වාසනාවන්ත අංකය: 18 වාසනාවන්ත වර්ණය: මැජෙන්ටා
සර්වකාලීන වර්ධනයක් සහ සංවර්ධනයක් සඳහා 2021 වර්ෂය ඉතා යහපත්ය. ව්‍යාපාරයේ යෙදී සිටින අයට හෝ නව ව්‍යාපාරයක් ආරම්භ කරන අයට එය ඉතා ලාභදායී වනු ඇත. වසරේ දෙවන කාර්තුවේදී ඔබ අන් අය සමඟ සතුට හා සුහදතාවය බෙදා හදා ගැනීමෙන් සෞඛ්‍යය වර්ධනය වේ. ඉතා ශක්තිමත් තරඟකාරී ක්‍රීඩාවකට සම්බන්ධ වීමට ඇති ඔබේ ආශාව ඔබේ ශක්තිමත් සෞඛ්‍යය අනුව යථාර්ථයක් බවට පත්වනු ඇත. ප්‍රාග්ධනය ඉහළ නැංවීම සුළු වශයෙන් සිදු වන නමුත් ඔබ සාම්ප්‍රදායික ක්‍රම සමඟ කළමනාකරණය කරනු ඇත.

ආදරය පිළිබඳ දීර්ඝ කාලයක් තිස්සේ තහවුරු කිරීමක් අපේක්ෂා කරන අයට වාසනාවන්ත විය හැකිය. පවුල ඉදිරියේ ඒකපාර්ශ්වික තීරණ ගැනීම දෙමාපියන්ගේ කෝපයට හේතු වනු ඇත, එබැවින් මුඒණ්ඩු වීම වළක්වා ගන්න. දුරස්ථ වූ පවුලේ අය එකට එකතු කිරීමට උත්සව අවස්ථා ඇති වේ. ආදර සහකරුවා සමඟ විනෝද චාරිකාවන් යාමට අවථාව ලැබේ. තම දේපළ බැහැර කිරීමට බලාපොරොත්තු වන අයට මෙම වසරේදී හොඳ මිලදී ගැනීම් ලැබෙනු ඇත. තනිවම දේවල් කිරීමට ඇති ආශාව ඔබව සාර්ථක කරවයි.

මීන
වාසනාවන්ත අංකය: 6 වාසනාවන්ත වර්ණය: රෝසි බ්‍රවුන්
ව්‍යාපාරිකයින්ට ඔවුන්ගේ ව්‍යවසාය පුළුල් වන අතර අතිරේක අංශයක් පිහිටුවීම නිසා විශාල නවාතැනකට යාමට සිදුවනු ඇත. පෙර වර්ෂයේ වෙහෙස මහන්සි වී වැඩ කිරීමේ ප්‍රතිඵල ලැබෙන අතර එමඟින් ඔබේ ධනය වැඩි වේ. ආහාර පාලනය පිළිබඳ දැඩි පාලනය සහ සාම්ප්‍රදායික යෝග්‍යතා ක්‍රම මගින් ජීවන රටා රෝග වළක්වා ගත හැකිය. වර්ෂය තුළ හොඳ කාර්ය සාධනයක් ලබා දීමෙන් රැකියාව ඔබව ඉහළ මාවතකට යොමු කරනු ඇත. අලුත විවාහ වූ අය නව ස්ථානයක් කරා යොමු වන අතර තරුණයින් මෙන්ම වැඩිහිටියන් සමඟද හොඳින් සම්බන්ධ වනු ඇත.

පවුලේ තරුණ අයගේ ක්‍රියාකරකම් පවුලේ කීර්තියට හේතු වේ. දිගු නිවාඩුවක් ගත කිරීමට විශාල වියදමක් ඇති විය හැකි බවින් සුමට නිවාඩුවක් සඳහා සියල්ල කල්තියා සැලසුම් කරන්න. ඔබ හොඳ දිගුකාලීන ආයෝජනයක් සොයන්නේ නම්, ඉදිකිරීම් යටතේ පවතින දේපලක් සඳහා යන්න. ඔබට හොඳ සහ නරක දේ සඳහා විශිෂ්ට ඇසකින් ඔබට ආශීර්වාද ලැබෙනු ඇත.

