ජීවිතයට වැදගත්

අපි කවුරුත් දන්න කොල්ලු වලට කරන්න පුළුවන් දේවල් ටිකක්

කඩල, මුං ඇට ,කව්පි ආදී ධාන්‍ය වර්ග අපි නිරන්තරයෙන් අහල තියෙන ධාන්‍ය වර්ග ටිකක් නෙහ්. ඒ වගේම කොල්ලු කියන්නෙත් වටිනා ඖෂධ ගුණයෙන් යුතු ධාන්‍ය වර්ගයකි. අතීතයේ සිටම කොල්ලු  ධාන්‍යයක් ලෙස තම්බා ආහාරයට ගැනීම වගේම ව්‍යාංජනයක් හා රොටී මෙන්ම කැවිලි සකස් කිරීමේදී ද යොදා ගෙන තිබේනවා. වර්ථමානය වන විට  කොල්ලු පානය බොහෝ රෝග වලට ගුණ දෙන ඖෂධීය පානයක් ලෙස ද භාවිතා කිරීමට බොහෝ දෙනෙකු පෙළඹී තිබේනවා. අනෙකුත් ධාන්‍ය වර්ග වල මෙන්ම කොල්ලුවලද ශරීරයට ගුණදායක බොහෝ පෝෂ්‍ය පදාර්ථ ප්‍රමාණයක් අඩංගුවේ.ඒ අතර  පොස්පරස් ,කැල්සියම්, ප්‍රෝටීන්,යකඩ, මැග්නීසියම්, ඛනිජ ලවණ ආදී පෝෂ්‍ය පදාර්ථ ප්‍රධාන වෙනවා. ඉතින් මේ කොල්ලු සතු හැකියාවන් මොනවද කියල අද අපි බලමු.

  1. වකුගඩු ආශ්‍රිත ගල් ඉවත් කිරීමට

වකුගඩු ආශ්‍රිත ගල් ඇතිවීම වර්ථමානයේ බහුල රෝග තත්ත්වයක්. මේ සඳහා බොහෝ ආහාර වර්ග ඖෂධ ලෙස භාවිතා කළ හැකි අතර කොල්ලුද මේ සඳහා භාවිතා කළ හැකි වටිනා ඖෂධීය ධාන්‍ය වර්ගයකි. කොල්ලු වල අඩංගු යකඩ මෙන්ම polyphenol මගින් ගල් ඉවත් කිරීම සිදුකරනවා. කොල්ලු කෝප්පයක් පමණ රාත්‍රියේ වතුරට දමා පෙගෙන්නට හැර පසුදා උදෑසන එම වතුර පානය කිරීම මගින් වකුගඩු ආශ්‍රිත ගල් ඇතිවීම හා ඇති වූ ගල් දිය කර හැරීම ද සිදු කරනු ලබනවා. මේ නිසා වකුගඩු ආශ්‍රිත ගල් ඇති රෝගීන්ට ද කොල්ලු ආහාරයට ගැනීම වඩාත් යෝග්‍යය වේ. 

  • දියවැඩියාව පාලනය කිරීමට

කොල්ලු වල අඩංගු තන්තු මගින් රුධිරගත සීනි මට්ටම පාලනය කිරීම සිදුකරනු ලබන නිසා දියවැඩියා රෝගීන්ටද කොල්ලු ආහාරයට ගැනීම ගුණදායකය. 

  • අස්ථි හා දත් ශක්තිමත් කිරීමට

කොල්ලු ආහාරයට ගැනීම මගින් එහි අඩංගු කැල්සියම් ,යකඩ ,මැග්නීසියම්, පොස්පරස් ආදී  ඛනිජ ලවණ මගින් වයස්ගත වීමත් සමඟ ඇතිවන අස්ථි හා සන්ධි ඉදමුම් මෙන්ම දත්  ශක්තිමත් කිරීම ද සිදු කරනු ලබනවා. ඒ නිසා  ආතරයිටීස් වැනි රෝගී තත්ත්වයන්ගෙන් හා දත් දිරායාම වැනි රෝග තත්වයන්ගෙන් පීඩා විඳින්නන්ට කොල්ලු කියන්නේ ගුණදායක ඹෞෂධයක්. 

  • කොලෙස්ටරෝල් පාලනයට

කොල්ලු  අහාරයට ගැනීමෙන් කොලෙස්ටරෝල් මට්ටම අඩු කර ගැනීමට හැකියාව ඇති බව කරන ලද නවතම පරීක්ෂණවලින් තහවුරු වී තිබෙනවා. එනම් කොල්ලු  ආහාරයට ගැනීම මගින් රුධිරගත LDL හෙවත් අහිතකර කොලෙස්ටරෝල් මට්ටම අවම කිරීම සිදුකරන බැවිනි. මේ සඳහා කොල්ලුවල අඩංගු ලිපිඩ හේතුවෙනවා. එමනිසා කොලෙස්ටරෝල් අධික පුද්ගලයින් කොල්ලු පානයක් ලෙස භාවිතා කරන්නේ නම් එම පුද්ගලයන්ගේ අහිතකර කොලෙස්ටරෝල් පාලනය කර ගැනීම ඉතා පහසුයි. 

