1. දඹල සලාදය ඒ සදහා අවශ්‍ය ද්‍රව්‍ය ලපටි දඹල ග්‍රෑම් 200ක්/ රතු ළූණු ග්‍රෑම් 50ක්/ කොච්චි කරලක්/ ගම්මිරිස්කුඩු තේ හැන්දක්/ ලුණු ටිකක්/ දෙහි යුෂ ස්වල්පයක්/ අන්නාසි කැබලිස්වල්පයක්/ තක්කාලි ගෙඩි 2ක් එය සාදාගන්නා ආකාරය. දඹල ටික සුද්ද කරලා සෝදලා අරන් කොළ පාට ගතිය නැති වෙන්න නොදී විනාඩි 2ක් වගේ තම්බගන්න. දැන් දඹල ටික හීනියට කපාගන්න. රතුළූණු, කොච්චි හීනියට කපාගන්න. තක්කාලි හා අන්නාසි කොටුවට කපාගන්න. බෝල් එකක් අරන් මේ ඔක්කොම ටික කලවම් කරලා ලුණු හා ගම්මිරිස්කුඩු දාලා කෑමට ගන්න. 2. වම්බටු හා අන්නාසි සලාදය ඒ සදහා අවශ්‍ය ද්‍රව්‍ය වම්බටු ග්‍රෑම් 500ක්/ කපාගත් බී ළූණු ගෙඩි 3ක්/ කපාගත් මාළු මිරිස් කරල් 4ක්/ කපාගත් තක්කාලි ගෙඩි 2ක්/ කපාගත් අන්නාසි කැබලිස්වල්පයක්/ අඹ චට්නි මේස හැඳි 3ක්/ තක්කාලි සෝස් මේස හැඳි 2ක්/ මිරිස්කුඩු මේස හැන්දක්/ ලුණු හා ගම්මිරිස් රස අනුව එය සාදාගන්නා ආකාරය මුලින්ම වම්බටු ගෙඩියට හීනි පෙති කපාගෙන ගැඹුරු තෙලේ බැදගන්න. බෝල් එකක් අරගෙන ඒකට අඹ චට්නි ටික, තක්කාලි සෝස්, මිරිස්කුඩු, ලුණු හා ගම්මිරිස්කුඩු දාගෙන හොඳට කලවම් කරගන්න. දැන් කපාගත් ළූණු, අන්නාසි, තක්කාලි හා මාළු මිරිස් දාගන්න. අන්තිමට බැදගත් වම්බටු ටික එකතු කර රස බලන්න. 3. කරවිල තායි සලාදය ඒ සදහා අවශ්‍ය ද්‍රව්‍ය කරවිල ග්‍රෑම් 500/ සිහින්ව ලියාගත් බී ළූණු ග්‍රෑම් 100/සිහින්ව ලියාගත් අමුමිරිස් කරල් 4ක්/ සිහින්ව ලියාගත්/ තක්කාලි ගෙඩි 1ක්/ සිහින්ව ලියාගත්කොත්තමල්ලි කොළ/ ග්‍රෑම් 30ක්/ දෙහි ගෙඩියක යුෂ/ ෆිශ් සෝස් මේස හැන්දක්/ චිලි පේස්ට් මේස හැන්දක් එය සාදාගන්නා ආකාරය මුලින්ම පෙති කපාගත් කරවිල ටික ගැඹුරු තෙලේ බැදගන්න. ඊට පස්සෙ කපාගත් තක්කාලි ටික බැදගන්න. කොත්තමල්ලි කොළ ටිකත් ලාවටබැදගන්න. දැන් බෝල් එකක් අරගෙන ඒකට ලියාගත් බී ළූණු, අමුමිරිස් දාලා ඒකට චිලී පේස්ට් එකතු කරලා හොඳට කලවම් කරගන්න. දැන් දෙහි යුෂ ටිකදාලා ෆිශ් සෝස් දාගන්න. අන්තිමට කරවිල ටිකයි බැදගත් තක්කාලි හා කොත්තමල්ලි කොළ ටික එකතු කරගන්න.…
සෑම කෙනෙකුම ආහාර ගන්නා අතර, සෑම කෙනෙකුටම තමන්ගේම ආහාර වේලක් හෝ වෙනත් අයෙකු සඳහා ආහාර වේලක් නිර්මාණය කිරීමට හැකියාව ඇති…
