කෑම ජාති

දිවුල් හදන අලුත්ම ක්‍රම කිහිපයක් මෙන්න.

  1. දිවුල් ජෑම්.

අවශ්‍ය ද්‍රව්‍ය

හොඳට ඉදුණු දිවුල් ගෙඩි 2
සීනි කෝප්ප 1
උණුවතුර කෝප්ප 2
දෙහි යුෂ ස්වල්පයක්

දිවුල් මද සූරලා වතුරට දාලා හොඳට පොඩි කරගන්න. දැන් මේක පෙරලා සීනි දාලා දියකරගන්න.
මේක පැය 12ක් ෆ්‍රිජ් එකේ තියලා අරන් ලිපේ තියලා මදගින්නෙ හැඳිගාන්න. තික් වේගෙන එනකොට දෙහි යුෂ ටික දාගන්න.
මිශ්‍රණය අතට උකු ගතියට දැනෙනකොට ලිපෙන් බාලා ජීවාණුහරණය කළ බෝතලයක අසුරගන්න.

  1. දිවුල් ස්මූති.

අවශ්‍ය ද්‍රව්‍ය

හොඳින් ඉදුණු දිවුල් ගෙඩි 2
කිරිපිටි මේස හැඳි 3
සීනි මේස හැඳි 2
වතුර කෝප්ප 1
අයිස් කැට 5
දිවුල් මදය සූරා බ්ලෙන්ඩ් එකට දාලා අනික් සියල්ලම දාලා විනාඩි 3ක් හොඳට බ්ලෙන්ඩ් කරගන්න.
ඇට තියෙනව නම් පෙරාගන්න. අයිස්කැට ටිකක් දාලා බොන්න ගන්න. නැත්නම් හොඳට කූල් වෙනකම් ෆ්‍රිජ් එකේ තියල ගන්න.

  1. අමු දිවුල් සම්බෝල.

අවශ්‍ය ද්‍රව්‍ය

අමු දිවුල් ගෙඩි 2
ලුණු වතුර කෝප්ප 1
සීනි මේසහැඳි 1
මිරිස්කුඩු තේ හැඳි 1/2
ගම්මිරිස්කුඩු ස්වල්පයක්
විනාකිරි මේසහැඳි 1

අමු දිවුල් ගෙඩිය දෙකට පළලා පොල් ගානවා වගේ හිරමණෙන් ගාගන්න.
දැන් මේ ටික ලුණු වතුරෙ දාලා ටිකක් කහට ගතිය අයින්වෙන්න තියලා වතුර මිරිකලා ගන්න.
දැන් මිරිස්කුඩු, සීනි, ගම්මිරිස්කුඩු හා විනාකිරි දාලා කලවම් කරලා කෑමට ගන්න.

  1. දිවුල් පුඩින්.

අවශ්‍ය ද්‍රව්‍ය

ඉදුණු දිවුල් ගෙඩි 2
සීනි මේස හැඳි 4
ජෙලටින් මේස හැඳි 1
පොල්කිරි කෝප්ප 2
චොප්කරගත් කජු ස්වල්පයක්
ලුණු

ජෙලටින් වලට උණුවතුර ටිකක් දාලා දියකරගන්න. දිවුල් මදය සූරා පොල්කිරි වල දාලා දියකරගන්න. කැමතිනම් බ්ලෙන්ඩ් කර පෙරාගන්න.
මේකට සීනි හා ලුණු දාලා කලවම් කරගන්න. දැන් පෙඟෙන්න දැමූ ජෙලටින් ටිකත් දාලා දියවෙනකල් හැඳිගාන්න.
පුඩින් බෝල් එකට බටර් ටිකක් ගාලා මිශ්‍රණය දාලා පැය 2ක් ෆ්‍රිජ් එකේ දාලා සෙට් වෙන්න තියන්න. උඩින් කජු කෑලි ඉහළා දාලා කෑමට ගන්න.

  1. දිවුල් මූස්.

අවශ්‍ය ද්‍රව්‍ය

ජෙලටින් මේස හැඳි 2
වතුර කෝප්ප 1/2
දිවුල්
ජෑම් කෝප්ප 1
බිත්තර සුදුමද 4
සීනි ග්‍රෑම් 150
විප්ක්‍රීම් කෝප්ප 1/2
චොප්කරගත් කජු
මුද්දරස්පලම් ස්වල්පයක්
චෙරි ස්වල්පයක්

ජෙලටින් වලට වතුර දාලා ලිපේ තියලා දියකරගන්න. විප්ක්‍රීම් ටික ස්ටිෆ්පීක් වෙනකල් බීට් කරලා පැත්තකින් තියාගන්න.
බිත්තර සුදුමද ටික බීට් කරගන්න. සීනි, ජෙලටින් හා ජෑම් ටික ටික දාලා ස්ටිෆ් පීක් වෙනකල් බීට් කරගන්න.
හොඳට බීට් උනාම විප්ක්‍රීම් ටික දාලා ආයෙ බීට් කරගන්න. දැන් මේක බෝල් එකට දාලා පැය 2ක් ෆ්‍රිජ් එකේ තියන්න.
උඩින් චොප්කරගත් කජු, මුද්දරස්පලම් හා චෙරි දාලා කෑමට ගන්න.

