කෑම ජාති

නත්තල් කාලෙට නත්තල් කේක් වර්ග 3ක් හදාගන්න වට්ටෝරු මෙන්න.

  1. ක්‍රිස්මස් කේක්.

අවශ්‍ය ද්‍රව්‍ය

චෙරීස් ග්‍රෑම් 250
රුලං ග්‍රෑම් 300
සීනි ග්‍රෑම් 500
බටර් ග්‍රෑම් 250
කරන්ට්ස් ග්‍රෑම් 80
රේසින්ස් ග්‍රෑම් 250
සුල්තානා ග්‍රෑම් 250
ඉඟුරු දෝසි ග්‍රෑම් 250
චව් චව් ග්‍රෑම් 250
කැන්ඩිඩ් පීල් ග්‍රෑම් 80
බිත්තර 12
කජු ග්‍රෑම් 250
ස්ට්‍රෝබෙරි ජෑම් (පොඩි) 1
බ්‍රැන්ඩි වීදුරු 1/2
මී පැණි පොඩි බෝතල් 1
වැනිලා එසන්ස් මේස හැඳි 2
රෝස් එසන්ස් මේස හැඳි 2
ආමන්ඩ් එසන්ස් මේස හැඳි 2
කරදමුංගු, කරාබුනැටි, කුරුඳුපොතු, සාදික්කා, තේ හැඳි 1 බැගින්
ග්‍රේට් කරගත් දෙහි ලෙලි තේ හැඳි 2

පළතුරු සියල්ලම පොඩියට කපලා බ්‍රැන්ඩි කලවම් කරගන්න. ලොකු භාජනයකට දාලා දවස් 5ක් වගේ වහලා තියන්න.
රුලං ටික කබලේ ටිකක් බැදලා අරන් ඒකට බටර් කලවම් කරගන්න. බිත්තර සුදුමද හා කහමද වෙන් කරගන්න. සුදුමද ටික සීනි දාලා බීට් කරගන්න.
දැන් කහ මද ටිකත් දාලා බීට් කරගන්න. හොඳට බීට් කරගත්තට පස්සෙ ඒකට බටර් හා රුලං මිශ්‍රණයත් දාගන්න. දැන් මේක​ට පළතුරු එක දාගෙන හොඳට කලවම් කරගන්න.
දැන් මේකට මී පැණි ටික දාගන්න. රෝස් එසන්ස්, ආමන්ඩ් එසන්ස්, වැනිලා හා කුළුබඩු සියල්ලම කුඩු කරලා එකතු කරන්න.
ජෑම් එකත් හොඳට කලවම් කරලා කජු ටික කෑලි කපලා දාලා කලවම් කරගන්න. බේකින් ශීට් දාපු ට්‍රේ එකකට මිශ්‍රණය දාලා 180°C ට පැයක් වගේ බේක් කරගන්න.

  1. ලව් කේක්.

අවශ්‍ය ද්‍රව්‍ය

බටර් ග්‍රෑම් 300
සීනි ග්‍රෑම් 300
මී පැණි මේස හැඳි 8
රුලං ග්‍රෑම් 250
ආමන්ඩ් එසන්ස් තේ හැඳි 1
රෝස් එසන්ස් තේ හැඳි 1
ස්පයිසස් තේ හැඳි 1
දෙහි ලෙලි තේ හැඳි 1
බිත්තර 12
පුහුල් දෝසි ග්‍රෑම් 100

රුලං කබලේ බැදලා බටර් එකතු කරලා තියාගන්න. බිත්තර සුදුමද වෙන් කරලා හිම වගේ මිදෙනකල් බීට් කරන්න.
කහමද ටික සීනි හා දෙහිපොතු දමා වෙනම බීට් කරන්න. කහමද ලා පාටක් වෙනකල් බීට් වෙන්න ඕනේ. ඒකට මී පැණි හා කජු කෑලි ටික දාගන්න.මේකටම පුහුල් දෝසි ටික කපලා රුලං මිශ්‍රණයට දාලා බිත්තර සුදුමද එක්ක කලවම් කරන්න.
ට්‍රේ එකකට බටර් ගාලා කේක් මිශ්‍රණය දාලා 180C° ට විනාඩි 40ක් බේක් කරන්න.

