සෙල්ෆි නිසා වැනසෙන ජිවිත මෙන්න

සෙල්ෆි කියන එක තරුණ කෙල්ලෝ කොල්ලන්ගේ ජිවිතයේ එක් කොටසක්වෙලා. කොහේ හරි ගමනක් ගිහින් සෙල්ෆියක් ගහන්න බැරි වුණා නම් එක ලොකු අඩුවක් විදියට දැනෙන්න පුළුවන්. සෙල්ෆි ගහන්න පුළුවන් සෙල්ෆි ස්ට්‍රික් එකකුත් දැන් ඇවිත් තියෙන්නේ. ඉස්සර නම් පින්තුර ගන්නකොට පින්තුර ගන්න කෙනා පින්තුරයේ නෑ. නමුත් දැන් එය වෙනස් වෙලා තිබෙනවා. group selfi නිසා හැමෝම එකතු වෙලා ෆොටෝ ගහනවා

Feeling happy, feeling sad ආදී ලෙස status දමමින් කටත් පොඩ්ඩක් ඇද කර ගනිමින් සෙල්ෆි ගහනවා. සෙල්ෆි ගැනීම වරදක් නැත. නමුදු මේ සෙල්ෆි නිසා අද වෙනකොට වැනසෙන ජිවිත අපමණය.

පහු ගිය කාලය තුළ මාධ්‍ය මගින් සෙල්ෆි නිසා මරණයට පත් වූ තරුණ තරුණියන් ගැන වාර්තා කලා. සෙල්ෆි ගන්න යන විට තමන් ඉන්නේ කොතනද, අවධානම් ස්ථානයක්ද යන්නවත් බොහෝ අයට සිහියක් නෑ. මේ නිසාම අද වෙනකොට නම් සෙල්ෆි නිසා මරණයට පත් වෙන පිරිස් වර්ධනය වෙමින් තිබෙනවා.

අද වෙනකොට නම් සාමාන්‍ය පින්තුරයට වඩා සෙල්ෆි ෆොටෝ වලට යම් වැදගත්භාවයක් ලැබිලා තිබෙනවා. මේ මතය දුරකතන සමාගම් විසින් මිනිසුන් අතර ඇති කල දෙයක්. මේ සමගම බොහෝ අය පරණ දුරකතන පැත්තකට දාලා අලුත් ෆෝන් අතට ගත්තා. ඔබ දන්නවද ඔබේ භාවිතා කරන දුරකථනය නිසා දුරකතන සමාගම් කොතරම් ලාබයක් ලබනවාද කියා.

ඔවුන්ට ලැබෙන ලාබය වැඩි වෙන්න වැඩි වෙන්න සමාජයට සිදු වන හානියත් වැඩි වෙන්න පටන් ගන්නවා. යම් සමාගමක් සියයට තුන්සිය ඉක්මවා ලාබ ලබයි නම් ඔවුන් අනිවාර්යෙන්ම මනුශ්‍ය ඝාතකයින් බව කාල් මාක්ස් වරක් ප්‍රකාශකොට ඇත. අද ඒ බව ඔප්පු වෙලා තිබෙනවා. ඔබ නොදැනුවත්වම ඔබේ දුරකතනය ඔබව බිල්ලට ගන්නවා.

පහුගිය වකවානුවේ ආජන්ටිනාවේ ඉතාමත් ඛේදනිය සිදුවීමක් වාර්තා වුණා. තර්ජනයක්ට ලක් වෙලා සිටි ඩොල්පින් පැටියෙකු දැක එම ස්ථානයේ සිටි හැමෝම එකතු වී එම පැටියාගේ සෙල්ෆි ගහන්න පටන්ගෙන තිබෙනවා. වෙරලාසන්නව පිහිනමින් සිටි මේ පැටියා ගෙනවිත් එකිනෙකා සමග සෙල්ෆි ගස විනෝද වී පසුව එම අසරණ සතා ජලයට පවා නොදමා මඩේ අත්හැර ගොස් තිබෙනවා. අවසානයේ මේ අහිංසක සතා මිය ගොස් තිබෙනවා.

සෙල්ෆි වැනි තප්පර දෙක තුනක බොළද ආසාවක් නිසා ඉතාමත් පහත් ක්‍රියාවල මිනිස්සු නිරත වේ. මිනිසුන් යනු ආශාවන් පිටුපස හබා යන පිරිසකි. එමෙන්ම ඇතැමුන්ට තිබෙන ප්‍රදර්ශණ කාමය නිසා තම පුද්ගලිකත්වය පවා ලෝකයට එලි කරනවා.

ඔබ ඔබේ පවුල, පෙම්වතා, යහළුවන්,ස්වාමියා සමග සතුටින් සිටිනවා විය හැකිය. නමුදු එය ලෝකයට අනාවරණය කල යුතු නැත. ඔබ අන්තර්ජාලයට යමක් එකතු කරනවානම් එය දහස්වාරයක් සිතන්න. අන්තර්ජලයක් යමක් එකතු කල විට නැවත එය ඔබ එය මකා දැම්මත් එය කොහේ හරි තැන්පත් වෙලා තිබෙනවා.

තාක්ෂණයේ කිසිම වරදක් නැත. වරද ඇත්තේ ඔබ සතුය. සෙල්ෆියකට තම ජීවිතය ලඝු කරන්න තරම් ඔබ අනුණුවන වන්නේ මන්ද. සෙල්ෆියකට වඩා ඔබේ ජීවිතය වටිනා බව තේරුම් ගන්න. ඔබ සෙල්ෆි නිසා ඔබේ ජීවිතය විනාස කර ගන්න විට දුරකථන සමාගම් ඉහලින්ම වැජඹෙනවා. සෙල්ෆි යනු ජිවීතය නොවේ. සෙල්ෆි ෆොටෝ ඔබ අන්තර්ජාලයට එක් කොට සතුටක් ලබනවා ඇත.

එසේ වුවද එය සිහියෙන් අවබෝධයෙන් සිදු කරන්න. තාක්ෂණයේ දියුණුව අපට වැළක්විය නොහැකිය. අපද තාක්ෂනය භාවිතා කල යුතුය. තාක්ෂණය භාවිතා කලද එය හසුරුවන ආකාරය පිලිබදව දැනුවත්භාවයක් තිබිය යුතුය. තමන්ගේ ආරක්ෂාවත් සලසා ගෙන සිහියෙන් යුතුව සෙල්ෆි ගැනීමේ වරදක් නැත. නමුදු සෙල්ෆි හරහා ඔබේ අනන්‍යතාවය සහ පුද්ගලිකත්වය ලෝකයකට අනාවරණය නොකිරීමට වග බලා ගන්න.

