කෑම ජාති

බිත්තර වලින් රසවත් සලාද වට්ටෝරු 7ක් මෙන්න.

  1. බිත්තර හා කැරට් සලාදය.

අවශ්‍ය ද්‍රව්‍ය

තම්බාගත් බිත්තර 4
තම්බාගත් ග්‍රීන්පීස් කෝප්ප 1/4
තම්බාගත් කැරට් අල 2
ලෙමන් යුෂ මේස හැඳි 1
චොප්කරගත් පාස්ලි ස්වල්පයක්
පාමසාන් චීස් මේස හැඳි 1
තම්බාගත් බිත්තර 4ට කපලා බෝල් එකකට දාගන්න. මේකට තරමක කෑලි කපාගත් කැරට්, ග්‍රීන්පීස් ටික එකතුකරලා ලෙමන් යුෂ ටික දාගන්න.
ඊළඟට චොප්කරගත් පාමසාන් චීස් ටික දාලා හැන්දකින් කලවම් කරගන්න.

  1. බිත්තර හා කව්පි සලාදය.

අවශ්‍ය ද්‍රව්‍ය

තම්බාගත් බිත්තර 2
කපාගත් තක්කාලි ගෙඩි 1/2
චොප්කරගත් ළූණු ගෙඩි ½
තම්බාගත් රතු කව්පි කෝප්ප 1/2
ඔලිව්තෙල් තේ හැඳි 1
ලෙමන් යුෂ තේ හැඳි 1
මස්ටඩ් ක්‍රීම් තේ හැඳි 1/4
ලුණු හා ගම්මිරිස්කුඩු ස්වල්පයක්

බිත්තර ටික කපලා බෝල් එකකට දාගන්න. මේකට කපාගත් තක්කාලි, ළූණු, කව්පි දාගන්න.
ඔලිව්තෙල් වලට ලෙමන්, මස්ටඩ් හා රස අනුව ලුණු ගම්මිරිස්කුඩු දාලා පේස්ට් එකක් හදාගන්න. දැන් මේක සැලඩ් එකට දාලා කලවම් කරගන්න.

  1. ගෝවා බිත්තර සලාදය.

අවශ්‍ය ද්‍රව්‍ය

සිහින්ව ලියාගත් ගෝවා කෝප්ප 1
සිහින්ව ලියාගත් ගර්කින් කෝප්ප 1
තම්බාගත් බිත්තර 4
චොප්කරගත් කොළ ඇපල් 1/2
චොප්කරගත් කොත්තමල්ලි කොළ ස්වල්පයක්
ලෝ ෆැට් මයෝනිස් මේස හැඳි 1
ලුණු හා ගම්මිරිස්කුඩු
ලෙමන් යුෂ මේස හැඳි 1

බිත්තර ටික ග්‍රේට් කරගන්න. මේකට ගෝවා, ගර්කින් හා ඇපල් ටික දාගන්න (පසුව කෑමට ගන්නවනම් ඇපල් එවෙලෙට දාගන්න).
මේකට චොප්කරගත් කොත්තමල්ලි කොළ ටික දාලා මයෝනිස් දාගන්න. රස අනුව ලුණු හා ගම්මිරිස්කුඩු දාලා, ලෙමන් යුෂ දාලා කලවම් කරගන්න.

  1. ක්‍රීමි එග් සැලඩ්.

අවශ්‍ය ද්‍රව්‍ය

තම්බාගත් බිත්තර 4
චොප්කරගත් ළූණු ගෙඩි 1
චොප්කරගත් පාස්ලි ස්වල්පයක්
මස්ටඩ් ක්‍රීම් මේස හැඳි
ලෙමන් මේස හැඳි 1
ලුණු හා ගම්මිරිස්කුඩු

බිත්තර ටික පොඩියට කපාගන්න. මේකට ළූණු හා පාස්ලි දාගන්න.
මස්ටඩ් ක්‍රීම් ටික දාලා ලෙමන් හා රස අනුව ලුණු ගම්මිරිස්කුඩු ටික දාලා හොඳට ක්‍රීම් වෙනකල් කලවම් කරගන්න.

  1. හාඩ් බොයිල්ඩ් එග් සැලඩ්.

අවශ්‍ය ද්‍රව්‍ය

තම්බාගත් බිත්තර 4
චොප්කරගත් ළූණු ගෙඩි 1
චොප්කරගත් තක්කාලි ගෙඩි 1
චොප්කරගත් බෙල්පෙපර් කෝප්ප 1/2
චොප්කරගත් ගර්කින් කෝප්ප 1/4
චොප්කරගත් ලෙටුස් කෝප්ප 1/2
මයෝනිස් මේස හැඳි 3
ලුණු හා ගම්මිරිස්කුඩු
සීනි තේ හැඳි 1/2

බිත්තර ටික චොප්කරලා බෝල් එකකට දාගන්න.
ඉතුරු දේවල් ටිකත් දාලා හොඳට කලවම් කරලා කෑමට ගන්න. ලුණු රස අනුව වෙනස් කරගන්න.

