කෑම ජාති

හැමදාම සලාද එකම විදිහට කන්නේ නැතුව මේ රෙසිපි 5ත් try කරලා බලන්න.

1. දඹල සලාදය

ඒ සදහා අවශ්‍ය ද්‍රව්‍ය 

ලපටි දඹල ග්‍රෑම් 200ක්/ රතු ළූණු ග්‍රෑම් 50ක්/ කොච්චි කරලක්/ ගම්මිරිස්කුඩු තේ හැන්දක්/ ලුණු ටිකක්/ දෙහි යුෂ ස්වල්පයක්/ අන්නාසි කැබලිස්වල්පයක්/ තක්කාලි ගෙඩි 2ක්

එය සාදාගන්නා ආකාරය. 

දඹල ටික සුද්ද කරලා සෝදලා අරන් කොළ පාට ගතිය නැති වෙන්න නොදී විනාඩි 2ක් වගේ තම්බගන්න. දැන් දඹල ටික හීනියට කපාගන්න. රතුළූණු, කොච්චි හීනියට කපාගන්න. තක්කාලි හා අන්නාසි කොටුවට කපාගන්න.

 බෝල් එකක් අරන් මේ ඔක්කොම ටික කලවම් කරලා ලුණු හා ගම්මිරිස්කුඩු දාලා කෑමට ගන්න.

2. වම්බටු හා අන්නාසි සලාදය

ඒ සදහා අවශ්‍ය ද්‍රව්‍ය 

වම්බටු ග්‍රෑම් 500ක්/ කපාගත්  බී ළූණු ගෙඩි 3ක්/ කපාගත්  මාළු මිරිස් කරල් 4ක්/ කපාගත් තක්කාලි  ගෙඩි 2ක්/ කපාගත්  අන්නාසි කැබලිස්වල්පයක්/ අඹ චට්නි මේස හැඳි 3ක්/ තක්කාලි සෝස් මේස හැඳි 2ක්/ මිරිස්කුඩු මේස හැන්දක්/ ලුණු හා ගම්මිරිස් රස අනුව

එය සාදාගන්නා ආකාරය

මුලින්ම වම්බටු ගෙඩියට හීනි පෙති කපාගෙන ගැඹුරු තෙලේ බැදගන්න.

බෝල් එකක් අරගෙන ඒකට අඹ චට්නි ටික, තක්කාලි සෝස්, මිරිස්කුඩු, ලුණු හා ගම්මිරිස්කුඩු දාගෙන හොඳට කලවම් කරගන්න.

දැන් කපාගත් ළූණු, අන්නාසි, තක්කාලි හා මාළු මිරිස් දාගන්න. අන්තිමට බැදගත් වම්බටු ටික එකතු කර රස බලන්න.

3. කරවිල තායි සලාදය

ඒ සදහා අවශ්‍ය ද්‍රව්‍ය 

කරවිල ග්‍රෑම් 500/ සිහින්ව ලියාගත් බී ළූණු ග්‍රෑම් 100/සිහින්ව ලියාගත් අමුමිරිස් කරල් 4ක්/ සිහින්ව ලියාගත්/ තක්කාලි ගෙඩි 1ක්/ සිහින්ව ලියාගත්කොත්තමල්ලි කොළ/ ග්‍රෑම් 30ක්/ දෙහි ගෙඩියක යුෂ/ ෆිශ් සෝස් මේස හැන්දක්/ චිලි පේස්ට් මේස හැන්දක්

එය සාදාගන්නා ආකාරය

මුලින්ම පෙති කපාගත් කරවිල ටික ගැඹුරු තෙලේ බැදගන්න. ඊට පස්සෙ කපාගත් තක්කාලි ටික බැදගන්න. කොත්තමල්ලි කොළ ටිකත් ලාවටබැදගන්න. 

දැන් බෝල් එකක් අරගෙන ඒකට ලියාගත් බී ළූණු, අමුමිරිස් දාලා ඒකට චිලී පේස්ට් එකතු කරලා හොඳ​ට කලවම් කරගන්න. දැන් දෙහි යුෂ ටිකදාලා ෆිශ් සෝස් දාගන්න.

අන්තිමට කරවිල ටිකයි බැදගත් තක්කාලි හා කොත්තමල්ලි කොළ ටික එකතු කරගන්න.

4. රශියන් සැලඩ්

ටිකක් වෙනස් රසකට සලාදයක් කන්න ආස අය ට්‍රයි කරලා බලන්න. මේ සැලඩ් එක කූල් එකේ තමයි කන්නේ.

ඒ සදහා අවශ්‍ය ද්‍රව්‍ය 

අර්තාපල් අල ගෙඩි 3ක්/ කැරට් අල 2/ ග්‍රීන්පීස් ග්‍රෑම් 250/ බෝංචි කරල් 8ක් පමණ/ මයෝනිස් මේස හැඳි 5/ පොඩි/ අන්නාසි ගෙඩියක්/ ලුණුස්වල්පයක්/ ගම්මිරිස්කුඩු

එය සාදාගන්නා ආකාරය.

