ආදරය විවාහය ගැන

විවාහයෙන් පසු ලිංගික ජිවිතය ගැන ඔබ දැනගත යුතුම කරුණු

විවාහයෙන් පසු ලිංගික ජිවිතය කොහොම එකක් වේවිද කියලා ඔබ කවදා හරි හිතලා තියෙනවාද? ඒ සදහා ඔබට කිසිවෙකුත් නොකියන ලිංගික උපදෙස් 10 ක් අපි අද ඔබ වෙත ගෙන එනවා.

බටහිර රටවලට නම් විවාහයට පෙර සිටම ලිංගික ජිවිතය අමුත්තෙක් නොවුනද විවාහ සහතිකය ආසියාතික අපේ රට වලට ලිංගික ජිවිතය සදහා දෙන බලපත්‍රයක් වැනියි.නමුත් සිදුවෙන සිදුවීම් දෙස මොහොතක් බැලු විට ඒ ක්‍රම දෙකටම එහා ගිය අමුතුම ගුප්ත හැසිරීමක් මිනිසාගේ ලිංගික ජිවිතය හා බැදි පවතිනවා.එහි රුචි අරුචි කම් එකිනෙකා අනුව වෙනස් වෙනවා. විවාහයෙන් පසු ලිංගික ජිවිතය කොහොම එකක් වේවිද ? මෙන්න ඒ සදහා ලිංගික උපදෙස්ඒ ගැන අත්දැකිම් ඇති 10 දෙනෙකු ලබා දෙන ලිංගික උපදෙස් අපි බලමු.

ඔවුන් සිය විවාහ ජිවිතය ඇසුරින් ලබා දෙන මේ උපදෙස් ඔබගේ විවාහ ජිවිතය සාර්ථක කරගැනීමට අත්වැලක් වේවි කියා අපි සිතනවා.

1. රාගය තාවකාලික නමුත් ආදරය ස්ථිරයි.

කාලයත් සමග විවාහයේ  චමත්කාරය කාලයත් සමඟ මැකී යන්න පුළුවන් කියන එක පිළිගන්න පුළුවන් නේද?ඔබට එහි මිහිර  දශක ගණනාවක් තිස්සේ නිරන්තරයෙන් විදින්න බැහැ. කාලයත් සමග ලිංගික ජිවිතයේ උච්චතම අවස්ථාව ක්‍රමයෙන් අඩු වී යනවා. වයස, සෞඛ්‍යමය හේතුන් හෝ වගකීම් නිසා ලිංගිකව එකතු වෙන වාර ගණන අඩු වී යනවා.ඔබේ යුගදිවි යහන හැමදාම රාගයෙන් උණුසුම් නොවනු ඇති. රාගය තාවකාලිකයි ඒ නිසා ඔබ දෙදෙනා ආදරය කරන්න.එය කිසිම හේතුවක් නිසා වියැකි නොවනු ඇති

2. ඒ ගැන බලාපොරොත්තු ගොඩාගසා ඒ තුල ජිවත්වෙන්න එපා.

විවාහයට පෙර ලිංගික ජිවිතය මේ වගේ යැයි සිහින ගොඩ නගා ගැනීම භයානයක වෙන්න පුළුවන්.බොහෝදෙනා සිනමා පට තුලින් ඒ පිළිබද චිත්‍රයක් ගොඩනගා ගන්න උත්සහා කරනවා.නමුත් ඔබ සැබවින්ම විවාහ වී ලිංගික ජිවිතයට පිවිස අත්දැකීම් ලබන විට එය ඔබ ගොඩනගා ගත් ලෝකයෙන් ඔබ්බට පවතියි නම් ඔබව බලාපොරොත්තු බිදුන තත්වයට පත් වී ලිංගික ජිවිතය පවා නිරස වෙන්න පුළුවන්.

3. ඔබේ සහකරු ලිංගිකව අනුකූල වීම සැබවින්ම වැදගත්

ඔබේ ලිංගික ජිවිතය යනු ඔබ පමණක් අදාල වන්නක් නොවේ. එහි සියලු දුක හා සතුට සියල්ල ඔබේ සහකරුටත් අදාල වෙනවා.ඔබ දෙදෙනාට හොද ලිංගික ගැලපීමක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම ලිංගික ජිවිතය ඔබ දෙදෙනාටම මිහිරි අත්දැකීමක් වේවි.ඒ නිසා දෙදෙනාම ලිංගික ජිවිතය තුල තම රුචි අරුචි කම් කතාබහ කර එය ඔබ දෙදෙනාට ගැලපෙන සේ සකස් කරගන්න.

