සෞඛ්‍ය උපදෙස්

වෘෂණ කෝෂ කැසීම ඇති වීමට බලපාන හේතු 6ක් මෙන්න.

වෘෂණ කෝෂ යනු පුරුෂ ප්‍රජනන පද්ධතිය තුල ඇති ප්‍රධාන අවයවයකි. මෙම වෘෂණ කෝෂ කැසීම නිසා බොහෝ විට පිරිමි පාර්ශවය අපහසුතාවයට පත්වෙන්න පුළුවන්.වෘෂණ කෝෂ කැසීම ඇතිවීමට හේතු 6 ක් ඔබ වෙතට.

1. ටීනියා කෲරිස් (tinea cruris,  Jock itch) තත්වය.

වෘෂණ කෝෂ කැසීම හේතුවෙන ප්‍රධාන තත්වයක් ලෙස ඉහත තත්වය පෙන්වා දෙන්න පුළුවන්.මෙය දිලීර ආසාදනයකි. එය ඔබේ සමේ තෙත සහිත හා රැළි සහිත ප්‍රදේශ වල වර්ධනය වෙනවා.එය බොහෝ විට පතුල් හා ලිංගික අවයව ආසන්නයේ දකින්නට පුළුවන්ය.මෙහිදි බොහෝ විට ආසාධිත ප්‍රදේශයේ රත් පැහැ බිබිලි දක්නට ලැබේ.නමුත් දිලීරයේ ස්වභාවය අනුව පෙන්වන රෝග ලක්ෂණ වෙනස් වෙන්න පුළුවන්.ඊස්ට් කියන්නේ මෙලෙස බහුලව ඇතිවෙන දිලීර ආසාදනයකි.  එහිදි රතු පැහැ බිබිලි සාමාන්‍යයෙන් දකින්න ලැබෙනවා.ලිංගික අවයව ප්‍රදේශයේ මේ ඊස්ට් ආසාදන ඇති වු විට කැසීම් සහිත රතු පැහැ බිබිලි, තෙත සම, සුදු පාට ස්‍රාවයන් පිටවීම හා  කෙළවරවල් වල නැමීම් දකින්න ලැබෙනවා. සමහර දිලීර ආසාදන වලදී හා වියළි හා සුදුමැළි බවක් දකින්න පුළුවන්.

2. ඉන්ටර්ට්‍රිගෝ තත්වය.

මෙය බැක්ටිරියා හෝ දිලීර තත්වයකට එරෙහිව ඇතිවෙන ප්‍රදාහය තත්වයකි. එහිදි වෘෂණ කෝෂ කැසීමට අමතරව  කැක්කුම් , රතුවීම් වැනි ලක්ෂණ මතු වෙන්න පුළුවන්.සමේ හා ශරීරයේ තෙතමනය සහිත ස්ථානයන්හි මෙම ප්‍රදාහ තත්වය වැඩිපුර දකින්න ලැබෙනවා.වෘෂණ කෝෂය ගත් විට එය රැළිසහිත අංගයක් වෙන අතර තෙතමනයද සහිතයි.ඒ නිසාම බැක්ටීරියා දිලීර වලට හොදින් වැඩන්න එහා අවකාශය තියනවා.

3.චැෆින් තත්වය  නිසා ඇතිවෙන වෘෂණ කෝෂ කැසීම.

සමේ  යම් ප්‍රදේශයක එක දිගටම  ඇතිල්ලීම් සිදුවෙන විට මේ තත්වය ඇතිවෙනවා.දිවීම හෝ බයිසිකල් පැදීම වැනි ශාරීරික ක්‍රියාකාරකම් වලදී මෙලෙස ඇතිල්ලීම් සිදුවීමේ වැඩි සම්බාවිතාවයක් තියෙනවා.මෙම අවස්ථා වලදී, කකුල් එකට ඇතිල්ලීම නිසා සමේ ඇතිවෙන කුඩා සිරීම් ඔබට දැවිල්ලක්  ඇති කරනවා. ඒ නිසාම එහි කැසීම ඇතිවෙන්න පුළුවන්

4. සමේ රෝග තත්වයන්  (ඩර්මැටිටිස් )