හිරු එළියෙන් ඔබේ මුහුණ ආරක්ෂා කර ගන්න රහස් ක්‍රම 5ක්

වසර පුරාම දැඩි හිරු එලිය වැටෙන අපේ රටේ සම ආරක්ෂා කර ගන්නවා කියන්නේ සෑහෙන්න බරපතල වැඩක්. හැබැයි ඉතින් ඉර එළියේ තිබෙන විකිරණශීලී පාරජම්බල (UV) කිරණ කියන්නේ කාන්තාවන් අකලට මහලු බවට පත් කරවන ප්‍රධානම සාධකය තමයි. UV කිරණ සමේ ඇති කොලජන් විනාශ කරලා සමේ ඇති කරන දාහය මගින් සෛල වල ඇති DNA ඍනාත්මක

ආකාරයෙන් වෙනස් කරවනවා කියා විද්‍යාත්මක පර්යේෂණ මගින් තහවුරු කර තිබෙනවා. ඒ නිසා ඔබට හිරු රැසින් සම ආරක්ෂා කර ගන්න නම් මේ දේවල් අකුරටම පිළිපදින්න ඕනේ. මේ ක්‍රියාමාර්ග තරමක් අස්වාභාවික බව ඔබට හිතෙන්න පුළුවන්. එහෙත් ඔබේ සුන්දර සම අකාලේ වයසට යවන්නේ නැතුව හැමදාම සුන්දරව තියා ගන්න නම් මේ දේවල් කරන්නම වෙනවා.

(01) කුඩය සහ තොප්පිය අනිවාර්යයි

නිකන් බස් නැවතුමේ හිටගෙන ඉන්න ටික වුනත් , ගේ ළඟ කඩේට ගියත්, ඔෆිස් එකේ ඉඳලා ලන්ච් ගන්න එලියට ගියත් කුඩයක් හෝ තොප්පියක් ගෙනියන්න. තොප්පිය ඔබේ ඇඳුම් ආයිත්තම් වල අංගයක් කර ගන්න. Casual සහ Official ඕනෙම විලාසිතාවකට ගැලපෙන විදිහට ඉතාම ලස්සන තොප්පි වෙළඳ පොලෙන් මිලදී ගන්න පුළුවන්. මොහොතකට වුනත් ඉර එලියට නිරාවරණය වීම ඔබේ සමට නරකක් මිස හොඳක් නම් කරන්නේ නැහැ.

ඒ වගේම ජනේල හරහා එන තද ඉර එළියේ වුනත් UV කිරණ ඇති තරම් තිබෙනවා. ඒ නිසා ගෙදර පවා අවුව එන විශාල ජනේල ඇත්නම් තිර රෙදි දාල ආවරණය කරන්න. සම තමයි ඔබේ මුහුණ ලස්සන කරන ප්‍රධාන සාධකය. එම නිසා කොයිම විදිහකින් වත් දැඩි හිරු එලියට නිරාවරණය වෙන්න එපා.

(02) සන් ප්‍රොටෙක්ශන් (Sun Protection) අඩංගු ක්‍රී‍ම් එකක් ගාද්දී මුහුණේ විතරක් නෙවෙයි බෙල්ලෙත් ගාන්න

සන් ප්‍රොටෙක්ශන් අඩංගු ක්‍රී‍ම් එකක් අපේ වගේ රටකදී ඉර එළියෙන් බේරෙන්න හොඳ ක්‍රමයක්. ඒ වගේම හොඳින් ආලේප කිරීමත් එකසේ වැදගත් වෙනවා. මුහුණේ විතරක් නොවේ බෙල්ලේ පවා ඔබ අවුවේ යද්දී ලෝබ නැතුව ආලේප කළ යුතුයි. ඒ වගේම ඔබේ සමට ගැලපෙන සන් ප්‍රොටෙක්ශන් අඩංගු ක්‍රී‍ම් එකක් ගාන එකත් වැදගත්. නැත්නම් ඉරෙන් ආරක්ෂා වීම පැත්තකට ගිහින් කුරුලෑ, තෙල් සහිත වීම වගේ අනවශ්‍ය කරදර වලට ඔබට මුහුණ දෙන්න සිදු වෙනවා.

(03) වාහනේ පදවද්දී පරිස්සමෙන්
අපි බොහෝ දෙනෙක් ඉර එලියට නිරාවරණය වෙන්නේ මෙන්න මෙතැනදී තමා. අපේ රටේ කාර් වල වීදුරු අඳුරු කරන්නත් තහනම් නෙ. ඒ නිසා කාර් එකේ යද්දි හොඳ සන් ප්‍රොටෙක්ශන් අඩංගු ක්‍රී‍ම් එකක් ආලේප කිරීම සහ අතට ඉර එලිය වැටෙන්නේ නැති වෙන්න වැලමිට දක්වා කළු අත් වැසුමක් පැළඳීම හොඳම දේ වෙනවා.

(04) ජලයේ සහ වැල්ලේ ක්‍රීඩා කරද්දී
ඔබ මුහුදු වෙරළක වගේ සෙල්ලම් කරනවා නම් නැත්නම් පිහිනීමේ යෙදෙනවා නම් ගොඩක් මුහුණ ප්‍රවේශම් කර ගන්න ඕනේ. ඉතාම හොඳ තත්වයේ Sun Screen එකක් පාවිච්චි කරන්න ඕනේ විතරක් නෙවෙයි පැයකට වරක් නැවත අලේප කරන්නත් අමතක කරන්න එපා.

වතුර සහ වැල්ල මගින් හිරු එළියේ ඇති අහිතකර කිරණ පරාවර්තනය කරනවා. එම නිසා ඒ මගිනුත් ඔබේ මුහුනෙ සම පිළිස්සීමට ලක් වෙන්න පුළුවන්. අවු කණ්නාඩි යුගලයක් පැළඳීම අනිවාර්යයෙන්ම කළ යුතුයි. එය ලස්සනයි ඒ වගේම ආරක්ෂිතයි. එය 99% ක් හෝ 100% UV උරා ගන්නා විශේෂ කාච සහිත නම් ඔබේ ඇස සහ අවට සියුම් සම ඉර එළියෙන් මනාව රැක දේවි.

(05) දවස පුරාම මිනරල් පවුඩර් ( Mineral Powder ) ආලේප කිරීම
ඔබ මේක් අප් දාන කෙනෙක් නම් නිතරම අවුවට යද්දී සන් ස්ක්‍රීන් දාන එක කරන්න බැරි වැඩක්. එවැනි වෙලාවට තමා SPF අඩංගු මිනරල් පවුඩර් ගොඩක් වැදගත් වෙන්නේ.

මිනරල් පවුඩර් කියන්නේ ස්වභාවික ඛනිජ ද්‍රව්‍ය වලින් යුක්තව සාදා ඇති සාමාන්‍ය පවුඩර් වලට සමාන නිෂ්පාදනයක්. සාමාන්‍ය පවුඩර් වලට ඔබේ සම පෝෂණය කිරීමට හෝ හිරු එළියෙන් ආරක්ෂා කිරීමට නොහැකියි. එම නිසා ඊළඟ සැරේ පවුඩර් මිලට ගනිද්දී මිනරල් පවුඩර් එකක් කියලම ඉල්ලන්න අමතක කරන්න එපා. එය ඔබේ අත් බෑගයේ යන හැම තැනම රැගෙන යන්න. එලියට යන විට මේක් අප් වලට උඩින් ගාන්න.

ඉර එළියෙන් විටමින් D ලැබෙනවා කියන එක ප්‍රසිද්ධ කතාවක්. නමුත් ඉර එලියට නිරාවරණය වෙද්දී අහිතකර කිරණ වලට ලක් වෙනවා. එය ඔබේ ලස්සන නැති කරනවා විතරක් නෙවෙයි සමේ පිළිකා ඇති කිරීමේ අවධානම ඉහළට ගේනවා. නිරෝගී සමක් ලබන්න විටමින් D ගොඩක් වැදගත්. ඒ නිසා විටමින් D බහුල මෝර තෙල්, සැමන්, මැකරල්, ටූනා, බිත්තර , කිරි වගේ ආහාර බහුලව ලබා ගන්න.

