කෑම ජාති

කරවල  හදාගන්න රසවත් රෙසිපි 5ක් මෙන්න.

1. මෝර කරවල මෝජු

අවශ්‍ය ද්‍රව්‍ය 

කෑලි කපාගත් කරවල ග්‍රෑම් 200, අමුමිරිස් කරල් 7-8, විනාකිරි කෝප්ප 1/2, සීනි මේස හැඳි 2, රට ඉඳි 5-6, පොඩිකරගත් ඉඟුරු තේ හැඳි 1, ලුණුහා ගම්මිරිස් කුඩු, පොඩිකරගත් සුදුළූණු තේ හැඳි 1, බැදීමට තෙල්

කරවල පොඩි කෑලි වලට කපාගන්න. ගැඹුරු තෙලේ බැදගන්න. අමුමිරිස් දෙකට පළලා තෙලට දාලා ගන්න. 

මැටි වළඳකට විනාකිරි ටික දාලා ලුණු, ගම්මිරිස් කුඩු, මිරිස් කුඩු, සීනි, චොප්කරගත් ඉඟුරු හා සුදුළූණු දාලා ලිපේ තියන්න. 

මේකට ඇට අයින් කරලා පොඩිකරගත් රට ඉඳි හා අනික් බැදගත් සියල්ලම දාලා හොඳට කලවම් කරගෙන විනාකිරි ටික හිඳීගෙන එනකොට ලිපෙන්බාගන්න. 

2. හාල්මැස්සො රටකජු බැදුම

අවශ්‍ය ද්‍රව්‍ය 

නූඩ්ල්ස් කෝප්ප 1, රටකජු ග්‍රෑම් 150, හාල් මැස්සන් ග්‍රෑම් 150, ලුණු ස්වල්පයක්, ලියාගත් සුදුළූණු බික් 4-5, ලියාගත් ළූණු ගෙඩියක්, කරපිංචාකොළ කෝප්ප 1, කෑලිමිරිස් තේ හැඳි 1, මිරිස් කුඩු තේ හැඳි 1, බැදීමට තෙල්

මුලින්ම රත්වුණු තෙලට නූඩ්ල්ස් ටික දාලා රන්වන්පාට වෙනකල් බැදගන්න.

ඒ වගේම රටකජු, කරපිංචා, ළූණු, සුදුළූණු හා හාල්මැස්සො ටිකත් වෙන වෙනම හොඳට බැදගන්න.

දැන් මේ ටික එක බෝල් එකකට දාලා රස අනුව ලුණු, කෑලිමිරිස්, මිරිස් කුඩු දාලා කලවම් කරන්න. කෑමට පෙර දෙහි යුෂ ටිකක් දාගන්න. 

3. කීරමින් කරවල හොදි

අවශ්‍ය ද්‍රව්‍ය 

කීරමින් කරවල ග්‍රෑම් 100, ලියාගත් රතුළූණු, ලියාගත් අමුමිරිස් කරල් 2, තුනපහ කුඩු තේ හැඳි 1, කහ කුඩු තේ හැඳි 1/4, රම්පේ හා කරපිංචා , උළුහාල් තේ හැඳි 1/2, දියකිරි කෝප්ප 1/2, මිටිකිරි කෝප්ප 1

කරවල සෝදලා උණුවතුර ටිකක් දාලා තියලා ගන්න. 

මැටි වළඳක් අරගෙන මිටිකිරි හැර අනික් සියල්ලම දාලා හොඳින් පිසගන්න. 

ඊළඟට මිටිකිරි ටික දාලා උතුරවගන්න. රස බලලා ලුණු එකතු කරන්න. 

4. තලපත් කරවල වම්බටු බැදුම

අවශ්‍ය ද්‍රව්‍ය 

කෑලි කපාගත් කරවල ග්‍රෑම් 100, කපාගත් වම්බටු කරල් 3, ලියාගත් ළූණු ගෙඩි 1, ලියාගත් අමුමිරිස් කරල් 2, කපාගත් තක්කාලි ගෙඩි 1, කපාගත්මාළුමිරිස් කරල් 2, රම්පේ හා කරපිංචා, කෑලිමිරිස් තේ හැඳි 1, කහ කුඩු තේ හැඳි 1/4, මිරිස් කුඩු තේ හැඳි ½, ඔයිස්ටර් සෝස් මේස හැන්දක්, සෝයා සෝස් මේස හැන්දක්, සීනි මේස හැඳි 1/4, තෙල් ස්වල්පයක් 

වම්බටු ටික ලුණු ටිකක් අතගාලා ගැඹුරු තෙලේ බැදගන්න. කරවල වලට මිරිස් කුඩු, කහ කුඩු හා කෑලිමිරිස් අතගාලා පැත්තකින් තියන්න. 

