අම්මලා බබාලා ගැන

ඔයාට ඉන්නේ කෑමට හොර බබෙක් නම්, මේ විදිහට කවන්න උත්සාහ කරලා බලන්න.

මේ කැඳ එක බොහොම ඉක්මනට පහසුවෙන් හදා ගන්න පුලුවන් වගේම හරිම ගුණදායකයි. රුලං එකතු කරන නිසා අඩු බර බබාලටත් හොඳයි. මොකද රුලං කියන්නෙ බර වැඩිකරන ආහාරයක්.

පොල්කිරිවලින් අවශ්‍යය කරන මේදයත්,

කැරට් , සිරුරට අවශ්‍යය කරන බීටා කැරොටින්, පොටෑසියම්, ශරීරයට අත්‍යවශ්‍ය ප්‍රතිඔක්සිකාරක, විටමින් K, A වැනි අත්‍යවශ්‍ය පෝ​ෂකයනුත්,

රුලංවල, යකඩ සහ පොටෑසියම් අඩංගු නිසා ශරීරයේ හිමොග්ලොබින් මට්ටම වැඩි දියුණු කිරීමට උදව්වනවා වගේම පහසුවෙන් ජීර්ණයවන නිසා, මල බද්ධය ආශ්‍රිත ගැටලු ඇති නොවේ.

(රුලං තුල, අඩු කොලෙස්ටරෝල් හා සෝඩියම් ප්‍රමාණයක් අඩංගු නිසා බබාලට විතරක් නෙමෙයි, වැඩිහිටියන්ටත් සුදුසුයි.)

රතු සහල් (නිවුඩු බත්)ගැන නම් අමුතුවෙන් ගුණ අගුණ කතාකරන්න අවශ්‍යය වෙන්නෙ නෑනෙ. මොකද කවුරුත් දන්නවා රතු බත්වල තියන පෝශණය ගැන.

රට ඉඳි ,
දිනකට රට ඉඳි ගෙඩි 3ක් ආහාරයට ගැනීමෙන් ඔබේ සිරුරට දවසකට අවශ්‍ය වන විටමින් ප්‍රමාණය ලබා ගන්න පුළුවන්. විටමින් B යහමින් අඩංගු වන රට ඉඳි මතක ශක්තිය වර්ධනය කර ගන්න උදව් වෙනවා. අධ්‍යාපනය ලබන දරුවන්ට, මොලය වෙහෙසා වැඩ කරන ඕනෑම අයෙකුට මේ පලතුර ඉතා කදිමයි. යම් දෙයකට අවධානය යොමු කිරීමේ හැකියාව වර්ධනය කර ගන්න ලැබෙනවා.

(මේ පෝශණීය ගුණයන්ගෙන් කිහිපයක් පමණයි.)

ඉතින්, ලේසියෙන් පහසුවෙන්, බබා ප්‍රියකරන විදියට පෝශ්‍යදායී කැඳ කෝප්පයක් හදා ගන්නෙ මෙහෙමයි.

අවශ්‍යය වෙන්නේ, රුලං මේස හැඳි 2ක්, රතු කැකුළු බත් හැන්දක්, රට ඉඳි තුන හතරක් (ඇටය සහ වටේ ඇති පොත්ත කොටස ඉවත්කරගෙන), ග්‍රේට් කරගත් කැරට් ස්වල්පයක් , පමණයි.

මේ සේරම එකට එකතුකරගෙන වතුර කෝප්ප දෙකක් පමණ එකතුකර මද ගින්දරේ විනාඩි දෙක තුනක් තම්බා ගන්න. (නොනවත්වා හැඳි ගාමින්)

ඉන්පසුව, පොල්කිරි හෝ ෆ්‍රෙශ් මිල්ක් කෝප්ප 1/2ක්, එකතුකර සාමාන්‍යය තරමින් වතුර ගතිය සිඳී යනවිට ලිපෙන් බා ගන්න.

මම මේකෙන්ම කැඳ ටිකක් මාස නමයේ පොඩ්ඩට අයින් කරගෙන ඉතුරු කොටසට සීනි ස්වල්පයක් සහ ලුණු ස්වල්පයක් එකතුකරගෙන අවුරුදු හතරෙ පොඩ්ඩටත් දෙනවා.

iloveyou@lk

Recent Posts

අපේ ක්‍රිකට් මුළු ලෝකයටම… Our brand of cricket to the world…

රටක් විදියට අපි හැමෝම එකතු වුණේ, එකක් වුණේ ක්‍රිකට් නිසා කිව්වොතින් ඒක වැරදි නෑ. අවිනිශ්චිත…

3 years ago

සාමාන්‍ය තත්ත්වයෙන් බැහැර වූ නිවාස 7ක්.

අසාමාන්ය වර්ණ සහ අතිවිශිෂ්ට සැරසිලි අපගේ ස්ථාන අද්විතීය වන අතර අයිතිකරුවන් ගැන බොහෝ දේ කියන්න.…

3 years ago

ගුණැති කෙසෙල්මුව විවිධ රස වලින් රෙසිපි 5ක් මෙන්න.

1. කෙසෙල්මුව සීනි සම්බෝල. අවශ්‍ය ද්‍රව්‍ය :- කෙසෙල්මුව 1, ලියාගත් ළූණු ගෙඩි 1, කරපිංචා කොළ…

3 years ago

නිෂ්පාදන නිර්මාණයේ සැබෑ විශිෂ්ටතම නිර්මාණ කිහිපයක් මෙන්න.

"යක්ෂයා විස්තර තුළ සිටී, ”ප්‍රසිද්ධ ප්‍රකාශනය පවසන අතර එය එදිනෙදා අයිතම සැලසුම් කිරීම සඳහා විශේෂයෙන්…

3 years ago

දැක්ක ගමන් මිලදී ගන්න හිතෙන අපූරු නිර්මාණ කිහිපයක් මෙන්න.

අවම වශයෙන් එක් වරක් සාප්පු සවාරි ගිය ඕනෑම අයෙකු පරීක්ෂාවට එරෙහි වීම සහ රාක්කයේ ඇති…

3 years ago

රසම රස ඥානකතා ගෙදරදීම හදාගන්න විදිහ මෙන්න.

පිටි කෝප්ප 1බේකින් පවුඩර් තේ හැඳි 1බිත්තර 1සීනි 75gවැනිලා තේ හැඳි 1බටර් 50gකිරි ස්වල්පයක්. සාදන…

3 years ago