පරීක්ෂණ වලින් පෙන්වනවා 78% පමණ හිරු එලියට සම පලුදු වෙන්නේ ඔබ විටින් විට කරන එලියට යාම් වලින් කියා. ඔබ ඇත්තටම හිතුවට එයින් හානියක් නැහැ කියල එය එසේ වෙනවා. අකලට වයසට යාම ඔබේ සිහිනයක් නොවේ. ඔබ වයසට ගියාම ඔබේ සම කොහොමද තිබෙන්න ඕනේ කියල හිතන්න. එවිට ඔබ වටහා ගනීවි විටින් විට උනත් ඉර එලියට නිරාවරණය නොවී පරිස්සම් වීම කොතරම් වැදගත්ද කියල.

මංගල දිනයේ දී මාල හත පළදින්නේ ඇයි?

කාන්තාවකගේ පාරිශුද්ධිය එදා මැනවින් පිළිගත් අතර අද වන විට වෛද්‍ය මතය අනුව පුරුෂ සම්බන්දයක් නොමැති වුවද කාන්තාවකට තියන පිරිසිදුබාවය නැතිවෙන්න ඉඩ තියනවා. නමුත් අතීතයේ පටන් දියුණු වෛද්‍ය ක්‍රම තිබියදීත් මේ පිළිබද දැනුමක් පැරැන්නන් තුළ නොතිබුනා කියන්න අමාරුයි. කාන්තාවක් වහලියක් සේ සළකනවා වෙනුවට කාන්තාවක් වටිනවා කියල සිතුවේ කාන්තාවකගේ මේ පාරිශුද්ධිය තිබෙන නිසාය.

ස්ත්‍රියකගේ හා පුරුෂයකුගේ ශාරීරික ලක්ෂණ එකිනෙකට වෙනස්. පිළිගත් සම්ප්‍රදායන් , වත්පිළිවෙත් සියල්ලන්ගෙන්ම ආරක්ෂා වීමට වැඩි බලපෑමක් තියෙන්නේ ස්ත්‍රියටයි. මෙවැනි වත්පිළිවෙත් වලින් ආරක්ෂා නොවන්නේනම් ඇය විනාශවීමේ වැඩි අවදානමක් පවතී. මන්ද මෙවැනි අනියම් සම්බන්ඳතාවයකින් අවසානයේ අසරණ වෙන්නේ කාන්තාවන්ය. මෙවැනි තත්වයකින් කාන්තාව ආරක්ෂා කරගැනීම සඳහා තමයි චාරිත්‍ර වාරිත්‍ර ඇඳහිලි පැරණි අය සිදු ක‍ලේ.

අතීතයේ දී කාන්තාවකට දියනෑමට පවා තනියම තොටුපලට යාමට ඉඩ දුන්නේ නැහැ. තොටුපල ළග යකුන් සිටිනවා යැයි බය කළා. එලෙස ඇයට මෙවැනි කාරණා පිළිබඳව දෙමාපියන් සූක්ෂම ලෙස කියා දී කාණ්ඩායම් වශයෙන් ආරක්ෂාකාරී ලෙස යාමට තමයි අවසර ලබා දුන්නෙ.

එසේ ඇයට දැඩි විනයක් හා ආරක්ෂාවක් ලබා දුන්නෙ පිරිමි ග්‍රහනයෙන් ඇයව ආරක්ෂා කර ගැනීම සඳහාය. මෙන්න මේ විනය තුළ තමයි සිංහල කුල කාන්තාවක් ඇගේ මඟුල් දිනය එළබෙන තුරු දෙමාපියන් ආරක්ෂා කරගනු ලැබුවේ.

තම දියණියව විවාහ කර දීම සදහා චාරිත්‍ර වාරිත්‍ර රැසක් ඉටු කරනු ලබන අතරම ඉන් ප්‍රධාන සාධකය වන්නේ එම මනාලියගේ පාරිශුද්ධත්වය සනාථකර පෙන්වීමයි. මානාලිය හා මනාලයා ශුද්ධ තත්වයට පත්ව ඇති බව සනාථ කිරීම සඳහා මංගල පෝරුව නිර්මාණය කර පෝරුවක තැබීමක් සිදු කරයි. මංගල පෝරුව නිර්මාණය කිරීමේ දී එය තරමක් උස්ව සිටින අයුරින් සකස් කරන අතර ඒ සඳහා ඖෂධීය ගුණයෙන් යුතු ලීයක් භාවිතයට ගන්නා අතර එය අලංකාර ලෙස සරසයි.

මංගල දිනයේදී මනාලයා හා මනාලිය කැපී පෙනෙන ලෙස දිස්වනවා. විශේෂයෙන්ම මෙතනදී කාන්තාව අනෙක් අයට වඩා කැපී පෙනෙන ලෙස සිටීම සිදු කළා. මානාලියව එදින දෙවඟනක් ලෙස දිස්වන අයුරින් සරසවනවා. සියලුම ඇදුම් අතුරින් ඇය පැළඳ සිටින මාල හතට සුවිශේෂී ස්ථානයක් ලැබුණා. එකට එකක් විශාලවන පරිදි සකස් කෙරුණු මාලවල අවසාන මාලය මනාලියගේ දෙපතුල දක්වා දිගින් යුතු වුණා.

අද නම් මෙය මනාලියගේ උස මිටි භාවය අනුව සකස් කරනු ලබනවා. මනාලිය විසින් පලදා සිටින මාල හත පෙති මාලය, ගෙඩි මාලය, කිරි බෝ මාලය, පොල් මල් මාලය, අගස්ති මාලය, ගෙල පෙති මාලය, තවලම් මාලය යන නම් වලින් හදුන්වනු ලබන අතර මේ සියලුම මාල අවසානයේ පදක්කමක් තියනවා දක්නට ලැබෙනවා.

තවද මෙම මාල හත පත්තිනි මෑණියන්ගේ නම් වලින්ද හදුන්වනු ලබනවා. මෙම මංගල මාල හත වටිනා ලෝහ හා මැණික් වලින් සාදනු ලැබුවද නිර්මාණය තුළ ගොඩනැගී තිබෙන්නේ අපට ප්‍රයෝජනවත් ස්වාභාවික ඖෂධ වන අරළු, බුළු, කිරි බෝ ඇට, පොල් මල්, අගස්ති ඇට ආදී ගෙඩි වල හැඩ වලට අනුකූලවයි.

මෙසේ වටිනා ලෝහ වලින් නිර්මාණය කර ඇති මාල හතෙන් පෙන්නුම් කරන්නේ පත්තිනි මෑණිවරුන් සත් දෙනාගේ ගුණයි. අතීතයේ සිටම අද දක්වා අප විශ්වාසයකින් හා ගෞරව‍යෙන් දේවත්වයෙන් වැදුම් පිදුම් කරන එකම දෙවි කාන්තාව පත්තිනි මෑණියන්ය. එයට හේතුව කාන්තාවකගේ පිරිසිදු බව සංකේතවත් කරන නිසාවෙනි.