උපුටා ගැනීම හින්දුස්තානි ටයිම්ස් පුවත්පත ඇසුරින්…

අන්තර්ජාලයට එකවුණු කස්තුරිගේ නවතම ඡායාරූප පෙළ මෙන්න

කස්තුරි ජයවර්ධන කියන්නේ මෝස්තර නිරූපණ ශිල්පිනියක් වගේම නවක රංගන ශිල්පිනියක්. පහුගිය දිනවල අතිශය සාර්ථකව විකාශය වුණු ටෙලි නාට්‍ය කිහිපයකම කස්තුරිගේ රංගනයන් දැකගන්න හැකි වුණා. ඒ වගේම මේ දිනවල ජනප්‍රිය ගීත රැසක රූප රචනා සඳහාද කස්තුරි රංගනයෙන් දායක වී තිබුණා. කස්තුරි ජයවර්ධන දායක වුණු අළුත් ඡායාරූප පෙළක ඡායාරූප කිහිපයක් අපට හමුවුණා.

එම ඡායාරූප පහතින් උපුටා ගැනීම සාරවිට

මට ඒක ‘වාව්’ කියන්න තරම් වැඩක් නෙමෙයි – මනෝජා ප්‍රනාන්දු

මනෝජා ප්‍රනාන්දු මේ දිනවල ජනප්‍රිය චරිතයක්. ඒ ‘පොදු‘ ටෙලි සිත්තමේ ‘කෞෂි‘ ලෙස කළ ඇගේ චරිත නිරූපණයේ සාර්ථකත්වය නිසයි. ඒ ලැබූ සාර්ථකත්වය ඇගේ ඉදිරි රංගන දිවියට පන්නරයක් වූයේ කෙසේ දැයි අද කතා බහෙන් ඇය අප හා බෙදා ගත්තා. පොදු නිර්මාණයෙන් පසු මනෝජා දැන් තරමක් කාර්යබහුලයි වගේ? මේ දවස්වල භාර ගත්තු වැඩ කිහිපයකට සුදානම් වෙනවා. ඒ වෙනුවෙන් චිත්‍රපට නරඹමින් රංගනයට දේවල් උකහා ගන්නට මේ දවස්වල මහන්සි වෙනවා.
‘කෞෂි‘ ගේ චරිතය අවසන් වුණත් ලැබෙන ප්‍රතිචාරවලින් අඩුවක් නැති බව ආරංචියි ? ඔව් පාරක ගියත් කෞෂි නේද කියලා ළඟට ඇවිත් කතා කරනවා. මම හරි කැමතියි කොහේ ගියත් නිදහසේ යන්න එන්න. කෞෂි නිසා ඒ නිදහස සීමා වුණා. මගේ හෙයාර් ස්ටයිල් එකත් වෙනස් කරගත්තා වැඩිපුර මාව ඉස්මතු නොවෙන්න. ඒත් ඒ වැඩෙත් අසාර්ථකයි. නිදහස සීමා වුණු එක හැරෙන්න ප්‍රතිචාර ගැන නම් මට සතුටුයි.
මේ නිර්මාණය සඳහා ලැබුණු අවස්ථාව ගැන මනෝජට මොකද හිතෙන්නේ ?
දෙරණේ ගයාත්‍රි අක්කා තමයි මට මුලින්ම ආරාධනා කළේ ‘පොදු’ එකට සම්බන්ධ වෙන්න. කළණ, රන්දික, ප්‍රියන්ත අයියලත් හිටපු නිසා මට ඒ නිර්මාණෙට සම්බන්ධ වෙන්න හිතුණා. නමුත් ‘පොදු‘ මේ තරම් උණුසුම් වෙයි කියලා කොහොමටත් හිතුවේ නැහැ. රංගනයට මෙතරම් ඇල්මක් ඇති වෙන්නේ කොහොමද?
මම පුංචි කාලේ ඉදන්ම නර්තනය හැදැරූවේ. නාට්‍ය කලාවට වැඩි ඇල්මක් තිබුණේ නැහැ. ගුරුවරුන්ගෙ බලකීරීම නිසයි නාට්‍ය කලාව හැදෑරුවේ. කාලෙකදී ඒ විෂය මග හැරුණත් නැවත 2015 කෙටි නාට්‍ය උලෙළෙදි හොඳම නිළිය ලෙස සම්මානය දිනා ගන්නවා. ඒ ආපු ගමන තමයි මම මේ යන්නෙ. කලාවට යොමු වෙන්න ගෙදර ආභාසය පසුබිම් වුණේ නැද්ද ?