  1. ලෝ කාර්බ් කිටෝ එග් සැලඩ්.

අවශ්‍ය ද්‍රව්‍ය

තම්බාගත් බිත්තර 5
චොප්කරගත් ළූණු කොළ කෝප්ප 1/4
ලෝ ෆැට් මයෝනිස් මේස හැඳි 4
ලුණු හා ගම්මිරිස්කුඩු
ඇපල් සයිඩර් විනාකිරි මේස හැඳි 1

බිත්තර ටික ග්‍රේට් කරගන්න. මේකට ළූණු කොළ, මයෝනිස් දාලා කලවම් කරගන්න.
රස අනුව ලුණු හා ගම්මිරිස්කුඩු දාලා ඇපල් සයිඩර් විනාකිරි දාලා හොඳට කලවම් කරගන්න.
හෝල්වීට් (Whole wheat) පාන් පෙත්තක් එක්ක කන්න නියමයි.

  1. ඇවකාඩෝ එග් සැලඩ්.

අවශ්‍ය ද්‍රව්‍ය

අලිගැටපේර ගෙඩි 1
තම්බාගත් බිත්තර 5
චොප්කරගත් ළූණු ගෙඩි 1/2
චොප්කරගත් ළූණු කොළ කෝප්ප 1/4
චොප්කරගත් තක්කාලි ගෙඩි 1/2
ලෙමන් යුෂ මේස හැඳි 2
ලුණු හා ගම්මිරිස්කුඩු
ලෝ ෆැට් මයෝනිස් මේස හැඳි 2

බිත්තර ටික පොඩියට කපාගන්න. මේකට අලිගැටපේර ගෙඩිය පොඩියට කපලා එකතු කරන්න.
ඊළඟට චොප්කරගත් ළූණු හා ළූණු කොළ ටික දාගන්න. තක්කාලි ටික දාලා රස අනුව ලුණු හා ගම්මිරිස්කුඩු එකතුකරන්න.
ලෙමන් යුෂ හා මයෝනිස් දාලා හොඳට කලවම් කරලා කෑමට ගන්න.

උපුටා ගැනීමකි

iloveyou@lk

Recent Posts

අපේ ක්‍රිකට් මුළු ලෝකයටම… Our brand of cricket to the world…

රටක් විදියට අපි හැමෝම එකතු වුණේ, එකක් වුණේ ක්‍රිකට් නිසා කිව්වොතින් ඒක වැරදි නෑ. අවිනිශ්චිත…

3 years ago

සාමාන්‍ය තත්ත්වයෙන් බැහැර වූ නිවාස 7ක්.

අසාමාන්ය වර්ණ සහ අතිවිශිෂ්ට සැරසිලි අපගේ ස්ථාන අද්විතීය වන අතර අයිතිකරුවන් ගැන බොහෝ දේ කියන්න.…

3 years ago

ගුණැති කෙසෙල්මුව විවිධ රස වලින් රෙසිපි 5ක් මෙන්න.

1. කෙසෙල්මුව සීනි සම්බෝල. අවශ්‍ය ද්‍රව්‍ය :- කෙසෙල්මුව 1, ලියාගත් ළූණු ගෙඩි 1, කරපිංචා කොළ…

3 years ago

නිෂ්පාදන නිර්මාණයේ සැබෑ විශිෂ්ටතම නිර්මාණ කිහිපයක් මෙන්න.

"යක්ෂයා විස්තර තුළ සිටී, ”ප්‍රසිද්ධ ප්‍රකාශනය පවසන අතර එය එදිනෙදා අයිතම සැලසුම් කිරීම සඳහා විශේෂයෙන්…

3 years ago

දැක්ක ගමන් මිලදී ගන්න හිතෙන අපූරු නිර්මාණ කිහිපයක් මෙන්න.

අවම වශයෙන් එක් වරක් සාප්පු සවාරි ගිය ඕනෑම අයෙකු පරීක්ෂාවට එරෙහි වීම සහ රාක්කයේ ඇති…

3 years ago

රසම රස ඥානකතා ගෙදරදීම හදාගන්න විදිහ මෙන්න.

පිටි කෝප්ප 1බේකින් පවුඩර් තේ හැඳි 1බිත්තර 1සීනි 75gවැනිලා තේ හැඳි 1බටර් 50gකිරි ස්වල්පයක්. සාදන…

3 years ago