කුල ගෙදරට යන පතිනියට මාල හත පළදා පෝරුවක චාරිත්‍ර ඉටු කර ඉන් අනතුරුවයි මනමාල මහතාට හා එම පිරිසට මනාලිය බාරදෙනු ලබන්නෙ. මංගල මාල හත එදිනට මනාලිය වන දියණියට පළදන්නේ ඇයත් පත්තිනි මෑණි කෙනෙකු විදියට සලකනු ලබන නිසාවෙනි

වයස වැඩි කර පෙන්වන ඔබ නොදැනුවත්කමින් කරන වැරදි

වයසට යන එක නතර වෙනවා කිව්වොත් අපේ කාන්තා පාර්ශවය ඕන දෙයක් කරන්න පෙළඹෙයි. ඒ තරමට වයසට යනවා කියන එකට අපේ අය කැමති නැහැ. ඒ නිසා තමයි තමන්ගෙ පෙනුමත් හැමදාමත් තරුණ විදියට තියාගන්න ගොඩක් අය මහන්සි වෙන්නේ. කිසිම කෙනෙක් කැමති නෑ තමන්ව ආච්චි කෙනෙක් වගේ පේනවට.

ඒ නිසානේ කරන්න පුළුවන් හැමදේම කරන්න දඟලන්නේ. හැබැයි ඉතින් ගොඩක් දෙනෙක් හිතන්නේ නැති මේ පොඩි පොඩි වැරදි නිසා අනිවාර්යයෙන් ඔයාගේ මුහුණට වයස්ගත බවක් එක් වෙන්න පුළුවන්. තමන්ගේ තරුණ පෙනුම රැකගන්න දේවල් කරන අතරේ ඔයාට මෙන්න මේ මඟ හැරෙන්න පුළුවන් කරුණු ගැනත් වැඩි අවධානයක් දෙන්න.

හැම ඇඳුමක්ම ඔයාට ගැලපෙනවා කියලා හිතන්න එපා. ඔයා තෝරා ගන්න ඇඳුම් වලින් ඔයාගේ පෙනුමට ලොකු බලපෑමක් වෙනවා. ඒ වගේම නුසුදුසු නොගැලපෙන ඇඳුම් ඔයාගේ පෙනුමට හානියක් වෙනවා. විශේෂයන් අනවශ්‍ය විදියට බුරුල් ඇඳුම් වලින් ඔයාගේ සිරුර හැඩය පෙනෙන්නේ නැතිව යනවා. ඒ නිසා නිතරම ඔයාගේ ස්වභාවික ලස්සන සඟවන්නේ නැති ඇඳුම් විලාසිතා තෝරා ගන්න. ඒ වගේම අනවශ්‍ය විදියට හිර ඇඳුම් අඳින්නත් එපා. ඒක ඔබේ සෞඛ්‍යට හිතකර වෙන්නේ නැහැ.

වයසට යද්දී මුහුණේ සිද්ධ වෙන වෙනස්කම් වැඩි කරලා පෙන්වන කොණ්ඩ විලාසිතා කිරීමෙන් වළකින්න. විශේෂයෙන් දිග කොණ්ඩය ඔයාගේ වයස වැඩි කර පෙන්වන්න හේතු වෙනවා. ඒ නිසා මුහුණට ගැලපෙන කෙටි කොණ්ඩ විලාසිතාවක් තමයි වයසින් තරමක් වැඩි කෙනෙක්ට ගැළපෙන්නේ. එයින් වැඩි වයසක් පෙනෙන්න නැතිව යනවා.

පැරණි විලාසිතා අපේ වයස වැඩි කර පෙන්වන්න තවත් හේතුවක් වෙනවා. ඔයා තවමත් කරන්නේ යල් පැන ගිය විලාසිතා නම් ඒවායින් ඉවත් වෙන්න. අලුත් සහ ඔයාට ගැලපෙන විලාසිතා කරන්න පටන් ගන්න. බලන්නකෝ ඒවායින් ඔයාගේ පෙනුමට අලුත් වෙනසක් එක් කරන්නේ නැත්ද කියලා. නවීන විලාසිතා ඔයාගේ පෙනුම තවත් වැඩි කරයි.

මේකප් භාවිතා කරන්නේ ස්වාභාවික ලස්සන වැඩි කරන්න මිසක් ඔයාගේ පෙනුම සම්පුර්ණයෙන්ම නැති කරලා ඔයාව වෙනස්ම කෙනෙක් කරන්න නෙවෙයි. ඒ වගේම ඇතැම් වෙලාවට මේකප් මඟින් අපේ වයස වැඩි කරලා පෙන්වනවා. දෙතොල සහ දෙඇස් වල සුන්දරත්වයට හානි වෙන විදියට මේකප් කරන්න එපා. කාන්තාවකගේ සුන්දරත්වය වැඩි කර පෙන්වන්නේ දෙතොල සහ දෙඇස්. ඒ සුන්දරත්වය මේකප් මඟින් සඟවන්න එපා.

තමන්ගේ පෙනුමට ගැලපෙන විදියට ඔයා පළඳින ආභරණ, ඒ වගේම හෑන්ඩ් බෑග්, සපත්තු ආදියත් තෝරා ගන්න.

තොල් ආලේපන ගලවද්දී තද වර්ණ ආලේපන නිසා ඔයාගේ දෙතොල් සිහින් වෙලා පේනවා. එයින් සැබෑ වයසට වඩා වැඩි පෙනුමක් මූණට එක් කරනවා . ඒ නිසා හැම වෙලාවකම ලා වර්ණ වල තොල් ආලේපන අලේප කරන්න. ඒ වගේම ඒ ආලේපන මුහුණේ පැහැයටත් ගැලපෙනවද කියලා හිතලා බලන්න….

ඔයාගේ කෙල්ල ඔයාට පිස්සු වැටිලා ලව් කරන්න හිතෙන්න නම් මේ දේවල් 7 කරන්න

දැන් ඔය ආදරේ කියන එක මාරම සීන් එකක්නේ මචන්. ඒ කියන්නේ අපිට දැන් කෙල්ලෙක් මාර විදියට ආදරේ කරනවා කියමුකෝ. සමහර වෙලාවට අපිත් ඉතින් ආදරෙයි. හැබැයි ඔච්චර තමයි. සමහර වෙලාවට ඇත්තටම වෙන්නේ කෙල්ල අපිට දෙන ආදරේ එක්ක අපිත් ඒකට හුරු වෙලා ඉන්න එක. අපි හිතනවා අපි ආදරෙයි කියලා, හැබැයි අපි ආදරෙයි කියලා අමුතුවෙන් කරන දේකුත් නෑ. ඇත්තටම මේක සාධාරණද? අපොයි සාධාරණ නෑ. කෙල්ලට විතරක් නෙවෙයි, කොල්ලටවත් සාධාරණ නෑ.

ඇයි එහෙම කියන්නේ? දැන් ආදරේ කියලා සිය පාරක් මන්තරේ වගේ මැතුරුවට ආදරේ දැනෙන්නෙ නෑනේ. ආදරේ තියෙන්නේ තමන් කරන කියන දේවල් වල. ආදරේ තියෙන්නේ තමන් ආදරෙයි කියලා පෙන්නන්න කරන දේවල් මත.

ඉතින් අපිට එහෙම දේවල් කරන්න පුලුවන් කම තියෙද්දිත් නොකර ඉන්නකොට ඒක කෙල්ලට කරන අසාධාරණයක්. ඒ වගේම ඒ නිසා කෙල්ලගෙන් අපිට ලැබෙන්න තියෙන සම්පූර්ණ ආදරේ අපිට නොලැබෙන්න පුලුවන්. ඒ කියන්නේ දැන් අපි කෙල්ල අපිට ආදරෙයි කියලා හිතාගෙන ඉන්නේ කෙල්ලගේ සම්පූර්ණ කැපෑසිටි එක නොවෙන්න පුලුවන්. ඉතින් එහෙම ආදරයක් නොලැබෙන එකත් අපරාදයක්.