මේ තත්වය හට ගනුයේ සමේ සිදුවෙන ආසාත්මිකතා ප්‍රතික්‍රියාවක් නිසයි.මෙහිදි සම මත රසායන ද්‍රව්‍ය අඩංගු ආලේපන හෝ රෙදි සෝදන සබන් කුඩු මෙන්ම අලුත් ඇදුම් පවා ස්පර්ශ වීමෙන් මේ තත්වය හට ගන්න පුළුවන්.මේ තත්වය ඇති වු විට රතු පැහැ වීම , කැසීම සහිත රැෂ් එකක් ඇතිවෙන අතර ඒ මගින් බොහෝ විට  සුදු හෝ කහ දියරයක් පිට කරනු ලබනවා. ශරීරයේ අනෙකුත් ප්‍රදේශවල මෙන්ම වෘෂණ කෝෂ වලද මේ නිසා කැසීම ඇතිවෙන්න පුළුවන්.වෘෂණ ආවරණයේ  තුනී සම නිසා එය විශේෂයෙන් කැසීම සහ අපහසුතාවයට පත්වීම සිදුවෙනවා.

5. උකුණන්

උකුණන් නිසාද වෘෂණ කෝෂ වල කැසීම ඇතිවෙන්න පුළුවන්.උකුණන් ගේ කුඩා සපා කෑම් දරාගත නොහැකි තරම් කැසීමක් ඇති කරන්න ඉඩ තියෙනවා.සමහර අයගේ රහස් ප්‍රදේශ වල ඇති රෝම අග උකුණු බිත්තර නැතිනම් ලේඩින් දකින්න පුළුවන්.මෙම උකුණන් වෘෂණ කෝෂ වටා ඇති රෝම මත ජිවත් වෙමින් වෘෂණ කෝෂ වලින්ද ලේ උරා බොනු ලබනවා.උකුණන් ඇති අයෙකු සමග ලිංගිකව එකතු වීමේදී මේ උකුණන් බෝ වෙන්න පුළුවන්.

6. ලිංගික ඉන්නන්

ලිංගික ඉන්නන්, හර්පීස්  ලිංගිකව සම්ප්‍රේෂණය වෙන කැසීම ඇති කරන රෝගාබාධයන් වෙනවා.මේ නිසා විශේෂයෙන් වෘෂණ කෝෂ වල කැසීම ඇති කරන්න පුළුවන්.ලිංගික ඉන්නන් මානව  පැපිලෝමා වයිරසය (HPV) මගින් හට ගන්නා අතර එම ඉන්නන් ඉවත් කල හැකි වුවද එය සුව කල නොහැක. ලිංගික ඉන්නන් කැසීම ඇති කරන  කුඩා, උස් වූ ගැටිති වෙනවා.

iloveyou@lk

Recent Posts

අපේ ක්‍රිකට් මුළු ලෝකයටම… Our brand of cricket to the world…

රටක් විදියට අපි හැමෝම එකතු වුණේ, එකක් වුණේ ක්‍රිකට් නිසා කිව්වොතින් ඒක වැරදි නෑ. අවිනිශ්චිත…

3 years ago

සාමාන්‍ය තත්ත්වයෙන් බැහැර වූ නිවාස 7ක්.

අසාමාන්ය වර්ණ සහ අතිවිශිෂ්ට සැරසිලි අපගේ ස්ථාන අද්විතීය වන අතර අයිතිකරුවන් ගැන බොහෝ දේ කියන්න.…

3 years ago

ගුණැති කෙසෙල්මුව විවිධ රස වලින් රෙසිපි 5ක් මෙන්න.

1. කෙසෙල්මුව සීනි සම්බෝල. අවශ්‍ය ද්‍රව්‍ය :- කෙසෙල්මුව 1, ලියාගත් ළූණු ගෙඩි 1, කරපිංචා කොළ…

3 years ago

නිෂ්පාදන නිර්මාණයේ සැබෑ විශිෂ්ටතම නිර්මාණ කිහිපයක් මෙන්න.

"යක්ෂයා විස්තර තුළ සිටී, ”ප්‍රසිද්ධ ප්‍රකාශනය පවසන අතර එය එදිනෙදා අයිතම සැලසුම් කිරීම සඳහා විශේෂයෙන්…

3 years ago

දැක්ක ගමන් මිලදී ගන්න හිතෙන අපූරු නිර්මාණ කිහිපයක් මෙන්න.

අවම වශයෙන් එක් වරක් සාප්පු සවාරි ගිය ඕනෑම අයෙකු පරීක්ෂාවට එරෙහි වීම සහ රාක්කයේ ඇති…

3 years ago

රසම රස ඥානකතා ගෙදරදීම හදාගන්න විදිහ මෙන්න.

පිටි කෝප්ප 1බේකින් පවුඩර් තේ හැඳි 1බිත්තර 1සීනි 75gවැනිලා තේ හැඳි 1බටර් 50gකිරි ස්වල්පයක්. සාදන…

3 years ago