ලස්සන වෙන්න රහස්

ඔබත් නියපොතු කනවද? ඒනම් ඒ නරක පුරුද්දෙන් වැළකෙමු

සාමාන්‍යයෙන් අපේ කාගේ හරි ගාව මොකක් හරි කැත පුරුද්දක් තියෙනවාමයි. අන්න ඒ වගේ කැත පුරුද්දක් තමා නියපොතු කන එක. සමහරුන්ට දන්නෙම නැතිව කැවෙනවා. තවත් සමහරු හිතලම නියපොතු කනවා. වැඩිහිටයෝ නම් කියන්නේ නියපොතු දිගින් දිගටම කෑවොත් ඇපෙන්ඩිසයිටිස් එනව කියලා. නමුත් ඊටත් වඩා නරක ප්‍රථිපල ඒකෙන් සිද්ධවෙනවා. නියපොතු අතර තිබෙන විවිධ බැක්ටීරියා ආමාශගත වෙලා නොයෙකුත් බඩේ අමාරු අපිට හැදෙන්න පුළුවන්. ඒ වගේම නියපොත්තට සහ සමට හානි වෙලා ආසාදන ඇති වෙන්නත් පුළුවන්. හැබැයි මේම ගිහින් නියපොතු කන කෙනෙක්ගෙ නියපොතු විතරක් නෙමේ  දත් පවා ඇද ගැහිල කැත වෙන්න පුළුවන්. ඒ වගේම මේක එක්තරා විදිහකට මානසික රෝගී තත්ත්වයකටත් ආසන්න බව පෙන්වන ඉඟියක් වෙන්නත් පුළුවන්. මොකද කෙනෙක්‌ගේ ස්ට්‍රෙස් එක වැඩිවෙන්න වෙන්න නියපොතු කැවෙන එකත් වැඩිවෙනවා. ඉතින් අපි බලමු මේ කැත පුරුද්දෙන් වැළකෙන්න අපිට කරන්න පුළුවන් දේවල් මොනාද කියලා.

  • ඔබේ නියපොතු වලට සැර කටුක ඝන්ධයකින් යුතු නිය ආලේපන යොදන්න. ඒ නිසා නියපොතු කන්න ඔබට හි‌තෙන එකක් නැහැ.
  • නිරන්තරයෙන් ඔබේ නියපොතු කොට කරන්න. එවිට නියපොතු අඩු නිසා නියපොතු කෑමට ඇති කරන පෙළඹවීම අඩු කරනවා.
  • නියපොතු කන්න තියෙන හැඟීම නැති කරන්න තියෙන හොදම දෙයක් තමා ඒ වෙනුවට හොඳ පුරුද්දකට මාරු වෙන එක. ස්ට්‍රෙස් එකක් ආවම ඒක අඩු කරගන්න ස්ට්‍රෙස් බෝල් සමග සෙල්ලම් කරන්න උත්සාහ කරන්න. එමඟින් ඔබේ දෑත් කාර්යබහුල කර ගැනීම​ටත් නියපොතු කටින් ඇත් කර තැබීමටත් පුළුවන් වෙනවා.
  • මුලින්ම ඔබේ නියපොතු කන්න තියෙන හේතුව හඳුනා ගන්න.සමහරවිට කම්මැලිකම, ආතතිය හෝ කාංසාව වැනි හේතු තියෙන්න පුළුවන්. නිසි හේතුව සොයා ගෙන එය නැවැත්වීමට සැලැස්මක් සකස් කර ගන්න ඹ්න. ඒ තුළින් ඊට පිළියමක් හොයා ගන්න පුළුවන්.
  • ඒ වගේම තමා ඔබේ නියපොතු වලට ආකර්ෂණීය පෙනුමක් තිබුණොත් ඒවාට මුදල් වියදම් කර අලංකාර කරගෙන තිබු‌ණොත් ඔබට ඒවා හපන්න​ට තිබෙන ඉඩකඩ අඩු වෙනවා. රූපලාවණ්‍යාගාරයකින් ලස්සනට හැඩට  ඔබේ නියපොතු පෙළ අලංකාර කරගෙන තිබුණොත් මෙය වඩාත් ලස්සන වේවි.
  • ඉක්මණින් බැරි වුනත් හිමින් සැරේ හරි නියපොතු කන එකෙන් වැළකෙන්න ඹ්න. වරකට එක ඇඟිල්ලක් බැගින් නියපොත් කෑම වළක්වාගන්න උත්සාහ කල යුතුමයි.
  • ඒ වගේම තමා සමහර අයට නියපොතු සපාකෑම වඩාත් බරපතල මානසික හෝ චිත්තවේගීය ගැටලුවක ලකුණක් වෙන්න පුළුවන්.

මේ සියලු  ක්‍රම අනුගමනය කළ පසුත් නියපොතු සපාකෑම දිගටම පවතින්නේ නම් අනිවාර්යයෙන්ම වෛද්‍යවරයෙකුගෙන් උපදෙස් ලබාගන්​න.

iloveyou@lk

Recent Posts

අපේ ක්‍රිකට් මුළු ලෝකයටම… Our brand of cricket to the world…

රටක් විදියට අපි හැමෝම එකතු වුණේ, එකක් වුණේ ක්‍රිකට් නිසා කිව්වොතින් ඒක වැරදි නෑ. අවිනිශ්චිත…

4 years ago

සාමාන්‍ය තත්ත්වයෙන් බැහැර වූ නිවාස 7ක්.

අසාමාන්ය වර්ණ සහ අතිවිශිෂ්ට සැරසිලි අපගේ ස්ථාන අද්විතීය වන අතර අයිතිකරුවන් ගැන බොහෝ දේ කියන්න.…

4 years ago

ගුණැති කෙසෙල්මුව විවිධ රස වලින් රෙසිපි 5ක් මෙන්න.

1. කෙසෙල්මුව සීනි සම්බෝල. අවශ්‍ය ද්‍රව්‍ය :- කෙසෙල්මුව 1, ලියාගත් ළූණු ගෙඩි 1, කරපිංචා කොළ…

4 years ago

නිෂ්පාදන නිර්මාණයේ සැබෑ විශිෂ්ටතම නිර්මාණ කිහිපයක් මෙන්න.

"යක්ෂයා විස්තර තුළ සිටී, ”ප්‍රසිද්ධ ප්‍රකාශනය පවසන අතර එය එදිනෙදා අයිතම සැලසුම් කිරීම සඳහා විශේෂයෙන්…

4 years ago

දැක්ක ගමන් මිලදී ගන්න හිතෙන අපූරු නිර්මාණ කිහිපයක් මෙන්න.

අවම වශයෙන් එක් වරක් සාප්පු සවාරි ගිය ඕනෑම අයෙකු පරීක්ෂාවට එරෙහි වීම සහ රාක්කයේ ඇති…

4 years ago

රසම රස ඥානකතා ගෙදරදීම හදාගන්න විදිහ මෙන්න.

පිටි කෝප්ප 1බේකින් පවුඩර් තේ හැඳි 1බිත්තර 1සීනි 75gවැනිලා තේ හැඳි 1බටර් 50gකිරි ස්වල්පයක්. සාදන…

4 years ago