ආන්න ඒ නිසා අපි මේ කියන්න යන්නේ නිකම්ම එයාට ආදරෙයි කියලා හිතාගෙන ඉන්න කොල්ලන්ට, කෙල්ලට ඇත්තටම ආදරේ දනවන්න පුලුවන් ක්‍රම කීපයක් ගැන. මතක තියාගන්න, අපි මෙහෙම ආදරේ කරනකොට කෙල්ලොත් ඒ වගේ ආදරයක් පෙරළා ලබාදෙනවා කියන එක

1. ඇහෙන්න දෙන්න එපා, අහගෙන ඉන්න

කෙල්ලෙක් කැමතියි මචන් තමන්ට ඇහුම්කන් දෙන කොල්ලෙක්ට. ඒ කියන්නේ පැත්තකින් වාඩි වෙලා ගිරවි වගේ කියවනකොට ඔහේ ෆෝන් එක ඔබ ඔබ සැරින් සැරේ හ්ම් හ්ම් කිය කියා ඉන්න කොල්ලෙක්ට නෙවෙයි. ඇත්තටම තමන්ට අවධානය දීලා, ඇහුම්කන් දෙන කොල්ලෙක්ට. කෙල්ලෙක්ගේ ආදරේ වැඩිකරගන්න ඒක වරදින්නෙ නැති ක්‍රමයක්.

2. සර්ප්‍රයිස්

අපි කෙල්ලෙක්ට ආදරේ කරනකොට කොහොමත් බර්ත්ඩේ එකට, වැලන්ටයින්ස් ඩේ එකට මොකක් හරි තෑග්ගක් ගිහිල්ලා දෙනවනේ. හැබැයි මචන් එහෙම කිසිම විශේෂත්වයක් නැති දවසක කෙල්ලව සර්ප්‍රයිස් කරන්න තෑග්ගක් ගිහින් දුන්නොත් එයාට කොහොම සතු‍ටු හිතෙයිද? තෑගි පැත්තක තියමුකෝ.

කෙල්ල නොහිතන දවසක එයාව බලන්න ගියොත්? නොහිතන වෙලාවක කෙල්ලට ලව් ලෙටර් එකක් දුන්නොත්? මෙන්න මේ විදියේ තමන් පුදුම වෙන දේවලට කෙල්ලෝ මාරම කැමතියි මචන්.

3. ජීවිතේ බෙදාගන්න බව දැනෙන්න දෙන්න

මෙන්න මේක ඇත්තටම කොල්ලෝ කරන වැ‍රැද්දක්. ඒ කියන්නේ කෙල්ලෙක් එක්ක ආදරේ කලාට එයා තමන්ගේ ජීවිතේ කොටසක් කියලා දැනෙන්න දෙන්නෙ නෑ. ඒක ආදරේටත් අඩුවක්. ඇත්තටම මේක කොහොමද කරන්න පුලුවන්? ලේසියි.

තමන් කරන කියන දේවල් ගැන කෙල්ලව අප්ඩේට් කරලා තියන්න. තමන් අද ඔ‍ෆිස් යනවද, යාලුවෙක්ගේ ගෙදර යනවද, ගෙදර ඉන්නවද කියන එක කියන්න. මේකට පැය බාගෙන් බාගෙට කතා කරන්න ඕන නෑ. හැබැයි කෙයාරින්ග් කියන එක තමයි ඕන කරන්නේ. මෙහෙම කරනකොට දන්නෙම නැතුව කෙල්ල තව තව ආදරේ කරන්න පටන් ගනී මචන්!

4. එයාට ධෛර්යයක් වෙන්න

කෙල්ලෙක් කොයි තරම් ශක්තිමත් වුනත්, එයා කැමතියි තමන් ආදරේ කරන පිරිමියා එයාට ධෛර්යයක් වෙනවට, ශක්තියක් වෙනවට. ඒ නිසාම තමයි මචන් එයා ඔ‍ෆිස් එකේ ප්‍රශ්නයි, ගෙදර ප්‍රශ්නයි, අනාගතේ ප්‍රශ්නයි ඔක්කොම අපිත් එක්ක කියවන්නේ.

එතකොට එයා බලාපොරොත්තු වෙන්නේ අපි සක්කර දෙයියෝ වගේ හැම ප්‍රශ්නෙටම උත්තර හොයලා දෙයි කියලා නෙවෙයි මචන්. එයා බලාපොරොත්තු වෙන්නේ අපි එයාට හයියක් වෙලා ඉඳී කියලා. හිතට ධෛර්යය ගේන වචනයක් දෙකක් කියයි කියලා. අපි ඇත්තටම කෙල්ල ගැන කෙයාර් කරනවා නම් ඒක අමාරු දේකුත් නෙවෙයිනේ.

5. ආදරේ වචනෙන් වගේම ක්‍රියාවලිනුත් පෙන්නන්න

ගොඩක් වෙලාවට ගොඩක් කොල්ලෝ ආදරෙයි කියලා දවසට සිය පාරක් කියයි. හැබැයි ඒ ආදරේ ක්‍රියාවෙන් පෙන්නන්නේ හරි කලාතුරකින් එකෙක් තමයි. ආදරෙයි කියලා පෙන්නන්න දාස් ගණන් වටින තෑගි බෝග කෙල්ලට දෙන්න ඕන නෑ. හැබැයි කෙල්ලගේ හිතට දැනෙන පුංචි පුංචි දේවලින් ලොකු දෙයක් කරන්න පුලුවන්.

එයත් එක්ක ඉන්නකොට එයාට සම්පූර්ණයෙන්ම අවධානය දෙන එක, පුංචි පුංචි ලව් මැසේජ් උදේට නැගිටිනකොට දකින්න තියලා තියන එක, අතින් හදපු තෑග්ගක් දෙන එක වගේ දේවල් විතරක් නෙවෙයි. එයාට අවශ්‍ය මොහොතක අපි එයාලා ගාව ඉන්න එක වගේ දේවල් වලින් ඇත්තටම කෙල්ලට ආදරේ දැනෙනවා. එතකොට කෙල්ල අනිවා ඒ ආදරේ ආපිට දෙන්නේ දෙගුණයකින්!

‍6. රැජිණකට වගේ සලකන්න

නියම ජෙන්ට්ල්මන් පිරිමියෙක්ට මේක නම් අමුතුවෙන් කියලා දෙන්න ඕන නෑ. තමන්ගේ කෙල්ලට එහෙම පිරිමියෙක් හැම වෙලාවකම ප්‍රමුඛස්ථානය දෙනවා. ඒ කියන්නේ ගෑණිට යටත් වෙලා ඉන්නවා කියන එක නෙවෙයි මචන්. ගොඩක් කොල්ලෝ වරද්ද ගන්නේ ඔතන. ඒකෙන් කියන්නේ තමන්ගේ කෙල්ලට තමන්ගේ උපරිම රෙස්පෙක්ට් එක දෙන එක. ඕනම තැනකදී ආදරෙන් වගේම ගෞරවයෙන් සලකන එක. එයාගේ ගෞරවය මුල් තැන තියලා සලකන එක. එහෙම කොල්ලෙක්ව කවදාවත් කෙල්ලෙක් දාලා යන්නෙත් නෑ මචන්.

