ලස්සන වෙන්න රහස්

ඉටිරූපේ වගේ ලස්සන වෙන්න ඹ්න නම් මෙන්න ක්‍රම 10 ක්

අපි කවුරුත් කැමතියි ලස්සන සමකට. ලස්සන පෙනුමකට. ඉටිරූපයක් වගේ පෙනුමක් තියෙනවනම් ඉතින් ඊට වඩා දෙයක් නෑනේ. ඉතින් ඒ ව‌ගේ පෙනුමක් ලබා ගන්න මොනවද ඹ්න කියලා අපි බලමු.

  1. අලිගැට

biotin විටමින් B7 අලිගැටපේර වල අඩංගු වෙන නිසා සමේ සෛල නැවත වර්ධනය වීම වේගවත් කරනවා වගේම  විටමින්  E  මඟින් සම ස්වාභාවිකව ආරක්ෂා කරනවා. මේවා සතු මේද අම්ල නිසා සමේ වියලි බව නැති කරනවා. මෙම අලිගැට පේර ආහාරයට ගැනීමෙන් හෝ සම මත ආලේප කිරීමෙන් දිදුලන තරුණ සමක් ඇති කර ගන්න පුළුවන් වෙනවා.

  • කෙසෙල්

කෙසෙල් හොයා ගන්න අමාරු නැති නිසා මේ දේ නම් ඉක්මණට කරන්න පුළුවන්. විශාල වශයෙන් පොටෑසියම් ප්‍රමාණයක් අඩංගු වෙන නිසා සමේ තෙතමනය ආරක්ෂා කර සමේ වියළි බව නැති කරනවා. මේවා සතුව  සමට යෝග්‍ය වන විටමින්  A, B සහ E වැනි පෝෂ්‍ය පදාර්ථ අඩංගු වෙනවා. මෙමඟින් සම සුදුමැලි වීම, සම රැලි වැටීම, අදුරු පැහැ තැන් සහ පැල්ලම් ඉවත් කරමින් සම සුසිනිදු කරනවා. 

  • ඇපල්

ඇපල් වල malic කියන පළතුරු ඇසිඩ් වර්ගය අඩංගු වෙනවා. රූපලාවන්‍ය කටයුතු සදහා විශාල දායකත්වයක් සපයන පළතුරක් විදියට හඳුන්වන්න පුළුවන්. මේ ඇපල් සතු malic ඇසිඩ් වර්ගය මගින් සමේ මැරුණු සෛල නැවත වර්ධනය වීම වේගවත් කිරීම සිදු කරනවා. එලෙසම  ඇපල් වල අඩංගු කෙදි නිසා  කුරුලෑ ඇති වීම අවම කරනවා.

  • පැපොල්

විටමින් A, බීටා කැරොටීන් වගේම  papain නම් එන්සයිමයත් අඩංගු වන පැපොල් කවුරුත් ආහාරයට ගන්න කැමති පළතුරක්.  මෙහි සතු papain නම් එන්සයිමය ප්‍රතිඔක්සිකාරයක් ලෙස ක්‍රියා කරන  නිසා සමේ මැරුණු සෛල ඉවත් කරන අතරම නැවත අළුත් සෛල ඇති වීම වේගවත් කරනවා. පැපොල් කෑමට බීමට හෝ සමේ ආලේප කිරීමෙන් සමේ තරුණ බව හා දීප්තිමත් බව වැඩි කරගන්න පුළුවන්.

  • කිවි

කිවි කියන්නේ විටමින් C බහුලව ඇති පළතුරක්. කෙටියෙන් කිව්වොත් කිවි ග්‍රෑම් 100 ක විටමින් C මිලි ග්‍රෑම් 98ක් අඩංගු වෙනවා. ඒ මඟින් සමේ තරුණ බව හා පිවිතුරු බව ඇති කරනවා.

  • ස්ට්‍රොබෙරි

ස්ට්‍රෝබෙරි වල අඩංගු salicylic ඇසිඩ් මඟින් සමේ සිදුරු තුලට ගමන් කර whiteheads සහ blackheads ඉවත් කර සම හොදින් පිරිසිදු කරනවා. ඒ නිසා කුරලෑ ඇති විම වලක්වනවා. ස්ට්‍රොබෙරි සතු  Ellagic ඇසිඩ් සතු ප්‍රතිඔක්සිකාරක ගුණය  සමේ කොලජන්ද  ඉවත් කර අතර හිරු කිරණින්ද සම ආරක්ෂා කරනවා. මේවා දිනපතා ගන්න පුළුවන් නම්  දිදුලන සමක් ලබා ගන්න පුළුවන්.

