කෑම ජාති

ගුණැති කෙසෙල්මුව විවිධ රස වලින් රෙසිපි 5ක් මෙන්න.

1. කෙසෙල්මුව සීනි සම්බෝල. අවශ්‍ය ද්‍රව්‍ය :- කෙසෙල්මුව 1, ලියාගත් ළූණු ගෙඩි 1, කරපිංචා කොළ ස්වල්පයක්, හාල්මැස්සො ග්‍රෑම් 100 පමණ,…

3 years ago

රසම රස ඥානකතා ගෙදරදීම හදාගන්න විදිහ මෙන්න.

පිටි කෝප්ප 1බේකින් පවුඩර් තේ හැඳි 1බිත්තර 1සීනි 75gවැනිලා තේ හැඳි 1බටර් 50gකිරි ස්වල්පයක්. සාදන ක්‍රමය මුලින්ම සීනි හා බිත්තර…

3 years ago

කරවල  හදාගන්න රසවත් රෙසිපි 5ක් මෙන්න.

1. මෝර කරවල මෝජු අවශ්‍ය ද්‍රව්‍ය  කෑලි කපාගත් කරවල ග්‍රෑම් 200, අමුමිරිස් කරල් 7-8, විනාකිරි කෝප්ප 1/2, සීනි මේස හැඳි 2, රට ඉඳි 5-6, පොඩිකරගත් ඉඟුරු තේ හැඳි 1, ලුණුහා ගම්මිරිස් කුඩු, පොඩිකරගත් සුදුළූණු තේ හැඳි 1, බැදීමට තෙල් කරවල පොඩි කෑලි වලට කපාගන්න. ගැඹුරු තෙලේ බැදගන්න. අමුමිරිස් දෙකට පළලා තෙලට දාලා ගන්න.  මැටි වළඳකට විනාකිරි ටික දාලා ලුණු, ගම්මිරිස් කුඩු, මිරිස් කුඩු, සීනි, චොප්කරගත් ඉඟුරු හා සුදුළූණු දාලා ලිපේ තියන්න.  මේකට ඇට අයින් කරලා පොඩිකරගත් රට ඉඳි හා අනික් බැදගත් සියල්ලම දාලා හොඳට කලවම් කරගෙන විනාකිරි ටික හිඳීගෙන එනකොට ලිපෙන්බාගන්න.  2. හාල්මැස්සො රටකජු බැදුම අවශ්‍ය ද්‍රව්‍ය  නූඩ්ල්ස් කෝප්ප 1, රටකජු ග්‍රෑම් 150, හාල් මැස්සන් ග්‍රෑම් 150, ලුණු ස්වල්පයක්, ලියාගත් සුදුළූණු බික් 4-5, ලියාගත් ළූණු ගෙඩියක්, කරපිංචාකොළ කෝප්ප 1, කෑලිමිරිස් තේ හැඳි 1, මිරිස් කුඩු තේ හැඳි 1, බැදීමට තෙල් මුලින්ම රත්වුණු තෙලට නූඩ්ල්ස් ටික දාලා රන්වන්පාට වෙනකල් බැදගන්න. ඒ වගේම රටකජු, කරපිංචා, ළූණු, සුදුළූණු හා හාල්මැස්සො ටිකත් වෙන වෙනම හොඳට බැදගන්න. දැන් මේ ටික එක බෝල් එකකට දාලා රස අනුව ලුණු, කෑලිමිරිස්, මිරිස් කුඩු දාලා කලවම් කරන්න. කෑමට පෙර දෙහි යුෂ ටිකක් දාගන්න.  3. කීරමින් කරවල හොදි අවශ්‍ය ද්‍රව්‍ය  කීරමින් කරවල ග්‍රෑම් 100, ලියාගත් රතුළූණු, ලියාගත් අමුමිරිස් කරල් 2, තුනපහ කුඩු තේ හැඳි 1, කහ කුඩු තේ හැඳි 1/4, රම්පේ හා කරපිංචා , උළුහාල් තේ හැඳි 1/2, දියකිරි කෝප්ප 1/2, මිටිකිරි කෝප්ප 1 කරවල සෝදලා උණුවතුර ටිකක් දාලා තියලා ගන්න.  මැටි වළඳක් අරගෙන මිටිකිරි හැර අනික් සියල්ලම දාලා හොඳින් පිසගන්න.  ඊළඟට මිටිකිරි ටික දාලා උතුරවගන්න. රස බලලා ලුණු එකතු කරන්න.  4. තලපත් කරවල වම්බටු බැදුම අවශ්‍ය ද්‍රව්‍ය …

3 years ago

ඔබේ මේසය මත ඉක්මනින් රාත්‍රී ආහාරය ලබා දෙන මුළුතැන්ගෙයි කෙටිමං 7ක්.

ඔබට සහ දරුවන්ට උදෑසන ආහාරය පිළියෙළ කිරීමට ඔබ උදේ පාන්දර ඉක්මන් විය හැක. නැතහොත් ඔබ බලාපොරොත්තු වූවාට වඩා කලින් ඔවුන්…

3 years ago

ගෙදරදීම රසවත්ව යෝගට් සාදා ගන්න විදිහ මෙන්න.