1.බඩ ඉගුරු ඇට (popcron) - 100g කබලේ බදිනකොට පොප්කොන් එකක් හැදෙනකොට ලිපෙන් අයින් කරන්න. 2.සෝයා ඇට - 70g කබලේ බැදෙනකොට යාන්තමට කලු පාට වෙන්න පටන් ගන්නවා එවිට ලිපෙන් අයින් කරගන්න. 3.මුංඇට - 30g කබලේ බදිනකොට යාන්තමට සුවද එන්න පටන් ගන්නකොට ලිපෙන් අයින් කරගන්න. 4.සුදු හාල් - 15g හාල් දුඹුරු වෙනකම් බදින්න එපා සදා ගන්නා ආකාරය. මුලින්න හැම එකම කබලේ බැද ගන්න පස්සේ ඔක්කොම එකට දලා බ්ලෙන්ඩ කරගන්න අන්තිමට ඒ ටික හලා ගන්න. ඔබේ අවශ්‍යතාවය පරිදි කැමතිනම් කිරිපිටි මේස හැන්දක් එකතු කරගන්න. සාමාන්‍ය විදියට සමපෝෂ හදා ගන්න. කඩෙන් ගන්න සමපෝෂ එකට වඩා රසයි හදලා බලන්න. කල් තියා ගන්නවා කියලා මාස ගණන් තියන්න එපා. සති දෙකක් වගේ තියා ගන්න ප්‍රමාණයට හදා ගන්න. කඩෙන් ගන්න එවා කල් තියා ගන්නත් එකඑක දෙවල් පාවිච්චි කරන එකේ අපි ගෙදර හදන එක මාස ගානක් තියා ගන්න එක ඇත්තෙන්ම තෙරුමක් නෑ.
ඉන්දියානුවන් කුළුබඩු සහ රසයන් ඒකාබද්ධ කිරීමට දක්ෂ බැවින් ඉන්දියානු ආහාර ලොව පුරා ප්‍රසිද්ධය. ඔවුන්ගේ සූපශාස්ත්‍ර බුද්ධිය අසමසම වන අතර ඔවුන්ගේ…
මිනිසුන් වශයෙන්, අපි සමමිතියට ඇබ්බැහි වී සිටිමු. ජ්‍යාමිතික රටා අපට සතුටක් ගෙන දෙන අතර, අප බලන සෑම තැනකම අපි ඒවා…
දිවුල් ජෑම්. අවශ්‍ය ද්‍රව්‍ය හොඳට ඉදුණු දිවුල් ගෙඩි 2සීනි කෝප්ප 1උණුවතුර කෝප්ප 2දෙහි යුෂ ස්වල්පයක් දිවුල් මද සූරලා වතුරට දාලා…
චයිනීස් වම්බටු බාබකියු. අවශ්‍ය ද්‍රව්‍ය - පණුවන් විද නැති අලුත් වම්බටු ගෙඩි 4 - ඔලිව්තෙල් ස්වල්පයක් / සෝස් එකට -…
බිත්තර හා කැරට් සලාදය. අවශ්‍ය ද්‍රව්‍ය තම්බාගත් බිත්තර 4තම්බාගත් ග්‍රීන්පීස් කෝප්ප 1/4තම්බාගත් කැරට් අල 2ලෙමන් යුෂ මේස හැඳි 1චොප්කරගත් පාස්ලි…
රසට කෑමක් හදාගන්න එක මහා අමාරු වැඩක් කියල තමයි බොහෝ දෙනෙක් හිතන් ඉන්නෙ. හැබැයි හරි පදමට හදාගත්තු පහේ ටික තියෙනව…
ක්‍රිස්මස් කේක්. අවශ්‍ය ද්‍රව්‍ය චෙරීස් ග්‍රෑම් 250රුලං ග්‍රෑම් 300සීනි ග්‍රෑම් 500බටර් ග්‍රෑම් 250කරන්ට්ස් ග්‍රෑම් 80රේසින්ස් ග්‍රෑම් 250සුල්තානා ග්‍රෑම් 250ඉඟුරු දෝසි…