  • ලෙමන්

සමේ පැහැය වෙනස් කර සම සුදු පැහැ කරනවා වගේම  කුරුලෑ කැලැල් හා වෙනත් කැලැල් ඉවත් කිරීමට සමත් වෙනවා. සමේ ඇති සිදුරු තුලට ගමන් කර ඇතුලතින්ම පිරිසිදු කරන ලෙමන් විදුරුවකට මීපැණි එක් කර උදෑසන හිස් බඩ පානය කරන්න පුළුවන් නම්  සමේ අදුරු පැහැය හා කැලැල් ඉවත් කර දිදුලන සමක් ලබා ගන්න පුළුවන්.

  • ආමන්ඩ්

විටමින් E ලබාදෙන හොදම ආහාරයක් විදියට ආමන්ඩ් හඳුන්වන්න පුළුවන්. ආමන්ඩ් ඇට වෙනත් ආහාරයක් සමග හෝ තනිව අහාරයට ගැනීමෙන් එහි ඇති විටමින් E මගින් සම පෝෂණය කරනවා. ඒ වගේම හිරුගෙන් වන හානි වලින් සම ආරක්ෂා කරනවා.

  • වට්ටක්කා ඇට

zinc වලින් පරිපූර්ණ වට්ටක්කා ඇට සමේ සෛල පටල ආරක්ෂා කර සමේ කොලජන් ප්‍රමාණය පාලනය කර  සෛල නැවත වර්ධනය වේගවත් කිරීමට උපකාරී වෙනවා.

  1. කැරට්

කැරට් වල බීටා කැරොටීන් බහුලව අඩංගු වෙනවා. ඒවා  සමේ පටක අළුත්වැඩියා කර අනවශ්‍ය හිරු කිරණින් සම ආරක්ෂා කරනවා. ඉතින් කැරට් පිස ආහාරයට ගැනීමෙන් අමුවෙන් ආහාරයට ගන්නවාට වඩා වැඩි පෝෂණ ප්‍රමාණ්‍යක්  සමට හිතකර  අයුරින් ලබා ගන්න පුළුවන් වෙනවා. 

iloveyou@lk

Recent Posts

අපේ ක්‍රිකට් මුළු ලෝකයටම… Our brand of cricket to the world…

රටක් විදියට අපි හැමෝම එකතු වුණේ, එකක් වුණේ ක්‍රිකට් නිසා කිව්වොතින් ඒක වැරදි නෑ. අවිනිශ්චිත…

3 years ago

සාමාන්‍ය තත්ත්වයෙන් බැහැර වූ නිවාස 7ක්.

අසාමාන්ය වර්ණ සහ අතිවිශිෂ්ට සැරසිලි අපගේ ස්ථාන අද්විතීය වන අතර අයිතිකරුවන් ගැන බොහෝ දේ කියන්න.…

3 years ago

ගුණැති කෙසෙල්මුව විවිධ රස වලින් රෙසිපි 5ක් මෙන්න.

1. කෙසෙල්මුව සීනි සම්බෝල. අවශ්‍ය ද්‍රව්‍ය :- කෙසෙල්මුව 1, ලියාගත් ළූණු ගෙඩි 1, කරපිංචා කොළ…

3 years ago

නිෂ්පාදන නිර්මාණයේ සැබෑ විශිෂ්ටතම නිර්මාණ කිහිපයක් මෙන්න.

"යක්ෂයා විස්තර තුළ සිටී, ”ප්‍රසිද්ධ ප්‍රකාශනය පවසන අතර එය එදිනෙදා අයිතම සැලසුම් කිරීම සඳහා විශේෂයෙන්…

3 years ago

දැක්ක ගමන් මිලදී ගන්න හිතෙන අපූරු නිර්මාණ කිහිපයක් මෙන්න.

අවම වශයෙන් එක් වරක් සාප්පු සවාරි ගිය ඕනෑම අයෙකු පරීක්ෂාවට එරෙහි වීම සහ රාක්කයේ ඇති…

3 years ago

රසම රස ඥානකතා ගෙදරදීම හදාගන්න විදිහ මෙන්න.

පිටි කෝප්ප 1බේකින් පවුඩර් තේ හැඳි 1බිත්තර 1සීනි 75gවැනිලා තේ හැඳි 1බටර් 50gකිරි ස්වල්පයක්. සාදන…

3 years ago