මගේ තාත්තා චිත්‍ර ශිල්පියෙක්. නමුත් තාත්තා ඒක බිස්නස් එකක් විදියට කරන්නෙ නැහැ. අම්මා පොඩි කාලේ fmවල වැඩ සටහන් කරලා තියෙනවා. අක්කත් එහෙමයි. කලාවට යොමු වෙන්න පාර හැදුවේ අපේ පවුල. මට ගෙදරින් කිසිම නීතියක් දාන්නෙ නැහැ. ඔවුන්ට මාව විශ්වාසයි. ඒ විශ්වාසය තමා කිසිම බයක් නැතිව මේ ක්ෂේත්‍රය තෝරා ගන්න මට හයියක් වුණේ. රංගනය නිසා නර්තනය දැන් මගහැරිලාද?
මම උසස් අධ්‍යාපනයට හැදැරුවෙත් නර්තනය. නර්තනයෙන් කෙනෙක්ට යන්න පුළුවන් හොඳම අවසානය නර්තන උපදේශිකාවක් හෝ නර්තන ගුරුවරියක් වීම. හැබැයි මට ඒක ‘වාව්‘ කියන්න තරම් වැඩක් නෙමෙයි. මම කැමති නැහැ රාමුවකට කොටු වුණු රැකියාවක් කරන්න. මම දැන් ගොඩක් රංගනයට කැමතියි. රංගනය මගේ මනසට හරිම නිදහස්.
රංගනයේදී ඔබට සීමා නැහැ කියලද කියන්නේ? මම සාමාන්‍යයෙන් වාණිජ නිර්මාණ සහ මෙගා නාට්‍යවලට සම්බන්ධ වෙන්න කොහෙත්ම කැමති නැහැ. පොදු කියන්නෙත් මට කමර්ෂල් වැඩක්. වාණිජ නිර්මාණවලට අකමැති නම් ඇයි ඒකට කැමැති වුණේ? ඒකට සම්බන්ධ වෙන්න මම ලොකුවට හිතාගෙන හිටියේ නැහැ. කළණ අයියලා එක්ක කලින් වැඩ කරලා තිබුණු නිසා දැනුණා මේක වැඩක් වෙයි කියලා. ඒ හේතුව නිසයි බාර ගත්තේ. නමුත් සිනමාවේදී ඔය ප්‍රතිපත්ති නැහැ නේද?
සිනමාවෙදි මම වඩාත් කැමැති කලාත්මක නිර්මාණවලට. නමුත් සිනමාවේදී කමර්ෂල් ෆිල්ම්ස් කියන එකේ තේරුම මට තරමක් ප්‍රශ්නයක්.
මම ‘මන්කි මෑන්‘ කියන ෆිල්ම් එකට සම්බන්ධ වුණෙත් කළණ අයියලා එක්ක. එය වාණිජ නිර්මාණයක්. නමුත් වෙනම රහක් තිබුණු නිර්මාණයක්. ඒ නිසා නිර්මාණය අනුවයි සිනමාවෙදි ඔය තියරිය තීරණය වෙන්නෙ.
මනෝජා චරිතවලට අනුගත වෙන විදිහ එකිනෙකට වෙනස්? චරිතයකදී මම මුලින්ම හිතන්නේ මගේ ජීවිතේ මට ලැබිලා තියෙන අත්දැකීම්. ඒ අත්දැකීම් සහ හැඟීම මම තෝරා ගන්නා චරිතයේ යම් යම් තැන් වලට සමාන කරගන්න ට්‍රයි කරනවා. ඊළඟට මම උත්සාහ ගන්නේ ඒ චරිතය තුළ ජීවත් වෙන්න. රංගනය කියන්නෙ මානසිකව කරන දෙයක්.
ඔබ අනුකරණයේ යෙදෙන රංගන ශිල්පිනියක් ඉන්නවාද ? අපි කාව හරි අනුකරණය කරනවා කියන්නෙම ඒ පුද්ගලයාට සමාන තවත් කෙනෙක් බිහි වෙනවා කියන එකයි.
ඒ නිසා මම නම් කාවවත් අනුකරණය කරන්නෙ නැහැ. ස්වර්ණා මල්ලවආරච්චි , සෝමලතා සුබසිංහ, චාන්දනී සෙනවිරත්න වැනි ප්‍රවීණ රංගන ශිල්පිනියන්ට මම හරි කැමතියි. නමුත් ඔවුන්ගේ රඟපෑම් බලලා රංගනය ගැන දෙයක් මගේ ඔළුවට දාගන්නවා මිසක ඔවුන්ව අනුකරණය කරන්න මම පෙලඹෙන්නේ නැහැ.
උපුටා ගැනීමකි

සදනී මේ තරම් ලස්සන වුනේ කොහොමද කියලා දැනගෙන හිටියද ?