7. එයා ලෝකෙන් විශේෂම කෙනා කියලා දැනෙන්න දෙන්න

දැකලා තියෙනවද ඔය චිත්‍ර අඳින්න පුලුවන් එවුන් තමන් ආදරේ කරන කෙල්ලව තමන්ගේ චිත්‍ර වලට ඉන්ස්පයර් කරගන්නවා? එතකොට කවි ලියන එවුන් තමන්ගේ කෙල්ල ගැන කවි ලියනවා? බය වෙන්න එපා. දැන් චිත්‍ර පංති යන්න පටන් ගන්න ඕන නෑ.

හැබැයි කොල්ලෙක්ට පුලුවන් වෙන්න ඕන තමන්ගේ කෙල්ල තමයි මේ ලෝකේ තමන්ට අම්මා වගේම අනික් විශේෂිතම ගැහැණිය කියලා පෙන්නන්න. ඒක කරන්න පුලුවන් සරලම ක්‍රමය තමයි ගෞරවය, අවධානය සහ ආදරය.

තමන්ගේ ගෑණු යාලුවෝ මැද්දට කෙල්ලව ගෙනිච්චොත් හැම වෙලාවේම එයාට අවධානය දෙනවා කියන එක එයාට දැනෙන්න අරින්න. මේ එක උදාහරණයක්. එයාට හැම මොහොතකම ප්‍රශංසා කරන්න. අපිව බලන්න ලස්සනට ඇඳලා එන දවසකදී එයාගේ ඇස් වලට එබිලා “අද ඔයා මාර ලස්සනයි” කියලා අවංකවම කියන්න. එතකොට එයාට දැනෙයි තමන් මේ ලෝකේ ඉන්න විශේෂම කෙල්ල කියලා…

ඉන්න තැන බලන ඇප් දාගන ඉන්නේ සැක නිසාද

ලංකාවේ විශාල පිරිසක් භාවිතා කරන ඉන්න තැන බලන ඇප් එක ගැන අපි සොයා බැලීමක් කළා…
ඇත්තටම මේකෙන් මොකද වෙන්නේ
මේක ඇත්තද එහෙම ඉන්න තැන බලන්න පුලුවන්ද
කීයක් සල්ලි කැපෙනවද
සැක නිසාද මේක පාවිච්චි කරන්නේ

මේක පාවිච්චි කරන අය දැක්වූ අදහස් පහතින්

කුරුණෑගල අමාලිගේ අදහසක්

“අපි මේක දාගන ඉන්නේ සැකය නිසා නෙමෙයි
හදිස්සියකට වටින නිසා අපි දෙන්නට මේ ඇප් එක ගොඩක් වැදගත් වෙනවා
අපි දෙන්න අතර කිසිම සැකයක් නැහැ..
අපි දෙන්නම කතා වෙලා තමා දෙන්නගෙම ෆෝන් වලට මේක දාගත්තේ…
මම ගෙදර ඉන්නේ එයා හැමදාම කොළඹ වැඩට යනවා…
ගෙදර එද්දී හවස් වෙනවා එයාට කෝල් කර කර කොහෙද ඉන්නේ කියලා කරදර කරන්න බෑ සමහර වෙලාවට කොච්චි බස් එල්ලිලා ලංකාවේ හැටිනේ ඉතින් එහෙම වෙලාවට කෝල් අන්ස්වර් කරන්නත් බෑනේ ඒ වෙලාවට මේක අපිට ගොඩක් වටිනවා මට නම් හිතෙන්නේ සැක කරන අය නෙමෙයි ආදරේ වැඩි අය මේක ආරක්ෂාවට පාවිච්චි කරන්නේ මොකද මං එයා ගෙදරට එද්දිම තේ එකත් හදලා තියනවා වෙලාවට මේ ඇප් එක නිසා”

මාතර දිලිනිගේ අදහස්

“මේ ඇප් එක පාවිච්චි කරනවා සැකේ නිසානම් නෙමෙයි හදිස්සියට වටිනා නිසා… මගේ මහත්තයා ගොඩක් වෙලාවට ෆෝන් එක සයිලන්ට් කරන් ඉන්නේ එයාගේ වඩාත් එක්ක එයා කාර්ය බහුලයි, සැරින් සැරේට කෝල් මැසේජ් කරලා අහන්න බෑනේ කොහෙද ඉන්නේ කියලා ඉතින් මේ ඇප් එක මට වටිනවා… කරදරයක් වෙන්නේ නැතිව ඉන්න තැන බලාගන්න පුළුවන්නේ’

කෑගල්ලේ අමාශි

“අයියෝ පිස්සුද කිසිම සැකයක් නෑ අනේ
දෙන්නට දෙන්න ඉන්න තැන් බලාගන්නවා කියන්නේ සැක කරනවා කියන එක නෙමෙයිනේ… ආදරේ කරන ඕනෑම කොල්ලෙක් කෙල්ලෙක් තමන් ආදරේ කරන කෙනා යන එන තැන් හොයලා බලනවා ඒකට කියන්නේ සැකේ නෙමෙයි ආදරේ..”

ඔයාටත් වැදගත් කියලා හිතෙනවා නම් මේ ඇප් එක පහත ආකාරයට ඇක්ටිව් කරගන්න රුපියල් 3ක් වගේ පුංචි මුදලක් අය වෙනවා.. ඩයලොග් පාරිබෝගිකයන්ට විතරයි පුළුවන්….

ඔයාගේ ඩයලොග් දුරකථනයෙන්
#775*746# Dial කර අංක 1 ඔබන්න.
පහල නම්බර් එක ඔබන්න ඩයල් කර අංක 1 ඔබන්න
#775*746#

Reg වුනාට පස්සේ මෙන්න මේ විදිහට ඉතාමත් පහසුවෙන් ඉන්න තැන බලාගන්න ඔබට පුළුවන් වෙනවා…

ඊට පස්සේ ඔයාට ඕනෑම වෙලාවක පුළුවන් එයා ඉන්න තැන බලාගන්න..
ඒකට කරන්න තියෙන්නෙත් ඔයාගේ Phone එකෙන් #775*746# Dial කරලා Location Balanna කියන තැනින් එයාගේ Pin එක දෙන එක විතරයි.

Qtracker space gps space pin එක ගහලා 77100 ට SMS කරලත් Google Map එකෙන් බලාගන්න පුළුවන්

එයා ලංකාවේ කොහේ හිටියත් එසැනින් එයා ඉන්න තැන SMS එකක් මගින් ඉන්න තැන ලිපිනය සහ Google Map හරහා බලාගන්න පුළුවන්..

ඔයාට වැදගත් කියල හිතෙනවනම් මේ ගැන
යාලුවන්ටත් දැනගන්න Share කරන්න..
දිනකට රු.3/= සහ අදාල බදු අය කෙරේ. සොයන එක් වාරයකට රු.5/= සහ අදාල බදු අය කෙරේ.
මෙම සේවාව ලබා ගත හැක්කේ Dialog පාරිභෝගිකයන්ට පමනි.

ඔබ සොයන්නාගේ කැමැත්ත මත දෙදෙනාම මෙම සේවාවේ ලියාපදිංචි විය යුතුය.

