1 හුදකලාබව රස විඳීම ස්නානය කරන කාලය “සීමා-රහිත” කාලය ලෙසයි පැවසෙන්නේ. ස්නානය කරන වේලාව තුල අපිට බොහෝ විට කවුරුත් බාදාවන් ඇතිකරන්නේ නෑ. ෂවර් එකෙන් එන ශබ්දයත් ඔබට කරදරයක් නොවේ.
2 තීරණ ගැනීම හා ගැටළු විසඳීම
ස්නානය කරන ගමන් ඔබට හොඳ තීරණ ගන්න පුළුවන්. ඔබට බාදා කිරීමට කෙසිවෙක් නෑ. තනිව හොඳින් හිතන්න පුළුවන්. ඔබට යන්න තියෙන උපන්දින සාදයට අඳින ඇඳුම, හෙට දවසේ කරන්න තියෙනව වැඩ ටික ගැන හොඳින් හිතන්න මෙන්න හොඳම වෙලාව.
3 ප්රවෘත්ති ඇසීම
ඔබේ නාන කාමරයේත් රේඩියෝ එකක් තියෙනවාද? එහෙනම් ඔබට දවසේ පවෘත්ති අහන්න හොඳම වෙලාව තමයි ස්නානය කරන වෙලාව. ශබ්දය ටිකක් වැඩියෙන් දාන්න.
4 ඔබේ හදවත ගායනය කිරීම ස්නානය කරන ගමන් ගැයීම බොහෝ දෙනෙක් කරන විනෝදජනක දෙයක්. ගායනය මඟින් සෞඛ්‍ය වාසි රැසක් අත්වෙනවා. මානසික ආතතිය අඩුවී, ප්‍රතිශක්තීකරණ පද්ධතිය පවා ශක්තිමත් වෙනවා.
5 සුවඳ තෙල් භාවිතය ඔබේ නාන බඳුනට සගන්ධ තෙල් බිංදු කීපයක් එකතු කරන්න. එමඟින් ඔනේ මනෝභාවය වර්ධණය කර ඔබට නිසල බවක් ගෙනදෙනවා. වෙහෙසකාරී දිනයකදී මෙය කිරීමන් ඔබට පුදුම සහනයක් අත්වෙනවා. කපුරු හෝ දොඩම් සගන්ධ තෙල් භාවිතය මඟින් ශක්තිජනක බවක් අත්වෙනවා.
6 ඔබේ අදහස් සටහන් කිරීම අපිට “ආහා” කියලා කිවවෙන්නේ හොඳ අදහසක් පහල වූ විටයි. නාන කාමරයේ බිත්තියේ සවිකළ හැකි ජලයට ඔරොත්තු දෙන නෝට් පෑඩ් වර්ග තියෙන්වා. ඔබේ හිතට එකවර පහලවෙන අදහස් මෙහි සටහන් කරන්න. ඔබේ සැමියාට හෝ බිරිඳට මෙහි පණිවිඩයක් ලියලා තියන්නත් පුළුවන්.
7 ලිහිල් කිරීමක් ඔබේ බෙල්ලට රශ්ණේ වතුර වැටෙන විට පුදුම විදියට ආතතිය අඩුවෙනවා. බෙල්ලට උණුසුම ලැබෙන විට රුධීර සංසරණය වැඩිවී එකතුවුණු ලැක්ටික් අම්ලය ඉවත්වෙනවා. පැත්තෙන් පැත්තට හිස හැරවීම මඟින් විෂ ඉවත්වීම වේගවත් වී රුධීර ගමනය වැඩිවෙනවා.
8 ඉදිරිපත් කිරීමක් (presentation) සඳහා පුහුණුවක් ඔබ කථනයක් සඳහ සූදානම්වෙමින්ද ඉන්නේ? මෙන්න හොඳ වෙලාව. ස්නානය කරන ගමන් ඔබට ඒ සඳහා හොඳ පෙර පුහුණුවක් ලබාගන්න පුළුවන්. කැඩපතක් ඉදිරියේ පුහුණුවෙනවාට වඩා මෙය ප්‍රථිඵලදායක බවයි සඳහන් වෙන්නේ.
9 නාන කාමරය පිරිසිදු කිරීමක් ස්නානය කරන ගමන්ම ඔබට නාන කාමරය පිරිසුදු කරන්න පුළුවන් නම්, ඉන් ඔබට වේලාව ඉතිරිකරගන්න පුළුවන් නේද? නාන කාමරයේ බිත්ති මැදීම, කැඩපත් පිරිසිදු කිරීම, සින්ක් එක මැදීම ඔබට මේ වේලාවෙන කරන්න පුළුවන්. නාන කාමරය පිරිසිදු කරල පසුව ඔබ හොඳින් නා ගන්නවා.
10 භාවනා කිරීම හොඳ ස්නානයක් මඟින් මනස පිරිසිදු වී සෘණාත්මක අදහස් ඉවත්වෙනවා. ඔබට සැහැල්ලු බවක් අත්වෙනවා. ඒ වගේම, ස්නානය කරන විට ඔබට බාදා කිරීමට කිසිවෙකු පැමිණෙන්නේ නෑ. ඉතින් භාවනාවක් කිරීම සඳහා මෙන්න හොඳ වෙලාවක්. ඇඟ පුරා ගලා යන වතුර නිසා අත්වෙන සැහැල්ලුවෙන් නිර්මාණාත්මක බව වැඩිවෙනවා. ඔබේ සියලුම සෘණාත්මක ගති වතුර සමග සේදී කාණුවට ගසා යනවා කියලා හිතන්න.
11 ඉක්මන් ව්‍යායාමයක් ඔබට ජිම් යන්න කාලයක් නැති ද? ස්නානය කිරීමට පෙර නාන කාමරය තුලදීම ඔබට ඉක්මන් ව්‍යායාමයක් කරන්න පුළුවන්. පසුව ඔබට නාලා පිරිසිදුවෙන්නත් හැකිවෙනවා. ඔබ කැමති ඕනෑම ව්‍යායාමයක් කරන්න පුළුවන්..