සඳනි ප්‍රනාන්දු කියන්නේ නව පරපුරේ සුරූපී රංගන ශිල්පිනියක්. නමුත් ඔබ දැන සිටියද සඳනි අගේ රුව රැකගන්නා ආකාරය ගැන .මේ විදිහට තමයි එතරම් ලස්සන සදනී තමන්ගේ රැකගන්නේ

සමට කෝමාරිකා සත්කාරය

රූගත කිරීම් නිසා අපට වැඩිපුර අව්වේ ගැවසෙන්න සිදු වෙනවා. ඒ නිසා සම දුර්වර්ණ වෙන අවස්ථා වැඩියි. කෝමාරිකා කියන්නේ ඒකට හොඳ සත්කාරයක්.

නිවසේ රැඳෙන බොහෝ වෙලාවට මම කෝමාරිකා පාවිච්චි කරනවා. නමුත් කෝමාරිකා ගාගෙන හිරු එළියට නිරාවරණය වෙන්න හොඳ නැහැ.

එතකොට සම කළු පැහැ ගැන්වීමේ සම්භාවිතාව වැඩියි. ඒක නිසා මම ඒ සත්කාරය කරන්නෙ නිවසේ රැඳෙන දවසට විතරයි.

ඔලිව් තෙල් ස්ක්‍රබ්

පිරිසුදු ඔලිව් තෙල් මම බොඩි ස්ක්‍රබ් එකක් විදිහට යොදා ගන්නවා. ඔලිව් තෙල්වලට කෝපි කුඩු ටිකක් සහ යෝගට් ටිකක් එකතු කරලා හොඳින් මිශ්‍ර කරලා ඒක සිරුරේ ආලේප කරලා ටික වෙලාවකින් සෝදා හරිනවා.

මුං ඇට ෆේස් පැක්

මේ සත්කාරය මම කරන්නේ ෂූටින් නැති දවස්වලටයි. ඒකට මම යොදා ගන්නේ මුං ඇට. මම මගේ පහසුව වෙනුවෙන් මුංඇට ගෙනත් සෝදා පිරිසුදු කර කුඩු කරලා පවුඩර් එකක් වගේ හදාගෙන තියාගන්නවා. ඊටපස්සේ අවශ්‍ය වෙලාවට පාවිච්චි කරනවා. මුං ඇට පවුඩර් ටිකකට මී පැණි ස්වල්පයක් එකතු කරලා හොඳට කවලම් කරගෙන මුහුණ පුරා ආලේප කරලා විනාඩි 45ක් විතර තියෙන්නට හැරලා පිරිසුදු වතුරින් සෝදා ඉවත් කරනවා.

කොණ්ඩෙට තෙල් සත්කාරය

කොණ්ඩයට සත්කාර කරන්නේ මමම හදාගත්ත තෙල් වර්ගයකින්. ඒක මම හදා ගන්නෙ පියෝ ඔයිල්, එඬරු තෙල්, විටමින් E කරල් සහ තැඹිලි තෙල් ආදී සියල්ල එකට එක්කර රත්කරලයි. එය කොණ්ඩය නිරෝගීව පවත්වාගෙන යන්න මට උපකාරී වන සාර්ථක ක්‍රමයක්.

වතුර පානය කිරීම

ඒ විදියේ සත්කාර කරන අතර නිරෝගී පැහැපත් සමක් පවත්වාගෙන යන්න අවශ්‍ය ප්‍රධාන කාරණය අවශ්‍ය තරම් වතුර පානය කිරීම. ඒක අපි ගොඩක් දෙනා නොකරන දෙයක්. කාන්තාවක් දවසට වතුර ලීටර් තුනක්වත් බොන්න ඕනේ. ඒ විදිහට නියමිත වතුර ප්‍රමාණය පානය කරන්න පටන් අරගෙන සතියක් දෙකක් යද්දි අපට තේරෙනවා අපේ ශරීරය මොනතරම් වෙනස් වෙන්න පටන් ගන්නවද කියලා. යහපත් ශරීර සෞඛ්‍යකට අවශ්‍ය පරිදි වතුර පානය කිරීම ඉතාම වැදගත්.

තෙල් සහ පැණි රස කෑම

මම විශේෂයෙන් ආහාර පාලනය කරන්නෙ නැහැ. හරිම සාමාන්‍ය විදියට ආහාර ගන්නවා. නමුත් සීනී භාවිතය සහ අධික තෙල් සහිත ආහාරපානවලින් බොහෝ විට ඈත් වෙනවා. ඒ නිසා ලෙඩ රෝග අඩුයි.