ගෙදරින් එළියට බහිනවා නම් මේ ගැනත් හිතන්න

අනිවාර්යෙන් මේක වැදගත් වේවි…
මොකද වෙනදා වගේ එකට ගෙදරින් එලියට යන්න වෙන්නේ නෑ… එලියට බහින්න වෙන්නේ ගොඩක් වෙලාවට එක්කෙනෙක්ට ඉතින් එයා ගෙදරින් එලියට ගියාම ගොඩක් අයගේ හිතේ නලියන ප්‍රශ්නේ තමයි කොහෙද ඉන්නේ කියන එක…

බැරි වෙලා හරි ෆෝන් එකේ Battery Low වෙලා හරි Data ඉවර වෙලා හරි තිබ්බොත් Silent දාගන එක්කෝ Answer කරන්නේ නෑ  බය වෙනවා නේද ඉතින් ඒ වෙලාවට මේ ඇප් එක මාර විදිහට වටිනවා…

මේක දාගන්න කියන්නේ ඔයාගෙයි එයාගෙයි ආරක්ෂාවට අනිවාර්යෙන් මේක අවශ්‍ය වෙන දෙයක් මේ වගේ කලෙකදී

ඇප් එක වැඩ කරනවා වෙන ඇප් වගේ ලොකු ගණන් කැපෙන්නේ නෑ වැඩේ හරිම ලේසි..

හදිස්සි අවස්ථාවකදී එයා ඉන්න තැන එයාගෙන් අහ අහ ඉන්නේ නැතුව ඔයාගේ ෆෝන් එකෙන් බලාගන්න පුළුවන්…
මේකට කරන්න තියෙන්නේ… හරිම ලේසි දෙයක්

ඔයාගේ ඩයලොග් දුරකථනයෙන්
#775*746# Dial  කර අංක 1 ඔබන්න.
පහල නම්බර් එක ඔබන්න ඩයල් කර අංක 1 ඔබන්න
#775*746#
Reg වුනාට පස්සේ මෙන්න මේ විදිහට ඉතාමත් පහසුවෙන් ඉන්න තැන බලාගන්න ඔබට පුළුවන් වෙනවා…

ආහ්හ් තව දෙයක් ගොඩක් අය අහල තිබ්බ එයා ඉන්න තැන ඔයා බලනකොට ඒක එයා දැනගන්නවද කියල නෑ එහෙම වෙන් නෑ…

මුලින්ම එයාව දැනුවත් කරලා එයාගේ Phone එකෙන් #775*746# Dial කිරීම මගින් එයාගේ Pin අංකය ලබාගන්න.. ඊට පස්සේ ඔයාට ඕනෑම වෙලාවක පුළුවන් එයා ඉන්න තැන බලාගන්න..
ඒකට කරන්න තියෙන්නෙත් ඔයාගේ Phone එකෙන් #775*746# Dial කරලා Search කියන තැනින් එයාගේ Pin එක දෙන එක විතරයි

එයා ලංකාවේ කොහේ හිටියත් එසැනින් එයා ඉන්න තැන SMS එකක් මගින් ඉන්න තැන ලිපිනය සහ Google Map හරහා බලාගන්න පුළුවන්..

ඔයාට වැදගත් කියල හිතෙනවනම් මේ ගැන
යාලුවන්ටත් දැනගන්න Share කරන්න..
දිනකට රු.3/= සහ අදාල බදු අය කෙරේ. සොයන එක් වාරයකට රු.5/= සහ අදාල බදු අය කෙරේ.
මෙම සේවාව ලබා ගත හැක්කේ Dialog පාරිභෝගිකයන්ට පමනි.

කාන්තාවන්ගේ මේ දේවල් නම් පිරිමින්ට කවදාවත් ප්‍රතික්ෂේප කරන්න බෑ

හැම කාන්තාවක් ලගම තියෙනවා පිරිමි ආකර්ෂණය වෙන ගතිගුණ විශාල ප්‍රමාණයක්. එක එක පිරිමි කැමති කාන්තා ගතිගුණ එකිනෙකට වෙනස්. නමුත් ඉතින් මේ දේවල් නම් පිරිමින්ට නොදැක්කා වගේ ඉන්න පුළුවන් කාන්තා ගති ලක්ෂණ නෙවෙයි.

1. කාන්තාවන් සෙමෙන් තොලපටේ කෙළවරක් සැපීම

මේ වැඩේ පුංචි ළමයිනුත් කරනවා ඔවුන් කලබලයට සහ ලජ්ජාවට පත් වූ විට. මේ වැඩේ කාන්තාවන් කරනවාට නම් පිරිමින් බහුතරයක් කැමතියි. ඔවුන්ට එය පෙනෙන්නේ ඉතා ආකර්ශනීය දෙයක් ලෙසයි.

2. මෘදු සම

කාන්තාවකට මෘදු සමක් හිමිවෙනවා තරම් සරාගී දෙයක් තවත් නැති තරම්. මේ නිසා තමයි අතීතයේ සිටම කාන්තාවන් ශරීරයේ අනවශ්‍ය රෝම ඉවත් කරගෙන ආකර්ෂනියව ඉන්න උත්සහ කරන්නේ.

3. ලිහිල් නොවූ කොන්ඩ විලාසිතා

උස්ව බදින ලද ලිහිල් නොවූ කොන්ඩ විලාසිතා නිසා කාන්තාවන්ගේ බෙල්ල සහ කන් පෙති හොදින් පෙනෙනවා. මේ නිසා කාන්තාවකට ලැබෙන්නේ වැඩි සුන්දරත්වයක්.

4. අඩි උස සපත්තු පැළදීම

කාන්තාවන් අඩි උස සපත්තු පැළදු විට ඔවුන්ගේ පාද වලට ලැබෙන්නේ ඉතා සරාගී පෙනුමක්. මේ පෙනුමට සමහර පිරිමි අය වඩාත් කැමතියි.

5. සරාගී කටහඩ

පිරිමි වඩාත් කැමති දෙයක් තමයි කාන්තාවකට සරාගී කට හඩක් හිමිවීම. පිරිමින්ට බොහොම අමාරුයි සරාගී කටහඩක් තියෙන කාන්තාවක් මගහරින්න.

6. විශාල දෙතොල්

කාන්තාවන් හිතන්නේ දෙතොල් මහත්ව පිහිටීම ඔවුන්ට අවලස්සනක් ගෙන දෙන දෙයක් කියලා. නමුත් පිරිමි බහුතරයක් කැමති විශාල දෙතොල් ඇති කාන්තාවන්ට.

මෙවැනි තවත් දේ දැනගන්න සැලෝන් ශ්‍රී ලංකා ඇප් එක මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න

Salon (Sri Lanka)

හැම ගර්භනී මවක්ම මග නොහැරිය යුතු පෝෂණය

අලිගැට පේර කියන්නේ පිරිමි හා කාන්තා දෙපාර්ශවයටම ඉතාමත් ගුණදායක පළතුරක්. රසය ගුණය අතින් ඉතා ඉහල අපි කා අතරත් ජනප්‍රිය පලතුරක්. වැදගත්ම දේ තමයි මෙය දෙපාර්ශවයේම සරු භාවය ඇති කරන්න පුළුවන් පෝෂ්‍යදායි ආහාරයක්. ඒ වගේම ඔබ නොදන්නා තවත් පෝෂණ ප්‍රතිලාභ රැසක් අලිගැට පේර වලින් ලබා ගන්න පුළුවන්. විශේෂයෙන් ගර්භනී මව්වරුන්ට. ගර්භනී මවකට පෝෂණය කියන්නේ අතිශය වැදගත් දෙයක්. මවට වගේම කලලයට අවශ්‍ය පෝෂණය නොඅඩුව ලබා දෙන හොඳ මුලාශ්‍රයක් තමයි අලිගැට පේර කියන්නේ.

