කෑම ජාති

පිකල් නැතහොත් අච්චාරු වර්ග කීපයක්‌ වෙනස් විදිහට රස විදාන්න මෙන්න.

1. සුදුළූණු පිකල්

අවශ්‍ය ද්‍රව්‍ය

සුදුළූණු ග්‍රෑම් 250, අමුමිරිස් ග්‍රෑම් 100, කැරට් අල 2, විනාකිරි බෝතල් 1/2, මිරිස්කුඩු තේ හැඳි 1, කෑලි මිරිස් තේ හැඳි 1, කහ තේ හැඳි 1, අබතේ හැඳි 1 1/2, ගම්මිරිස්, ඉඟුරු, මුරුංගා පොතු කිහිපයක්, කුරුඳු, ලුණු – සුදුළූණු පොතු සුද්ද කරගන්න. කැරට් සාමාන්‍යයෙන් මැලේ පිකල් එකට ගන්න සයිස් එකටම දික් අතට කපාගන්න.  අමුමිරිස් ටික දික් අතට වෙන් නොවෙන විදියට පලාගන්න. -අබ, කහ, ඉඟුරු, මුරුංගා පොතු, මිරිස් කුඩු, කෑලි මිරිස්, සුදුළූණු බික් දෙකක් හා ගම්මිරිස් ටිකක් විනාකිරි පොඩ්ඩක් දාලා අඹරගන්න.  මැටි වළඳක් අරගෙන ඒකට විනාකිරි වලින් බාගයක් හා ලුණු දාලා උතුරවගන්න. දැන් ඒකට සුදුළූණු ටික දාලා කලවම් කරගන්න. ඒකටම කැරට් හා මිරිස් ටිකත් දාගන්න. බාගෙට වගේ විනාකිරෙන්ම තැම්බෙන්න අරින්න.වෙනම මැටි හට්ටියකට ඉතිරි විනාකිරි හා අඹරාගත් අබ මිශ්‍රණය දාලා දියකරගන්න. දැන් ඒකට තම්බගත්ත සුදුළූණු, අමුමිරිස් සහ කැරට් ටිකබේරල දාගන්න. කුරුඳු පොතු කෑලි ටිකක් උඩින් දාලා, නිවුනට පස්සෙ රෙදි කෑල්ලකින් කට වැහෙන්න හොඳට ගැට ගහලා දවස් 3කට පස්සෙ කෑමට ගන්න.

2. රාබු පිකල්

අවශ්‍ය ද්‍රව්‍ය

ලියාගත් රාබු ග්‍රෑම් 250, අමුමිරිස් කරල් 4-5, විනාකිරි කෝප්ප 1, අඹරාගත් ඉඟුරු, සුදුළූණු, අඹරාගත් අබ ස්වල්පයක්, රතුළූණු ගෙඩි 8-10, එනසාල් ඇට 2, වතුර කෝප්ප 1, ලුණු තේ හැඳි 1, සුදු සීනි කෝප්ප 1. මැටි භාජනයකට වතුර දාලා විනාකිරි, සීනි ටික දාගන්න. හොඳට කලවම් කරලා ලුණු ටික දාගන්න. දැන් මේ භාජනේ ලිපේ තියල මද ගින්දරේ රත් කරගන්න. සීනි ටික දියවෙනකල් රත් කරගන්න. හොඳට උතුරනකොට අඹරාගත් අබ සහ ඉඟුරු, සුදුළූණු දාලා අමුමිරිස්, එනසාල් හා රතුළූණු ටිකත් දාගන්න.  හොඳට විනාකිරෙන් තැම්බුනාම රාබු ටිකත් එකතු කරගන්න. තෙත ගතිය හොඳටම හිඳෙනකම් ලිපේ තියාගෙන ජීවාණුහරණය කළ බෝතල් වලඅසුරගන්න.

3. පිපිඤ්ඤා පිකල්

අවශ්‍ය ද්‍රව්‍ය

මහත පෙති කපාගත් පිපිඤ්ඤා ගෙඩි 3, කැට ලුණු, විනාකිරි කෝප්ප 1, සීනි කෝප්ප 2, වතුර කෝප්ප 3, කපාගත් අමුමිරිස් කරල් කීපයක්, සුදුළූණුබික් 3-4, ගම්මිරිස් ඇට ස්වල්පයක්, එනසාල් ඇට 3. මැටි භාජනයකට වතුර, සීනි, විනාකිරි දාලා උතුරව ගන්න. ඉතිරුවාම ලිපෙන් බාගන්න. පිපිඤ්ඤා වලට ලුණු කැට දාලා විනාඩි 10ක් වගේ තියෙන්න ඇරල කලවම් කරගන්න. බෝතලයකට සුදුළූණු, මිරිස් දාලා එනසාල් සහ ගම්මිරිස් ඇට ටිකක් දාගන්න. පිපිඤ්ඤා ටිකත් බෝතලයට දාලා උඩින් ආයෙම ගම්මිරිස් ඇට දාලා විනාකිරි මිශ්‍රණය දාලා බෝතලය වහන්න. දවස් 2කින් කෑමට ගන්න.