ශරීර සුවතාව

ශරීර සුවතාව රුව රැක ගන්න ගොඩක් උදවු වෙනවා.මම ජිම් එකට යනවා. නමුත් කොරෝනා නිසා මේ දවස්වල ඒ දේවල්වලින් ඈත් වෙලා ඉන්නෙ. ලස්සනට ඉන්න ශරීර සුවතා ගොඩක් උදවු වෙනවා.

නින්ද සහ මානසික සතුට

ඕනෑම පුද්ගලයකුට කායික වගේම හොඳ මානසික නිදහසක් අවශ්‍යයි. ඒ මානසික සුවය ඇතිකර ගැනීමට ප්‍රමාණවත් නින්දක් ලැබීම අත්‍යවශ්‍යයයි. ඒ වගේම ආහාරවේලට පෝෂ්‍යදායි ආහාර එකතු කරගැනීමත් අවශ්‍යයි.

වසර 100කට පමණ පෙර අතීතයේ සිරිපා කරුනාවේ දුර්ලබ චායාරූප 25ක් මෙන්න

සිරි සම්බුදු පා පහසින් පූජනීය වූ සමනල ගිර පිහිටා තිබෙන්නේ සමනල කඳු පන්තියේ ය. බෑණ සමනල, කුණුදිය පර්වතය, ගිරාහොටය ආදී තවත් කඳු පෙළකට මැදිවුණු ශ්‍රී පාද කන්ද සමනල කඳු පන්තියේ උසම ස්ථානය වන්නේ ය.

දුරාතීතයේ සිටම ලාංකික සංස්කෘතිය හා ශ්‍රී පාද පුදබිම අතර ඇත්තේ අව්යෝජනීය සබැඳියාවකි. විශේෂයෙන් සමස්ත සබරගමුවම සමනොළ කන්ද හා සමන් දෙවියන් වටා එක් වූ සංස්කෘතික ධාරාවකට උරුමකම් කියයි. මේ නිසාම ශ්‍රී පාද පුදබිම හා බැඳුණු ජනශ්‍රැති බොහෝ ය. එම ජනශ්‍රැති විමසීමේ දී ශ්‍රී පාද වන්දනය ප්‍රධාන වේ.

රත්නපුර ශ්‍රී පලාබද්දල මාර්ගය, කුරුවිට එරත්න මාර්ගය, හැටන් නල්ලතන්නි මාර්ගය යන ප්‍රධාන මාර්ග තුනක් ඔස්සේ ශ්‍රී පාද වන්දනා ගමන් මග සැකසී තිබෙන අතර ඊට අමතරව බලංගොඩ සිට මාර තැන්න හරහා බගවන්තලාවට පැමිණ ඇහැළ කණුවට වැටෙන මාර්ගයක් ද තිබේ. එය එතරම් ප්‍රකට නැත. මේ අතරින් රත්නපුර පලාබද්දල මාර්ගය අනෙක් ප්‍රධාන මාර්ග දෙකට වඩා යම් තරමකට දුෂ්කර වේ. දුර ප්‍රමාණයෙන්ද වැඩි ය.

පවනැල්ල, ලිහිණිහෙළ, ඉදිකටුපාන, ධර්මරාජ ගල, සීත ගඟුල, හැරමිටි පාන, ආඬියා මළ තැන්න, ඇහැළ කණුව, මහ ගිරිදඹ යනුවෙන් ප්‍රවාදගත තොරතුරු ඔස්සේ නිර්මාණය වූ විශේෂ ස්ථාන නාම සහිත ගමන් මාර්ගයකි. කුරුවිට මාර්ගය හැරමිටිපානෙන් රත්නපුර මාර්ගයට ම සම්බන්ධ වේ. හැටන් මාර්ගය නල්ලතන්නියෙන් ඇරඹී ශ්‍රී පාද කන්ද තරණයට සැකසී ඇත. දුර ප්‍රමාණයෙන් අඩු නිසා වැඩි පිරිසක් ශ්‍රී පාද වන්දනාව සඳහා තෝරා ගන්නේ මේ මාර්ගයයි.