අවශ්‍ය ද්‍රව්‍ය: නැවුම් කිරි ලීටර් 1, රස අනුව සීනි මේස හැඳි 4ක් හෝ 5ක්, වැනිලා මේස හැඳි 1, ලුනු ස්වල්පයක්(මහපට…

3 years ago

වෙනස්ම ආකාරයකට රසවත්ව මාළු හදාගන්න රෙසිපි 5ක් මෙන්න.

බේක්ඩ් ෆිශ් (Baked Fish) ඩිනර් එකට නැත්නම් බයිට් එකට ගැලපෙන විදියට මාළුවෙක් ලේසියෙන්ම රසට බේක් කරගන්න විදියකුයි මේ. අවශ්‍ය ද්‍රව්‍ය…

3 years ago

මුස්ලිම් අයගේ රසම රස ජනප්‍රිය කෑම වර්ග 5ක් මෙන්න.

1. කබ්සා අවශ්‍ය ද්‍රව්‍ය බාස්මතී හාල් කෝප්ප 3, පොඩිකරගත් ළූණු ගෙඩි 2ක්, පොඩිකරගත් සුදුළූණු, කුරුඳු කොළ 3, කරදමුංගු 3-4, කුරුඳු පොතු කෑලි 2, සුදු ගම්මිරිස් තේ හැඳි 1, දෙහි ඇඹුල් මේස හැඳි 1, තක්කාලි පියුරි කෝප්ප 2, තරමක කෑලි කපාගත් චිකන් ග්‍රෑම් 500, රසඅනුව ලුණු බාස්මතී හාල් ​සෝදලා වතුරෙ විනාඩි 15ක් පෙඟෙන්න තියන්න. බත උයාගන්න පුළුවන් භාජනයකට තෙල් ටික දාලා ළූණු ටික ෆ්‍රයි කරගන්න. දැන් මේකට මස් කෑලි ටික එකතු කරගන්න.  චොප්කරගත් සුදුළූණු, කුරුඳු කොළ, කරදමුංගු, කුරුඳු පොතු, දෙහි ඇඹුල් ටිකක්, සුදු ගම්මිරිස් හා තක්කාලි පියුරි එක එකතු කරන්න. රස අනුවලුණු දාගෙන වතුර කෝප්ප 1කුත් දාගෙන විනාඩි 25ක් විතර අඩු ගින්දරේ පිසගන්න.  වතුර කප් බාගයක් වගේ එකතු කරගෙන පෙඟෙන්න දාපු හාල් ටික දාල බත ඉදෙන තුරු පිසගන්න. 2. සමෝසා අවශ්‍ය ද්‍රව්‍ය  ෆිලින් එකට ගී ඔයිල් මේස හැඳි 2, පොඩිකරගත් සුදුළූණු ටිකක්, පොඩිකරගත් ඉඟුරු ස්වල්පයක්, සූදුරු තේ හැඳි 1/4, අමුමිරිස් කරල් 2, තම්බාගත් ග්‍රීන් පීස්මේස හැඳි දෙකක්, කපාගත් කජු ටිකක්, වියලි මිදි මේස හැන්දක්, පොඩිකරගත් ළූණු ගෙඩි 1, තම්බාගත් අල ගෙඩි 2, කෑලිමිරිස් තේ හැඳි 1,  ලුණු පින්ච් එකක්, ගරම් මසාලා පව්ඩර් තේ හැඳි 1, ගම්මිරිස්කුඩු තේ හැඳි 1/2, මිරිස්කුඩු තේ හැඳි 1, ලෙමන් යුෂ මේස හැඳි 1 ඩෝ එකට පාන්පිටි කෝප්ප 2, ලුණු තේ හැඳි 1, බටර් මේස හැඳි 2, සූදුරු ඇට තේ හැඳි 1/4, වතුර ගී පෑන් එකට දාලා රත්වෙනකොට අල, ලෙමන් යුෂ හැර ෆිලින් එකට අවශ්‍ය අනෙක් ද්‍රව්‍ය ​ඔක්කොම දාගෙන තෙම්පරාදු  කරගන්න. අන්තිමට අල දාලා රස අනුව ලුණු එකතු කරගෙන ලෙමන් යුෂ උඩින් ඉසගෙන කලවම් කරන්න. ඩෝ එක හදාගන්න පාන්පිටි වලට සූදුරු, ලුණු හා බටර් දමා කලවම් කරන්න. වතුර ටික ටික එකතු කරමින් අතේ නොඇලෙන ඩෝ එකක් හදාගන්න. පිටි අත්ලෙන් හොඳට තද කරමින් මේ ඩෝ එක හදාගන්න ඕනේ. දැන් මේක විනාඩි 30ක් වහලා තියන්න.…

3 years ago

පිකල් නැතහොත් අච්චාරු වර්ග කීපයක්‌ වෙනස් විදිහට රස විදාන්න මෙන්න.