4. අළුත් දේවල් අත්හදා බැලීමේදි ප්‍රවේශම් වෙන්න.

විවාහයට පෙර නම් ලිංගිකත්වය යනු හුදෙක් විනෝදය හා තෘප්තිය ලබා දෙන්නක් බව බොහෝ දෙනෙක් සිතනවා.නමුත් යථාර්තය නම් එය තෘප්තිය මෙන්ම වේදනාකාරි වෙන අවස්ථා තියෙනවා.ඒ නිසා ඔබ දෙපල අලුත් දේවල් අත්හදා බැලීමේදි එය විදවන්න නොව විදින්න හැකි වෙන ලෙස සැලසුම් කරන්න

5. කාලයත් සමග ඔබ ලිංගිකත්වයට නම්‍යශිලි වෙනවා.

මුලදී ලිංගික ජිවිතය තුල ඔබගේ අදහස් කාලයත් සමග නම්‍යශීලි වෙනවා.තම සිරුරේ ස්වභාවය ගැන කණගාටු වෙමින් සිටීම හෝ තම සිරුර අනෙකාගෙන් සැගවීමට අදුර ප්‍රිය කිරීම වැනි සියල්ල කාලයත් සමගම දිය වී ගොස් අවසානයේ ඔබ එයට නම්‍යශිලි වෙනවා.ඒ තුලින් ඔබට ලිංගික ජිවිතය උපරිමයෙන්ම විදින්න පුළුවන් .

6. ඔබට අවැසි නම් ලිංගිකත්වයේ වික්‍රමය සහ ප්‍රබෝධය විවාහය තුල අඛණ්ඩව ලබාගන්න පුළුවන්

විවහා වු අලුත ලිංගික ජිවිතයේ තියෙන වික්‍රමය සහ ප්‍රබෝධය පසුව ගිලිහි යන බවක් බොහෝ දෙනා පවසනවා.නමුත් උවමනාවක් ඇති නම් යුවලකට එය විවාහය තුල දිගටම පවත්වා ගන්න පුළුවන්.අවශ්‍ය වන්නේ උවමනාව සහ කැපවීම පමණයි.ඒ නිසා ලැබෙන සෑම අවස්ථාවකම උපරිම ප්‍රයෝජන ලබා ගනිමින් ඔබේ යුග දිවියත් සරාගයෙන් පුරවා ගන්න.

7. ලිංගික ජිවිතය නිසා ඔබේ සිරුරේ ක්‍රියාකාරිත්වයේ වෙනස්කම්  ඇති වෙනවා.

ඔබේ ලිංගික ජිවිතය ආරම්භ වීමත් සමග සමහර පුද්ගලයන් තම සිරුරේ යම් යම් වෙනස්කම් අත්විදිනවා.එයට හේතුව වන්නේ ලිංගික ජිවිතය සමග ක්‍රියාත්මක වෙන හොමෝන වල බලපෑමයි.සමහර කාන්තාවන්ට මාසික ඔසප්වීම ප්‍රමාදවීම හෝ එහි යම් යම් වෙනස්කම් ඇතිවීම දකින්න පුළුවන්.ඒ සදහා ඔබට වෛද්‍ය උපදෙස් ලබා ගන්න.

8. ලිංගිකත්වය උපරිමයෙන් විදින්න.

දෙදෙනාගේම උත්සාහය හා කැමැත්ත අවශ්‍යයිවිවාහය තුල කාලයක් යද්දි ලිංගිකත්ව ඒකාකාරි අත්දැකීමක් වෙන්න පුළුවන්.ඒ නිසා දෙදෙනාම එයට අලුත් මුහුණුවරක් ලබා දීමට හා ලිංගික උද්දීපනයක් ඇති කර ගැනීමට අලුත් ක්‍රම සොයා යා යුතුයි.ඒ සදහා දෙදෙනාගේම ප්‍රයන්ත දැරීම මෙන්ම කැමැත්තත් තිබීම වැදගත් වෙනවා.

9. විවාහයේදි උපත් පාලන ක්‍රම කළමනාකරණය අභියෝගයක් වෙනවා.