  • පණු රෝග සමනයට

අතීතයේ පටන්ම කොල්ලු පණු රෝග සමනය කිරීමට වයස් භේදයකින් තොරව භාවිතා කර තිබේනවා. එනම් කොල්ලු තැම්බූ වතුර පානය කිරීම මගින් පණු රෝග සමනය කර ගන්න පුළුවන්.

  • ශරීරයේ බර අඩු කිරීමට

කොල්ලු ආහාරයට ගැනීම මගින් ශරීරයේ බර පාලනය කර ගන්න පුළුවන්. කොල්ලු ඇට කුඩු කර ඊට සූදුරු බීජ එකතු කර ආහාරයට ගැනීමෙන් ශරීරගත බර අඩුකර ගැනීමට හැකියාව ලැබේනවා.

  • කාන්තාවන්ගේ ශ්වේත ප්‍රදරයට

ශ්වේත ප්‍රදරය යනු කාන්තාවන් බොහෝ ප්‍රමාණයක් පීඩා විඳින රෝග තත්ත්වයක්. මෙම රෝග තත්ත්වය සඳහා කොල්ලු භාවිතය ගුණදායක වේ. රැයක් පුරාවට කොල්ලු ඇට අහුරක් වතුරට දමා පෙඟෙන්නට  හැර පසුදා උදේ තම්බා  එම වතුර උදේ සවස පානය කිරීම ගුණදායක වේ.

  • පාචන තත්ත්වයන් සමනයට

පාචනය වැනි උදරගත රෝග  අවස්ථාවකදී කොල්ලු ආහාරයට ගැනීම වඩාත් සුදුසු වේ. ඒ කොල්ලු වල අඩංගු තන්තු මගින් ආහාර ජීර්ණය පහසු කරවන නිසා  ආමාශයේ  පවතින අමතර තරල පොඟවා ගැනීමට මෙන්ම ඉන් ඇතිවන පාචන තත්ත්වය අවම කිරීමට හා බඩවැල් චලනය වීම සාමාන්‍ය තත්ත්වයට පත් කිරීම බලපාන නිසාවෙනි. කොල්ලු තම්බා එම වතුර පානය කිරීම හා කොල්ලු ඇට වතුරේ පෙඟෙන්නට දමා එම වතුර උදෑසන පානය කිරීම ද යෝග්‍යවේ. මේ ආදී නොයෙක් රෝග සමනය කිරීමට කොල්ලු කැඳ ,කොල්ලු ව්‍යංජනය, කොල්ලු පානය භාවිතා කළ හැකිය.

  • ආහාර ජීර්ණය පහසු කිරීමට

උදෑසන හිස්බඩ කොල්ලු ඇට ආහාරයට ගැනීමෙන්  ආහාර හොඳින් දිරවීමට පහසුවක් වෙනවා. ඉන් පසු ආහාර ජීර්ණය පද්ධතිය ආශ්‍රිතව ඇතිවන උගුරට ඒම, ආමාශයේ ඇතිවන විවිධ අපහසුතා සමනය වීම සිදුවෙනවා.

iloveyou@lk

Recent Posts

අපේ ක්‍රිකට් මුළු ලෝකයටම… Our brand of cricket to the world…

රටක් විදියට අපි හැමෝම එකතු වුණේ, එකක් වුණේ ක්‍රිකට් නිසා කිව්වොතින් ඒක වැරදි නෑ. අවිනිශ්චිත…

3 years ago

සාමාන්‍ය තත්ත්වයෙන් බැහැර වූ නිවාස 7ක්.

අසාමාන්ය වර්ණ සහ අතිවිශිෂ්ට සැරසිලි අපගේ ස්ථාන අද්විතීය වන අතර අයිතිකරුවන් ගැන බොහෝ දේ කියන්න.…

3 years ago

ගුණැති කෙසෙල්මුව විවිධ රස වලින් රෙසිපි 5ක් මෙන්න.

1. කෙසෙල්මුව සීනි සම්බෝල. අවශ්‍ය ද්‍රව්‍ය :- කෙසෙල්මුව 1, ලියාගත් ළූණු ගෙඩි 1, කරපිංචා කොළ…

3 years ago

නිෂ්පාදන නිර්මාණයේ සැබෑ විශිෂ්ටතම නිර්මාණ කිහිපයක් මෙන්න.

"යක්ෂයා විස්තර තුළ සිටී, ”ප්‍රසිද්ධ ප්‍රකාශනය පවසන අතර එය එදිනෙදා අයිතම සැලසුම් කිරීම සඳහා විශේෂයෙන්…

3 years ago

දැක්ක ගමන් මිලදී ගන්න හිතෙන අපූරු නිර්මාණ කිහිපයක් මෙන්න.

අවම වශයෙන් එක් වරක් සාප්පු සවාරි ගිය ඕනෑම අයෙකු පරීක්ෂාවට එරෙහි වීම සහ රාක්කයේ ඇති…

3 years ago

රසම රස ඥානකතා ගෙදරදීම හදාගන්න විදිහ මෙන්න.

පිටි කෝප්ප 1බේකින් පවුඩර් තේ හැඳි 1බිත්තර 1සීනි 75gවැනිලා තේ හැඳි 1බටර් 50gකිරි ස්වල්පයක්. සාදන…

3 years ago