ඇතිලියට තෙල් ටිකක් දාලා කරවල ටික දාලා බැදෙන්න අරින්න. කරවල සාමාන්‍ය ගාණට බැදුනම කෑලි මිරිස්, ළූණු, රම්පේ, කරපිංචා දාලාතෙම්පරාදු කරගන්න. 

හොඳට තෙම්පරාදු වුණාම ඔයිස්ටර් සෝස් සහ සෝයා සෝස් එක්ක සීනි ටික දාගන්න. ඒකටම අමුමිරිස්, මාළුමිරිස් හා තක්කාලි ටික දාගන්න.  

හොඳට කලවම් කරලා විනාඩි 5ක් විතර වහලා පිසගන්න. 

5. අංගුළු කරවල හොද්ද

අවශ්‍ය ද්‍රව්‍ය 

කපාගත් කරවල ග්‍රෑම් 200, ලියාගත් රතුළූණු ගෙඩි 2, රම්පේ හා කරපිංචා, ලියාගත් අමුමිරිස් කරල් 2, තුනපහ කුඩු තේ හැඳි 1, මිරිස් කුඩු තේහැඳි 1/2, කහ කුඩු තේ හැඳි 1/4, ගොරකා කෑලි 2-3, දියකිරි කෝප්ප 1/2, මිටිකිරි කෝප්ප 1/2

කරවල සෝදල ඇතිලියකට දාලා අනෙක් සියල්ලම දාගන්න. 

දියකිරි හා මිටිකිරිත් දාලා ලිපේ තියන්න. තෙල් පෑදෙනකල් අඩු ගින්දරේ උයලා ලිපෙන් බාගන්න. 

iloveyou@lk

Recent Posts

අපේ ක්‍රිකට් මුළු ලෝකයටම… Our brand of cricket to the world…

රටක් විදියට අපි හැමෝම එකතු වුණේ, එකක් වුණේ ක්‍රිකට් නිසා කිව්වොතින් ඒක වැරදි නෑ. අවිනිශ්චිත…

3 years ago

සාමාන්‍ය තත්ත්වයෙන් බැහැර වූ නිවාස 7ක්.

අසාමාන්ය වර්ණ සහ අතිවිශිෂ්ට සැරසිලි අපගේ ස්ථාන අද්විතීය වන අතර අයිතිකරුවන් ගැන බොහෝ දේ කියන්න.…

3 years ago

ගුණැති කෙසෙල්මුව විවිධ රස වලින් රෙසිපි 5ක් මෙන්න.

1. කෙසෙල්මුව සීනි සම්බෝල. අවශ්‍ය ද්‍රව්‍ය :- කෙසෙල්මුව 1, ලියාගත් ළූණු ගෙඩි 1, කරපිංචා කොළ…

3 years ago

නිෂ්පාදන නිර්මාණයේ සැබෑ විශිෂ්ටතම නිර්මාණ කිහිපයක් මෙන්න.

"යක්ෂයා විස්තර තුළ සිටී, ”ප්‍රසිද්ධ ප්‍රකාශනය පවසන අතර එය එදිනෙදා අයිතම සැලසුම් කිරීම සඳහා විශේෂයෙන්…

3 years ago

දැක්ක ගමන් මිලදී ගන්න හිතෙන අපූරු නිර්මාණ කිහිපයක් මෙන්න.

අවම වශයෙන් එක් වරක් සාප්පු සවාරි ගිය ඕනෑම අයෙකු පරීක්ෂාවට එරෙහි වීම සහ රාක්කයේ ඇති…

3 years ago

රසම රස ඥානකතා ගෙදරදීම හදාගන්න විදිහ මෙන්න.

පිටි කෝප්ප 1බේකින් පවුඩර් තේ හැඳි 1බිත්තර 1සීනි 75gවැනිලා තේ හැඳි 1බටර් 50gකිරි ස්වල්පයක්. සාදන…

3 years ago