තමන්ගේ හීන මාලිගාව ඒ කියන්නේ නිවස හදාගත්තාට පස්සේ ඊලගට හිතන්නේ ගෙවතු අලංකරණය පිළිබදවයි.
නමුත් එය කොතැනින්ද පටන් ගන්නේ? සමහර අය නම් ඒ සේවාව ලබා ගන්න ආයතන වලට පවරනවා.
නමුත් ඒ සදහා ලොකු මුදලක් වැය වෙන නිසා සමහර අයට එහෙම සේවාවක් ලබාගන්න අසීරුයි.
තමන්ගේ ගෙවත්ත තමන්ටම අලංකාර කරගන්න බැරිද?
පුළුවන්. අපි ඒ සදහා අද ඔබට මගපෙන්වීමක් සිදු කරනවා. පැල වැවීම්, නැවුම් පෙනුමක් ගෙවත්තට දෙන එක පහසු නැහැ.
ඔබ මේ කාර්යය කරන්න යන්නේ ඉස්සෙල්ලාම නම් ඔබේ හිතේ යම් චකිතයක් තියෙන්න පුළුවන්. නමුත් බිය වෙන්න එපා.
මේ ඒ සම්බන්ධව ඔබට වැදගත් වෙන ඉගි 7 ක් ගැනයි.
මේ ඉගි ඒ සම්බන්ධ ප්‍රවිණයන් විසින් ලබා දී ඇති අතර ඔබට සොදුරු ගෙවත්තක් සකස් කර ගැනීමට මග පාදනු ඇති.
ගෙවතු අලංකාරය සදහා මග පෙන්වීම
ඒ නිසා ඔබ ඔබගේ අවශ්‍යතා ලැයිස්තුවක් සකස් කරන්න. බබාලාට සෙල්ලම් කරන්න ප්‍රදේශයක්, එළවළු හා මල් වවන්නේ කොහේද? පවුලේ අයට එළිමහනේ තේ බොන්න ප්‍රදේශයක් වගේ ඔබේ අවශ්‍යතා වෙනම සටහන් කර ඔබේ මිදුලේ දළ සැලසුමක් අදින්න.
ඒ සදහා ඔබ සිතුවම් ශිල්පයේ ප්‍රවීණයෙකු වීමට අවශ්‍ය නැහැ. ඒ ඒ දේවල් රවුම් හා කොටු ලෙස සලකුණු කරන්න.
නමුත් මෙහිදි ඔබේ මිදුලේ ප්‍රමාණය හා හැඩය සැලකිල්ලට ගන්න.
ඔබ සැලසුම් කරන එක් එක් ප්‍රදේශ අනෙක් ප්‍රදේශ වලට අවහිරයක් නොවන පරිදි සකස් කරන්න.
ඒ මගින් ඔබට සුන්දර ගෙවත්තක් නිර්මාණය කරගන්න පුළුවන් වේවි.
එවිට ඔබේ නිවසටත් සුලං ඇතුල් වෙන පරිදි ගෙවත්ත සුන්දරව නිර්මාණය කරගන්න පුළුවන්.
3. ගෙවතු අලංකාරය සදහා ඔබේ ගෙවත්තේ වාඩි වී එය මදක් අධ්‍යයනය කරන්න
ඔබේ ගෙවත්ත ලස්සනට සැලසුම් කරන්න නම් එය දැනට ඇති ආකාරය ඔබේ මනසේ හොදින් ඇද ගත යුතුයි.
ඒ නිසා ගෙවත්තට ගොස් එහි වාඩි වී එම පරිසරය රස විදින්න.
ඒ මගින් ඔබට ඔබේ ගෙවත්ත ලස්සනට නිර්මාණය කරගත හැකි අදහස් ගලා එන්නට පුළුවන්.
මෙතැනට ඔංචිල්ලාවක් කදිමයි, මෙතැනට පුංචි පොකුණක් ආවොත් සිසිලසයි.
මෙතැනට බංකුවක් දැම්මොත් උදේ සවස හිරු රැස් විදින්න පුලුවන්.
මෙවන් සැලසුම් ඔබේ ගෙවත්තට ලස්සනක් පමණක් නොව එයට උසස් ප්‍රමිතියක්ද එක කර ගත හැකි වෙනවා.
ඕනෑම හොඳ උද්‍යාන සැලසුමකට නාභිගත ලක්ෂ්‍යයක් හෝ නාභිගත ලක්ෂ්‍ය මාලාවක් තියෙනවා.
ඒවා සොයා ගැනීමෙන් ඔබේ ගෙවත්ත සැලසුම් කිරීම පහසු කරනු ලබයි.
එම ලක්ෂයන් වලට මූර්තියක් හෝ සිත් ඇදගන්නා සුළු ශාකයක්, පඳුරු පේලියක් එක් කරමින් ඔබේ ගෙවත්තට අපුරු පෙනුමක් එකතු කරන්න පුළුවන්.
එය ඔබේ ගෙවත්තට අපූරු සුන්දරත්වයක් එක් කරනු ඇත.
මේ ලිපිය මගින් ඔබේ ගෙවත්තේ සුන්දරත්වය ගොඩ නගා ගන්න ඔබට මුලික අදහස් ලැබෙන්න ඇති බව අප සිතනවා.
අන්තර්ජාලය තුල ලස්සනට නිර්මාණය කල ගෙවතු ඔබට බලන්න පුළුවන්.
එයින් ඔබට ගැලපෙන ගෙවත්තක් නිර්මාණය ඔබේ අදහසක් නිර්මාණය කරගන්න පහසු වේවි.
රටක් විදියට අපි හැමෝම එකතු වුණේ, එකක් වුණේ ක්‍රිකට් නිසා කිව්වොතින් ඒක වැරදි නෑ. අවිනිශ්චිත…
අසාමාන්ය වර්ණ සහ අතිවිශිෂ්ට සැරසිලි අපගේ ස්ථාන අද්විතීය වන අතර අයිතිකරුවන් ගැන බොහෝ දේ කියන්න.…
1. කෙසෙල්මුව සීනි සම්බෝල. අවශ්‍ය ද්‍රව්‍ය :- කෙසෙල්මුව 1, ලියාගත් ළූණු ගෙඩි 1, කරපිංචා කොළ…
"යක්ෂයා විස්තර තුළ සිටී, ”ප්‍රසිද්ධ ප්‍රකාශනය පවසන අතර එය එදිනෙදා අයිතම සැලසුම් කිරීම සඳහා විශේෂයෙන්…
අවම වශයෙන් එක් වරක් සාප්පු සවාරි ගිය ඕනෑම අයෙකු පරීක්ෂාවට එරෙහි වීම සහ රාක්කයේ ඇති…
පිටි කෝප්ප 1බේකින් පවුඩර් තේ හැඳි 1බිත්තර 1සීනි 75gවැනිලා තේ හැඳි 1බටර් 50gකිරි ස්වල්පයක්. සාදන…