1. ෆෝලික් ඇසිඩ් ලබා ගන්න තියෙන හොඳ මුලාශ්‍රයක්

ගර්භනී මවකට ෆෝලික් ඇසිඩ් මොන තරම් වැදගත්ද කියන එක ගැන ඔබ දැනටමත් දන්නවා. මේ අත්‍යාවශ්‍ය ෆෝලික් අම්ල නොමැති වීම නිසා දරු උපතේදී විවිධ ගැටළු හා දරුවාගේ කායික, මානසික දුර්වලතා ඇති විය හැකියි. බිළින්දාගේ අවයව නිසි ලෙස වර්ධනය නොවිය හැකියි. ඒ නිසා තමයි ෆෝලික් අම්ලය බහුල අලිගැට පේර ගර්භනී සමයේදී මේ තරම් වැදගත් වෙන්නේ.

2. රක්ත හීනතාවට ප්‍රතිකාරයක්

ගර්භණී සමයේදී යකඩ ප්‍රමාණවත් තරම් නොලැබී යාම නිසා මව රක්තහීනතාවයට පත් විය හැකයි. ගර්භනී සමයේ අත්‍යාවශ්‍ය යකඩ ලබා ගන්න පුළුවන් ආහාරයක් විදියට අලිගැට පේර මගහරින්නම බැහැ.

3. ආහාර දිරවීම සම්බන්ධ ගැටළු අවම කරයි

ගර්භනී අවදියේදී ආහාර දිරවීම සම්බන්ධ ගැටළු නිසා ආමාශ ආබාධ, මලබද්ධය ඇති වීම වැනි සුළු රෝගී තත්ත්වයන් ඇති වීම සාමාන්‍යයි. අලිගැට පේර කියන්නේ ආහාර ජීර්ණ ක්‍රියාවලියක්‍රමවත් කරන්න පුළුවන් පළතුරක්.

4. විටමින් වර්ග රැසක් අඩංගුයි

අලිගැටපේර විටමින් වර්ග රාශියක් අඩංගු පළතුරක්. විටමින් B1, B2, B5, B6, විටමින් C, විටමින් E, සහ K වලින් සමන්විත වන අතර මේ සියල්ලම මවගේත් දරුවාගේත් පෝෂණය සඳහා ඉතා වැදගත් වෙනවා.

5. කොලෙස්ටරෝල් අවම කරයි

අහිතකර කොලෙස්ටරෝල් අවම කරමින් හිතකර කොලෙස්ටරෝල් මට්ටම මනාව පවත්වා ගැනීමට අලිගැට පේර වලට පුළුවන්.ඒ වගේම සීනි මට්ටම පාලනය කිරීම සඳහා අලිගැටපේර නිතිපතා ඔබේ ආහාරයට එකතු කර ගන්න.

6. බර වැඩිවීමේ අවදානම අඩු කරයි

ගර්භනී සමයේ බර වැඩි වෙන එක සාමාන්‍ය දෙයක්. නමුත් අහිතකර ලෙස ඔබේ බර වැඩි වීම අවම කරන්න එයට පුළුවන්. අලිගැට පේර වල තන්තු බහුල ලෙස අඩංගු වන නිසා අනවශ්‍ය ලෙස බර වැඩි වීමේ හැකියාව අවම කරනවා.

කරන ජොබ් එකේ පඩි මදිද එන්න මහන්සියට ගැලපෙන පඩියක් ලැබෙන ජොබ් එකක් හොයාගන්න

ජොබ් එකක් කිව්වාම අද කලේ ගොඩක් අයට එපා වෙන දෙයක් වෙලා ඒ මොකද කිව්වොත් කරන වඩාත් එක්ක ලැබෙන පඩිය මදි, එහෙම නැත්නම් හදිස්සියකට නිවාඩුවක් ගන්න විදිහක් නෑ මුළු ජීවිතකලයම ජොබ් එකට හිර වෙලා…

ඇත්තටම අපි ජොබ් එකක් කරන්නේ ජීවිතය සතුටින් විදින්න සල්ලි හොයාගන්න ඒකනේ ඇත්ත කතාව ඒත් අන්තිමට වෙලා තියෙන්නේ අපි සේවකයෝ වෙලා රැකියාව ජීවිතයම වෙලා…
ඒත් හැමෝම එහෙම නෑ තමන්ට ගැලපෙන ජොබ් එකක් හොයාගත්ත අය ආතල් එකේ ඉන්නවා ඒ විතරක් නෙමෙයි දැන් ගෙදර ඉදන් සල්ලි හොයන අයත් සෑහෙන්න ඉන්නවා…. ඇයි අපිටත් එයාල වගේ වෙන්න බැරි කවුරුත් කියලා දෙන්නේ නැද්ද ජොබ් එහෙකට යන්න කාගෙන්වත් සපෝර්ට් එකක් නැද්ද?
සුදුසුකම් තිබිලත් ජොබ් එකක් නැද්ද? මේකට උත්තරේ තමයි මේ කියන්න යන්නේ ඇත්තටම රටේ සෑහෙන්න රැකියා තියෙනවා හැබැයි ඔයාලාට ආරංචි වෙද්දී ලෑස්ති වෙද්දී පෙරහැර ගිහින් ඉවරයි..

අපිට තියෙන වඩාත් එක්ක පැය 24ම ජොබ් හොය හොයා ඉන්න වෙලාවක් නෑ ඉතින් කොහොමද එතකොට හරියන ජොබ් එකක් හොයාගන්නේ

ඒකට තමයි ඩ්‍රීම් ජොබ්ස් ඇන්ඩ්රොයිඩ් ඇප් එක තියෙන්නේ මේ ඇප්‍ එකට රට වටේම තියෙන ජොබ්ස් වේකන්සි උණු උණුවෙම අප්ඩේට් වෙනවා ඔයාලට තියෙන්නේ ෆ්‍රී වෙලාවට පුංචි තප්පර ගානක් ඇප් එක ඔන් කරලා බලන්න විතරයි…

ඔක්කොටම කලින් පහළින් ඇප් එක ඉන්ස්ටෝල් කරගන්න රු2 වගේ පුංචි ගානක් යන්නේ ලොකු ලොකු ගණන් කැපෙන්නේ නෑ
පිළිවෙලට කැටගරි කරලා ඔයාට ඕන ජොබ් එකක් හොයාගන්න පුළුවන් විදිහට තමයි මේක හදලා තියෙන්නේ… ඩේටා එන්ට්‍රි වගේ ගෙදර ඉදන් කරන්න පුළුවන් ජොබ්ස් එහෙමත් තියෙනවා… පහළින් ඩවුන්ලෝඩ් කරගන බලන්නකෝ…

Dream Jobs (Sri Lanka)

හැමකෙනෙක්ටම ගොඩක් වැදගත් ඇප් එකක්..

යාලුවන්ටත් බලන්න ශෙයා කරන්න……