ඔබ විවාහ වු අලුතම දරුවන් බලාපොරොත්තු නොවේ නම් හෝ දරුවන් අතර පරතයක් තිබීම අවශ්‍ය නම් ඔබ ලිංගිකව එක්වීම ආරක්ෂිතව කල යුතු වෙනවා.නැතිනම් ඔබ බලාපොරොත්තු නොවු ගැබ් ගැනීම් නිසා කලබලයට පත් වෙන්න සිදුවෙන්න පුළුවන්.ඒ වගේම ඔබ භාවිතා කරන්න යන උපත් පාලන ක්‍රම වල සාර්ථක බාවය හා එය ඔබට කොයිතරම් දුරට ගැලපේද යන්න සොයා බලන්න.අවශ්‍ය නම් වෛද්‍යවරයෙකු හා සාකච්ඡා කර ඔබට ගැලපෙන උපත් පාලන ක්‍රමයකට යොමුවෙන්න.

10. සමහර අයට ගර්භණිකාලය තුල ලිංගිත ආශාව නැතිවෙනවා.

ගර්භණි කාලය යනු කාන්තා සිරුරේ හෝමෝන වීශාල වශයෙන් සිදුවෙන කාලයකි.එහි ප්‍රතිඵලයක් ලෙස ලිංගික ආශාව අඩු හෝ වැඩි වෙන්න පුළුවන්.එයිනුත් සමහර කාන්තාවන්ට මෙලෙස ලිංගික ආශාව නැති වි යාම නිසා ලිංගික ජිවිතය කඩා වැටෙන්න ඉඩ තියෙනවා.ඒ සදහා දෙදෙනාම එක්ව ක්‍රියාකල යුතු අතර යුගදිවි යහන යලිත් ආශාවෙන් හා තෘප්තියෙන් යුතු තැනක් කර ගැනීම ඔබ දෙපලගේම වගකීමකි.විවාහයට ලිංගික උපදෙස්විවාහයට පිවිසෙන විට අපි බොහෝ දෙනෙකුට ඒ තුල ජිවිතය කොයි වගේදැයි දැනුමක් නැහැ. අන්න ඒ නිසාම අපි ඒ තුල අසාර්ථක වෙන්න පුළුවන්. විවාහය ආදරය, තේරුම් ගැනීම මෙන්ම රාගය ද හා එක්ව යන අමුතුම ගමනකි. එය දැන ගියොත් හරිම මගත් නොදැන ගියොත් වැරදි මගත් යන්න වෙන ගමනකි.

iloveyou@lk

Recent Posts

අපේ ක්‍රිකට් මුළු ලෝකයටම… Our brand of cricket to the world…

රටක් විදියට අපි හැමෝම එකතු වුණේ, එකක් වුණේ ක්‍රිකට් නිසා කිව්වොතින් ඒක වැරදි නෑ. අවිනිශ්චිත…

3 years ago

සාමාන්‍ය තත්ත්වයෙන් බැහැර වූ නිවාස 7ක්.

අසාමාන්ය වර්ණ සහ අතිවිශිෂ්ට සැරසිලි අපගේ ස්ථාන අද්විතීය වන අතර අයිතිකරුවන් ගැන බොහෝ දේ කියන්න.…

3 years ago

ගුණැති කෙසෙල්මුව විවිධ රස වලින් රෙසිපි 5ක් මෙන්න.

1. කෙසෙල්මුව සීනි සම්බෝල. අවශ්‍ය ද්‍රව්‍ය :- කෙසෙල්මුව 1, ලියාගත් ළූණු ගෙඩි 1, කරපිංචා කොළ…

3 years ago

නිෂ්පාදන නිර්මාණයේ සැබෑ විශිෂ්ටතම නිර්මාණ කිහිපයක් මෙන්න.

"යක්ෂයා විස්තර තුළ සිටී, ”ප්‍රසිද්ධ ප්‍රකාශනය පවසන අතර එය එදිනෙදා අයිතම සැලසුම් කිරීම සඳහා විශේෂයෙන්…

3 years ago

දැක්ක ගමන් මිලදී ගන්න හිතෙන අපූරු නිර්මාණ කිහිපයක් මෙන්න.

අවම වශයෙන් එක් වරක් සාප්පු සවාරි ගිය ඕනෑම අයෙකු පරීක්ෂාවට එරෙහි වීම සහ රාක්කයේ ඇති…

3 years ago

රසම රස ඥානකතා ගෙදරදීම හදාගන්න විදිහ මෙන්න.

පිටි කෝප්ප 1බේකින් පවුඩර් තේ හැඳි 1බිත්තර 1සීනි 75gවැනිලා තේ හැඳි 1බටර් 50gකිරි ස්වල්පයක්. සාදන…

3 years ago