4. බීට් පිකල්

අවශ්‍ය ද්‍රව්‍ය

බීට් රූට් ගෙඩි 4, අමුමිරිස් කරල් 4, රතුළූණු ගෙඩි 4, ඉඟුරු සුදුළූණු පේස්ට් තේ හැඳි 1අඹරාගත් අබ ස්වල්පයක්, විනාකිරි කෝප්ප 1, එනසාල්, කරාබු නැටි කිහිපයක්, සීනි කෝප්ප 1/2, කහකුඩු තේ හැඳි 1/2, මිරිස්කුඩු තේ හැඳි 1/2 . ලුණු ස්වල්පයක්බී ට්රූට් ටික මහතට තීරු කපාගන්න. මැටි භාජනයක් ලිපේ තියලා විනාකිරි දාගන්න. විනාකිරි රත්වෙනකොට අඹරාගත් අබ, ඉඟුරු, සුදුළූණු පේස්ට්එක, එනසාල්, කරාබු නැටි දාගන්න. මිරිස්කුඩු, කහකුඩු එක්ක රස අනුව ලුණු සහ සීනි ටිකත් දාලා කලවම් කරලා සීනි දියවෙනකල් හැඳි ගාන්න. ඊලඟට බීට්රූට්, රතුළූණු හා අමුමිරිස් ටික දාගන්න. විනාකිරි හිඳීගෙන එනකොටම ලිපෙන් බාගන්න. නිවුනම හට්ටිය හොඳින් වහල තියල දවස්තුනකින් රස බලන්න.

5. කැරට් පිකල්

අවශ්‍ය ද්‍රව්‍ය 

කපාගත් කැරට් කෝප්ප 1, තෙල් මේස හැඳි 1, තලාගත් ඉඟුරු තේ හැඳි 2, අබ ස්වල්පයක්, වියලි මිරිස් කරල් 2, කරපිංචා, මිරිස්කුඩු තේ හැඳි 2, කහකුඩු තේ හැඳි 1/2, අබ කුඩු තේ හැඳි 1/2, ලුණු, විනාකිරි මේස හැඳි 2, දෙහි ඉස්ම ස්වල්පයක් පෑන් එකට තෙල් ටිකක් දාලා රත්වෙනකොට ඉඟුරු ටික දාගන්න. ඊලඟට කැරට් ටික දාලා විනාඩියක් විතර බැදගෙන ලිපෙන් බාගන්න. වෙනම පෑන් එකකට තෙල් ටිකක් දාලා අබ ටික දාලා පුපුරනකොට කෑලි කඩාගත් වියළි මිරිස් කරල්, කරපිංචා, මිරිස්කුඩු, කහකුඩු, අබ කුඩු සහ රස අනුව ලුණු එකතු කරගන්න. හොඳට කලවම් කරලා ලිපෙන් බාගන්න. ඒකට විනාකිරි හා දෙහි යුෂ එකතු කරගන්න. කලින් ෆ්‍රයි කරගත් කැරට් සහ ඉඟුරු ටික එකතු කරලාකලවම් කරගන්න. නිවුනම බෝතල් කර දවස් දෙකකින් කෑමට ගන්න.

iloveyou@lk

Recent Posts

අපේ ක්‍රිකට් මුළු ලෝකයටම… Our brand of cricket to the world…

රටක් විදියට අපි හැමෝම එකතු වුණේ, එකක් වුණේ ක්‍රිකට් නිසා කිව්වොතින් ඒක වැරදි නෑ. අවිනිශ්චිත…

3 years ago

සාමාන්‍ය තත්ත්වයෙන් බැහැර වූ නිවාස 7ක්.

අසාමාන්ය වර්ණ සහ අතිවිශිෂ්ට සැරසිලි අපගේ ස්ථාන අද්විතීය වන අතර අයිතිකරුවන් ගැන බොහෝ දේ කියන්න.…

3 years ago

ගුණැති කෙසෙල්මුව විවිධ රස වලින් රෙසිපි 5ක් මෙන්න.

1. කෙසෙල්මුව සීනි සම්බෝල. අවශ්‍ය ද්‍රව්‍ය :- කෙසෙල්මුව 1, ලියාගත් ළූණු ගෙඩි 1, කරපිංචා කොළ…

3 years ago

නිෂ්පාදන නිර්මාණයේ සැබෑ විශිෂ්ටතම නිර්මාණ කිහිපයක් මෙන්න.

"යක්ෂයා විස්තර තුළ සිටී, ”ප්‍රසිද්ධ ප්‍රකාශනය පවසන අතර එය එදිනෙදා අයිතම සැලසුම් කිරීම සඳහා විශේෂයෙන්…

3 years ago

දැක්ක ගමන් මිලදී ගන්න හිතෙන අපූරු නිර්මාණ කිහිපයක් මෙන්න.

අවම වශයෙන් එක් වරක් සාප්පු සවාරි ගිය ඕනෑම අයෙකු පරීක්ෂාවට එරෙහි වීම සහ රාක්කයේ ඇති…

3 years ago

රසම රස ඥානකතා ගෙදරදීම හදාගන්න විදිහ මෙන්න.

පිටි කෝප්ප 1බේකින් පවුඩර් තේ හැඳි 1බිත්තර 1සීනි 75gවැනිලා තේ හැඳි 1බටර් 50gකිරි ස්වල්පයක්. සාදන…

3 years ago