ශ්‍රී පාද වන්දනයට පිටත්වීමට මාස ගණනකට පෙර සිටම ඒ වෙනුවෙන් පේ වීමට සිංහල ගැමි ජනතාව පුරුදු වී සිටිති. කිල්ලට හසු නොවී පේවී ගමන් කිරීම එහිදී ප්‍රධාන වේ. ගැමියන් අතර වූ එවැනි ප්‍රධාන කිලි වර්ග සතරකි. වැදුගෙයි කිල්ල (මාසයයි) මල්වර කිල්ල (දින 14 යි), මාස් කිල්ල හා මරණ කිල්ල (මාස 3 යි) ලෙසිනි. මෙහිදී කාන්තාවන් විෂයෙහි බලපවත්වන කිලි ප්‍රධාන තැනක් ගන්නා බව පෙනේ.

වඳිනට සිරිපා යන්න සිටින අප හත් දවසක් පේවී සිටලා
එමෙන්ම අටසිල් පන්සිල් පේවී දස අකුසල් අත් හැරලා
සිඟන්නන්ට ආහාර වස්ත්‍රාදී වැඩිහිටියන් හැම සලකාලා
තමන්ගේ නෑදෑ කැළ මිතුරන් හට බත බුලතින් සංග්‍රහ කරලා

‘සිරිපා වන්දනාව පොතේ’ මේ කවියෙන් ඉදිරිපත් කර තිබෙන්නේ ශ්‍රී පාද ගමනට පෙර ගැමියාගේ පේවීම චාරිත්‍ර වාරිත්‍ර හා ගෞරවය මුසු වූ ගැමි විශ්වාසයයි.

වන්දනා නඩයේ ප්‍රමුඛයා නඩේ ගුරාය. මස් මාංශ අනුභවයෙන් වැළකී පේවී, කිල්ලට හසු නොවී නඩේ ගුරා සමඟ ගමනට එක්වන පිරිස ප්‍රධාන කොටස් දෙකකි. පුරුදුකාරයන් සහ කෝඩුකාරයන් ලෙසිනි. එක් වරක් හෝ කිහිප වරක් ශ්‍රීපාද වන්දනා කළෝ පුරුදු කාරයෝ ය. ප්‍රථමයෙන්ම ශ්‍රී පාද වන්දනාවට එක් වන්නේ කෝඩුකාරයෝය. කෝඩුකාරයන් ලෙස ගමනට එක්වන පිරිස අතර කිරිකෝඩු, දඬු කෝඩු හා මූකලන් කෝඩු වේ. කිරිකෝඩු යනු ළමයින් ය. තරුණ පිරිස් දඬුකෝඩුය. මූකලන්කෝඩු නම් වැඩිහිටි වයසක උදවියයි. කෝඩුකාරයන්ට සමන් දෙවියන් පිහිටවන බව පිළිගත් මතයකි.

ගමනේ දී කට වරද්දා නොගත යුතු අතර කෝඩුකාරයන්ට සමාව ලැබේ. එහෙත් කට වරද්දා ගන්නා පුරුදුකාරයන්ට නම් සමාවක් නැත. කට වරද්දා ගැනීම යනු වචනයෙන් වැරැදි දේ කීමය. ගමන අවසානය දක්වාම වන්දනා කරුවා ගෞරවයෙන් හා භක්තියෙන් ගමන් කළ යුතු ය.

සමනල කඳු ප්‍රදේශය සමන් දෙවියන්ගේ අඩවිය ලෙස ගැමියෝ හඳුන්වති. සබරගමු වැසියෝ නම් සමන් දෙවියන්ගේ රට ලෙස හඳුන්වති. සුමන සමන් දෙවිඳුන් වැඳ නමස්කාර කරමින් සිරිපා කරුණා කරන්නේ බොහෝ විට පසුදාට පහන් වන්නටය. එවිට ගමනේ විඩාව අඩුය.

රත්නපුර මාර්ගය ජනශ්‍රැතිය හා සමඟ ඇති සම්බන්ධය ඉතා වැඩිය. පැරැන්නන්ගේ විශ්වාසයට අනුව ශ්‍රී පලාබද්දල මාර්ගය රජමාවත ලෙස සැලකීම ඊට හේතුවය. සබරගමුවේ ජනතාව විශේෂයෙන් සිරිපා කරුණාවට භාවිත කරන්නේ මේ මාර්ගයයි.