මුලින්ම අල, කැරට් කොටුවට කපා ගන්න. අල ටික කූල් වතුර එකක පෙඟෙන්න තියන්න. අන්නාසි ගෙඩිය පොතු ​ඇර කොටුවට කපාගන්න. බෝංචිටික හීනියට වගේ කපා ගන්න. 

කැරට් ටික විනාඩි 2ක් තම්බගන්න. ඒක අයින් කරලා ඒ වතුරටම බෝංචි ටික විනාඩි 2ක් තැම්බෙන්න දෙන්න. ඒක අයින් කරලා ග්‍රීන්පීස් ටික විනාඩි2ක් තම්බගන්න.

අන්තිමට අල ටික තැම්බෙන්න තියන්​න විනාඩි 3ක් විතර. හො​ඳට තැම්බුනාම වතුරෙන් පෙරාගන්න.

දැන් බෝල් එකක් අරන් ඒකට තම්බගත්තු අල, කැරට්, බෝංචි, ග්‍රීන්පීස් හා අන්නාසි  ටික දාගන්න. ලුණු ස්වල්පයක් එකතු කරන්න. ගම්මිරිස්කුඩුඇති පදම් දාගන්න.

දැන් මයෝනිස් ටික එකතු කරගෙන හොඳට කලවම් කරගන්න. ෆ්‍රිජ් එකේ තියලා කෑමට ගන්න.

5. බිත්තර සලාදය

ඒ සදහා අවශ්‍ය ද්‍රව්‍ය 

තම්බාගත් බිත්තර 4ක්/ කොටුවට කපාගත් බී ළූණු ගෙඩි 2ක්/ කොටුවට කපාගත් තක්කාලි ගෙඩි 2ක්/ හීනියට කපාගත් ළූණු කොළ ටිකක්/ ලුණු හාගම්මිරිස්කුඩු 

එය සාදාගන්නා ආකාරය

තම්බාගත් බිත්තර ටික පරිස්සමට කොටුවට කපාගන්න. දැන් බෝල් එකක් අරගෙන ඒකට ළූණු හා තක්කාලි දාලා ලුණු, ගම්මිරිස් එකතු කරලාහොඳ​ට කලවම් කරන්න. කැමති අය දෙහි යුෂ ටිකකුත් දාගන්න. 

දැන් මේකට කපාගත් බිත්තර ටික හා ළූණු කොළ ටික දාලා කලවම් කරලා කෑමට ගන්න.

(උ.ගැ)

iloveyou@lk

Recent Posts

අපේ ක්‍රිකට් මුළු ලෝකයටම… Our brand of cricket to the world…

රටක් විදියට අපි හැමෝම එකතු වුණේ, එකක් වුණේ ක්‍රිකට් නිසා කිව්වොතින් ඒක වැරදි නෑ. අවිනිශ්චිත…

3 years ago

සාමාන්‍ය තත්ත්වයෙන් බැහැර වූ නිවාස 7ක්.

අසාමාන්ය වර්ණ සහ අතිවිශිෂ්ට සැරසිලි අපගේ ස්ථාන අද්විතීය වන අතර අයිතිකරුවන් ගැන බොහෝ දේ කියන්න.…

3 years ago

ගුණැති කෙසෙල්මුව විවිධ රස වලින් රෙසිපි 5ක් මෙන්න.

1. කෙසෙල්මුව සීනි සම්බෝල. අවශ්‍ය ද්‍රව්‍ය :- කෙසෙල්මුව 1, ලියාගත් ළූණු ගෙඩි 1, කරපිංචා කොළ…

3 years ago

නිෂ්පාදන නිර්මාණයේ සැබෑ විශිෂ්ටතම නිර්මාණ කිහිපයක් මෙන්න.

"යක්ෂයා විස්තර තුළ සිටී, ”ප්‍රසිද්ධ ප්‍රකාශනය පවසන අතර එය එදිනෙදා අයිතම සැලසුම් කිරීම සඳහා විශේෂයෙන්…

3 years ago

දැක්ක ගමන් මිලදී ගන්න හිතෙන අපූරු නිර්මාණ කිහිපයක් මෙන්න.

අවම වශයෙන් එක් වරක් සාප්පු සවාරි ගිය ඕනෑම අයෙකු පරීක්ෂාවට එරෙහි වීම සහ රාක්කයේ ඇති…

3 years ago

රසම රස ඥානකතා ගෙදරදීම හදාගන්න විදිහ මෙන්න.

පිටි කෝප්ප 1බේකින් පවුඩර් තේ හැඳි 1බිත්තර 1සීනි 75gවැනිලා තේ හැඳි 1බටර් 50gකිරි ස්වල්පයක්. සාදන…

3 years ago