1. සුදුළූණු පිකල් අවශ්‍ය ද්‍රව්‍ය සුදුළූණු ග්‍රෑම් 250, අමුමිරිස් ග්‍රෑම් 100, කැරට් අල 2, විනාකිරි බෝතල් 1/2, මිරිස්කුඩු තේ හැඳි 1, කෑලි මිරිස් තේ හැඳි 1, කහ තේ හැඳි 1, අබතේ හැඳි 1 1/2, ගම්මිරිස්, ඉඟුරු, මුරුංගා පොතු කිහිපයක්, කුරුඳු, ලුණු - සුදුළූණු පොතු සුද්ද කරගන්න. කැරට් සාමාන්‍යයෙන් මැලේ පිකල් එකට ගන්න සයිස් එකටම දික් අතට කපාගන්න.  අමුමිරිස් ටික දික් අතට වෙන් නොවෙන විදියට පලාගන්න. -අබ, කහ, ඉඟුරු, මුරුංගා පොතු, මිරිස් කුඩු, කෑලි මිරිස්, සුදුළූණු බික් දෙකක් හා ගම්මිරිස් ටිකක් විනාකිරි පොඩ්ඩක් දාලා අඹරගන්න.  මැටි වළඳක් අරගෙන ඒකට විනාකිරි වලින් බාගයක් හා ලුණු දාලා උතුරවගන්න. දැන් ඒකට සුදුළූණු ටික දාලා කලවම් කරගන්න. ඒකටම කැරට් හා මිරිස් ටිකත් දාගන්න. බාගෙට වගේ විනාකිරෙන්ම තැම්බෙන්න අරින්න.වෙනම මැටි හට්ටියකට ඉතිරි විනාකිරි හා අඹරාගත් අබ මිශ්‍රණය දාලා දියකරගන්න. දැන් ඒකට තම්බගත්ත සුදුළූණු, අමුමිරිස් සහ කැරට් ටිකබේරල දාගන්න. කුරුඳු පොතු කෑලි ටිකක් උඩින් දාලා, නිවුනට පස්සෙ රෙදි කෑල්ලකින් කට වැහෙන්න හොඳට ගැට ගහලා දවස් 3කට පස්සෙ කෑමට ගන්න. 2. රාබු පිකල් අවශ්‍ය ද්‍රව්‍ය ලියාගත් රාබු ග්‍රෑම් 250, අමුමිරිස් කරල් 4-5, විනාකිරි කෝප්ප 1, අඹරාගත් ඉඟුරු, සුදුළූණු, අඹරාගත් අබ ස්වල්පයක්, රතුළූණු ගෙඩි 8-10, එනසාල් ඇට 2, වතුර කෝප්ප 1, ලුණු තේ හැඳි 1, සුදු සීනි කෝප්ප 1. මැටි භාජනයකට වතුර දාලා විනාකිරි, සීනි ටික දාගන්න. හොඳට කලවම් කරලා ලුණු ටික දාගන්න. දැන් මේ භාජනේ ලිපේ තියල මද ගින්දරේ රත් කරගන්න. සීනි ටික දියවෙනකල් රත් කරගන්න. හොඳට උතුරනකොට අඹරාගත් අබ සහ ඉඟුරු, සුදුළූණු දාලා අමුමිරිස්, එනසාල් හා රතුළූණු ටිකත් දාගන්න.  හොඳට විනාකිරෙන් තැම්බුනාම රාබු ටිකත් එකතු කරගන්න. තෙත ගතිය හොඳටම හිඳෙනකම් ලිපේ තියාගෙන ජීවාණුහරණය කළ බෝතල් වලඅසුරගන්න. 3. පිපිඤ්ඤා පිකල් අවශ්‍ය ද්‍රව්‍ය මහත පෙති කපාගත් පිපිඤ්ඤා ගෙඩි 3, කැට ලුණු, විනාකිරි කෝප්ප 1, සීනි කෝප්ප 2, වතුර කෝප්ප 3, කපාගත් අමුමිරිස් කරල් කීපයක්, සුදුළූණුබික් 3-4, ගම්මිරිස් ඇට ස්වල්පයක්, එනසාල් ඇට 3.…

3 years ago

ඔබ මයික්‍රෝවේව් උදුනක නැවත වරක් රත් නොකළ යුතු ආහාර වර්ග මෙන්න.

මයික්‍රෝවේව් යනු අපට වටිනා කාලය ඉතිරි කරන අපූරු උපකරණයකි. ආහාර උදුන මත හෝ උඳුන තුල වඩා වේගයෙන් එය උණුසුම් වන…

3 years ago

අපි වැරදි ලෙස පිසින නිෂ්පාදන 8ක් මෙන්න.

සූපශාස්ත්‍ර කලාව යනු විද්‍යාවකි. එක් වැරදි පියවරක් මිචිලින් තරු සහිත අවන්හල්වල පවා ඕනෑම කෑමක් නරක් විය හැක. ඔබ පළපුරුදු කෝකියෙක්ද…

3 years ago