සිරිපා කරුණාවේ දී කවි ගායනා කිරීම ප්‍රධාන සිරිතකි. තුන් සරණේ කවි ලෙස හැඳින්වෙන්නේ ගමන පුරා ගැයෙන මේ කවියි. වන්දනා නඩයේ ප්‍රධානියා, නඩේගුරා කවියට ද මූලාරම්භය දෙයි. තුන් සරණේ කවි, මෙන්ම පසුකාලීනව හිමගත වර්ණනාව වැනි පොත්වල එන කවිද ගැයෙන අතර මේවා ජනශ්‍රැතියෙන් පෝෂණය වූ ඒවා ය.

රත්නපුර මාර්ගයේ, යන විට ශ්‍රී පලාබද්දල පන්සලෙන් බුදුන්වැඳ සිරිපා කරුණා කිරීම සිරිතකි. ඉන්පසු මුලින්ම හමුවන්නේ පවනැල්ලය. ලිහිණිහෙළ ඊටත් පසුව හමුවේ. ලිහිණිහෙළ සම්බන්ධව ද ප්‍රවාද කතා නිර්මාණය වී තිබේ. ලිහිණි අක්කා නමින් ලිහිණිහෙළෙන් පැන මිය ගිය කාන්තාවකට නඩයේ පිරිස හඬ ගැසීම එහිදී සිදුවේ. තමන්ගේ හඬෙහි දෝංකාරය තමන්ටම ආපසු ශ්‍රවණය වන කල ලිහිණි අක්කා ප්‍රතිචාර දක්වන්නේ යැයි ද ගම්මු විශ්වාස කරති.

ධර්මරාජ ගලේ ගල්පඩි ගණන් කිරීම, කෝඩුකාරයින් ඇහැළ කනුවේ හිස ස්පර්ශ කිරීම සිරිපා කරුණාවේ ඉතා රසමුසු ජනශ්‍රැතිකාංගයන්ය. මහගිරිදඹ හෙවත් දළ බෑවුම් සහිත පද්මේ හෙවත් ශ්‍රී පාද මළුව ආසන්නයේ ගමන් මාර්ගය ඉතාම ආරක්ෂිතව ගමන් කළ යුතු කොටසයි. දැඩි සීතළ සුළඟ ආදී බාධක මෙහි උත්සන්නය.

අහස මේඝ වැසි වතුර ගලාගෙන
භීත කරන ගල් පහුරක් බැඳගෙන
වාත සුළං හෙල් කඳු පුපුරාගෙන
වසවතු ආවයි මේඝ මවාගෙන

අපේ බුදුන් අපි වඳින්ට
සිරස නමා අපි වඳින්ට
දෙදන නමා අපි වඳින්ට
දොහොත් මුදුන් දී වඳින්ට

මලුත් පුදා අපි වැන්දා
තෙලුත් පුදා අපි වැන්දා
පෙරළි පෙරළි අපි වැන්දා
අපේ බුදුන් අපි වැන්දා

නළල තබා අපි වැන්දා
දෙදන තබා අපි වැන්දා
පෙරළි පෙරළි අපි වැන්දා
අපේ බුදුන් අපි වැන්දා

ආදී වන්දනා කවි සමූහ වශයෙන් හඬනඟා ගැයීමෙන් ගමනේ කාන්සිය ද මහන්සියද නිවේ. විනෝදය ද විශ්‍රාන්තියද ඇතිවේ. ගම්මුන් විශ්වාස කරන්නේ මේ කවි ගායනාවන්හි දෝංකාරය කැලයේ දරුණු වන සතුන් පලවා හරින බවය. විශේෂයෙන්ම කට වරද්දා ගැනීමෙන් සතුන්ට ගොදුරුවීම, ලෙඩරෝග වලට ලක්වීම සිදුවිය හැකි බවට වන්දනා කරුවෝ විශ්වාස කරන නිසා අනවශ්‍ය කතාවන්ට ඉඩනොදී සංස්කෘතිය හා බැඳුණු මෙවැනි කවි ගායනා හා අනෙකුත් සිරිත් විරිත් හි නිරතවීමට උත්සුක වෙති. දෙහි ඇඹුල් හිස ගා සීත ගඟුලෙන් නා පිරිසුදු වීම, කෝඩුකාරයින් ගෙත්තම් පානේ දී ගෙත්තම් කිරීම ආදිය එවැනි සිරිත් ය.

