කෑම ජාති

ගෙදරදීම රසවත්ව යෝගට් සාදා ගන්න විදිහ මෙන්න.

අවශ්‍ය ද්‍රව්‍ය: නැවුම් කිරි ලීටර් 1, රස අනුව සීනි මේස හැඳි 4ක් හෝ 5ක්, වැනිලා මේස හැඳි 1, ලුනු ස්වල්පයක්(මහපට ඇඟිල්ලට සහ දබර ඇඟිල්ලට අසුවන තරමට කුඩා ප්‍රමාණයක්), ජෙලටීන් මේස හැඳි 1, මුහුන් සඳහා යෝගට් 1

සාදා ගන්නා ආකාරය –
කිර් ලීටර් 1 ලිප තබා එයට සීනි මේස හැඳි 4ක් එක් කර හොඳින් හැඳිගාමන් රත් කර ගන්න.

කිරි රත්වන අතර එයට වැනිලා සහ ලුනු ස්වල්පයක් එක් කර ගන්න.මෙය හොඳින් හැඳිගාමින් රත්කර ගන්න.

රත් කරගත් කිරි වලින් මේස හැඳි 4ක් ගෙන ජෙලටීන් වලට දමා එය පේස්ට් එකක් වන තුරු හොඳින් හැඳි ගා ගන්න.එය පසෙකින් තබා ගන්න.

කිරි හොඳින් ඉතිරුව පසු ගින්දර නිවා ලිපෙන් බා ගන්න.ලිපෙන් බා ගත් කිරි එකට ජෙලටීන් මිශ්‍රණය එක් කර නැවත හොඳින් හැඳි ගා ගන්න.

මෙම මිශ්‍රණය සෙල්සියස් අංශක 40ක උශ්ණත්වයට නිවුන පසුව මුහුන් ලෙස කඩෙන් ගත් යෝගට් එක කැටි නැතිවන සේ හොඳින් ගසා ගෙන එකතු කරගෙන නැවත හොඳින් හැඳි ගාන්න.

මෙම මිශ්‍රණය නැවත භාජනයකට පෙරා ගෙන යෝගට් කප් වලට දමා ගන්න.වායු බුබුළු තිබේ නම් කුඩා හැන්දක් භාවිතා කර ඒවා ඉවත් කර ගන්න.

ඉන් පසුව මෙම යෝගට් කප් ට්‍රේ එකක අසුරා ගෙදර තිබෙන අවන් එකක්(කලින් රත් නොකල)තුලට දමා යෝගට් කෝප්ප වැසෙන ලෙස පිරිසිදු වියලි රෙදි කඩකින් වසා ගන්න.
කළුවර ස්ථානයක තියන්න අවශ්‍ය නිසා තමයි අවන් එකක් ඇතුලේ තියන්නේ. පෙට්ටියක් ඇතුලක හරි තියන්න.

මෙසේ පැය 14 ක් තබා ගත් පසුව හොඳින් මිදුන යෝගට් එකක් ලැබේ.

මෙය ශීතකරණයක තැබීමෙන් තවත් රසවත් වේ. කිරි ලීටර් 1 කින් අපට යෝගට් කප් 15ක් සකසා ගන්න හැකි උනා.

මේ විදිහට ගෙදරදීම යෝගට් සකසා ගැනීමෙන් වෙලඳ පල මිලට වඩා බොහෝ අඩු මුදලකට නිශ්පාදනය කරගත හැකි අතර පිරිසිදු බව සහ ගුණාත්මක බව වැඩි නිසා විශ්වාසයකින් යුක්තව පොඩි දරුවෙකුට හෝ කෑමට දිය හැක.
( උපුටාගැනීමක් )

iloveyou@lk

Recent Posts

අපේ ක්‍රිකට් මුළු ලෝකයටම… Our brand of cricket to the world…

රටක් විදියට අපි හැමෝම එකතු වුණේ, එකක් වුණේ ක්‍රිකට් නිසා කිව්වොතින් ඒක වැරදි නෑ. අවිනිශ්චිත…

3 years ago

සාමාන්‍ය තත්ත්වයෙන් බැහැර වූ නිවාස 7ක්.

අසාමාන්ය වර්ණ සහ අතිවිශිෂ්ට සැරසිලි අපගේ ස්ථාන අද්විතීය වන අතර අයිතිකරුවන් ගැන බොහෝ දේ කියන්න.…

3 years ago

ගුණැති කෙසෙල්මුව විවිධ රස වලින් රෙසිපි 5ක් මෙන්න.

1. කෙසෙල්මුව සීනි සම්බෝල. අවශ්‍ය ද්‍රව්‍ය :- කෙසෙල්මුව 1, ලියාගත් ළූණු ගෙඩි 1, කරපිංචා කොළ…

3 years ago

නිෂ්පාදන නිර්මාණයේ සැබෑ විශිෂ්ටතම නිර්මාණ කිහිපයක් මෙන්න.

"යක්ෂයා විස්තර තුළ සිටී, ”ප්‍රසිද්ධ ප්‍රකාශනය පවසන අතර එය එදිනෙදා අයිතම සැලසුම් කිරීම සඳහා විශේෂයෙන්…

3 years ago

දැක්ක ගමන් මිලදී ගන්න හිතෙන අපූරු නිර්මාණ කිහිපයක් මෙන්න.

අවම වශයෙන් එක් වරක් සාප්පු සවාරි ගිය ඕනෑම අයෙකු පරීක්ෂාවට එරෙහි වීම සහ රාක්කයේ ඇති…

3 years ago

රසම රස ඥානකතා ගෙදරදීම හදාගන්න විදිහ මෙන්න.

පිටි කෝප්ප 1බේකින් පවුඩර් තේ හැඳි 1බිත්තර 1සීනි 75gවැනිලා තේ හැඳි 1බටර් 50gකිරි ස්වල්පයක්. සාදන…

3 years ago