  1. දිවුල් අයිස්පලම්.

අවශ්‍ය ද්‍රව්‍ය

හොඳින් ඉදුණු දිවුල් ගෙඩි 2
සීනි කෝප්ප 1
රස අනුව ලුණු
පොප්සිකල් ස්ටික්ස් 3-4

දිවුල් මදයට වතුර කෝප්ප 1ක් දාලා හොඳට බ්ලෙන්ඩ් කරගන්න. මේක පෙරලා ලිපේ තියලා සීනි හා ලුණු දාලා හොඳට උණු කරගන්න.
ඊළඟට නිවෙන්න තියලා පොප්සිකල් මෝල්ඩ් වලට හෝ පොඩි කප්ස් වලට දාලා පැයක් ෆ්‍රීස් කරන්න.
බාගෙට ෆ්‍රීස් උන ටික අරන් ස්ටික් එක ගහලා ආයෙ පැය 8ක් හොඳට ෆ්‍රීස් කරගන්න.

  1. දිවුල් චාට්.

අවශ්‍ය ද්‍රව්‍ය

හොඳින් ඉදුණු දිවුල් ගෙඩි 2
චොප්කරගත් අමුමිරිස් කරල් 3
කොත්තමල්ලි කොළ ස්වල්පයක්
දෙහි යුෂ මේස හැඳි 1
ලුණු
තුනපහකුඩු තේ හැඳි 1/4
මිරිස්කුඩු තේ හැඳි 1/4
චාට් මසාලා තේ හැඳි 1/4
සීනි තේ හැඳි 1

දිවුල්මද හා අනික් සියල්ලම බ්ලෙන්ඩර් එකට දාලා බ්ලෙන්ඩ් කරගන.රොටි එක්ක කන්නත් පුලුවන්.

උපුටා ගැනීමකි.

iloveyou@lk

Recent Posts

අපේ ක්‍රිකට් මුළු ලෝකයටම… Our brand of cricket to the world…

රටක් විදියට අපි හැමෝම එකතු වුණේ, එකක් වුණේ ක්‍රිකට් නිසා කිව්වොතින් ඒක වැරදි නෑ. අවිනිශ්චිත…

3 years ago

සාමාන්‍ය තත්ත්වයෙන් බැහැර වූ නිවාස 7ක්.

අසාමාන්ය වර්ණ සහ අතිවිශිෂ්ට සැරසිලි අපගේ ස්ථාන අද්විතීය වන අතර අයිතිකරුවන් ගැන බොහෝ දේ කියන්න.…

4 years ago

ගුණැති කෙසෙල්මුව විවිධ රස වලින් රෙසිපි 5ක් මෙන්න.

1. කෙසෙල්මුව සීනි සම්බෝල. අවශ්‍ය ද්‍රව්‍ය :- කෙසෙල්මුව 1, ලියාගත් ළූණු ගෙඩි 1, කරපිංචා කොළ…

4 years ago

නිෂ්පාදන නිර්මාණයේ සැබෑ විශිෂ්ටතම නිර්මාණ කිහිපයක් මෙන්න.

"යක්ෂයා විස්තර තුළ සිටී, ”ප්‍රසිද්ධ ප්‍රකාශනය පවසන අතර එය එදිනෙදා අයිතම සැලසුම් කිරීම සඳහා විශේෂයෙන්…

4 years ago

දැක්ක ගමන් මිලදී ගන්න හිතෙන අපූරු නිර්මාණ කිහිපයක් මෙන්න.

අවම වශයෙන් එක් වරක් සාප්පු සවාරි ගිය ඕනෑම අයෙකු පරීක්ෂාවට එරෙහි වීම සහ රාක්කයේ ඇති…

4 years ago

රසම රස ඥානකතා ගෙදරදීම හදාගන්න විදිහ මෙන්න.

පිටි කෝප්ප 1බේකින් පවුඩර් තේ හැඳි 1බිත්තර 1සීනි 75gවැනිලා තේ හැඳි 1බටර් 50gකිරි ස්වල්පයක්. සාදන…

4 years ago