ගෙත්තම් පානට මුනිරජ වැඩලා
තෙලි සම් දිව්සම් ආසන කරලා
ඉඳිකටු නූලුත් ගෙන සපයාලා
ගෙත්තම් කර මුනි දහම් අසාලා

ශ්‍රී පාද වන්දනාව සීතල දේශගුණය මධ්‍යයේ සිදුවන්නකි. විශේෂයෙන් කුඩා දරුවන් හා වයෝවෘද්ධ වන්දනා කරුවන් ශරීරය උණුසුම්ව තබා ගැනීම අත්‍යවශ්‍ය ය. වන්දනා කරුවන් මේ ගමන සඳහා අග්ගල වැනි ආහාර වර්ග ද සපයා ගන්නේ එවැනි සාධක ද සැලකිල්ලට ගනිමිනි.

’ අග්ගල කං ඩෝං පුතා
ගලේ නඟින් ඩෝං පුතා

ශ්‍රී පාද කරුණාවේ දී ‘අග්ගල’ ප්‍රධාන වූ බව මෙවැනි කවිවලින් පැහැදිලි ය.

සිරිපා වන්දනා ගමන භයංකර බව ගැමියා අදහති. ගමන අතර තුර විටින් විට කාලගුණික වෙනස්වීම්වලටද මුහුණ දෙන්නට සිදුවේ. අතීත කවියා මෙවැනි සාධකද පුරා වෘත්තයකට කවියකට ගොනුකර ඉදිරිපත් කිරීමතුළින් නිර්මාණ රසය තවදුරටත් ඉහළ නංවා ඇත.

සමන් දෙවියන්ගේ වාහනය ලෙස සැලකෙන්නේ සුදු ඇතෙකි. හිමේ හෙවත් ශ්‍රී පාද මාර්ගයේ ඉහළ කොටසේ සුදු ඇත්තු හෙවත් ඇළි ඇතුන් සිටින බව සබරගමු වැසියන්ගේ විශ්වාසයයි.

ශ්‍රී පාද පද්මය හෙවත් ශ්‍රී පාද මළුවේ ඇති බුදු රජාණන් වහන්සේගේ වම් පාද ලාංඡනය වන්දනා කර ගැනීම සිරිපා කරුණාවේ මුඛ්‍ය අරමුණය. කෝඩුකාරයින් ලවා ශ්‍රී පාද පද්මය නළල තබා වැන්දවීම නඩේ ගුරාගේ යුතුකමය.

ස්වස්තික දෙක පිහිටපු සිරි පතුලේ
සිරිවස දෙක පිහිටපු සිරි පතුලේ
නදවට දෙක පිහිටපු සිරි පතුලේ
අපි යමු වඳින්ට ඒ සිරි පතුලේ

මුනි සිරි පාදය මඟුල් ලකුණු 108 කින් සමන්විතය. ඒ ගැන ගැමියා කවියට නැඟු අයුරු ය ඒ.

මාස ගණනක සිට ගෞරවයෙන් හා භක්තියෙන් සිරිපා කරුණාවට පේ වූ අතීත ගැමියා ගමන පිටත් වූයේ සිය ගේ දොර, වතුපිටි දරුවන්ට ලියා තැබීමෙන් පසුව බව සිරිපා ඉතිහාසයේ කියැවේ. අතීතයේ දකුණු ලක මාතර, ගිරුවාය වැනි ප්‍රදේශයන්ගෙන් පැමිණි වන්දනා කරුවෝ නැවත ගම්බිම් බලා ඒමක් ගැන නොසිතූහ. ඔවුහු එදා අති දුෂ්කර සිරිපා ගමනෙහි යෙදුණේ හිතේ භක්තියෙන් හා පූර්ණ ශ්‍රද්ධාවෙනි.

දෙදෙව් ලොවට මම අධිපති වෙන්ටයි
කොදෙව් සතර වට කෙළ ඇවිදින්ටයි
මෙ දෙවි ඉදිරිපිට සිට දෙස් වන්ටයි
සදෙව් ලොවේ දෙවියෝ පින් ගන්ටයි

ආදී ප්‍රාර්ථනාවන්ගෙන් ඔවුහු සිත් සතන් පුරවා ගත්හ.

ඈත අතීතයේ සිට සිරිපා ගමන පිළිබඳ කියැවුණු ජනශ්‍රැති වර්තමානය වන විට සාහිත්‍යය ගත වී තිබේ. පුරාණ සමනල ගමන් විස්තරය, හිමගත වර්ණනාව, තුන් සරණය, සුමන දේවාලංකාරය, සිරිපාද හෑල්ල ආදී පොත්පත් අධ්‍යයනය කළ හැකි ය.

චායාරූප අයිතිය මුල් අයිතිකරුට උපුටා ගැනීම බුදු සරණ පුවත්පත සහ අන්තර්ජාලය ඇසුරෙන්