  1. ක්‍රිස්මස් බෲදර්.

බෲදර් හදන ක්‍රම කීපයක්ම තියෙනව. සාම්ප්‍රදායික ක්‍රමයෙන් බැහැරව පහසුවෙන් බෲදර් එකක් හදාගන්න හැටියි මේ.

අවශ්‍ය ද්‍රව්‍ය
ඩෝ එක සඳහා

පාන්පිටි ග්‍රෑම් 250
ඊස්ට් ග්‍රෑම් 6
සීනි තේ හැඳි 2
කිරි කෝප්ප 1
ලුණු පින්ච් එකක්

වෙනම අවශ්‍ය වර්ග
සීනි ග්‍රෑම් 100
බිත්තර 2
බටර් ග්‍රෑම් 100
සුල්තානා ග්‍රෑම් 50
ටූටි ෆෘට් ග්‍රෑම් 50

කිරි වලට ඊස්ට් සහ සීනි හැඳි 2 එකතු කරන්න. ඒකට පිටි හා ලුණු එකතු කරලා බීට් කරගන්න. දැන් මේක දෙගුණයක් වෙන්න පිපෙන්න තියන්න.
මෝලිය පිපුණට පස්සෙ ඒකට සීනි ග්‍රෑම් 100 එකතු කරලා බීට් කරගන්න. දැන් බිත්තර එකින් එක එකතු කරගන්න. බිත්තර හොඳට බීට් උනාට පස්සෙ බටර්, ටූටි ෆෘට් හා සුල්තානා ටික එකතු කරගන්න.
දැන් බටර් ගාගත් තැටියකට දාලා ලා රස්නයක් ඇති තැනක පිපෙන්න තියන්න. දැන් මේක 180°C ට විනාඩි 40ක් බේක් කරගන්න. බේක් වුනාට පස්සෙ අවන් එකෙන් අරගෙන නිවෙන්න තියන්න.

iloveyou@lk

Recent Posts

අපේ ක්‍රිකට් මුළු ලෝකයටම… Our brand of cricket to the world…

රටක් විදියට අපි හැමෝම එකතු වුණේ, එකක් වුණේ ක්‍රිකට් නිසා කිව්වොතින් ඒක වැරදි නෑ. අවිනිශ්චිත…

3 years ago

සාමාන්‍ය තත්ත්වයෙන් බැහැර වූ නිවාස 7ක්.

අසාමාන්ය වර්ණ සහ අතිවිශිෂ්ට සැරසිලි අපගේ ස්ථාන අද්විතීය වන අතර අයිතිකරුවන් ගැන බොහෝ දේ කියන්න.…

3 years ago

ගුණැති කෙසෙල්මුව විවිධ රස වලින් රෙසිපි 5ක් මෙන්න.

1. කෙසෙල්මුව සීනි සම්බෝල. අවශ්‍ය ද්‍රව්‍ය :- කෙසෙල්මුව 1, ලියාගත් ළූණු ගෙඩි 1, කරපිංචා කොළ…

3 years ago

නිෂ්පාදන නිර්මාණයේ සැබෑ විශිෂ්ටතම නිර්මාණ කිහිපයක් මෙන්න.

"යක්ෂයා විස්තර තුළ සිටී, ”ප්‍රසිද්ධ ප්‍රකාශනය පවසන අතර එය එදිනෙදා අයිතම සැලසුම් කිරීම සඳහා විශේෂයෙන්…

3 years ago

දැක්ක ගමන් මිලදී ගන්න හිතෙන අපූරු නිර්මාණ කිහිපයක් මෙන්න.

අවම වශයෙන් එක් වරක් සාප්පු සවාරි ගිය ඕනෑම අයෙකු පරීක්ෂාවට එරෙහි වීම සහ රාක්කයේ ඇති…

3 years ago

රසම රස ඥානකතා ගෙදරදීම හදාගන්න විදිහ මෙන්න.

පිටි කෝප්ප 1බේකින් පවුඩර් තේ හැඳි 1බිත්තර 1සීනි 75gවැනිලා තේ හැඳි 1බටර් 50gකිරි ස්වල්පයක්. සාදන…

3 years ago